දුමින්ද සිල්වා
‘කෝටි හතරක මත්කුඩු සමඟ ලාලිත්‍ර අත්අඩංගුවට’ යන ශීර්ෂයෙන් ඉකුත් 13 වැනිදා (සඳුදා) ‘දිවයින’ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊයේ (21) ‘දිවයින’ කාර්යාලයට පැමිණි රහස් පොලිසියේ වානිජ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුර ද සිල්වා මහතා එම ප්‍රවෘත්තිය ලියූ ‘දිවයින’ මාධ්‍යවේදියා දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා රහස් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සඳහා තමන් ‘දිවයින’ ට පැමිණි බව මෙහිදී කියා ඇති අනුර ද සිල්වා මහතා මෙම ප්‍රශ්න කිරීම අතරතුර ‘දිවයින’ නියෝජ්‍ය කර්තෘවරයාගෙන් ද කරුණු විමසා ඇත.
‘දිවයින’ මාධ්‍යවේදී හේමන්ත රන්දුණු මහතා විසින් ඉහත ප්‍රවෘත්තිය ලියා තිබුණු අතර රජයේ තරුණ මන්ත්‍රීවරයකු ‘ලාලිත්‍ර’ අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට බලපෑම් කර ඇතැයි ද එහි සඳහන් කර තිබිණි.
එම ප්‍රවෘත්තියේ සඳහන් රජයේ තරුණ මන්ත්‍රීවරයා තමන් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා රහස් පොලිසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ද ‘දිවයින’ ට පැමිණි පොලිස් පරීක්ෂක අනුර ද සිල්වා මහතා සඳහන් කර තිබේ.
මෙම තොරතුරු තමන් වෙත ලැබුණු ආකාරය පිළිබඳව ද ඔහු දැඩි අවධාරණයෙන් විමසා තිබේ. එම තොරතුරු ලැබුණු ආකාරය මෙන්ම එම දේශපාලනඥයා කවරෙක්ද යන්න පිළිබඳව සඳහන් කළ යුතුව තිබුණු බව ද පොලිස් පරීක්ෂක අනුර ද සිල්වා මහතාගේ අදහස වී ඇත.
කෙසේ හෝ ඒ තතු හෙළි කිරීමට තමා බැඳී නැති බව ද නම් ගම් පළ කරනු ලබන්නේ අධිකරණයකදී ප්‍රකාශ වන්නේ නම් පමණක් බව ද ඔහුට පිළිතුරු ලෙස හේමන්ත රන්දුණු මහතා කියා ඇත. අනතුරුව සිය ප්‍රශ්න විමසීම අවසන් කළ පොලිස් පරීක්ෂකවරයා නික්ම ගොස් තිබේ.