දූරියන්

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka




    ගෙඩියේ විශාලත්වය, කටු සහිත බව සහ එයටම අවේණික වූ සුවද හේතුවෙන් දූරියන් ‘‘පළතුරු ලොවේ රජු“ ලෙස හදුන්වයි. අග්නිදිග ආසියාවට ආවේණික පළතුරක් වන දූරියන් මේ වන විට බටහිර රට වලත් ප්‍රචලිතව ඇත. මෙම පළතුරෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇති ආවේණික සුවදයි. මෙම සුවද ඇතැමෙකුට ඉතාමත් අප්‍රිය ජනක වන අතර සමහරුන් ඉතාමත් ප්‍රිය කරයි. කොහොම වුනත් දූරියන් කන අය නම් කියන්නේ මෙය ලෝකයේ ඇති රසවත්ම පළතුර බවයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දුරියන් ප්‍රබේධය ‘‘කසුන්‘‘ ලෙස නම් කර තිබෙනවා.

    දූරියන් වල ඇති ආවේණික සුවද ඇතැම් අයට ඉතාම අප්‍රිය නිසා සමහර රටවල හෝටල්, පොදු ප්‍රවාහන සේවා උමං මාර්ග වලට මෙම පළතුර රැගෙන ඒම පවා තහනම් කර ඇත.

    no%2Bduriyan.jpg


    01. සාමාන්‍යයෙන් අඩියක් පමණ දිග අ`ගල් 6ක් පමණ පළල වන මෙම පළතුර වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ දකුණු හා ගිණිකොන දිග ආසියානු රටවලයි.


    Durian.jpg


    02. ඉතාමත් ශක්තිජනක ආහාරයක් වන දූරියන් වලින් සිරුරට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් අඩංගු වේ.
    P1017733-opto.jpg


    03. දූරියන් වල අඩංගු වන ෆෝලික් ඇසිඞ් මගින් සිරුරට අවශ්‍ය රතු රුධිරානු වර්ධනය කිරීමට උපකාරී වේ.
    670px-Eat-Durian-Step-5Bullet2.jpg


    04. සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත පළතුරක් වන දූරියන් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම සමබරව තබාගත හැකි වේ.
    backpacker-eating-a-durian-in-singapore.jpg


    05. දූරියන් ගෙඩියක් ගසෙන් වැටීමෙන් පසු දවස් 2ත් - 4ත් අතර කාලයක් අතර ආහාරයට ගැනීමට වඩාත් සුදුසු වේ. එම කාලය තුළ ආහාරයට ගැනීමෙන් එහි අඩංගු පෝෂ්‍යපදාර්ත නිසි පරිදි ලබා ගත හැක.
    06. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ දූරියන් ආහාරයට ගැනීමෙන් පසු ලිංගික සංසර්ගයේ යෙදීමෙන් සාර්ථක ප්‍රථිපල නෙලාගත හැකි වන අතර ශුක්‍රානු වල ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමකට පත් කරයි.
    07. මෙහි අඩංගු විටමින් බී නිසා සිරුරේ අස්ථි හා දත් වල ශක්තිමත් භාවය වැඩි වන අතර ඔසිටියෝපරෝසිස් වැනි රෝග වලින් වැලැක්වී සිටිය හැකි වේ.
    08. ස‍ම පැහැපත් කිරීමට හා නිරෝගීමත් කෙස් කළඹක් ලබා ගැනීමට දූරියන් ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබේ.
    09. 1960 පිලිපීනයේ කැලෑ වල තිබී කටු රහිත දූරියන් විශේෂයක් සොයාගන්නා ලදී. මෙය බොටක් දූරියන් (තට්ට දූරියන්) ලෙස හදුන්වයි.
    durian%2Bgundul1.jpg


    10. අප රටේ දක්නට ලැබෙන දූරියන් වලට අමතරව රතු පැහැති සහ තැඹිලි පැහැති මාංශල සහිත දූරියන්ද වෙනත් රටවල දක්නට ඇත.
    orange.jpg

    durian+kawen+merah.jpg



    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D




     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මැලේෂියා වල තමයි දූරියන් කෑම. පුදුම කෑමක් කන්නේ. දූරියන් ෆ්ලෙවර් කොන්ඩම්, අයිස්ක්‍රීම්, දොදොල්, නැති දෙයක් නෑ. අහලා තියනවා දූරියන් කාපුවාම තියන හීට් එක කැපෙන්න මැන්ගුස්ටින් කන්න කියලා.