දුමින්ද

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පස්සේ ආ අඟ ලොකු වීමේ වරද !!!

    මැකෝ සම්මානලාභි (ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය), දේශාභිමාන දේශ ශක්ති ජනරංජන (ජාතික සාම සම්මේලනය), ජනාභිමානී දේශමාන්‍ය ලංකාපුත්‍ර (ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකාය), ගෞරව සම්මානලාභි (සුරකිමු ලංකා මාතෘභූමි සංවිධානය), කොළොන්නාව ප්‍රධාන සංවිධායක (ශ්‍රීලනිප), සභාපති (ජාතික ජිම්නාස්ටික් සම්මේලනය‍, බස්නාහිර මේස පාන්දු සම්මේලනය, කොළඹ දිස්ත්‍රික් සැහැල්ලු පන්දු සම්මේලනය), ආරක්ෂක අමාත්‍යංශ ගරු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහ මග මරා දමා දැන් දින කිහිපයකි. එහිදි තුවාල ලද එතුමා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි. රටේ සමස්ත ජනතාවගේ එකම පැතුම වන එතුමා සුවපත් වේවාය යන පැතුම හදැතිව අපි මේ සටහන ආරම්භ කරමු.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහත්මා ගාන්ධි මග ගිය අන්නා හසාරේ කෙනෙකු නොවන බව අපි දනිමු. එහෙත් ඔහුගේ ජීවිතය උදුරා ගැනීමට අයිතියක් ඇත්තේ කාටද? පව්කාර ස්ත්‍රීයට ගල් ගසා මරන්නට පිරිසක් ගල් අමෝරා ගෙන සුදානම් වෙද්දි එහි සපැමිණි ජේසුතුමා පැවසුවේ කිසිදා පවක් නොකළ අයෙකු පළමු ගල ගැසිය යුතු බවය. එසේ නම් භාරතට පළමු ගල ගැසිය යුත්තේ ද කිසිදා පවක් නොකළ අයෙකු මිස පව්කාර දණ්ඩෙකු නොවේ. ඔහුට ළමා අපචාර චෝදනා, ස්ත්‍රී දූෂණ චෝදනා, ස්ත්‍රීන් පැහැර ගෙන යාමේ චෝදනා නොතිබුණි. ඔහු පෞද්ගලික දේශපාලන දොළ පිදේනි වෙනුවෙන් පක්ෂ මාරු කළ අයෙකු ද නොවේ. ඔහුට කුඩුකාරයින් සමග සබඳතා නොතිබුණා මෙන්ම ඔහු ඊට විරුද්ධව සටන් කළේය.

    භාරත වසර 30-40ක් දේශපාලනය කළේ කොළොන්නාව ප්‍රදේශයේය. ඔහු ඒ ජනතාව සමග ඉතාම සමීප සබඳතාවක් ගොඩනගා ගෙන තිබූ බව පැහැදිලිය. එහෙයින් ආණ්ඩුවේ වගකීම විය යුතුව තිබුණේ ඔහුට එම ආසනයේ සංවිධායක තනතුර ලබාදීමය. එහෙත් වූයේ අනෙකකි. එහි ප්‍රතිඵලය ලෙස දැන් ඔහු සතර රියනක් යට සැතපෙයි. බිරිඳට සැමියෙක්ද දරුවන්ට පියාද ප්‍රදේශයේ ජනතාවට සිය ආදරණීය නායකයා ද අහිමි වී තිබේ.

