දුෂ්යන්ත් වීරමන්.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,171
    8,160
    113
    M-Town
    දුෂ්යන්ත් වීරමන්.


    ඉරාජ්වම අල්ලගෙන හංවඩු ගහන්න නෙමෙයි මගේ ඉලක්කය. මට ඕන කරන්නේ ලංකාවේ හැම දේම දේශපාලනීකරනය වෙලා විනාශ වෙන එක නවත්තන්න! අපිට දේශපාලනීකරනය නිසා බොහෝ දේ නැතිවුනා. අපිට CRICKET පවා නැතිවුනා. නැවත ගොඩ ඒමක් නැති බව කිව්වේ මුරලිගේ කටින්මයි. දැං ඔන්න කලාවත් දේශපාලනීකරනය වෙන්නයි යන්නේ. ඒකයි මේ බැනුම් අහන්න හරි ඉරජ් එක්ක හැප්පෙන්නේ. පෞද්ගලික තරහකට නොව සිංහල බෞද්ධ ලාංකිකයෙක් හැටියට පපුවේ දැනෙන වේදනාවට.

    සංගීතය හරහා මිනිස්සුන්ට ලොකු පනිවිඩයක් දිය හැකි හෙයින් විකුර්ති පනිවිඩ දීම හොඳ කලාකරුවෙකුගේ ලක්ශනයක් විය නොහැක. IRAJගේ අලුත්ම MUSIC VIDEO එකේ... "තිත්ත ඇත්ත කථා කරනවා නම්", "මම", "ලිංගික අතවරයකට ලක්වෙලා DISTURB වෙච්ච මනසෙන් ඉන්නේ", "හෙට බෙහෙත් තෙල් ගන්න යන්න තියෙන්වා ආයුර්වේද එකට" කියා පවසන රන්ජන්ගේ කටහඬ තැන් හතරකින් උස්සලා EDIT එකකින් එකතු කරලා කියලා හදපු එකක් කියලා තේරුනේ මට විතරද? ඒක නිසා වෙන්න ඕනේ බන්දුල, වාසුදේව සහ සුජීවගේ කටහඬ සමග VIDEO දැම්මාමෙන් රන්ජන්ගේ කටහ්ඬ සමග රන්ජන්ගේ VOICE CUT වලට VIDEO නැත්තේ. මංගලගේ VOICE CUT වලට VIDEOS නැත්තෙත් එමනිසාම විය යුතුයි.

    දැං කට්ටියට හිතෙයි "මොකක්ද මේ දුෂ්යන්ත්ට තියෙන රුදාව" රන්ජන්ව ඔච්චර DEFEND කරන්න කියලා. හිතෙන්න පුලුවන් දුෂ්යන්ත් රන්ජන්ට කඩේ යනවා කියලා. මට කොහෙත්ම රන්ජන්ට කඩේ යෑමේ අරමුනක් නැත. කොහෙත්ම කීවොත් මම රන්ජන්ගේ යාලුවෙක්වත් නොවේ. රන්ජන් ඔහුටවත් දේශපාලන වාසියක් කරගැනීමට අපොහ්සත් නම්, ඔහුගෙන් වෙනකාටවත් වාසියක් නැතිබව තේරුම් ගත යුතුයි. වාසියකට කඩේ යනවානම් ඔහුට වඩා දේශපාලන බලය තියෙන වෙන අය මා පෞද්ගලිකව අඳුරන බව දැනගන්න. නමුත් එහෙම පහත් මානසිකත්වයක් හෝ ප්‍රතිපත්තීන් මට නැත.

