දුරකථනය නාද වී අලි ජරමරයක්!
බෙල්ලේ එල්ලාගත් දැන්වීමක් ද ඇති තරුණයෙක් හලාවත - කොළඹ මාර්ගයේ වූ බසයකට ගොඩවිය. මම ගොළුවෙක්. තාත්තා මියගිහින්. අම්මට වකුගඩු අමාරුව. පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලෙ ඉගෙනගන්න නංගිටයි අම්මටයි වියදම් කරන්නෙ මම. මට ආධාරයක් දෙන්න. බෙල්ලේ එල්ලාගෙන සිටි දැන්වීමේ ලියා තිබුණි.
බසයේ සිටි කවුරුත් රුපියල් 20, 50, 100 ආදී වශයෙන් ඔහුට ආධාර කළහ. තරුණයාගේ සාක්කුවකින් ජංගම දුරකතනයක නාදයක් නැගුනේ මේ අතරවාරයේය. හැඩිදැඩි මගියකු තරුණයාගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.
”තමුසෙ ගොළුවෙක් නම් මොකටද ඕයි හෑන්ඞ් ෆෝන් එකක්.”
මගීන් වටවූහ. කොන්දොස්තර මැදිහත් වී ආරවුල බේරා තරුණයා බසයෙන් බැස්සවීය.
තමුසෙත් ඔය ජරා වැඬේට හවුල් ඕයි... මගීහු කොන්දොස්තරට චෝදනා කළහ. ඌ හිඟාකන සල්ලිවලින් තමුසෙටත් ලැබෙනවනෙ කොටසක්...
බසයෙන් බැස යන තරුණයා ජංගම දුරකථනයෙන් කතාකරමින් යනු පෙනිණ. ආධාර ඉල්ලා බස්රථවලට, දුම්රියට නගින ඕනෑම පුද්ගලයකුට වගවිභාගයකින් තොරව අනුකම්පා කිරීමට අපේ රටේ බොහෝ දෙනාගේ සිරිතය. ඉන් ප්‍රයෝජන ගන්නා හොරු තක්කඩි සිඟමන් යැදීම අද පහසු ජීවනෝපායක් කරගෙන සිටිති. යම් ආධාරයක් උපකාරයක් අවශ්‍ය පුද්ගලයකුට පවා මේ නිසා අසාධාරණයක් සිදුවේ. එබැවින් ප්‍රසිද්ධ ස්ථානවල හෝ නිවෙස්වලට පැමිණ ආධාර එකතුකරන්නන් වෙනුවෙන් කිසියම් බලපත්‍රයක් ප්‍රාදේශීය ලේකම් මගින් හෝ ලබාදෙන්නේ නම් මැනවි.
කේ. ඩබ්ලිව්. ගුණවර්ධන, බංඩාරගම