දුර බලන්න ළඟ නොබලන්න

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දුර බලන්න ළඟ නොබලන්න

    4364686-looking-through-telescope.jpg

    පොහොර මිල අධික ලෙස ඉහල යනකොට, රජය ඊට සහණයක් වශයෙන් ‍පොහොර සහනාධාරයක් දෙනවා වසර කිහිපයක් අඛණ්ඩව එය ලබා දුන්නත් යම් යම් අපහසුතා මත එහි අඩුපාඩුවක් වෙනවා. ඉන් පස්සේ ගොවියන්ගේ ප්‍රතිචාරය කොහොම ද? ඔවුන් වහාම පාරට බහිනවා, බෝඩ් කෑලි කිහිපයක් අතේ අරන් "දියව් දියව් අපිට දියව්, අපේ අයිතිය අපිට දියව්" කියලා කෑ මොර දෙනවා. අන්තිමට රජයට හිතෙනවා ඇති වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටුනා කියලා.

    (මම මේ ආණ්ඩුවට කඩේ යන්න හදනවා නම් නෙමෙයි
    වෙන මාතෘකාවකට එන්නයි උඩින් කියපු උදාහරණෙ කිවුවෙ)

    ඔන්න එක පොහොසත් මහත්තයෙක් එක අසරණ මනුස්සයෙක්ට පුරුද්දක් විදිහට රෑට කන්න රුපියල් සීයක් දෙනවා. ටික දවසකට පසු දින දෙක තුනක් ඔහුට අර මුදල දෙන්න අතපසු වෙනවා. දුප්පත් මනුස්ස‍යා අනිත් මිනිස්සු එක්ක බනිනවා "අපෝ මහ ලෝබයෙක්, ලෝබ හිතෙන්නැති ඕක හැමදාම දෙනකොට, ඕක දුන්නා කියලා ඔය මනුස්සගෙ සාක්කුවට දැනෙන්නෙවත් නැහැ" කිය කිය.
    (හැමෝම මෙහෙම නෙමෙයි නමුත් මෙහෙම අයත් ඉන්නවා)

    මොකද්ද මේ කැත පුරුද්ද? මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා කිසියම් දෙයක් දීර්ඝකාලීනව තමන්ට ලැබෙනකොට ඒක හැමදාටම ඒ වගේම ලැබෙන්න ඕනෙ කියලා. රජයෙන් මොනාට හරි සහනාධාරයක් දෙනවා නම් බොහෝ මිනිස්සු පුරුද්දක් හදාගන්නවා ඒක නැතුව ජීවත් වෙන්න බැහැ කියලා. කවදාවත් එතනින් ගොඩ එන්න හදන්නෙ නැහැ.

    අපේ රටේ මිනිස්සු නොලැබුණු සහනාධාර ගැන කතාකරනවා මිස ඔබ දුටු තැනක් තියෙනවද "අපි මහන්සිවෙලා මේ රටේ නිශ්පාදනය වැඩි කරන්න ඕනෙ, මේ රට ගොඩගන්න අපිත් දායක වෙන්න ඕනෙ හැම මනුස්සයෙක්ම පුංචියෙන් හරි යමක් කලොත් තමයි මේ රට දියුණු වෙන්නෙ" කියලා?

    බොහෝ මිනිස්සු කැමතියි අසරණ මිනිස්සුන්ට උදවු කරන්න (රජය ඇතුළුව)
    නමුත් ඒ හැමෝම කරන වරදක් තියෙනවා. ඒ මොකද්ද?

    කන්න නැති මනුස්සයෙක් ගඟක් අයිනට වෙලා බලාගෙන ඉන්නවා ඔතන හැමදාම මාලුබාන මනුස්සයෙක් තමන්ගෙ රාජකාරි ඉවර වෙලා යනකොට එක මාලුවෙක් ඔහුට දීලා යනවා. ඒ ‍වගේ හැමදාම පුරුද්දක් විදිහට ඒ දේ කරනවා. අවසානයේ බැලුවම ඔහු විශාල මුදල් වටිනාකමක් තියෙන මාලු ප්‍රමාණයක් අර කන්න නැතිව හිටපු මනුස්සයට දීලා.
    නමුත් එක් දවසක් ඔහුට අසනීපයක් වෙලා මාලුබාන්න යන්න බැරි වුනොත් අර අනිත් මනුස්සයටත් කන්න නැහැ.
    ඉතින් අර දීපු දෙයින් ඵලක් වෙලාද? තාවකාලික සහණයක් විතරයි ලැබිලා තියෙන්නෙ. නමුත් ඔහු අර කන්න නැති මනුස්සයාට පලමු දිනයේ මාලුවෙක් නොදී බිලී පිත්තක් දුන්නා නම් ඔහු එයින් මාලු බාගනීවි. එවිට මුල් අවස්ථාවෙ වගේ ලොකු පිරිවැයකුත් නැහැ ඒ වගේම කන්න නැතිව හිටි මිනිහත් හොඳ ආදායමක් ලබාවි.

    මම ඔය හෙමින් හෙමින් විස්තර කලේ, කිසිවෙක් කිසිවෙකුට තාවකාලිකව ප්‍රයෝජනයක් ඇති දෙයක් දීමෙන් කිසිදු ඵලක් නැහැ. නමුත් ඔබට පුලුවන් ඒ අයට ප්‍රයෝජනවත් විදිහට යමක් දෙන්න.

    ජනතාව අතර ජනප්‍රිය රජයක් වෙන්න පුලුවන් ක්‍රමයක් තමයි හැකි තරම් සහනාධාර දෙන එක. නමුත් අනාගත දැක්මක් සහිත රජයක් නම් කළ යුත්තේ සහනාධාර සඳහා මුදල් වෙන් කිරීම නෙමෙයි ඒ වගේ අසරණ පවුල් වල අයට ස්වයං රැකියාවක්, සුළු ව්‍යාපාරයක් කරගන්න උදවු කරන එකයි. ඒකෙන් අසරණ පවුල් වල ජීවන මට්ටම තිරසාරව ඉහල යාවි.

    තමන්ට ලැබෙන දේ ලැබෙන පමණින් තෘප්තිමත් විය යුතුයි. අපිට ‍නොලැබුණ දේ අල්ලාගෙන ඒවාට ගහමරාගැනීමෙන් කවදාවත් රටක් දියුණු වෙන්නෙත් නැහැ වෙලත් නැහැ. ඒ වගේම මිනිස්සුන්‍‍ට උදවු කරමු ඒ අයට තාවකාලිකව නොව දීර්ඝකාලීනව ප්‍රයෝජනයක් වෙන විදිහට.

    මේ ගැන මෙතනින් එහාට ඔබත් හිතන්න...
    ඔ‍බේ අත්දැකීම් වලටත් ආදේශ කරගෙන බලන්න....


    uputa ganima HIMA'S BLOG

    දුර බලන්න ළඟ නොබලන්න ~ Hima's blog
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක හොදනම් රේප් පාර්ක් දාල යන්න නැත්නම් බම්ප් එකක දන්න
    සහන ගැන ආර්ථික බලපෑම ගැන මම එකක් ලියලා දැනම්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රෙද්දක් කියනව මම මේ ලම්බොගිනියක් ගන්න ට්‍රයි කරනව tax එක අඩු වෙලා තියෙන වෙලාවෙ
     
    එක නිසා වෙන්න ඇති සහනාධාරේ ඉස්සරහට දල නුගත් එවුන්ගේ චන්දෙ මංකොල්ල කන්නේ
    මේකේ රටේ නිෂ්පාදනය ගැන සඳහන් කරලා තිබ්බ නිසා අහන්නේ
    නය වෙලා හදපු නෙලුම් පොකුණෙන් රැකියා අවස්ථා කීයක් බිහි උනාද
    එතකොට රන්මිණිතැන්න කාඩ්බෝර්ඩ් ගම්මානයෙන් රැකියා අවස්ථා කීයක් ඇති උනාද
    ණය වෙලා පාඩු ලබන විදුලි බල මණ්ඩලයෙන් නිකන් ලයිට් දම්මගෙන කාර් රේස් පද්දහම රැකියා අවස්ත ඇති වෙනවද
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රෙද්දක් කියනව මම මේ ලම්බොගිනියක් ගන්න ට්‍රයි කරනව tax එක අඩු වෙලා තියෙන වෙලාවෙ

    එචර්ය් බන් අපිට‍ අඩු ,මමත් එකක් අරගෙන පස්සේ විකුනන්නබලන් ඉන්නේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පිස්සු පුසා;14118541 said:
    එක නිසා වෙන්න ඇති සහනාධාරේ ඉස්සරහට දල නුගත් එවුන්ගේ චන්දෙ මංකොල්ල කන්නේ
    මේකේ රටේ නිෂ්පාදනය ගැන සඳහන් කරලා තිබ්බ නිසා අහන්නේ
    නය වෙලා හදපු නෙලුම් පොකුණෙන් රැකියා අවස්ථා කීයක් බිහි උනාද
    එතකොට රන්මිණිතැන්න කාඩ්බෝර්ඩ් ගම්මානයෙන් රැකියා අවස්ථා කීයක් ඇති උනාද
    ණය වෙලා පාඩු ලබන විදුලි බල මණ්ඩලයෙන් නිකන් ලයිට් දම්මගෙන කාර් රේස් පද්දහම රැකියා අවස්ත ඇති වෙනවද

    සහතික ඇත්ත ,අපිට තියෙන්නේ දෙනදේ කලා වෙන දේ බලන් ඉන්න
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එචර්ය් බන් අපිට‍ අඩු ,මමත් එකක් අරගෙන පස්සේ විකුනන්නබලන් ඉන්නේ

    විකුනන්න නෙමෙයි ලම්බෝගිනි ගන්නෙ නයිට් රේස් පදින්න
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විකුනන්න නෙමෙයි ලම්බෝගිනි ගන්නෙ නයිට් රේස් පදින්න

    :D:D:D:D:D:D:D:D:D:D:D:D ptta

    ඉස්සරහට වෙන්නේ නයිට් රේස් පදින අයට කඩල විකුනන්න
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :D:D:D:D:D:D:D:D:D:D:D:D ptta

    ඉස්සරහට වෙන්නේ නයිට් රේස් පදින අයට කඩල විකුනන්න

    කඩල කාරයෝ සේරොටම ගහල පන්නල තමයි නයිට් රේස් පදින්නේ ඔය එක එක හිගන කැ බිස්නස් කරන්න බැහැ මේ අෂ්යර්යයේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කඩල කාරයෝ සේරොටම ගහල පන්නල තමයි නයිට් රේස් පදින්නේ ඔය එක එක හිගන කැ බිස්නස් කරන්න බැහැ මේ අෂ්යර්යයේ

    සුබ අනාගතයක්