දුරකථනය නාද වී අලි ජරමරයක්!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
දුරකථනය නාද වී අලි ජරමරයක්!

බෙල්ලේ එල්ලාගත් දැන්වීමක් ද ඇති තරුණයෙක් හලාවත - කොළඹ මාර්ගයේ වූ බසයකට ගොඩවිය. මම ගොළුවෙක්. තාත්තා මියගිහින්. අම්මට වකුගඩු අමාරුව. පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලෙ ඉගෙනගන්න නංගිටයි අම්මටයි වියදම් කරන්නෙ මම. මට ආධාරයක් දෙන්න. බෙල්ලේ එල්ලාගෙන සිටි දැන්වීමේ ලියා තිබුණි.

බසයේ සිටි කවුරුත් රුපියල් 20, 50, 100 ආදී වශයෙන් ඔහුට ආධාර කළහ. තරුණයාගේ සාක්කුවකින් ජංගම දුරකතනයක නාදයක් නැගුනේ මේ අතරවාරයේය. හැඩිදැඩි මගියකු තරුණයාගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.

”තමුසෙ ගොළුවෙක් නම් මොකටද ඕයි හෑන්ඞ් ෆෝන් එකක්.”

මගීන් වටවූහ. කොන්දොස්තර මැදිහත් වී ආරවුල බේරා තරුණයා බසයෙන් බැස්සවීය.

තමුසෙත් ඔය ජරා වැඬේට හවුල් ඕයි... මගීහු කොන්දොස්තරට චෝදනා කළහ. ඌ හිඟාකන සල්ලිවලින් තමුසෙටත් ලැබෙනවනෙ කොටසක්...

බසයෙන් බැස යන තරුණයා ජංගම දුරකථනයෙන් කතාකරමින් යනු පෙනිණ. ආධාර ඉල්ලා බස්රථවලට, දුම්රියට නගින ඕනෑම පුද්ගලයකුට වගවිභාගයකින් තොරව අනුකම්පා කිරීමට අපේ රටේ බොහෝ දෙනාගේ සිරිතය. ඉන් ප‍්‍රයෝජන ගන්නා හොරු තක්කඩි සිඟමන් යැදීම අද පහසු ජීවනෝපායක් කරගෙන සිටිති. යම් ආධාරයක් උපකාරයක් අවශ්‍ය පුද්ගලයකුට පවා මේ නිසා අසාධාරණයක් සිදුවේ. එබැවින් ප‍්‍රසිද්ධ ස්ථානවල හෝ නිවෙස්වලට පැමිණ ආධාර එකතුකරන්නන් වෙනුවෙන් කිසියම් බලපත‍්‍රයක් ප‍්‍රාදේශීය ලේකම් මගින් හෝ ලබාදෙන්නේ නම් මැනවි.

කේ. ඩබ්ලිව්. ගුණවර්ධන, බංඩාරගම
 
shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
දවසක් බස් එකේ යද්දී මගේ එහාපැත්තෙ හිටියේ ගොළු එක්කෙනෙක්. එයාට smart phone එකක් තිබ්බා. එයා ගත්තේ video calls. කිසිම සද්දයක් නෑ. එයා කතා කරන්නනේ sign language එකෙන්. අනිත් පැත්තේ එක්කෙනා උත්තර දෙන්නෙත් sign language එකෙන්. මම කවදාවත් එහෙම එකක් දැකලා තිබ්බේ නෑ.. පට්ට ඒක. brilliant. :D
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දවසක් බස් එකේ යද්දී මගේ එහාපැත්තෙ හිටියේ ගොළු එක්කෙනෙක්. එයාට smart phone එකක් තිබ්බා. එයා ගත්තේ video calls. කිසිම සද්දයක් නෑ. එයා කතා කරන්නනේ sign language එකෙන්. අනිත් පැත්තේ එක්කෙනා උත්තර දෙන්නෙත් sign language එකෙන්. මම කවදාවත් එහෙම එකක් දැකලා තිබ්බේ නෑ.. පට්ට ඒක. brilliant. :D