    මෙවර පලාත් පාලන මැතිවරණ සමයේ කොළොන්නාව ගරු සංවිධායක දුමින්ද සිල්වා මහතා සිය පතාළ මැරයින් සමග එක්ව ප්‍රදේශය පුරා මහත් භීෂණයක් වැපිරුවේය. එදා දහවල් පැෆරල් සංවිධානය සිය නිරීක්ෂකයින් ඔස්සේ එය සනාථ කළේය. ඔහු තම අපේක්ෂයින් වෙනුවෙන් හොඳින් හෝ නරකින් මනාප රැස් කිරීමේ මෙහෙයුමක් අරඹා තිබිණි. දුමින්ද, භාරතගේ ප්‍රධාන අනුගාමිකයා වන ප්‍රසංග සෝලංගආරච්චිගේ කාර්යාලය වෙත කඩා පැන ඔහුගේ බිරිඳගෙන් විමසුවේ ඡන්දය දුන්නේ කාටද කියාය. එවිට ඈ පවසා ඇත්තේ සිය සැමියා වන ප්‍රසංග සෝලංගආරච්චිට බවය. එහිදී තොපි ඔක්කොම මරනවා යැයි කියා මේ ගරු සංවිධායක මහතා සෝලංගාරච්චි මහත්මයට පහර දී ඇති බව මට අසන්නට ලැබුණේ ගුවන්විදුලියේ හඩ්සන් සමරසිංහ මහතාගේ ම මුවින් බැවින් එය අසත්‍යයැයි සිතන්නට කිසිදු කාරණයක් නොමැත. ඒ අනුව සැමියා වෙනුවෙන් බිරිඳට ඡන්දය දීමේ අයිතිය දිනා ගන්නට ආසියාවේ මුලින්ම සර්වජන ඡන්ද බලය ලද රටේ රට වැසියාට දැන් සිදුව තිබීම කවර නම් ඛේදවාචයක්ද?

    අනෙක් අතට මෙවර මැතිවරණය සඳහා ගරු සංවිධායක දුමින්ද සිල්වා මහතාගේ අනුගාමිකයින් මෙන්ම භාරතගේ අනුගාමිකයාද ඉදිරිපත් විය. ආසන සංවිධායක ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ද ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී ලෙස ද ගරු දුමින්ද සිල්වා මහතා ලද ජන ප්‍රසාදය ප්‍රතිඵලය මගින් මොනවාට පිළිබිඹු වෙයි. භාරත සහාය පළ කළ සෝලංගආරච්චි මනාප ඡන්ද 42 000ක් ලබා ගනිද්දි දෙවැන්නාට හිමිව ඇත්තේ මනාප ඡන්ද 8000කි. ඒ අනුව ආයතනය දිනාගත්තද ආසන සංවිධායක අන්ත පරාජයකට ලක්ව තිබේ. සෝලංගාරච්චි මහතාට ලබා දුන් සියලු මනාප ගරු දුමින්ද සිල්වා මහතාට විරුද්ධව ලබා දුන් ඒවා බව කිව යුතු නොවේ. මින් හෙළිවන අනෙක් ප්‍රධාන කාරණය ප්‍රදේශයේ ජනතාව සැබවින්ම සිය සංවිධායකයා, නායකයා ලෙස සලකා ඇත්තේ භාරත බවය.

    මෙමගින් ආණ්ඩුව අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණය ජනතාව මත බලෙන් නායකත්වය පැටවිය නොහැකි බවය. නායකත්වය ජනතාව තුළින් මතුව ආ යුතුය. මහින්ද සහ රනිල් අතර වෙනස ද එයයි. රනිල් තමාගේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ අභාවයේ පිනෙන් පහළ වෙද්දි මහින්ද ජනතාව සමග උරෙනුර ගැටී දේශපාලන කරමින් මතුව ආවේය. මෙවර දුමින්දගේ කුඩුකාර අනුගාමිකයින්ට සහාය පළකිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි බවට භාරත සිය අවසන් කතාවේදී චෝදනා කළේය. එසේ පැමිණිය ද ඔහුට ජන මතයට බලපෑම් කළ නොහැකි වූ බව පැහැදිලිය. ජනතාව එය සතයකට මායිම් කොට නැති බව ප්‍රතිඵල මගින් සනාථ වෙයි.

    ඔවුන් සිය අසමසම නායකයා ලෙස සලකා ඇත්තේ භාරතය. හිටපු ආසන සංවිධායක භාරතය. ඔවුන්ගේ ගමේ එකාය. ඔහුට රත්මලාන ආසනය භාර ගන්නැයි ජනපති කීවද ඔහු සිය ජනතාව අතැර නොගියේ මේ ළෙංගතු බැඳීම නිසා ම නොවෙද? ඔහු තනතුරුවලට වඩා සිය ප්‍රදේශයේ ජනතාව සමහ හදවතින් බැඳී දේශපාලනය කළ බව පැහැදිලිය. අනෙක් අතට මේ රටට අසමාන මෙහෙවරක් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සරත් ෆොන්සේකා මහතාට මෙන් මේ රටේ ජනතා හදවත්වල ඇති ගෞරවය විනාශ කර ගන්නට ඉඩ නොතැබීම පරිණත දේශපාලඥයකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ වගකීමයි.

    දුමින්ද සිල්වා සහාය පළ කළේ පතාළයේ නම ගිය කරාටේ ධම්මික නමැත්තෙකුගේ ඥාති පුතෙකුට බව දිවයින පුවත්පතේ සඳහන් විය. එසේ නම් උතුරේ ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු රටේ පතාළය විනාශ කරන බවට සපථ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා හෝරාගේ අම්මාගෙන් පේන අහන්නට දුමින්ද ළං කර ගත්තේද? අනෙක් අතට භාරතගේ ආසන සංවිධායකකම දුමින්දට ලබාදීමෙන් ප්‍රදේශයේ ජනතාව ලැබුවේ කුමක්ද? 2005 වසර වන විට 16ක් ව පැවති කුඩු තිප්පොළවල් ගණන 570ක් වීමද? ප්‍රදේශයේ තරුණියකට රැයට තබා දහවලටවත් මහ මග යා නොහැකි වීමද? ප්‍රදේශයේ තරුණයින් කුඩුකාරයින් බවට පත්වීමද? මැරයින් පතාළ කාරයින් වැහි වැහීමද?

    මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වන්නේ ජනතාව බුද්ධිමත් සහ සාධාරණ තීන්දුවක් දී ඇති බවය. ඔවුන් සිය මනාපය දුමින්දට ඇති අමනාපය ප්‍රකාශ කිරීමට භාවිත කර තිබේ. ඔහුගේ සියලු නීති විරෝධි ක්‍රියාවලට විරුද්ධව භාවිත කර තිබේ. කොළඹින් දුමින්ද සහාය පළ කළ ජීහාන් හමීඩ් මහත්මිය ද පරාජයට පත්ව තිබේ. ආණ්ඩුව සහ පොලිසිය, දුමින්ද ආරක්ෂා කළ ද ජනතාව භාරත ආරක්ෂා කර තිබේ. භාරත සිය අවසන් කතාවේදී සපථ කරන අයුරින්ම සෝලංගාරච්චි ලංකාවේ වැඩිම මනාප ලාභියා බවට පත් කළේ ප්‍රදේශයේ සංවිධායක, පොලිසිය, ආණ්ඩුව හැම විටම දුමින්ද සිල්වාට සහාය දක්වන පසුබිමකය. එහෙත් ඒ ජයග්‍රහණය භුක්ති විඳින්නට භාරතට වරම් නොලැබිණි.

