දූෂිතයෙකුට හොඳ නායකයෙක් වෙන්න බෑ-මහින්ද

Dinda

Banned
Apr 26, 2013
184
18
0
දූෂිතයෙකුට හොඳ නායකයෙක් වෙන්න බෑ-මහින්ද

හොඳ නායකයෙක්‌ වීමට අවශ්‍ය නම්
කිසිවිටෙක බේබද්දෙක්‌ දූෂිතයෙක්‌ වෙන්න එපා
මේ ඔවදන හිස මුදුනින් පිළිගත් නිසා මා හොඳ දේශපාලන ගමනක්‌ පැමිණියා
දෙවන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සභාව අමතමින්
ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි

නායකයෙක්‌ වෙනවානම් කවදාවත් බේබද්දෙක්‌, දූෂිතයෙක්‌ වෙන්න එපා. එවිට හොඳ අනාගතයක්‌ ලැබෙනවා කියා එදා කොටගම වාචිස්‌සර හාමුදුරුවෝ තමන්ට කී බවත් එම අවවාදය හැම වෙලාවෙම මගේ හදවතේ තිබෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

කොටගම වාචීස්‌සර හිමියන් පැවසූ දෙය හිස මුදුණින් පිළිගත් මට හොඳ දේශපාලන ගමනක්‌ එන්න ඉඩ ලැබුණු බවත් ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේ දෙවැනි යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමිනි.

දෙවන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

මේ සඳහා යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම, කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, අධීක්‍ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ගේ්‍රරු, අමාත්‍යාශ ලේකම් කේ. ඒ. තිලකරත්න, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා,

මේ යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ වයස අවුරුදු දහඅටත් විසිනමයත් අතර ඉතාම ජව සම්පන්න තරුණ පිරිසක්‌. අගමැතිතුමාගේ කතාවෙන් ඔබ සියලු දෙනාගේ ජවය අද නිරූපණය වුණා.

1970 පාර්ලිමේන්තුවට මේ වාගේම මැයි මාසයේදී මම තේරී පත්වෙනකොට මගේ වයසත් 23 යි. පාර්ලිමේන්තුවේ වේවා රටේ වෙනත් ආයතනයක වේවා නායකයෝ වෙන්න හිතන උදවිය බාල කාලයේදීම තමන්ගේ චරිතය ගොඩනඟා ගන්න ඕනෑ. මම විෙද්‍යාaදය විශ්වවිද්‍යාලයේ පුස්‌තකාලයේ සේවයකරපු කාලේ කොටගම වාචීස්‌සර හාමුදුරුවෝ දීපු අවවාදය මේ යොවුන් පාර්ලිමේන්තුවට මම මතක්‌ කරන්න ඕනෑ.

නායකයෙක්‌ වෙන්න හිතන කෙනා නිතරම මතක තියා ගන්න ඕනෑ තමන් ඉහළ නගින්නේ ඉනිමගක්‌ දිගේ බව. ඉනිමගේ ඉහළට යන්න යන්න ඒ ඉනිමගේ පහළම හිණිපෙතක්‌ තිබුණ බවත් අමතක කරන්න එපා. අපි ඒකට කකුල තියලා තමයි මේ තැනට ආවේ. අපි හැම වෙලාවේම අපි ආපුතැන, තමන්ට අත දුන්නතැන අමතක කරන්න අපට පුළුවන් කමක්‌ නැහැ. ඒ නිසා තමයි අපට මග පෙන්වපු ගුරුවරු, අපේ ගමේ ඉන්න උදවිය අපට අමතක කරන්න බැහැ. එහෙමයි අපේ ගමන යන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නේ.

ඒ කාලේ මට සමහරු කිව්වා "ගිරුවායෙන් ඡන්දය ඉල්ලලා නායකයෙක්‌ වෙන්න බැහැ. කොළඹින් එන්න කියලා" එහෙම මට උපදෙස්‌ දුන්නා.

නමුත් මම එදා ඒ ලණුව ගිල්ලේ නෑ. මම මට ආදරය කරන ගිරුවාය අමතක කළෙත් නෑ. ඒ වාගේම ගිරුවාපත්තුවෙන් ආව මම රුහුණත් ගිරුවාපත්තුවත් අද අමතක නොකළ බව ඒ පැත්තට යන කාට වුණත් වැටහෙනවා.

