දුරකථන ඇමතුම්වලින් 80%ක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දුරකථන ඇමතුම්වලින් 80%ක්

ලෝකයේ දුරකථන ඇමතුම්වලින් 80%ක් ඇමරිකාව පටිගත කරනවා​

ලෝකයේ දුරකථන ඇමතුම් වලින් 80%ක් ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් පටිගත කරන බව එම ආයතනයේ හිටපු නිලධාරියෙකු වන විලියම් බිනී පවසයි.

ජාතික ආරක්ෂක ඒජන්සියේ ක‍්‍රියා කලාපයන් හෙළිදරව් කළ ඉහළම මට්ටමේ පුද්ගලයකුවු බිනී මේ බව පවසා ඇත්තේ ලන්ඩනයේ ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් සඳහා මධ්‍යස්ථානය විසින් පැවැත්වූ සමුළුවක් අමතමිනි.

සැප්තැම්බර් 11දා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප‍්‍රහාරයෙන් නොබෝ දිනකට පසු ඔහු ජාතික ආරක්ෂක එජන්සියෙන් ඉල්ලා අස්වූ අතර ඇමරිකානු චරපුරුෂ ආයතන සාමාන්‍ය ජනතාව පිළිබඳ තොරතුරු රැස් කිරීමට යොමුවන බව ඔහුගේ චෝදනාව විය.

බිනී පවසා ඇත්තේ ලෝකයේ ප‍්‍රකාශ තන්තු කේබලයන්ගෙන් 80%ක් ඇමරිකාව හරහා ගමන් කරන හෙයින් දුරකථන ඇමතුම් ලෙසම ඒවා පටිගත කර ගඩඩා කරගැනීමේ හැකියාව ඇමරිකාව සතුවන බවයි.

ඔවුන් විසින් රැස් කරගන්නේ මෙටා දත්ත පමණක් බව පැවසුණද තමන් ලබාගන්නා දේ පිළිබඳව ජාතික ආරක්ෂක ඒජන්සිය කිසිවිටකත් ඇත්ත නොකියන බවද ඔහු පවසා තිබේ.

තමන් චරපුරුෂ ආයතනයෙන් ඉල්ලා අස්වන විට ලිපි ලේඛන කිසිවක් නොගෙනා බැවින් තම අනාවරණයන්ට සාක්ෂි ඉදිරිපත් කිරීමට බිනී අසමක් විය.

නමුත් ඔහු පවසා ඇත්තේ සමස්ත ජනගහනයම පාලනය කිරීම ඇමරිකානු බුද්ධි අංශවල අරමුණ වන බවයි. එඞ්වඞ් ස්නොව්ඩන් විසින් ගත් ක‍්‍රියාමාර්ගය විලියම් බිනීගේ ප‍්‍රශංසාවට ලක්ව ඇතැයිද වාර්තා වේ.



ලංකා සී නිව්ස්.කොම්
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබල හිතන්නේ ඇමරිකාවට බැන්නම දේශ ප්රෙමියෝ වෙනව කියලද?????? අ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උබ කියන ඒවාද දැන් විස්වාස කරන්න කියන්නේ. බොදු බල සේනාවට ඇමරිකාව තහනම් කෙරුවම දැන් මඩ ගහනවා. අනේ උබලත්.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උබල හිතන්නේ ඇමරිකාවට බැන්නම දේශ ප්රෙමියෝ වෙනව කියලද?????? අ

    කවුද බන් මෙතන ඇමරිකාවට බැන්නේ? මේක නිවුස් අයිටම් එකක්.

    උඹලා ඇමරිකන් කරයෝ කියලා දන්නෙත් අදයි. :rolleyes: :rofl:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උබ කියන ඒවාද දැන් විස්වාස කරන්න කියන්නේ. බොදු බල සේනාවට ඇමරිකාව තහනම් කෙරුවම දැන් මඩ ගහනවා. අනේ උබලත්.

    මේ නිවුස් අයිටම් එකයි බොදුබල සේනාවයි අතර සම්බන්දෙ මොකද්ද බන්z? අනික, ඇමරිකාව ගැන උඹලට මෙච්චර කසානා එකෙක් තියෙන්නෙ උඹලත් ඇමරිකන්ද? :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උන්ට තියනවනේ අසීමිත භීතියක්! හැම දේම කරන්න ගියාම! අනේ මන්දා!
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබ දන්නවද ලන්කාවෙ ගොඩක් දෙශපාලනෙ කරන අයගෙ ආන්ඩුවෙ ඉන්න ඇමතිලගෙ විපක්ශෙ අයගෙත් කොල් අරලියගහ මන්දිරෙන් ටැප් කරනවා කියලා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Rata mal kadana ewath record karanawada danne na:P ape un kiyawana ewa translate karagathama maru athi unta:rofl: