මජ්ඣේ සූත්‍රයේ සඳහන් වනවා මෙහෙම
වියමන , මැහීම ( මූට්ටු කිරීම) මගින් මැද ආවරනය කරනවා. එය කරන්නේ තන්හාවෙන්
බුදුන් වහන්සේ මේ සියලුම විස්තර කිරීම් නිවැරදි බව ප්‍රකාශ කලා
@ek_rosh @greenthunder @Fiona Dabare @MalSeven @nipund @nuwan9999 @ex-muslim Ahmed
මැද නොතැවරී සිටීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩවසන සේක. එසමයෙහි පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩම කොට මණ්ඩලමාලයෙහි රැස් වී හුන්නා වූ බොහෝ ස්ථවිර භික්ෂූන් අතර මේ කථාව හටගත්තේ ය.“ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පාරායන වර්ගයෙහි තිස්ස මෙත්තෙය්ය මාණවකයාගේ ප්‍රශ්නයෙහි දී මෙය වදාරණ ලද්දේ ය.
‘ඒ ක්ෂීණාශ්‍රව භික්ෂුව අන්ත දෙක ප්‍රඥාවෙන් අවබෝධ කොට එහි මැද නුවණින් යුතුව නොතැවරී සිටියි ද, ඔහු මහා පුරුෂයා යැයි කියමි. ඔහු මේ ලෝකයෙහි මරණයෙන් පසු යළි උපත මූට්ටු කරදෙන තෘෂ්ණාව ඉක්ම ගියේ ය’ යනුවෙනි.
1. මෙසේ පැවසූ කල්හී එක්තරා භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, ස්පර්ශය යනු එක් අන්තයකි. ස්පර්ශය හටගැනීම යනු දෙවෙනි අන්තය යි. ස්පර්ශ නිරෝධය යනු මැද යි. මූට්ටු කිරීම යනු තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම ස්පර්ශයත්, ස්පර්ශය හටගැනීම ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”
2. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, අතීතය යනු එක් අන්තයකි. අනාගතය යනු දෙවෙනි අන්තය යි. වර්තමානය යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම අතීතය ත් අනාගතයත් වර්තමානය ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”
3. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, සැප විඳිම යනු එක් අන්තයකි. දුක් විඳීම යනු දෙවෙනි අන්තය යි. දුක් සැප රහිත විඳීම යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම සැප ත්, දුක ත්, දුක් සැප රහිත විඳීම ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”
4. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, නාමය යනු එක් අන්තයකි. රූපය යනු දෙවෙනි අන්තය යි. විඤ්ඤාණය යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම නාමය ත්, රූපය ත්, විඤ්ඤාණය ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”
5. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, ආධ්‍යාත්මික ආයතන හය යනු එක් අන්තයකි. බාහිර ආයතන හය යනු දෙවෙනි අන්තය යි. විඤ්ඤාණය යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම ආධ්‍යාත්ම ආයතන හයත්, බාහිර ආධ්‍යාත්ම ආයතන හය ත්, විඤ්ඤාණය ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”
6. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, සක්කාය යනු එක් අන්තයකි. සක්කාය සමුදය යනු දෙවෙනි අන්තය යි. සක්කාය නිරෝධය යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම සක්කාය ත්, සක්කාය සමුදය ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”
මෙසේ පැවසූ කල්හී එක්තරා භික්ෂුවක් ස්ථවිර භික්ෂූන්ට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, අප සියළු දෙනා විසින් ම තම තමන්ගේ වැටහීම පරිදි පවසන ලද්දේ ය. යමු ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙමු. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කරන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි අපට වදාරණ සේක් නම් ඒ අයුරින් අපි දරා ගන්නෙමු.”“එසේ ය, ආයුෂ්මත” යි ස්ථවිර භික්ෂූහු ඒ භික්ෂුවට පිළිවදන් දුන්හ.
“මහණෙනි, ඔබ සියල්ලන්ගේ ම භාෂිතය ඒ ඒ අයුරින් සුභාෂිත වෙයි. නමුත් මා විසින් පාරායනයෙහි මෙත්තෙය්ය ප්‍රශ්නයෙහිලා යමක් අරභයා පවසන ලද්දේ ද, එනම්, ‘ඒ ක්ෂීණාශ්‍රව භික්ෂුව අන්ත දෙක ප්‍රඥාවෙන් අවබෝධ කොට එහි මැද නුවණින් යුතුව නොතැවරී සිටියි ද, ඔහු මහා පුරුෂයා යැයි කියමි. ඔහු මේ ලෝකයෙහි මරණයෙන් පසු යළි උපත මූට්ටු කරදෙන තෘෂ්ණාව ඉක්ම ගියේ ය’ යනුවෙන්. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”
“එසේය ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, ස්පර්ශය යනු එක් අන්තයකි. ස්පර්ශය හටගැනීම යනු දෙවෙනි අන්තය යි. ස්පර්ශ නිරෝධය යනු මැද යි. මූට්ටු කිරීම යනු තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම ස්පර්ශය ත්, ස්පර්ශය හටගැනීම ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. මහණෙනි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”
වියමන , මැහීම ( මූට්ටු කිරීම) මගින් මැද ආවරනය කරනවා. එය කරන්නේ තන්හාවෙන්
බුදුන් වහන්සේ මේ සියලුම විස්තර කිරීම් නිවැරදි බව ප්‍රකාශ කලා
@ek_rosh @greenthunder @Fiona Dabare @MalSeven @nipund @nuwan9999 @ex-muslim Ahmed
මැද නොතැවරී සිටීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?