නායකයා කියන්නේ අනුන්ව පාලනයකරන කෙනාට නොවෙයි. තමන්ව දමනය කර ගත්ත කෙනාටයි. අනුන්ව පාලනය කරන්න පුළුවන් වෙන්නේ තමන් දමනය වුණොත් විතරයි. තමන් තූළ තියෙන කම්මැලිකම කුසීතකම ඉස්‌සෙල්ලාම තරුණ කමෙන් පරාද කරන්න ඕනෑ. සමහරු අවදි වන්නෙ උදේ 10.00 ට 11.00 ට.

උදැසනින් අවදි වීමේ සිරිත වාගේම රාත්‍රි වෙනතුරු වැඩ කිරීමේ ශක්‌තිය තමන් තුළ ඇති කර ගන්න ඕනෑ. මේවා බාල දරුවන්ට උචිත දේවල් කියලා සමහරවිට හිතෙයි. නමුත් බාලයන්ට ලොකු උදවියට දෙන අවවාද කියලා වෙනසක්‌ නෑ. බාල කාලයේ තමන්ගේ චරිතය පෞරුෂය ගොඩ නඟා ගන්නේ නැති අයට නායකයෝ වුණාට පස්‌සේ ඒවා හදාගන්න බෑ. සමහරු හිතනවා මම පාර්ලිමේන්තුවට ගියාට පස්‌සේ නායකයෙක්‌ වෙනවා. ඇමැතිකමක්‌ අරගෙන මට පුළුවන් වෙයි මගේ අඩුපාඩු හදාගන්න. මට අගමැති වෙලා තමයි අඩුපාඩු හදාගන්න පුළුවන් වෙන්නේ. සමහරු හිතනවා ඒක හදාගන්න ජනාධිපතිවෙලා. එහෙම අයත් හිටියා. රජගෙදර උපන්නත් රජ පුටුවේ වාඩි කරවලා ඔටුන්න දැම්මත් උදෙන් අවදි වෙලා කලට වේලාවට වැඩ කරන්න බැරිනම් ඔවුන් විතරක්‌ නොවෙයි ඔවුන් පාලනය කරන රටත් පිරිහෙනවා කියලයි මම විශ්වාස කරන්නේ.

ඔබ නිතරම සොම්නස්‌ සහගතව ඉන්න. නායකයා නිතරම සොම්නස්‌ සහගත අය වෙන්න ඕනෑ. පරාජිතව, මට බැහැ කියන හැඟීමෙන්, දුක්‌මුසු හැඟීම්වලට යටවුණ අයට නායකයො වෙන්න බෑ. නායකයා තමයි අනෙක්‌ අයව ධෛර්යයෙන් තබාගෙන, තමන් යටතේ තමන් වටා ඉන්න අයව පවා සතුටින් තියන්නේ.

නායකයා තමයි තමන්ගෙ කණ්‌ඩායම පරාද වුණහම නැගිට්‌ටවන්නේ. නායකයාට අනුන්වත් ධෛර්යමත් කරන්න නම් තමන් සොම්නසින් සතුටෙන් බලාපොරොත්තු සහගතව ඉන්න ඕනෑ. අපිට ඒ ගැන අත්දැකීම් තියෙනවා.

අපිට මතකයි අපි පසුගිය යුගයේ බොහෝ අර්බුද වලට මුහුණ දුන්නා. ලෝක ආහාර අර්බුදය ආවා. ලෝකයේම ආර්ථික අර්බුද ආවා. බැංකු කඩා වැටුණා. රැකියාවලින් දොට්‌ට දැම්මා. ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදීන්ට ඒ අවධියේම මුහුණ දුන්නා. ජාත්‍යන්තරයෙන් බොහෝම බරපතළ බලපෑම් ආවා. අදටත් අපිව අපරාධකරුවන් විදිහට දකිනවා. නමුත් අපිට තියෙන මේ පීඩනය, බර, අපි රටට දුන්නා නම් මේ සියල්ලක්‌ මේ රටේ ජනතාව කලබලයකට පත් වෙනවා. එහෙම වුණා නම් මේ ජයග්‍රහණ එකක්‌වත් අපට ලබාගන්න පුළුවන් වෙන්නේ නෑ.

