දෙක සහ මැද නොතැවරීම - මජ්ඣේ සුත්තං

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මජ්ඣේ සූත්‍රයේ සඳහන් වනවා මෙහෙම

    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩවසන සේක. එසමයෙහි පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩම කොට මණ්ඩලමාලයෙහි රැස් වී හුන්නා වූ බොහෝ ස්ථවිර භික්ෂූන් අතර මේ කථාව හටගත්තේ ය.“ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පාරායන වර්ගයෙහි තිස්ස මෙත්තෙය්ය මාණවකයාගේ ප්‍රශ්නයෙහි දී මෙය වදාරණ ලද්දේ ය.

    ‘ඒ ක්ෂීණාශ්‍රව භික්ෂුව අන්ත දෙක ප්‍රඥාවෙන් අවබෝධ කොට එහි මැද නුවණින් යුතුව නොතැවරී සිටියි ද, ඔහු මහා පුරුෂයා යැයි කියමි. ඔහු මේ ලෝකයෙහි මරණයෙන් පසු යළි උපත මූට්ටු කරදෙන තෘෂ්ණාව ඉක්ම ගියේ ය’ යනුවෙනි.

    1. මෙසේ පැවසූ කල්හී එක්තරා භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, ස්පර්ශය යනු එක් අන්තයකි. ස්පර්ශය හටගැනීම යනු දෙවෙනි අන්තය යි. ස්පර්ශ නිරෝධය යනු මැද යි. මූට්ටු කිරීම යනු තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම ස්පර්ශයත්, ස්පර්ශය හටගැනීම ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

    2. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, අතීතය යනු එක් අන්තයකි. අනාගතය යනු දෙවෙනි අන්තය යි. වර්තමානය යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම අතීතය ත් අනාගතයත් වර්තමානය ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

    3. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, සැප විඳිම යනු එක් අන්තයකි. දුක් විඳීම යනු දෙවෙනි අන්තය යි. දුක් සැප රහිත විඳීම යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම සැප ත්, දුක ත්, දුක් සැප රහිත විඳීම ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

    4. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, නාමය යනු එක් අන්තයකි. රූපය යනු දෙවෙනි අන්තය යි. විඤ්ඤාණය යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම නාමය ත්, රූපය ත්, විඤ්ඤාණය ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

    5. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, ආධ්‍යාත්මික ආයතන හය යනු එක් අන්තයකි. බාහිර ආයතන හය යනු දෙවෙනි අන්තය යි. විඤ්ඤාණය යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම ආධ්‍යාත්ම ආයතන හයත්, බාහිර ආධ්‍යාත්ම ආයතන හය ත්, විඤ්ඤාණය ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

    6. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, සක්කාය යනු එක් අන්තයකි. සක්කාය සමුදය යනු දෙවෙනි අන්තය යි. සක්කාය නිරෝධය යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම සක්කාය ත්, සක්කාය සමුදය ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

    මෙසේ පැවසූ කල්හී එක්තරා භික්ෂුවක් ස්ථවිර භික්ෂූන්ට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, අප සියළු දෙනා විසින් ම තම තමන්ගේ වැටහීම පරිදි පවසන ලද්දේ ය. යමු ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙමු. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කරන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි අපට වදාරණ සේක් නම් ඒ අයුරින් අපි දරා ගන්නෙමු.”“එසේ ය, ආයුෂ්මත” යි ස්ථවිර භික්ෂූහු ඒ භික්ෂුවට පිළිවදන් දුන්හ.