    එතකොට මොකක්ද මේ දුෂ්යන්ත් වීරමන්ගේ COMMENT එකේ පලේ? මගේ උත්සාහය වන්නේ මේකයි. ඉරාජ් යනු දැනට ලංකාවේ සිටින ප්‍රබල social media බලයක් ඇති කලාකරුවෙක්. මේ බලය හරි අතට පාවිච්චි කිරීම ඔහුගේ වගකීමකයි. හැබැයි යුද්දය නිමා කරලා ලබාගත්තු මහා බලය සහ ජනතාවගේ ආදරය, ගෞරවය හිටපු ජනාදිපතතුමා සහ එතුමා වටා සිටි අය විසින් නිවැරැදි ලෙස කලමනාකරණය නොගෙන හැම දේම නැතිකරගත්තා මෙන් ඉරාජ්ද පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් ඔහු මේ ලබාගෙන තිබෙන මහා SOCIAL MEDIA බලය හීන කරගන්න බවයි මම මෙයින් ඔහුට කියා දෙන්න උත්සාහ කරන්නේ! හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුවටා සිටි අය යුද ජයග්‍රහණයෙන් පසු ලබා ගත් ආදරය ගෞරවය සහ බලය නිවැරැදව කලමනාකරණය කරගත්තානම් අදටත් එතුමා අපේ ජනාදිපති. ලංකාවේ ඉරනම මීට වඩා බොහෝ වෙනස් විය හැකිය. එහෙම නේ? 😊

    කලාකරුවෙක් හෝ වේවා වෙන ඕනෑම කෙනෙක් හෝ වේවා, තමාට ජනතාවගෙන් දැඩි ආකර්ෂණයක් ලැබීම පෙර කුසලයක් කියා සිතිය හැකියි. හැබැයි එය එසේ වෙන්නේ තමා ඒ ලබා ගන්නා ආකර්ෂණයෙන් කරන දේ අනුවය. මොකද එම ආකර්ෂණයෙන් ලැබූ බලයෙන් ඔහු කරන්නේ ජනතාව නොමග යැවීමක් හෝ යම් කිසි මුලාවක් හෝ ජනතාවට හින්සනයක් නම්, එම ආකර්ෂණය ලැබී ඇත්තේ පෙර කුසලයකට නොව, පෙර අකුසලයකටයි.

    ඔන්න ඉතිං UNP එකට මඩ ගහන සින්දුවක් කරපු නිසා කියන බනක් කියලා දැං හිතන්න එපා. මමත් මේ සිදුවේ කලාරසය හොදින් රස වින්දා. මරු Track එක. හිනා ගියා! හැබයි අපරාදේ Iraj ඔයා ඔය පාරෙ ගියේ කියලා හිතෙනවා. ඔය අල්ලගත්තේ කොටි වලිගයක්. පුලුවන්නම් අතාරින්න. අත ඇරියේ නැතත් අත අරිනකම් මම උඹේ පස්සෙන් එනවා. 😊 වෙන දේකට නෙමෙයි, හුදෙක් IRAJ ‍යනු තව දුරටත් තනි පුද්ගලයෙක් නොවේ. TV, RADIO නැතිවෙලා යන මේ වකවානුවෙන් පසු IRAJ යනු දවසක අපේ රටේ මහා බලයක් වෙනවා කියන විස්වාසයටයි. ඉතිං එහෙම බලයක් හරි පැත්තට යොමු කිරීම අපේ වගකීමක්. දැනට සිටින TV, RADIO ප්‍රධානීන් මෙන් ඔබත් දේශපාලනීකරනය නොවන්න. ඔබත් ඔය youtube පැත්තට අත ගසුවේ, ඔබටත්, මටත්, ජනතාවටත් එවන් MEDIA MAFIA වලින් වෙච්ච අසාධාරණය නවත්තන්න. එහෙනං ඇයි මචං ඔයත් බලය ලැබුනට පසසේ දැන් ඒකම කරන්නේ? හොදට හිතලා බලන්න. අපි පානා සෙනෙහස RECORD කරපු කාලේ,, අමාරුවෙන් FACEBOOK PAGE එකයි, YOUTUBE CHANNEL එකයි හදන්න ගේම දුන්න කාලේ ඔයා මෙතරම් දේශපාලනීකරනයවී තිබුනේ නැහැ. ඇයි මේ දැන් එක පාරටම?

    සංස්කෘතිය යනු වෙනස් වන දෙයක් බැවින් ඔයා ඒක කඩලා වෙනස් කරනවා කීවම, අපි හැමෝම එකට සතුටු වුනා. මොකද ලංකාවට දියුනු වෙන්න නම් සංස්කෘතිය සහ සම්ප්‍රදායේ වෙනස තේරෙන්නේ නැති ලිං-මානසිකත්වයෙන් සමහරු මුදවා ගැනීමට අවශ්‍ය නිසා. එහෙයි කියලා මේ මොකද මේ එක පාරටම දේශපාලනේට කඩේ යන්නේ. ඔයා හදාගත්තු ඔක්කොම දේ දේශපාලනය නිසා නැති වෙනවා කියලා හිතෙන්නේ නැද්ද මචං. ඔව් මට තේරෙනවා කලාකාරයෙක් වෙලා රටට නිර්මාණ කරනවාට වඩා දේශපාලනේට ගියාම ගතමනාව හොඳයි කියලා. ඒත් ඉතිං එය එතරම් හොඳ බෞද්ධයක්ගේ තීරනයක් කියලා මට හිතෙන්නේ නැහැ. වරෙක් ගාමිණී ෆොසෙකා කලාකරුවා කිව්වා "මම ජීවිතේ කරගත්තු ලොකුම මෝඩකම, දේශපාලනයට පිවිසීමයි" කියලා. මම කියන්නේ හුදෙක් සැම කලාකරුවෙකුම දේශපාලය නොකල යුතියි කියා නෙමෙයි. ඔය, ඔය පොඩ්ඩක් hit වෙච්ච සාමාන්‍ය කලාකරුන් දේශපාලනය කරන එකේ ලොකු අවුලක් නැහැ. හැබැයි Iraj මෙන් දැවන්තයෙක් දේශපාලනීකරනය වීම අපරාධයක්. මා නිවැරැදි කිරීමක් කලයුතුයි. දේශපාලනීකරනය නොව පටු වාසි තකා පක්ශ්-දේශපාලනීකරනයට කඩේ යෑම අපරාධයක්. ඔන්න දේශපාලනයට බහිනවානම් පක්ශ තෝරගන්නේ නැතුව Imran Khan වගේ full system change එකකට වැඩේට බහින්න. We will support you for that. Iraj ඔයා හරි මගට නැවත වැටුනොත් ඔබටත් Imran Khan වගේ වෙන්න බැරිකමක් නැහැ. කොහෙද ඉතිං මාර ගමනක් යන ගමන් හේත්තුවුනානේ පැත්තකට. අපරාදේ!

    මම අදත් රන්ජන්ගේ CASE එකෙන් පටන් ගත්තට, මගේ වැඩි කැක්කුමක් ඇත්තේ මම ඉතා සුලුවෙන් අදුරන රන්ජන් DEFEND කරන්න නොව මගේ අතිසාර්තක මුල්ම ගීතය වන පානා සෙනෙහස නිර්මාණයටත් වගකියන ලංකාවේ ලොකු පොරක් වූ මගේ මිත්‍රයා Irajව හරි මගට දාගන්න බව, මේක කියවන අයට තේරුනා කියලා මම විශ්වාස කරනවා.

    Irajට ඔය දැං යන පාරේම යන්න ගොඩක් අය සහය දෙයි සහෝ. හැබැයි පරිස්සමින්. දවසක හිටපු ජනාදිපතිතුමාට මෙන් ඔයාටත් ඔක්කොම නැතිවෙයි. ඔය කෙහෙල්මල් UNP එකයි අනිත් ඔක්කොමයි එකම එකයි. IRAJ වගේ වටිනාකමක් හදාගත්තු කෙනෙක් කොකටවත් හේත්තු වෙන එකයි අපරාධයක්.

    කලාව කරනවානම් කලාව කරපන්. දේශපාලනය කරනවානම් දේශපාලනය කරපං. පටු දේශපාලන වාසියට කලාවයි දේශපාලනයයි දෙකම කරලා මිනිස්සු අතරමං කරන වැඩේට SET වෙන්න එපා! ලැබිච්ච බලය කුසලයෙන් ක්‍රියා කොට පින් එකතු කර ගනිං. දැනුවත්ව හෝ නොදැනුවත්ව එම බලය අකුසයට යොමා පව් සිද්ද කරගන්න එපා!

    IRAJ මට ඔයාට අන්තිමට කියන්න තියෙන්නේ, උඹ පුදුම දක්ශයෙක්. නැවත හරි මගට වරෙං! යාලුවෙක් නිසයි කියන්නේ. කියපු දේට හිත රිදුනානම් සමා වෙන්න. සිත සතුටු කරන්න කතා කියන යාලුවන්ට වඩා ඇත්ත කියන යාලුවෝ වටින බව මම අමුතුවෙන් කියන්න ඕනෙද? යාලුවෙක් වෙලා CALL කරලා මේ කියන ටික කියන්නැත්තේ මේක සමාජගත විමෙන් උඹ පොඩ්ඩක් හරි ඔය අල්ලගත්තු කොටි වලිගේ අතාරින්න මේක හේතුවෙයි කියලා සිතන නිසායි මෙහෙම සද්ද කරන්නේ.

    උඹ හරි මගට ආවොත් උබට විය හැකියි ජනාදිපති. මම වෙන්නම් අගමැති. 😂 HAHA just kidding. No, but you can be like your idol 2PAC and I'll be like MJ. 😊 Wasn’t 2Pac one of your Hero’s. I remember you having his poster on your bedroom wall. He was like you. A rebel musician! And you were becoming the SL version of him. Or even a better version of him. Cause you ain’t a Gangster like him. But 2Pac never got into making music bashing party politics. He had a vision. He fought for the freedom and rights of the black people in the US through his music. Machang you can’t be saving this country by bashing UNP. F**k the UNP and F**k everybody else in party politics. You gotta be BIGGER than that. Don’t let nobody buy your soul, machang! ✌❤ Have your preference in politics. But don’t let them take over your life and your amazing career as a musician and as a producer.

    ආදරෙයි!

    මීට,
    දුෂ්යන්ත් වීරමන්.


     
    • Like
    Reactions: Don GasCan

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    iraj sajithta oya video eke gahala na, pora baya unada danne na sajith janadipathi unoth case ekak adi keyala, anika irajta oita wada hoda video ekak karanna puluwan mahindage kale gana pohottu theme song ekak
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇයි රන්ජන්ට ගහද්දි විතරක් පෝස්ට් දාන්නෙ.මිනීමරු ආන්ඩුවට විරුද්ද්ව කතාකරල පෝස්ට් එකක් දාන්නෙ නැත්තෙ.ඇත්ත තිත්තයි.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අර මයිකල් ජැක්සන් මැරුන වෙලාවෙ සිරසෙ හොටු පෙරාගෙන අඩපු හාල්පාරුව නේද ඔය දුශ්යන්ත් වීරමන් කියන්නෙ:lol::lol::lol:ඔය එක වීඩියො එකක් විතරයි. එකක මූ අඩන ඇඩිල්ලක් ගෑනි මැරුන වගේ:lol::lol::lol:

     
    • Like
    Reactions: ThisaraMalintha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ගොන්ජගෙ මූණයි මොංගල්ගෙ මූණයි දාල නැත්තෙ උන්ට ඩිරෙක්ට් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් එහෙම තිබ්බොත් නිසා. කටහඩ මගේ කියල පොයින් කරල වෙන් කරගන්න බෑනෙ.