නායකයා අනෙක්‌ අයගේ ප්‍ර්‍රශ්න බර තමන්ගේ උරයට ගන්න ඕනෑ. බුදුගුණ අලංකාරයේ තියෙන්නේ "රිය සක පෙරලෙමින් ගැල බඩු නිසල කෙරෙමින්" කියලයි. කරත්ත රෝදේ පෙරළි පෙරළී දුක්‌ විඳ විඳ කරත්තේ තියෙන බඩු නිසලව තියාගන්නවා වාගේ තමයි නායකයා පවතින්න ඕනෑ. පීඩනය ඉදිරියේ තමන් කඩා වැටෙන බව දුකෙන් කණස්‌සල්ලෙන් ඉන්න බව දැණුනොත් සගයෝ ඊටත් වඩා කල කිරෙනවා. දුක්‌ වෙනවා. මේක ඔබ තේරුම් ගන්න ඕනෑ. අපි සතුටින් ඉන්නේ නැත්නම් කෙනෙක්‌ ළං වෙලා ප්‍රශ්නයක්‌ දෙන්නේ නැහැ. කෙනෙක්‌ තමන්ගෙත් ප්‍රශ්නයක්‌ බාර දෙන්නේ සතුටෙන් ඉන්න කෙනෙකුටයි. ඒ නිසා ඔබ නිතරම සන්තෝෂයෙන් ඉන්න.

හැම දෙයක්‌ම ජයග්‍රහණයකින් කෙළවර වෙයි කියලා හිතන්න එපා. පසු බසින්න වෙන වෙලාවල්, ඇදගෙන වැටෙන වෙලාවල් අනන්තවත් එනවා. පසුබසින එක වැටෙන එක පරාජයක්‌ කියලා බාර ගත්තොත් එතනයි පරාජය තිබෙන්නේ. අපි පරාජය උහුලන්න ඕනෑ. පැරදි පැරදී සටන් කරන්න ඕනෑ. අතහරින්න හොඳ නැහැ. ඒ වාගේම පරාද වුණාම ජයග්‍රාහකයාගේ පිට වරද දාන සිරිතක්‌ අපේ රටේ තියෙනවා. හැබැයි ඒ අයට කවදාවත් දිනන්න බෑ.

කොපමණ සේවය කළත් නායකයාට දොස්‌ අහන්න චෝදනාවලට ලක්‌ වෙන්න වෙන වෙලාවල් බොහෝමයි. මහත්මා ගාන්ධිතුමා මොන තරම් අහිංසාවාදියෙක්‌ වුණත් බොහෝම දොස්‌ චෝදනා ලැබුවා.

අපේම අනගාරික ධර්මපාලතුමා ජාතියට මොන තරම් සේවයක්‌ කළත් එතුමාට එදා පුවත්පත්වලින් ගහපු තරම නිසා ලංකාවේ නම් ආයෙත් උපදින්න එපා කියලා ප්‍රාර්ථනා කළා. අවංකව වැඩ කරන කොට. රටට වැඩ කරනවා නම් අනන්ත අප්‍රමාණ බැණුම් අහන්න සූදානම් වෙන්න ඕනෑ කියලා එතුමා කීවා. බැණුම් අහන්න චෝදනා අවමන් ලබන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒකෙන් කලකිරෙන්නවත්, කිපෙන්නවත් පුළුවන් කමක්‌ නැහැ. ඒවාට අපි මුහුණ දෙන්න ඕනෑ. එහෙම බැරිනම් අපිට නායකයෙක්‌ වෙන්න ඉදිරිපත් වෙන්න බැහැ.

මතක තියා ගන්න එදා අනගාරික ධර්මපාල තුමාට බැනපු චෝදනා කළ කවුරුවත් ඉතිරි වෙලා නෑ. ඒ අයගේ නමවත් අපි දන්නේ නෑ. මේ සමාජයට ඒ අයව මතක නැහැ. නමුත් ධර්මපාලතුමා නම් තවමත් මේ රටේ හැම මිනිසෙකුගේම හදවත් වල ජීවත් වෙනවා. ඒක තමයි ලෝක ස්‌වභාවය. කාලය නරක දේ පෙරලා අයින් කරලා හොඳ දේ අනාගත පරපුර අත ඉතිරි කරනවා. මටත් ඔබටත් ඒ ධර්මතාවය පොදුයි. ඒ නිසා චෝදනා දිහා බලන්න එපා. කලකිරෙන්න එපා. ඉදිරියට යන්න.

