දුරකථන සිම් කාඩ් ලියාපදිංචි රෙගුලාසි සංශෝධනයට

6h057

Well-known member
  • Nov 19, 2024
    2,303
    2,200
    113
    Tokyo, Japan
    ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල - SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීම සහ 2019 - 08 - 02 දිනට පෙර ලබා ගන්නා ලද සිම් කාඩ්පත් වලට අදාල ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

    1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල - SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි 2019-08-02 දිනැති ව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, එකී රෙගුලාසි එදිනෙන් පසුව නිකුත් කරන ලද සිම් කාඩ්පත් සඳහා පමණක් අදාළ වේ. එබැවින්, 2019-08-02 දිනට පෙර ලියාපදිංචි වූ ඇතැම් ග්‍රාහකයින් පිළිබඳ තොරතුරු දුරකථන ක්‍රියාකරු සමාගම් සතුව නොමැති අතර, ඒ හේතුවෙන් ඇතැම් නීති විමර්ශන කටයුතු වලදී ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

    එමෙන්ම, වයස අවුරුදු 16 - 17 අතර ග්‍රාහකයින් ලියාපදිංචි කිරීමට සහ මෙරටට පැමිණෙන විදේශිකයින්ට සිම් කාඩ්පත් නිකුත් කිරීමට අදාළ නව විධිවිධාන ද ඇතුළත් කරමින් දැනට ක්‍රියාත්මකව පවතින රෙගුලාසි වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, 2019-08-02 දිනට පෙර ලබා ගන්නා ලද සිම් කාඩ්පත් වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සලසමින් සහ දැනට ක්‍රියාත්මක 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල - SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි යෝග්‍ය පරිදි සංශෝධනය කරමින් නව රෙගුලාසි හඳුන්වා දීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    https://www.lankadeepa.lk/news/දරකථන-සම-කඩ-ලයපදච-රගලස-සශධනයට/101-688028
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    Confused Thinking GIF by MOODMAN
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,200
    113
    Tokyo, Japan
    Mokaddda dan kiyanne, aye register karanawa kiyala api mokuth karanna oneda bn
    මං හිතන විදියට කාලයක් දෙයි, ඒ කාලේ ඇතුලේ NIC එක අරං අදාල operator ගාවට ගිහිල්ලා අයෙත් ලියාපදිංචි වෙන්න වෙයි.
     
    • Like
    Reactions: KBPathme

    KBPathme

    Junior member
  • Aug 3, 2025
    60
    9
    8
    මං හිතන විදියට කාලයක් දෙයි, ඒ කාලේ ඇතුලේ NIC එක අරං අදාල operator ගාවට ගිහිල්ලා අයෙත් ලියාපදිංචි වෙන්න වෙයි.
    Hamoma ohoma register weida bn ithin
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Mokaddda dan kiyanne, aye register karanawa kiyala api mokuth karanna oneda bn
    යුද්දේ කාලේ ආවේ #132# අන්න එකෙන් ඩීටේල්ස් කන්ෆර්ම් කරන්න කියයි
     
    • Angry
    Reactions: KBPathme

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මේක කරන්නේ අපේ සිම් එක අපහු රෙජිස්ටර් කරන්න ඕන
    ඒකට ග්‍රාමසේවක සහතිකයක් , nic , උප්පැන්න සහතික අරන් අදාළ සන්නිවේදන සැපයුම්කරුගේ ප්‍රධාන කාර්යාලයට හෝ සේවාව සපයනු ලබන පළාත් කාර්යාලයක් වෙත ගොස් ලියාපදිංචි විය යුතුය. එහිදී අපගේ තොරතුරු , චායාරුපයක් , ඇඟිලිසලකුණු ලබා ගැනු ඇත.
    එදිනම තාවකාලික සන්නිවේදන හැඳුනුම්පතක් ලැබෙන අතර ස්ථිර හැඳුනුම්පත තැපෑලෙන් ගෙදරටම ලැබෙනු ඇත. මෙය වසර 5ක් සදහා වලංගු වේ. වසර 5න් පසුව නැවත අලුත් කල යුතුය. හඳුනුමත සදහා ඔබ පෙරගෙවුම් සම්බන්දයක් ඇති අයෙකු නම් අදාළ මුදල එදින ගෙවිය යුතු වේ. පසුගෙවුම් සම්බන්දයන් සදහා මුදල බිලට එකතු වේ.
    රාජ්ජ්යේ ආරක්සක අන්ස සෝදිසි කිරීම් වලදී ඔබගේ සන්නිවේදන හැදුනුම්පත පෙන්විය යුතු වේ. ඔබට වෙන් වෙන්ව සම්බන්දතා කිහිපයක් ඇතිනම් ඒ සියල්ලටම වෙන් වෙන්ව හැඳුනුම්පත් ලබා ගත යුතුය (එකම සන්නිවේදන සැපයුම් සමගාම් නොවේ නම් පමණි)
     
    Source?