    “මහණෙනි, ඔබ සියල්ලන්ගේ ම භාෂිතය ඒ ඒ අයුරින් සුභාෂිත වෙයි. නමුත් මා විසින් පාරායනයෙහි මෙත්තෙය්ය ප්‍රශ්නයෙහිලා යමක් අරභයා පවසන ලද්දේ ද, එනම්, ‘ඒ ක්ෂීණාශ්‍රව භික්ෂුව අන්ත දෙක ප්‍රඥාවෙන් අවබෝධ කොට එහි මැද නුවණින් යුතුව නොතැවරී සිටියි ද, ඔහු මහා පුරුෂයා යැයි කියමි. ඔහු මේ ලෝකයෙහි මරණයෙන් පසු යළි උපත මූට්ටු කරදෙන තෘෂ්ණාව ඉක්ම ගියේ ය’ යනුවෙන්. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

    “එසේය ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

    මහණෙනි, ස්පර්ශය යනු එක් අන්තයකි. ස්පර්ශය හටගැනීම යනු දෙවෙනි අන්තය යි. ස්පර්ශ නිරෝධය යනු මැද යි. මූට්ටු කිරීම යනු තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම ස්පර්ශය ත්, ස්පර්ශය හටගැනීම ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. මහණෙනි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

    වියමන , මැහීම ( මූට්ටු කිරීම) මගින් මැද ආවරනය කරනවා. එය කරන්නේ තන්හාවෙන්
    බුදුන් වහන්සේ මේ සියලුම විස්තර කිරීම් නිවැරදි බව ප්‍රකාශ කලා

    @ek_rosh @greenthunder @Fiona Dabare @MalSeven @nipund @nuwan9999 @ex-muslim Ahmed

    මැද නොතැවරී සිටීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,680
    113
    අන්ත දෙක ප්‍රඥාවෙන් අවබෝධ කොට එහි මැද නුවණින් යුතුව නොතැවරී සිටියි ද, ඔහු මහා පුරුෂයා යැයි කියමි.

    f4UMgV.png
     
    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,104
    93
    මජ්ඣේ සූත්‍රයේ සඳහන් වනවා මෙහෙම

    වියමන , මැහීම ( මූට්ටු කිරීම) මගින් මැද ආවරනය කරනවා. එය කරන්නේ තන්හාවෙන්
    බුදුන් වහන්සේ මේ සියලුම විස්තර කිරීම් නිවැරදි බව ප්‍රකාශ කලා

    @ek_rosh @greenthunder @Fiona Dabare @MalSeven @nipund @nuwan9999 @ex-muslim Ahmed

    මැද නොතැවරී සිටීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
    ඔබතුමා ඕක අහන්නේ අහන්න බලපොරෝතුවෙන් නෙමේ . අපි කියන එකට උත්තරයක් දෙන්න තියෙන බලාපොරොත්තුවෙන් . ඔය ලිස්ට් එකේ ඉන්න හැමෝමත් ඉන්නේ කියන බලපොරෝතුවෙන් ( මාත් ඇතුළුව ) . අපි අවුරුදු 5කට වැඩිය මේකේ කථා කරලා තියෙනවනේ .මට නම් කට්ටියගේ මත වල කිසිම වෙනසක් පෙන්නේ නෑ .

    සුත්‍රය හොදයි මොකද වෙනස් පරියාය වලින් ගොඩ ගියපු සෙට් එකක් ඇවිල්ල මගේ අවබෝදය නම් මේකයි කියල කියනවා . බුදුන් ඔගොල්ලොලෝ ඔක්කොම හරි අඩු මේක කියලා තව එකක් ඇඩ් කරනවා . ( තව තියෙන්න පුළුවන් පරියාය)

    මට කිට්ටු පරියාය 3 වෙනි එක වෙන්න ඕන.
     
    • Wow
    Reactions: ewijesekara

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ස්පර්ශෙ ගැන කියවද්දි මතක් වෙන දෙයක් තමයි අපි ඇත්තටම කිස්8 දෙයක් අල්ලන්නෙ නැ ලු. Electromagnetic repulsion
     
    • Wow
    Reactions: ewijesekara

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මට කිට්ටු පරියාය 3 වෙනි එක වෙන්න ඕන.

    මටත් 3 තමයි සෙට් වුනේ.