    මේ ආණ්ඩුවට පදනම් වූ ජනමතය විනාශ කරන කඳ පණුවා කවුද? මේ රටේ බෙංගාසි කැරලිකරුවන් නිර්මාණය කරන ප්‍රධාන ගර්භාෂය කුමක්ද? යන ප්‍රශ්න දෙකටම අපට ඇත්තේ එක පිළිතුරකි. ඒ 2005 ජනවරමට විරුද්ධව වැඩ කොට එහි ජයග්‍රහණය වළක්වාගත නුහූ තැන කපන්න බැරි අත සිඹින්නට පැමිණි පිරිස බවය. මොවුන් පවසන්නේ තමන් ජනපති දෑත ශක්තිමත් කරන බවය. එහෙත් මොවුන් පාලනය කරන සියලු ආයතන ජනතාව මේ ආණ්ඩුවට විරුද්ධව පෙළ ගස්වන තැනට කටයුතු කරන බව අපට පෙනේ. මේ කිසිවෙකු 2005 ජනවරමට හිස නමා එය පිළිගෙන පැමිණියා නොව හුදු පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා පැමිණි අයය. අනාගත එජාප ආණ්ඩුවක් පහළ වන ලකුණු දැනට නැතද ආශ්චර්යකින් පහළ වුවහොත් එහි මුල් පුටු හොබවනු ඇත්තේ ද මොවුන්මය.

    ආණ්ඩුවට මේ සිද්ධියෙන් උගත හැකි පාඩම් බොහෝය. නායකයින් නිර්මාණය කරන්නේ ජනතාව මිස ආණ්ඩු නොවන බව පැහැදිලිව මතක තබා ගත යුතුය. සැබෑ ජන පදනමක් ඇති නායකයින් වෙනුවට පැරෂුට්කාරයින් බැස්සවීමෙන් සුදුවන්නේ විනාශයක් පමණි. එහෙයින් කොළොන්නාවට පමණක් නොව රටේ ඕනෑම ආසනයකට නායකයින් පත් කරන විට භාරත – දුමින්ද සිද්ධිය පරමාදර්ශයක් කර ගැනීම ආණ්ඩුවේ පරමායුෂ තීරණය කරන සාධකය වනු ඇත.

    හොඳ ත්‍රස්තවාදය සහ නරක ත්‍රස්තවාදය කියා දෙකක් නැත යන ජනපති ප්‍රකාශය අනුව ම හොඳ පතාළය සහ නරක පාතාළය කියා ද දෙකක් නැති බව අවබෝධ කරගත යුතුය. නිහතමානී සිය වැරදි නිවැරදි කරගත යුතුය. ජනමතයට කන්දිය යුතුය. එසේ නොවුණ හොත් මේ රටේ දේශමාමක ජනතාව මහත් වැරවෑයමින් ගොඩනැගූ 2005 ජන වරමද ත්‍රස්තවාදය විනාශ කොට ලද ජයග්‍රහණයද ගඟට කැපූ ඉණි සේ බවට පත්වනු ඇත. එපමණක් නොව ඉස්සෙල්ලා ආ කනට වඩා පස්සේ ආ අං ආණ්ඩුවට ලොකු විය හැකි වුව ද ජනතාව නම් ලොකු නැති බව නම් තරයේ සිහිපත් සිහියේ තබා ගත යුතුමය.

    - Namal Udalamaththa - http://kasapabbatha.blogspot.com/
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මම කොන්දේසි නැතුවම මහින්දට කඩේ ගිය මිනිහෙක්.....
    මට මේ සිද්දියෙන් පස්සේ මහින්දව එපා උනා.... දුමින්දට නිසි දඩුවමක් නොදුන්නොත් මම ජීවිතේට අයෙම චන්දයක් පාවිච්චී කරන්නේ නෑ.....
     
    • Like
    Reactions: sachitha-

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    මචන් මම කොන්දේසි නැතුවම මහින්දට කඩේ ගිය මිනිහෙක්.....
    මට මේ සිද්දියෙන් පස්සේ මහින්දව එපා උනා.... දුමින්දට නිසි දඩුවමක් නොදුන්නොත් මම ජීවිතේට අයෙම චන්දයක් පාවිච්චී කරන්නේ නෑ.....

    :yes:ekanam aththa ban.mahinda kiyanne api hithan inna kena neme.minihage wasiyata thama okkoma.:growl::growl:..

    තීරණය කරන්නේ මමයි-ප්‍රශ්න කරන්න අයිතියක් නෑ

    කුඩුකාරයින්,මංකොල්ලකාරයින්,කප්පම්කාරයින් අතුගා දැමිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඒ සඳහා එකාවන්ව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයේ තෙවන අදියරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් අමතමිනි.

    පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් පාලන ආයතන 21ක ජය හිමි කර ගත් අතර එක් ආසනයක් දිනා ගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ආණ්ඩු පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කරන අතර එයින් නගරාධිපතිවරුන්,උප නගරාධිපතිවරුන්,ප්‍රාදේශීය සභා සභාපතිවරුන්,උප සභාපතිවරුන් ජනාධිපතිවරයා ඉදිරිපිට දිවුරුම්දීම සිදුවිය.

    එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ උගුර ලේ රහ වනතුරු කෑ ගසා සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපකිරීම් කළ කිසිවෙකු හෝ එළවා නොදමන බවයි.

    නිල්,කොළ,කහ ආදී සෑම වටුවකුම එක හා සමානව ජයග්‍රහණයේ දැල ඔසවාගෙන යාමට එකාවන්ව උරදුන් බව සියලුදෙනාම සිහියේ තබාගත යුතු බවත්,ඒ නිසාම මින් ඉදිරියට කිසිදු ගැටුමක් ඇති කරගත යුතු නැති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

    කොලොන්නාව මැතිවරණ බල ප්‍රදේශයෙන් තේරීපත් වූ ප්‍රධානීන්ද සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්,පැරණි මත ගැටුම්වලට තිත තැබිය යුතු බවත් ජනාධිපතිවරයා විසින් පෙන්වාදුන්නේය.

    කොලොන්නාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් යළි ඇති නොවිය යුතු බවත්,එම සිදුවීම කිරි කළයට ගොම බිංදුවක් මුසු වූවාසේ සන්ධානයේ ජයග්‍රහණයට කළු පැල්ලමක් එකතු කළ බවත් හෙතෙම අවධාරණය කළේය.

    මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත්,ජනතාවට එකී පොරොන්දු මතක ඇති බව තමන් විසින් තරයේ සිහිතබා ගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    "කරොත් කරපන් හරියට-බැරිනම් පලයන් අහකට"යන්න තමන් විශ්වාස කරන ආප්තෝපදේශය බවත්,ඒ අනුව තමන් ජනතා නියෝජිතයින් ලෙස කරනා සේවය ඒ ආකාරයෙන්ම ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

    තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටින්නට ඕනම කෙනකුට හැකියාවක් ඇතත් එකී ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ තමන් විසින් බවත්,එය ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    http://sinhala.adaderana.lk/news.php?nid=19391

    ekiyanne dumindata mu salakanawa kiyalane.chanda perethaya:growl:
     
    Last edited:

    oya kiyala thiyenne.e kiyanne dumindata mu salakanawa kiyalane.:angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් මම කොන්දේසි නැතුවම මහින්දට කඩේ ගිය මිනිහෙක්.....
    මට මේ සිද්දියෙන් පස්සේ මහින්දව එපා උනා.... දුමින්දට නිසි දඩුවමක් නොදුන්නොත් මම ජීවිතේට අයෙම චන්දයක් පාවිච්චී කරන්නේ නෑ.....

    Mamanam ehema kade gihin nhe. et mahindalata maget aye support nhe. he's losing his head :no:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන් මම කොන්දේසි නැතුවම මහින්දට කඩේ ගිය මිනිහෙක්.....
    මට මේ සිද්දියෙන් පස්සේ මහින්දව එපා උනා.... දුමින්දට නිසි දඩුවමක් නොදුන්නොත් මම ජීවිතේට අයෙම චන්දයක් පාවිච්චී කරන්නේ නෑ.....

    ekanam aththa ban.mahinda kiyanne api hithan inna kena neme.minihage wasiyata thama okkoma.:growl::growl:..

    තීරණය කරන්නේ මමයි-ප්‍රශ්න කරන්න අයිතියක් නෑ

    කුඩුකාරයින්,මංකොල්ලකාරයින්,කප්පම්කාරයින් අතුගා දැමිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඒ සඳහා එකාවන්ව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයේ තෙවන අදියරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් අමතමිනි.

    පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් පාලන ආයතන 21ක ජය හිමි කර ගත් අතර එක් ආසනයක් දිනා ගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ආණ්ඩු පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කරන අතර එයින් නගරාධිපතිවරුන්,උප නගරාධිපතිවරුන්,ප්‍රාදේශීය සභා සභාපතිවරුන්,උප සභාපතිවරුන් ජනාධිපතිවරයා ඉදිරිපිට දිවුරුම්දීම සිදුවිය.

    එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ උගුර ලේ රහ වනතුරු කෑ ගසා සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපකිරීම් කළ කිසිවෙකු හෝ එළවා නොදමන බවයි.

    නිල්,කොළ,කහ ආදී සෑම වටුවකුම එක හා සමානව ජයග්‍රහණයේ දැල ඔසවාගෙන යාමට එකාවන්ව උරදුන් බව සියලුදෙනාම සිහියේ තබාගත යුතු බවත්,ඒ නිසාම මින් ඉදිරියට කිසිදු ගැටුමක් ඇති කරගත යුතු නැති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

    කොලොන්නාව මැතිවරණ බල ප්‍රදේශයෙන් තේරීපත් වූ ප්‍රධානීන්ද සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්,පැරණි මත ගැටුම්වලට තිත තැබිය යුතු බවත් ජනාධිපතිවරයා විසින් පෙන්වාදුන්නේය.

    කොලොන්නාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් යළි ඇති නොවිය යුතු බවත්,එම සිදුවීම කිරි කළයට ගොම බිංදුවක් මුසු වූවාසේ සන්ධානයේ ජයග්‍රහණයට කළු පැල්ලමක් එකතු කළ බවත් හෙතෙම අවධාරණය කළේය.

    මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත්,ජනතාවට එකී පොරොන්දු මතක ඇති බව තමන් විසින් තරයේ සිහිතබා ගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    "කරොත් කරපන් හරියට-බැරිනම් පලයන් අහකට"යන්න තමන් විශ්වාස කරන ආප්තෝපදේශය බවත්,ඒ අනුව තමන් ජනතා නියෝජිතයින් ලෙස කරනා සේවය ඒ ආකාරයෙන්ම ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

    තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටින්නට ඕනම කෙනකුට හැකියාවක් ඇතත් එකී ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ තමන් විසින් බවත්,එය ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    http://sinhala.adaderana.lk/news.php?nid=19391

    ekiyanne dumindata mu salakanawa kiyalane.chanda perethaya:growl:

    හෙ හෙ උඹල දෙන්න මාත් එක්ක ඇර ගත්තා මතකයි සතියකට ඉස්සර මහින්ද වෙනුවෙන්.මමත් මචන් 2005 දී මහින්දට බොක්කෙන් සපොර්ට් කරපු එකෙක්.ඒත් 2009 දී තේරුණා මහින්ද කියන්නෙ අපි හිතන් ඉන්න පොර නෙවෙයි කියල.ඒකට හොඳම උදාහරණය SF ට දීපු ගේම.මට ඒකෙන් තමයි තේරුණේ මහින්ද සලකන්නෙ තමන්ට උදව් කරන අයට නෙමෙයි තමන්ට ඇරපු එවුන්ට කියල.ඒකට හේතුව මහින්ද රවට්ටන්න පුලුවන් ලේසියෙන්ම.ලොකු මීටර්යක් තියෙන මිනිහෙක් නෙමෙයි ලෝක කපටියෙක්.හැබයි කපටි කම යොදා ගන්නේ තමන්ගේ වාසියට.
     
