දෙගල්දොරුව_විහාරය
සකස්කළ ගල් ලෙනක් තුළ නිර්මිත බැවින් දෙගල්දොරුව නම් වු මහනුවර අමුණුගම නම් ග්‍රාමයේ පිහිටි දෙගල්දොරුව විහාරය මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සැළකීම අතිශයෝක්තියක් නොවේ.
කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) රජු ගල්මඬුව විහාරය කරවමින් සිටියදී එතුමන්ට අනුහස් සහිත වු මෙම ස්ථානස පිළිබඳව සැල වී ගල්මඬුව විහාර කර්මය අතර මඟ නතර කර මෙය ඇරඹු බව පැවසේ.අනතුරුව මෙහි වැඩ ඵතුමන්ගේ සොයුරු රාජාධි රාජසිංහ රජු ක්‍රි:ව 1786 දී නිමකර මොරතොට ධම්මබුද්ධ හිමි ප්රමුඛ ශිෂ්‍ය පරපුරට පැවරූ බව විහාර සන්නසේ දැක්වේ.
දිගින් දොළොස් රියනක් සහ අට රියනක් පළලින් යුත් ලෙනක් කැණ දහඅට රියනක් දිගින් සැතපෙන බුදු පිළිමයක් පිහිටි ගලින්ම මතුකර සායම් කරමින් නිර්මිත මෙම විහාරයේ සිතුවම් කටයුතු උපසම්පදා නොලත් පටබැන්දෙව්රගම්පළ සිල්වත්තැන ප්රමුඛ නීලගම දා,කොස්වත්තේ සිත්තර නයිදේ සහ තවත් අප්‍රකට සිත්තරකු ලවා කරවා ඇත්තේ කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ බවද පැවසේ.මෙහි ප්‍රධාන සිත්තරා වු දෙව්රගම්පළ සිල්වත්තැන සිතුවම් කරමින් සිටින විට තම ගෝලයා යැයි සිතා රජු අතට දුන් බුලත්හපයක් පවා රජු අතට ගෙන විසිකර ඇති බවද පැවසේ.මෙයින්ද පෙනෙන්නේ රජු සිතුවම් කෙරෙහි දෑක්වු උනන්දුවයි.ධම්ම බුද්ධ හිමිට රාජාධි රාජසිංහ රජු මෙය පූජා කර ඇත්තේ ගුරු පඬුරක් ලෙසිනැයිද පැවසේ.
මෙහි දහඅට රියන් පිළිමය නෙළීමට වසර 20ක් පමණ ගතව ඇත.වෙහෙරෙහි ඇතුළු දොරෙහි මැණික් ඔබ්බවා ඒවායින් පරාවර්තිත ආලෝකයෙන් එකල වෙහෙර නැරඹූ බවත් පැවසෙන අතර දොරටුව ඉහළින් මැණික් ගල් එබ්බවු බවට සළකුණු ද ඇත.මෙහි ගර්භ ගෟහයට ඇතුළුවීමට නෙළා ඇති කේතු ආකාර සඳකඬ පහනේ ප්‍රධාන මෝස්තරය තිරිඟි තලයයි.මෙයද පිහිටි ගලින්ම නෙළා ඇති අතර නුවර යුගයේ දශ්‍ර්‍නීයතම සඳකඬ පහනකි.අන්තරාලයේ විශාල ගල් කුළුණු 12ක් මතින් පියස්ස දරා සිටින අතර මේවාද බිතුසිතුවමින් අලංකෘතය.විහාරය ඇතුළත දුර්ලභ ගණයේ දැවමය මකර තොරණකි.මේ සියල්ල අභිබවා දෙගල්දොරුව අමරණීයව ඇත්තේ එහි ගර්භ ගෟහයට ඇතුළු වන දොරටුව දෙපස ඇති වෙස්සන්තර හා සුතසෝම ජාතක කමාරපරාජය සිතුවමත් මහාසීලව,සත්තුභත්ත යන ජාතක කතාත් ප්රමුඛ මහනුවර යුගයේ සිතුවම් රැස නිසාය.
මෙහි සිතුවම් අතරින් වෙස්සන්තර,සුතසෝම ජාතක කතා නිරූපණයේදී කලා කරුවාගේ ආවේශය සහ නිර්මාණශීලී ප්රකාශනය විශිෂ්ඨත්වයෙන් අගතැන්පත් වේ.මාරපරාජයේ තුවක්කුව අතින් ගත් මාරයින් කාළීන අධිරාජ්‍යවාදී බලපෑමට සියුම් විරෝධයක් දැක්වීමන් මෙන්ම එහි බලපෑමකි.