    ඒකනේ ගොළු අයට ස්මාර්ට් ෆෝන් තහනම් නැහැනේ.අපේ උන් ඉතිං ඉක්මනට කාව හරි ජජ් කරන්න හපන්නුනේ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දවසක් බස් එකේ යද්දී මගේ එහාපැත්තෙ හිටියේ ගොළු එක්කෙනෙක්. එයාට smart phone එකක් තිබ්බා. එයා ගත්තේ video calls. කිසිම සද්දයක් නෑ. එයා කතා කරන්නනේ sign language එකෙන්. අනිත් පැත්තේ එක්කෙනා උත්තර දෙන්නෙත් sign language එකෙන්. මම කවදාවත් එහෙම එකක් දැකලා තිබ්බේ නෑ.. පට්ට ඒක. brilliant. :D

    :yes::yes::yes:
     
    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    Ada kaale inne nam godaakma boru karana un. man nam normally bus walata nagala adaara illana unta denne na. 99% ma un karanne business ekak.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඕන තරම් බොරු කාරයෝ ඉන්නවා... කෝච්චියේ ඉන්නවා ගොලුයි කියලා අගවන ගෑනු කෙනෙක්... ග්‍රෑන්ඩ්පාස් ඉන්නවා මිනිහෙක් ඇවිදින්න බැරි ගෑනියෙක් කියලා උස්සන් යන ජේා්ඩුවක්, තව එකෙක් ඉන්නවා අතක් නෑ කියලා සර්ට් එක අස්සෙන් අත නවාගෙන ඉන්න එකෙක්... තවත් ඕන තරම් ඉන්නවා ළමයි වඩාගෙන ඉන්න අය...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    Horu ithin ehema thamai. Mama danna golu yaluwekuth phone pawichchi karanawa. Katha karanna barinunata eyage yaluwo ekka video calls gannawa mama dakala thiyenawa. Lips reading. Sms yawanawa.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දවසක් බස් එකේ යද්දී මගේ එහාපැත්තෙ හිටියේ ගොළු එක්කෙනෙක්. එයාට smart phone එකක් තිබ්බා. එයා ගත්තේ video calls. කිසිම සද්දයක් නෑ. එයා කතා කරන්නනේ sign language එකෙන්. අනිත් පැත්තේ එක්කෙනා උත්තර දෙන්නෙත් sign language එකෙන්. මම කවදාවත් එහෙම එකක් දැකලා තිබ්බේ නෑ.. පට්ට ඒක. brilliant. :D

    ඉස්සර අපේ ඔෆිස් එකේ ඔහොම කොල්ලෙක් හිටියා.....ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්.
    මනුස්සයා ගාවත් ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බේ...
    වීඩියෝ කෝල් වලින් සන්ඥා භාශාවෙන් කතා කරන්නේ...

    මම ඇත්තටම ගොළු මිනිස්සු ගැන සෑහෙන දෙයක් ඉගෙනගත්තා පොරගෙන්. :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඒකනේ ගොළු අයට ස්මාර්ට් ෆෝන් තහනම් නැහැනේ.අපේ උන් ඉතිං ඉක්මනට කාව හරි ජජ් කරන්න හපන්නුනේ..

    ඉතින් උඹ කියන්නෙ ස්මාට් ෆෝන් එකක් යූස් කර කර හිගා කනවා කියලාද
    එහෙනම් ඇත්තටම ගොලුවෙක් උනත් ගහන්න ඕන
    සයින් ලැන්ග්වේජ් එක යූස් කරන්න පුලුවන් තරම් එකෙක් බස් වල ගිගාකයිද බන්, ඇත්තට හෝ බොරුවට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    458177.gif
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    දවසක් බස් එකේ යද්දී මගේ එහාපැත්තෙ හිටියේ ගොළු එක්කෙනෙක්. එයාට smart phone එකක් තිබ්බා. එයා ගත්තේ video calls. කිසිම සද්දයක් නෑ. එයා කතා කරන්නනේ sign language එකෙන්. අනිත් පැත්තේ එක්කෙනා උත්තර දෙන්නෙත් sign language එකෙන්. මම කවදාවත් එහෙම එකක් දැකලා තිබ්බේ නෑ.. පට්ට ඒක. brilliant. :D

    math dakala tiyenawa ban