    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    මචන් මම කොන්දේසි නැතුවම මහින්දට කඩේ ගිය මිනිහෙක්.....
    මට මේ සිද්දියෙන් පස්සේ මහින්දව එපා උනා.... දුමින්දට නිසි දඩුවමක් නොදුන්නොත් මම ජීවිතේට අයෙම චන්දයක් පාවිච්චී කරන්නේ නෑ.....

    ehenan thawa hora chandayak wetei, ube namin...
     
    sachitha-

    Member
    Jun 20, 2010
    396
    14
    0
    මචන් මම කොන්දේසි නැතුවම මහින්දට කඩේ ගිය මිනිහෙක්.....
    මට මේ සිද්දියෙන් පස්සේ මහින්දව එපා උනා.... දුමින්දට නිසි දඩුවමක් නොදුන්නොත් මම ජීවිතේට අයෙම චන්දයක් පාවිච්චී කරන්නේ නෑ.....

    Rep+
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa

    හෙ හෙ උඹල දෙන්න මාත් එක්ක ඇර ගත්තා මතකයි සතියකට ඉස්සර මහින්ද වෙනුවෙන්.මමත් මචන් 2005 දී මහින්දට බොක්කෙන් සපොර්ට් කරපු එකෙක්.ඒත් 2009 දී තේරුණා මහින්ද කියන්නෙ අපි හිතන් ඉන්න පොර නෙවෙයි කියල.ඒකට හොඳම උදාහරණය SF ට දීපු ගේම.මට ඒකෙන් තමයි තේරුණේ මහින්ද සලකන්නෙ තමන්ට උදව් කරන අයට නෙමෙයි තමන්ට ඇරපු එවුන්ට කියල.ඒකට හේතුව මහින්ද රවට්ටන්න පුලුවන් ලේසියෙන්ම.ලොකු මීටර්යක් තියෙන මිනිහෙක් නෙමෙයි ලෝක කපටියෙක්.හැබයි කපටි කම යොදා ගන්නේ තමන්ගේ වාසියට.

    :yes::yes::yes:aniwa.me miniha hamadama dinanne hari wipakshayak nathi nisa.:(
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මචන් මම කොන්දේසි නැතුවම මහින්දට කඩේ ගිය මිනිහෙක්.....
    මට මේ සිද්දියෙන් පස්සේ මහින්දව එපා උනා.... දුමින්දට නිසි දඩුවමක් නොදුන්නොත් මම ජීවිතේට අයෙම චන්දයක් පාවිච්චී කරන්නේ නෑ.....

    Ape gedara kastiyath ehemai, Dumindata nisi danduwam nolebunoth math ganne oya thiranema thama.
    Duushanaya Uparimai , Mardanaya Awamai.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    හෙ හෙ උඹල දෙන්න මාත් එක්ක ඇර ගත්තා මතකයි සතියකට ඉස්සර මහින්ද වෙනුවෙන්.මමත් මචන් 2005 දී මහින්දට බොක්කෙන් සපොර්ට් කරපු එකෙක්.ඒත් 2009 දී තේරුණා මහින්ද කියන්නෙ අපි හිතන් ඉන්න පොර නෙවෙයි කියල.ඒකට හොඳම උදාහරණය SF ට දීපු ගේම.මට ඒකෙන් තමයි තේරුණේ මහින්ද සලකන්නෙ තමන්ට උදව් කරන අයට නෙමෙයි තමන්ට ඇරපු එවුන්ට කියල.ඒකට හේතුව මහින්ද රවට්ටන්න පුලුවන් ලේසියෙන්ම.ලොකු මීටර්යක් තියෙන මිනිහෙක් නෙමෙයි ලෝක කපටියෙක්.හැබයි කපටි කම යොදා ගන්නේ තමන්ගේ වාසියට.

    මචන් පොන්සේකා ගැන නම් කතා කරන්න එපා.... ඌත් කන්න දීපු අත හපාකාපු එකෙක්....
    හැබැයි මහින්දව එපා උනා කියලා මට පොන්සේකාව, රනිල්ව, සෝමවංශව ඕන වෙන්නේත් නෑ කවදාවත්ම.....
     
    Similar threads