දූෂ්කර අවස්ථාවක පූජා කරන කාල දානයක්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ආහාර හිඟ දුර්භික්ෂ කාලවලදී පිරිනමන දානය, නිවන් දක්නා ජාති දක්වා උපදින භවයක් පාසාම සුදුසු කල්හි සුදුසු දේ ලැබීම පිණිස හේතු වන්නා වූ මහත් ඵල මහානිසංසදායක “කාල දානයක්” බව සර්වඥයන්වහන්සේ ❝කාල දාන❞ සුත්‍රයේදී දේශනා කොට තිබේ.
    🔹
    එබඳු ❝කාල දාන❞ පූජාවන් සිදුකිරීමට භාග්‍යය හිමිවන්නේ ඉතා කලාතුරකන් වන අතර, මේ උදාවී ඇත්තේ එවැනි දුර්ලභ වූ අවස්ථාවකි.
    🔸
    කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හමුවේ රට පුරා ආහාර හිඟකම සමග දුර්භික්ෂයකට සමාන තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇති අයුරු දැකගත හැකියි.
    🔹
    වගාවන් විනාශ වීම, ආනයනය අත්හිටුවීම ආදී නොයෙකුත් හේතූන් මත මෙලෙස ආහාර හිඟවීම වසංගත පවතින අවස්ථාවලදී ස්වභාවිකවම සිදුවන්නකි.
    🔸
    එලෙස ආහාර පාන හිඟවීම හමුවේ විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන ආදී පූජනීය ස්ථානවලට දෛනිකව පූජා කෙරෙන දාන වාරයන්ද සැලකිය යුතු ලෙස අඩුවීම පටන්ගෙන ඇති බව නිරීක්ෂණය වන කරුණක්.
    🔹
    පිණ්ඩපාතය වැඩමකිරීමට නොහැකි වීම, සංචරණ සීමා පනවා තිබීම සහ ආර්ථික අපහසුතා මත එලෙස දානයන් නිසි පරිදි පූජා කිරීමට නොහැකි වීමට හේතු ලෙස දැක්විය හැකියි.
    🔸
    මෙවැනි දුෂ්කරතාවන් හමුවේ ඔබට නුදුරුම පූජනීය ස්ථානයේ වැඩසිටින ගෞරවනීය මහා සංඝරත්නයටද නිසි පරිදි දානය ඇතුළු සිවුපසය නොලැබෙනවා වන්නට හැකියි.
    🔹
    ඒ පිළිබඳ සොයා බලා ඒ අඩුපාඩු සපුරාදිය හැකි නම් එය උතුම් වූත්, දුර්ලභ වූත් කාල දානමය පුණ්‍යකර්මයක්ම බව සිහිපත් කළ යුතුයි.
    🔸
    ඔබ ජීවත්වන ප්‍රදේශයේ ඔබට නුදුරුම ආරණ්‍ය සේනාසනය, විහාරස්ථාන හෝ මෙහෙනි ආරාමය අමතා ඒ දාන අඩුපාඩු පිළිබඳ විමසා බලන්න.
    🔹
    බොහෝ විට උන්වහන්සේලා මේ දිනවල නිරාහාරව ගතකරනවා විය හැකියි.
    🔸
    ඔබේ ශක්ති ප්‍රමාණයෙන් එක් දන් වේලක් හෝ පූජා කරගන්න.
    🔹
    විහළි ආහාර ද්‍රව්‍ය ටිකක් රැගෙන ගොස් පූජා කරගන්න.
    🔸
    උන්වහන්සේලාට අවශ්‍ය ඖෂධ වර්ග වේ නම් විමසා බලා පූජා කරගන්න...
    🔹
    මේ උත්තරීතර සංඝෝපස්ථානය, සසර සැරිසරන තුරු සාපිපාසා දුක්ගින්නකින් තොරව සුව සේ විසීමට අවැසි කායික මානසික නිරෝගීභාවය පිණිසම හේතු වනු ඇත.
    .