මේ දිනවල රටපුරාම පවතින දුරකථන සබඳතා (සිග්නල්) ගැටළුව සහ අන්තර්ජාල ක්‍රියාකාරිත්වයේ වේගය ඉතා පහල අගයක් ගැනීම පිළිබඳ අප සොයා බැලීමක් කලෙමු.
ඒ අනුව අපට නිරීක්ෂණය වූයේ මෙම ක්‍රියාව දුරකථන සමාගම් විසින් හිතාමතාම සිදුකරන ලද්දක් බවයි. එයට ප්‍රධාන හේතුව ලෙස නිවසට සීමා වී සිටින මෙරට ලක්ෂ ගණනක අන්තර්ජාල පරිශීලකයින්ට සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල පරිහරණය සීමා කිරීමට බව අපට නිරීක්ෂණය විය.
ඒ පිළිබඳ අප කල විමසුමකදී කිහිප වතාවක්ම සියළු දුරකථන සමාගම් දන්වා සිටියේ, දුරකථන අලුත්වැඩියාවන් සහ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවයි.
නමුත් එය සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොවන්නේය. සැබවින්ම මෙම තත්වය උදාවීමට රජයේ බලපෑමක් සිදුව තිබේද යන්න පිළිබඳ වැඩිදුරටත් අපට සිතා බැලීමට සිදුව ඇත.
ලෝකම දෑතට ගෙනත් දෙන බවට මහා පරිමාණ දැන්වීම් පළකරන මෙරට ඇතැම් දුරකථන සමාගම් වලට දෙන සේවාව හරිහැටි ලබා දීමට නොහැකි වීම ලැජ්ජාවට කරුණකි.
ඔවුන් පවසන පරිදි නඩත්තු කටයුතු දිගින් දිගටම සිදුවන්නේ නම් රාත්‍රී 12:00 සිට පාන්දර 5:00 දක්වා සාමාන්‍ය පරිදි අන්තර්ජාල සබඳතා ක්‍රියා කරන්නේ කෙසේදැයි අපට දැඩි ගැටළුවකි.
මේ වන විට මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් වී ඇති අන්තර්ජාල සහ දුරකථන සේවා සැපයීම පිළිබඳ එම සමාගම් මීට වඩා සැළකිලිමත් විය යුතුය. නැත්නම් රජයේ වගකිවයුතු ආයතන මේ පිළිබඳ සොයාබැලිය යුතුය.
ඉදිරියටත් අප ඔබලාගේ සේවාවන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන අතර මෙහි වෙනත් යටි අරමුණක් ඇති බව තහවුරු වුවහොත් නොපමාව අප ඒ පිළිබඳ මහජනතාවට අණාවරණය කරන්නෙමු.
See Less
