දුලාංජලී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    ‘සමනළ තටු’ හි පුංචි සමනළිය සා පෙළ කඩයිම ඉහළින් ------------------ජයගනියි

    දෛවය කෙතරම් සරදම් කළත් ඉන් අධෛර්යමත් නොවී දෛවය පරාජය කිරීමට සමත්වුණු දැරියක් පිළිබද කලුතරින් වාර්තා විය. ඒ දෑත් අහිමිව ගියත් දෙපයේ වීර්ය ඇතුව සා පෙළ අභියෝගය ඉහළින්ම ජයගත් දුලාංජලී ආරියතිලක දැරියයි.

    page-3-(1).jpg


    ඇය මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයෙන් A සාමර්ථ 6කුත්, B සාමාර්ථයකුත්, C සාමාර්ථ දෙකකුත් ලබා ගනිමින් අධ්‍යාපන ගමනේ දි තමන්ට හමු වූ එක් අභියෝගයක් සාර්ථකව ජය ගැනීමට සමත්ව ඇත.

    දුලාංජලී මීට වසර කිහිපයකට පෙර සෝමරත්න බාලසූරිය විසින් නිර්මාණය කළ ‘සමනළ තටු’ ළමා චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයකට දායක විය.
    ​
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අත පය 4 ම හොඳට තියන අපිට ගන්න හොඳ ආදර්ශයක්.