    මැද නොතැවරී.. කිව්වට ඇත්තටම මැද තැවරෙන්න, නැත්තම් දෘස්ටියකින් අල්ලන්න කොහොමත් බැහැ, හිස් නේද?
    නැත්තම් ඔය මැද කියන්නේ රාග, දේශ, මොහ වල, මෝහය නිසා උපේක්ෂා සහගත වේදනා ඇති වීම ද?
    3 උදා. ගත්තොත්, x පේනවා,
    රාගය නිසා සැප
    ද්වේශය නිසා දුක
    මෝහය නිසා උපේක්ෂා සහගත වේදනා ඇති වෙනවා.
    මෝහය නැත්තම් මැදත් නොතැවරෙන්න කියන්නේ, x වල යථා ස්වභාවය නැත්තම් x ම නොහටගත් බව දකින්න කියන එකද?

    මේකට දිගු පැහැදිලි කිරීමක් බලාබොරොත්තු වෙනවා @nipund, සරල සිංහල බසින් @ek_rosh

    බුදුහාමුදුරුවෝ සහ උඩ තව හාමුදුරුවෝ කෙනෙක් කියන, ස්පර්ශය කියන්නේ දැනීම ද? පැහැදිලි මදි එතන ස්පර්ශය කියන්නේ මොකක්ද කියන එක.
    විජානනය නෙමෙයිද දැනීම කියන්නේ?
    රාග, ද්වේශ, මොහ සපර්ශය ගැනද මෙතන කියන්නේ?

    ස්පර්ශෙ ගැන කියවද්දි මතක් වෙන දෙයක් තමයි අපි ඇත්තටම කිස්8 දෙයක් අල්ලන්නෙ නැ ලු. Electromagnetic repulsion

    *දෙයක්* කොහොමත් අල්ලන්න බැහැ. පෙනීම හෝ දැනීම (විජානනය) ඇතුලේ දෙයක් තියෙනවා/ ඇත කියලා හැගෙන එක/ දැනගැනීම වෙන්නේ.

    දෙයක් තියෙනවා/ඇත කියලා අමුතුවෙන් වචන ඕනෙත් නැහැ, *දෙයක්* කියන්නෙම ඇත අන්තයම තමයි. ඒක තමයි *දෙයක් නැහැ* කියන 'නැත' අන්තයට වැටුනත් වෙනසක් නැත්තේ. already ඇති විදිහට හම්බුන/ හම්බෙන, නැත්නම් තියෙනවා කියලා අත්දැක්ක/ අත්දකින දේකට, 'නැහැ' කියලා ලේබල් එකක් ගහලා විතරයි.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මැද නොතැවරී සිටීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

    තෘෂ්ණා දිට්ඨි වශයෙන් බැසගැනීමට අවස්ථාවක් නොලැබෙන බව. හේතූන් නිසා හටගන්නා සියල්ල හේතූන් නැතිවීමෙන් නිරුද්ධවන බව දන්නා බව.

    Edited
    Changed reply to be more aligned with "ක්ෂීණාශ්‍රව".
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Nitya Ahak tiyenawa kiyala hitan innawa.tiyena nitya ahakata penawa.ilagata ahai rupei sakas wenna kalin dakina shunyathawa tamai nirodaya.

    nitya Saparshayk tiyenawa tiyena sparsheta sparashayak danenawa.next tiyena sparshayak and danena sparshe sakas wenna kalin ena hidasa nirdoya.

    ආයුෂ්මත්නි, ස්පර්ශය යනු එක් අන්තයකි. ස්පර්ශය හටගැනීම යනු දෙවෙනි අන්තය යි. ස්පර්ශ නිරෝධය යනු මැද යි

    Mata terune budhamduruwo sparshaya kivve methana kattiya kiyana okotama eka wachanekin.avidyawen siyalu de sparsha karanawa kiyana eken.natuwa danima wath,wedanwawaty, body ekeata danena sparshayak genawath newe
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මජ්ඣේ සූත්‍රයේ සඳහන් වනවා මෙහෙම

    වියමන , මැහීම ( මූට්ටු කිරීම) මගින් මැද ආවරනය කරනවා. එය කරන්නේ තන්හාවෙන්
    බුදුන් වහන්සේ මේ සියලුම විස්තර කිරීම් නිවැරදි බව ප්‍රකාශ කලා

    @ek_rosh @greenthunder @Fiona Dabare @MalSeven @nipund @nuwan9999 @ex-muslim Ahmed

    මැද නොතැවරී සිටීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

    මජ්ඣේ සූත්‍රයේ සඳහන් වනවා මෙහෙම

    වියමන , මැහීම ( මූට්ටු කිරීම) මගින් මැද ආවරනය කරනවා. එය කරන්නේ තන්හාවෙන්
    බුදුන් වහන්සේ මේ සියලුම විස්තර කිරීම් නිවැරදි බව ප්‍රකාශ කලා

    @ek_rosh @greenthunder @Fiona Dabare @MalSeven @nipund @nuwan9999 @ex-muslim Ahmed

    මැද නොතැවරී සිටීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
    මේක ටිකක් ගැඹුරු කාරණාවක්, මම මේ දෙන explanation එක ටිකක් controversial නිසා ඔබතුමාට තරහ යයි ද දන්නෙ නැහැ.. [පළමුවෙන් කියන්න ඕනි මේ සිංහල පරිවර්තනයේ යොදාගෙන තියෙන කිසිම වචනයක් හරහා මැද නොඇලීම කියන කාරණාව ගැන කතාකරන්න බැහැ හරි තේරුම ගත්තෙ නැත්නම්, උදාහරණයකට, පච්චුප්පන්න තාවය වර්තමානය කියල අරන් තියෙනව, ඒක වැරදියි පච්චුප්පන්න තාවය කියන්නෙ ප්‍රත්‍යන්ගෙන් විද්‍යමාන වුණා (උප්පජ්ජති) කියන සිද්ධිය - කාලයකින් පනවන්න බැහැ.]

    මජ්ජිමා කියල වචනයක් ඔබතුමා අහල තියෙනවද? මේකේ තේරුම (මම දන්න විදියට) මැදින් වෙන්ව කියන කාරණාව, ඔය සුත්‍රයේ මැද නොතවරීම කියන්නෙත් ඕක තමයි. බුද්ධ වචනය විතරයි ලෝකෝත්තර මැදක් ගැන කතා කරන්නෙ. ලෝකයේ අනික් සියලු මැදවල් ගැන කතා කරන කොට අන්ත පැනවිල ඉවරයි...

    Ex:
    අතීතයත් අනාගතයත් අතර මැද - පච්චුප්පන්න තාවය (ලෝකයේ: වර්තමානය)
    ස්පර්ශයෙ සහ ස්පර්ශ සමුදය අතර මැද - ස්පර්ශ නිරෝධය (ලෝකයේ: ස්පර්ශය නැතිකිරීම)
    දුක සහ සැප අතර මැද - අදුක්ඛමසුඛ (ලෝකයේ: දුකත් නැති සැපත් නැති බව)

    ... යනාදී වශයෙන්

    දැන් මෙතන බලන්න ලෝකයේ කතා කරන කිසිම මැදක්, අන්ත දෙක නැතුව කතාකරන්න බැහැ, අතීතයත් අනාගතයත් නැති වර්තමානයක් නැහැ, ස්පර්ශයෙ සහ ස්පර්ශ සමුදය නැති ස්පර්ශය නැතිකිරීමක් නැහැ... etc
    නමුත් පච්චුප්පන්න තාවය, ස්පර්ශ නිරෝධය, අදුක්ඛමසුඛ යන මේවා අන්ත දෙකක ඇලුන මැදක් ගැන කතාකරන එකක් නෙමයි... already තියෙන ස්පර්ශයක් නෙමෙයි නැති කරන්නෙ... ස්පර්ශ නිරෝධය කියන්නෙ ස්පර්ශයක් කියල එකක් තිබුනෙම නැහැ වගෙ... තේරුනාද දන්නෙ නැහැ...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දැන් මෙතන බලන්න ලෝකයේ කතා කරන කිසිම මැදක්, අන්ත දෙක නැතුව කතාකරන්න බැහැ, අතීතයත් අනාගතයත් නැති වර්තමානයක් නැහැ, ස්පර්ශයෙ සහ ස්පර්ශ සමුදය නැති ස්පර්ශය නැතිකිරීමක් නැහැ... etc
    නමුත් පච්චුප්පන්න තාවය, ස්පර්ශ නිරෝධය, අදුක්ඛමසුඛ යන මේවා අන්ත දෙකක ඇලුන මැදක් ගැන කතාකරන එකක් නෙමයි... already තියෙන ස්පර්ශයක් නෙමෙයි නැති කරන්නෙ... ස්පර්ශ නිරෝධය කියන්නෙ ස්පර්ශයක් කියල එකක් තිබුනෙම නැහැ වගෙ... තේරුනාද දන්නෙ නැහැ...
    උදා. ගහ ගමු.

    ගහක් තියෙනවා හෝ නැහැ කියලා කතා කරන්න කලින්, ගහ ගහ විදිහට නිච්ච, ආත්ම, සුඛව හමු වීමම තමයි මැද.

    රූපයේ යථාස්වභාවය දැක්කහම දෙපැත්තක් තියා මැදම (ගහ) තැවරෙන්න.. නැත්තම් අල්ලන්න බැහැ. අල්ලන්න, කලින් නිච්චව හම්බුන දෙයක් (ගහ) තිබිලම නැහැ.

    මේකද ඔයා මේ කියලා තියෙන්නේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    උදා. ගහ ගමු.

    ගහක් තියෙනවා හෝ නැහැ කියලා කතා කරන්න කලින්, ගහ ගහ විදිහට නිච්ච, ආත්ම, සුඛව හමු වීමම තමයි මැද.

    රූපයේ යථාස්වභාවය දැක්කහම දෙපැත්තක් තියා මැදම (ගහ) තැවරෙන්න.. නැත්තම් අල්ලන්න බැහැ. අල්ලන්න, කලින් නිච්චව හම්බුන දෙයක් (ගහ) තිබිලම නැහැ.

    මේකද ඔයා මේ කියලා තියෙන්නේ?
    Gaha diha balana side eka amataka unada.gahath nithya wela gaha pena ahath nithya wela.dekema hamu nowima thama meda
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Gaha diha balana side eka amataka unada.gahath nithya wela gaha pena ahath nithya wela.dekema hamu nowima thama meda

    මම කියන්නේ මගේ සහ මට.. කියන වටිනාකම් ටිකක එකතුවක්.
    පෙනීම විතරක් isolate කරොත්,

    🌴 + 👀 (eye consciousness) => අනිච්ච සංඣාවෙදි නැත්තම් යථා ස්වරූපයේදි මට හෝ මගේ කියන වටිනාකම හැදෙන්න බැරුව යනවා, නිච්චව අල්ලන්න බැරි නිසා.

    සරලව, ලෝකය හදන්න බැරි වුනහම මම ත් හැදෙන්න බැරි වෙනවා.

    @nipund @ek_rosh මගේ වැරදි තියෙනවනම් පෙන්නලා දෙන්න හොද හිතින්.
     
    • Like
    Reactions: nipund and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    මම කියන්නේ මගේ සහ මට.. කියන වටිනාකම් ටිකක එකතුවක්.
    පෙනීම විතරක් isolate කරොත්,

    🌴 + 👀 (eye consciousness) => අනිච්ච සංඣාව නැත්තම් යථා ස්වරූපයේදි මට හෝ මගේ කියන වටිනාකම හැදෙන්න බැරුව යනවා, නිච්චව අල්ලන්න බැරි නිසා.

    සරලව, ලෝකය හදන්න බැරි වුනහම මම ත් හැදෙන්න බැරි වෙනවා.
    Gaha side eka witarak baluwoth samahawita aha nithya wela hira wenna puluwan.gaha atha netha gaha hambenna thibilama ne kivvata.anna e gaha hatagenama nehe dakina nithya eye eka ithuru wenawa.hatagenama nethi gahai eka pena hatagenama nethi eye ekai dekama hatagena nethi eka thama meda.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නිච්චව අල්ලන්න බැරි නිසා.

    මේකම කෙනෙක් රූපයක් දිහා උපේකෂා සහගතව 'මුකුත් නැ..' කියලා බලන් ඉදලා, ඒක නිවන කියලා හිතුවොත්. !?!?

    අපි කොහොමද කියන්නේ අපි හරියම අවිද්‍යාවෙන්ම අල්ලද නැත්තම් ලෝකේ ඇතුලෙන්ම අල්ලලද කියලා. ඔව් මේක මන් නිපුන් අන්කල්ගෙන් කලිනුත් අහලා තියෙනවා. රහත් වෙනකන්ම අහන්න වෙනවා (මන් අහයි) නිපුන් අන්කල්, තරහ වෙන්නනම් එපා. 🥀

    @nipund @ek_rosh

    Gaha side eka witarak baluwoth samahawita aha nithya wela hira wenna puluwan.gaha atha netha gaha hambenna thibilama ne kivvata.anna e gaha hatagenama nehe dakina nithya eye eka ithuru wenawa.hatagenama nethi gahai eka pena hatagenama nethi eye ekai dekama hatagena nethi eka thama meda.

    ඔව් එහෙම වෙන්නත් පුලුවන්. පේන දේ 'අනිත්‍යයි' කියලා දෘස්ටියකින් අල්ලලා.
    ------ Post added on Nov 15, 2025 at 11:08 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113

    ඔව් එහෙම වෙන්නත් පුලුවන්. පේන දේ 'අනිත්‍යයි' කියලා දෘස්ටියකින් අල්ලලා.
    ------ Post added on Nov 15, 2025 at 11:08 AM
    analyze karan yaddi hitenne buduhandhrwo sparshya kivve ohoma drushtiyen allana ekata wenna one.
     
    • Like
    Reactions: Fiona Dabare

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔබතුමා ඕක අහන්නේ අහන්න බලපොරෝතුවෙන් නෙමේ . අපි කියන එකට උත්තරයක් දෙන්න තියෙන බලාපොරොත්තුවෙන් . ඔය ලිස්ට් එකේ ඉන්න හැමෝමත් ඉන්නේ කියන බලපොරෝතුවෙන් ( මාත් ඇතුළුව ) . අපි අවුරුදු 5කට වැඩිය මේකේ කථා කරලා තියෙනවනේ .මට නම් කට්ටියගේ මත වල කිසිම වෙනසක් පෙන්නේ නෑ .

    සුත්‍රය හොදයි මොකද වෙනස් පරියාය වලින් ගොඩ ගියපු සෙට් එකක් ඇවිල්ල මගේ අවබෝදය නම් මේකයි කියල කියනවා . බුදුන් ඔගොල්ලොලෝ ඔක්කොම හරි අඩු මේක කියලා තව එකක් ඇඩ් කරනවා . ( තව තියෙන්න පුළුවන් පරියාය)

    මට කිට්ටු පරියාය 3 වෙනි එක වෙන්න ඕන.
    කනගාටුයි මහත්තයා එහෙම අදසක් ඇතිවෙච්ච එක.හුඟාක් පුරස්න වලට මගේ උත්තර දුන්නේ නැහැ නෙව. දැනගන්න ඇහුවා මිසක, නොදන්න මට ඕවට උත්තර නෑ.

    එව්ව වැඩක් නෑ ෆියෝනා කිව්වා වගේ මහත්තය අප ගැන අනුකම්පාවෙංම පිලිතුරක් දෙන්ඩ ඉතින්.

    මං හිතාන හිටියේ බුදුහාමුදුරුවෝ කිව්වෙත් පලවෙනි භික්ෂුව කියපු එකමයි කියල. ඕං බලන්ට දැන් මේ වගේ ඩිස්කසන් එකක් නිසා මට නිවැරදි වෙන්ටත් පුලුහං උනා..
     
    Similar threads