මම මෙතනට එන්න කලින් අපේ විපක්‍ෂ නායකතුමා ඇවිත් මේ පාර්ලිමේන්තුව ඇමතුවා. මම ඒ ගැන සන්තෝෂ වුණා. මේ රටේ මත කීපයකට ඉඩ තිබෙනවා ඒවායින් පෙනෙන්නේ අපි විරුද්ධ මත ඉවසන්න පුළුවන් රටක්‌ ගොඩනඟා තිබෙන බවයි.

ඒ වගේම ඔබේ අරමුණු අතර ප්‍රමුඛතම අරමුණ විය යුත්තේ ජාතික සමගිය ගොඩනැඟීම බව කිසි මොහොතක අමතක කරන්න එපා. ශ්‍රී ලාංකිකයන් අතර සහජීවනය සහ සංහිඳියාව ගොඩනැඟීමේදී ඔබට පුළුවන් පාලමක්‌ වෙන්න. ඔබට පුළුවන් පාසලක්‌ වෙන්න. ඒ වාගේම ඔබ සමත් විය යුතුයි පහන් තාරකාවක්‌ වෙන්නත්. දකුණෙන් මතුවුණ යෞවන අගමැතිවරයාටත් උතුරෙත් මතුවුණ නියෝජ්‍ය අගමැතිවරයාටත් එක්‌ව එම අභියෝග භාරගත හැකියි කියා මා විශ්වාස කරනවා.

මම කැමතියි පසුගිය 18 වැනිදා විජයග්‍රහණ සැමරුම් දිනයේදී මවිසින් කරනු ලැබූ ප්‍රකාශයක්‌ නැවත ඔබට සිහිපත් කරමින් මගේ කතාව අවසන් කරන්න. "අද අප භුක්‌ති විඳින මෙම නිදහස හා සාමය අපට ළඟාකර ගැනීමට පුළුවන් වුණේ රාජ්‍ය නායකයා ලෙස මා මේ රටේ තරුණයින් විශ්වාස කළ නිසා" බවයි මම එදා කිව්වේ.

අපේ රටේ ජනග්‍රහනයෙන් 52% ක්‌ වයස අවුරුදු 29 ට වඩා අඩු දරුවන්. අපි තරුණයින් සම්පතක්‌ ලෙස පිළිගන්න. භාර ගන්න ආණ්‌ඩුවක්‌. ඒක මම ආශීර්වාදයක්‌ ලෙස භාර ගන්න කැමතියි. උදාවුණු ශත වර්ෂය අයිති ආසියාවට බවයි ලෝක මතය. එම ආසියා පවුලේ අසිරිමත් රාජ්‍ය ලෙස අපේ මව්බිම ගොඩ නැඟීම සඳහා ඔබ සියලු දෙනාට සහ යොවුන් පාර්ලිමේන්තුවට ශක්‌තිය ලැබේවා·යි රාජ්‍ය නායකයාටත් වඩාත් ඉපිළ යන පිය සෙනෙහසින් ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා.
 

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
එක්සත් ජාතික පක්ෂය හැමදාම කරේ හරි දේ. හැමදාම චන්දෙට දැම්මෙ උගත් ජාතිමාමක අපේක්ෂකයො. ජාතිමාමක එක්සත් ජාතික පාක්ෂිකයො පාර්ලිමේන්තු යවපු උන්නාන්සෙලා දැන් ආණ්ඩුව සමග එක් වෙලා ජනාධිපතිගේ දෑත ශක්තිමත් කරමින් රට සෞභාග්‍යය කරා ගෙන යනවා. ඒ නිසා මේ රටේ මේ ඇති වෙන සංවර්ධනේට ඡන්දය දීලා ඔවුන් පාර්ලිමේන්තු යවපු එජාප පාක්ෂිකයොත් ඒ අය නාම යෝජනාවලට දාපු එජාපයටත් ප්‍රණාමය හිමි වෙනවා.
 

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    mahinda ta amathaka una deyak thama- api katha karana dewal jeewithe thiyenna oane kiyana eka. mama hithanne eka eya igena gena naa wage

    ACTIONS SPEAK LOUDER THAN WORDS

    LET THE WORK DO THE TALKING PART ( NOT THE MOUTH)
     
    Last edited: