දුහුල් වතින් මා ආලෙන් වෙලා ගතී

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    දුහුල් වතින් මා ආලෙන් වෙලා ගතී

    J Sparrow කවි...
    හොඳනම් සළකගෙන පලයල්ලා.. කොටලා මහන්සියි බොලව්! හිටපු ගමන් අදහස් ඇවිල්ලා ලියන එව්වා මේ. :D

    සිනිඳු සේල සළු පිළියෙන් කළ දැවටී..
    දිනිඳු පාන පැහැසර සම සමවැ වටී..
    ඉඟිනළුවෙන් සුරාමතින් කළ ඇවිටී..
    ඇය මට පෑව මදහස නම් කියනු වටී..

    දුහුල් වතින් මා ආලෙන් වෙලා ගතී..
    වතින් වත මුහුව බානෙන් කිඳා ගතී..
    සිනිඳු පහස මා හදෙහිම වැතිර ගතී..
    ළඳේ කිමද මේ අරුමය සිතිය නොහී..

    මැන්නේ සුරත මා ළය මත වියති දුර..
    මැන්නේ සුරත වරලස මට නැතිය දුර..
    මැන්නේ නැතිව යන්නට මට තවත් දුර..
    මැන්නේ මන්ද මා හැරදා ගොඩක් දුර..

    දුහුල් සළුව මා වතෙහිම දැවටූව..
    රෑ යාමේ නිදි යහනෙම වෙරළුව..:P
    සුව නින්දෙදි අළුයම මා පිබිදූව..
    ඇය සුර ළියකි පෙර මා සිහිනෙන් දුටුව..

    යළි ඇය පෙනේනම් සිතමින් නින්දෙදිම..
    යළි මම වැතිර ගමි යහනෙහි සිතමින්ම..
    පෙර සිහිනයේ උන් පරිදිම අඩවන්ව..
    මම සිටියෙමි නිදි යහනෙහි පෙර දැරිව..

    මල් දැරුවා මා සිහිනය ඒ මොහොතේ..
    මල් කුමරිය මා සිහිනෙන් දුටු මොහොතේ..
    මල් මඳහාස හසරැලි නැලැවෙන මොහොතේ..
    මල් රොන් මතයි බඹරිඳුගේ සිත යොමුනේ..

    සිනිඳු සුරත් පහසෙන් මා වත දැවටී..
    නොවත් රළුයැ මේ නම් පෙර ඇය නොවෙතී..
    මොන ප*ක්ද හු*තෝ තව වෙලා නැතී..
    යන්නට නැගිටපං අටහාමාර පනී..
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1