Let me tell you my experience. This will be helpful for most of Elakiriyans here. අනිව වැඩ කරන method එකක්.
Diet කරන්න කළින් මම cardio workout එකක් start කළා. ඒක මම පහළ දාන්නන්. ඊට කලින් කතාව කියල ඉන්නන්.
මේ workout එක මුලින් ටිකක් අමාරුයි සති දෙකක් යනකොට ගින්නක් නැතුව එක දිගට කරන්න පුළුවන්. Workout එක start කරල සතියකින් දෙකකින් අතර මම diat එක පටන් ගත්ත. දැන් උබල හිතන්නෙ මම කන දේවල් වෙනස් කරල වෙන කෑම කෑව කියලනෙ.
ඒක එහෙම නෙමේ උනේ. කෑමෙන් මම අඩු කළේ කෙලින්ම බත්. හරියටම හැඳි දෙකයි වේල් තුනට කෑවෙ. හැදි කියන්නෙ සාමන්‍යෙන් බත් බෙදන ටිකක් ලොකු හැන්දෙ සයිස් එක..පොල් කටු හැන්දෙන් කට කපල වගේ දෙකක් කියල හිතන්නකො. ඊට කලින් හැදි 4 5 අතර කෑව. එතකොට බත් එක්ක කන curries වර්ග ඒ ව්දිහටම කෑව ආයෙ ඒව අඩු කළේ නෑ. මාළු කෑලි 3ක් කෑව නං කලින් ඒ 3 එහෙමම කෑව. හැබැයි බත් හැදි දෙකයි. දැන් බත් ටික ඉවර වෙනකොට වටේ තියන එළවලු මාලු බාගයක් ඉතුරුයි. ඒ ටික විසි කරන් නැතුව කාපන්. මොකද එතන තමා protein and vitamins තියෙන්නෙ.
(Tip එකක්, wife ට හරි අම්මට හරි ගෙදර උයන කෙනාට කියන්න වෙනදට වඩා ටිකක් වැඩිපුර curries වලට කරපිංච දාන්න කියල සහ ඉඳුල් වලට ඒක අයින් කරන් නැතුව ඒක කාපන්. ඒකෙන් ලොකු impact එකක් එනව කියල මම හිතනව )
ආයෙ වෙන මොකුත් ඕන නෑ මේ විදිහට කාල මම කියන workout එක කළොත් සතියට දවස් 5ක් ලොවෙත් 3KG බහිනව මාස එකහමාරෙන්. මේ නිකන් නෙමේ කියන්නෙ my own experience එකෙන්.
තව එකක්. Diat එකක් නොකර මේ workout එක කළත් ඒත් පට්ට result එකක් තියනව. අඩුම තරමෙ හැදි දෙකක් කාල ඉන්න බැරි තරම් මදි නං ඔය කන විදිහටම කාල workout එක කරල බලන්න පට්ට විදිහෙ endurance එකක් හැදෙනව.
ඒ endurance එක නිසාම උබේ heart rate එක අඩු වෙනව sure shot 70 per minute වලට. ඒ කියන්නෙ blood pressure එක අඩු වෙනව කියන එක.
මගෙ බර 81කට වගේ තිබ්බ දැන් 77යි. ඒ බත් වලින් විතරක් diat එක අඩු කරල workout එක කරල විතරයි. සීනි කැවෙනව සමහර දවස් වලට. තේ වලින් කිරි වලින් නෙමේ. එක්කො biscuit එකක් cake කෑල්ලක් මොනවහරි දේකින් සීනි වැටුන. ඔය අතර මගදි මාලු පාන් එකක් බනිසක් එහෙමත් සෙට් උනා කන්න. එහෙම කරලත් හොද result එකක් තියනව.
මම සරලවම කරල තියෙන්නෙ carbs අඩු කරල තියන එක විතරයි. ඒකෙන් තමා මෙච්චර බැස්සෙ.
දැන් මම ඊළඟ step එකට යන්න හිතාගෙන ඉන්නෙ. දවස් දෙකක ඉඳන් රෑට කෑවෙ නෑ උදේ සහ දවල් විතරයි කන්නෙ. Diat එක අරකමයි.
තව දේවල් ටිකක් add කරනව. කැකිරි juice එකක් බොන්න හිතන් ඉන්නව. මේ කාලෙ heat එකටත් එක්ක ඒක හොදයි සහ ඒකෙ මාර විදිහෙ nutrition ටිකක් තියනව. සම්පූර්ණයෙන්ම සීනි අයින් කරනව biscuit එකකින්වත් නැතුව. පාන් බනිස් නැතිම කරනව.
හැබැයි මෙහෙම දේවල් ටිකකුත් තියනව බන්. මම සම්පූර්ණයෙන්ම alcohol ගන්නෙ නෑ. Party එකක්දිවත් නෑ. Not even a beer or wine. සහ දවසට වතුර 2 - 2.5 L වගේ ගහනව. ඉතින් ඒකෙනුත් impact එකක් තියනව ඇති.
අනිත් දේ තමා බන් මම මේ ඔක්කොම කරන්නෙ ගෙදර ඉන්නකොට තමා. කොහෙ හරි එළියට ගියොත් කන්න, trip එකක් ගියොත් , Party එකකට ගියොත් නෑදෑ ගෙදරක කෑමකට ගියොත් කනව පැලෙන්න ලොවෙත්. එතකොට diat බල බල ඉන්නෙ නෑ. මොකද diat කරනව කියල මේ දුක් විඳින්න ඕන නෑනෙ. අනික හැමදාම එහෙම සෙට් වෙන්නෙ නැති හින්ද එහෙම කැව කියල impact එකක් නෑ. මාසෙට සැරයක් වගේනෙ සෙට් වෙන්නෙ.
දැන් මම කියන්නං workout එක මෙන්න මේක තමා කරන්නෙ. මේක බැලුවහම සීන් එක තේරෙයි. හැබැයි මම මුලින් පටන් ගත්තෙ එක workout එකක් 30 sec වලින් 30 sec workout 30sec rest. කාලයක් ගිහින් 35 sec 40 sec වලට පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරනව. එක පාර start කරපු ගමන් කරන්න බෑ සති දෙකක්වත් යනව පොඩ්ඩක් practice වෙන්න.
අනිත් එක මේකෙ මැද workout එකක් තියනව fast foot shuffle කියල. මම ඒක නං කරන්නේ නෑ. ඒක කරල මට කොන්දෙ කේස් එකක් ආව. ඒක වෙනුවට ඒ ගානටම යන වෙන එකක් කරනව jumping jacks එක්ක squat එක එකට combine කරල ගහන එකක්. ඒකෙත් video එකක් තිබ්බොත් මම දාන්නං. ඉතින් මේ ටික කරල.බලපන්
අර fast foot shuffle එක වෙනුවට ගහනව කිවුව එක. මේකට ගොඩක් සමානයි හරිම එක හොයාගන්න බෑ