දූරියන් වලින් විදුලිය ගන්න තාක්ෂණයක් සොයාගැනේ
විදුලි උපකරණ සඳහා භාවිතා කරන ලිතියම් අයන බැටරි වල සීමිත ආයු කාලයක් තිබෙනවා. කාලයත් සමඟ ඒවා ආරෝපණය කර තබා ගැනීමේ ධාරිතාව අඩු වන අතර අතිශයින්ම උණුසුම් හෝ ශීත කාලගුණයන් තුළ ඒවායේ ක්‍රියාකාරීත්වය පහත වැටෙනවා. ලිතියම් අයන බැටරි වල ආරක්ෂාව සහ තිරසාරභාවය පිළිබඳ සැලකිලිමත් වීමේදී ඒ වෙනුවට වෙනත් ආදේශක බැටරි නිෂ්පාදනයන් පිළිබඳ අත්හදා බැලීම් ලොව පුරා විද්‍යාඥයන් විසින් සිදුකරනවා. ඒ සඳහා දියමන්තියේ සිට දැඩි ගන්ධයක් සහිත පලතුරු දක්වා විවිධ ද්‍රව්‍ය භාවිතා කරමින් අනාගතයේ විදුලි උත්පාදනය සඳහා නව ක්‍රමවේද අත්හදා බැලීමේ කටයුතු සිදු වෙනවා.
මෙලෙස සිදුකරන ලද නවෝත්පාදන අතරතුරදී සිඩ්නි විශ්ව විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරුවකු වන වින්ස්ටන් ගෝමස් සහ ඔහුගේ කණ්ඩායම විසින් උපාංග බලගැන්වීම සඳහා නව ක්‍රමවේදයක් සෙවීමට උත්සාහ කරනවා පමණක් නොව එය ආහාර අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුවටද විසඳුම් ඉදිරිපත් කරනවා. ලොව සුවඳවත්ම පලතුරක් වන දුරියන් සහ ලොව විශාලතම පලතුර වන කොස් ගෙඩියෙන් නිකුත් කරන අපද්‍රව්‍ය වලින් ජංගම දුරකථන ටැබ්ලට් ආරෝපණය කළ හැකි සුපිරි ධාරිත්‍රකයක් නිර්මාණය කිරීමට ඔවුන් සමත් වෙනවා.
මේ සුපිරි ධාරිත්‍රකය ශක්තිය ගබඩා කිරීමේ විකල්ප ක්‍රමයක්. ඒවා ජලාශක් මෙන් ක්‍රියාකරන අතර ඉක්මනින් ආරෝපණය කර ශක්තිය මුදා හරිනවා. ඒවා ග්‍රැෆීන් වැනි මිල අධික ද්‍රව්‍ය වලින් සෑදීම සිදුකරන නමුත් ගෝමස් කණ්ඩායම දුරියන් සහ කොස් ගෙඩි වල ආහාරයට ගත නොහැකි කොටස් carbon aerogels බවට පත්කර ස්භාවික බල ශක්තිය ලෙස ගබඩා කර තිබෙනවා. ඔවුන් 1500C ට වඩා වැඩි උෂ්ණත්වයකදී උදුනක එකෙක් පලතුරු වල ආහාරයට ගත නොහැකි ස්පොන්ච් හරයන් රත්කර කැටි කර වියළා ගෙන තිබෙනවා. ඔවුන්ට ඉතිරිව තිබූ කළු අධික සිදුරු සහිත අල්ට්‍රාලයිට් ව්‍යුහයන් පසුව අඩු වියදම් සුපිරි ධාරිත්‍රක ඉලෙක්ට්‍රෝඩ බවට පත්කර තිබෙනවා.
මේ සුපිරි ධාරිත්‍රක තත්පර 30කින් ආරෝපණය කළ හැකි අතර විවිධ උපාංග බලගැන්වීම සඳහා ඒවා භාවිතා කළ හැකි වෙනවා. විනාඩියකින් ජංගම දුරකථනයක් ආරෝපණය කිරීමට හැකිවීම ඇදහිය නොහැකි තරම් යනුවෙන් මෙහි නිර්මාණකරුවන් පවසනවා. මෙම පර්යේෂකයන්ගේ සිහිනය වන්නේ වාහන වල සහ නිවාස වල භාවිතය සඳහා මෙවැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය ගබඩා කිරීම සඳහා මේ තිරසාර සුපිරි ධාරිත්‍රක භාවිතා කිරීමයි. එය එසේ සිදුවුවහොත් ලොව පුරා අපතේ යන පළතුරු වලින් පරිසර හිතකාමී බලශක්තිය නිපදවීමේ සිහිනය සැබෑවනු ඇත.