කලාකරුවන් අමන්දානන්දයට පත් කළ,විවේචකයන්ගේ නොමඳ පැසසුමට ලක් වූ වෙස්සන්තර සහ සුතසෝම ජාතක තාවන්ගේ විශේෂී නිරූපණ කිහිපයක් විමසා බැලීම යෙහෙකැයි සිතේ.මෙහි වෙසතුරු ජාතකයේ අලි ඇතුන් දන්දීම,භාණ්ඩ දන්දීම,ළිඳ ළඟ කළහය,ජූජක බමුණා සැඟවී සිටීම සහ සුතසෝම ජාතකයේ රුක්දෙවියාට බිළි දීමට බැඳ දමා ඇති කුමරුවන්,සිව්රඟසෙන් පැරදවීම යනාදිය මේ අතරින් සුවිශේෂී වේ.අලි ඇතුන් දන්දීම යන අවස්ථාවේ රූප සම්පිණ්ඩණය සහ සමබරතාවය ඉතා උසස් බවක් ගනී.මාරපරාජයේ හිස් පහක් සහ ඔටුණු පහක් සහිත මාරයා ද සෙසු මාරයින්ද ජුගුප්සාජනක බව සහ භයානක බව හොඳින් නිරූපිත ශ්‍රේෂ්ඨ සිතුවමකි. සෙසු සිතුවම් මෝස්තර ද මන පිනවයි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ජීවිතයට සම්බන්ධ අවස්ථා ජාතක කතා තුළින් නිරූපිත බවට අනුමාන කෙරේ.තද වර්ණ මිටි රූ සහිත මෙම සිතුවම් මහනුවර යුග සිතුවම් කලාවේ විශ්මයකි.
more information
ජාතක පොතෙහි සඳහන් ක්ෂාන්තිවාදී ජාතකයෙහි එන කලාබු රජුගේ මෙහෙසිය මදුරු දැලක්ද සහිත සිය යහන් ගබඩාවෙහි විවේක සුවයෙන් පසුවන අපූරුව දැක ගන්නට කෙනෙකුට අවශ්‍ය ද නොඑසේනම් නන්විධ ආයුධ සමගින් තුවක්කුවක්ද රැගෙන බුදුරදුන් පරාජය කිරීමට පැමිණි මාර සේනාව දැක ගැනීමට අවශ්‍ය ද ඒ සඳහා යා යුත්තේ දුම්බර අමුණුගම දෙගල්දොරුව රජ මහා විහාරයටය. විශිෂ්ට වූ බෞද්ධ චිත්රාවලිය නිසාම සුප්‍රසිද්ධ වූ මෙම ලෙන් විහාරය කරවන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747 - 1782) විසිනැයි ජන ප්‍රවාදයේ සඳහන්ය. මෙම ලෙන් විහාරය පිහිටා ඇති පර්වතය මත මුලදී තිබී ඇත්තේ ගම්පොළ යුගයේදී (1341 - 1408) කරවන ලද පිටියේ දෙවියන්ගේ දේවාලයක් වන හෙයින් දෙගල්දොරුව පිළිබඳ අතීත තොරතුරු සෙවීමට සියවස් ගණනාවක් අතීතයට යා යුතු වේ.
පිටියේ දෙවියන් යනු දුම්බර ප්‍රදේශයට අධිගෘහිත දෙවියන්ය. මෙම දෙවියන් සොළී දේශයේ සිට මෙරටට පැමිණ යක්ගහපිටියේදී නාථ දෙවියන් හා යුද කොට දුම්බර අත්පත් කර ගෙන ඇතැයි කියෑවෙන අතර නිසි කලට වැසිඵල ලබා දෙමින් ගොවි ජනතාවට සෙත සලසන හෙයින් ප්‍රදේශවාසී ජනතාවගේ බුහුමනට පාත්‍ර වී ඇත. මෙම දෙවියන් සතු තවත් දේවාල පිහිටි ස්ථාන වන්නේ පල්ලෙබැද්ද, හාරගම, දම්බරාව, හුරීකඩුව, ගුරුදෙණිය ආදියයි. දම්බරාවේ පිටියේ දේවාලය කරවන ලද්දේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707 - 1739) විසිනැයි සඳහන් වන අතර ඊට හේතුව වන්නේ එම රජුගේ ඇස් රෝගයක් පිටියේ දෙවියන් විසින් සුව කිරීමය. පිටියේ දේවාලය පිහිටා ඇති බොහෝ ස්ථාන පිළිබඳව සලකා බලන විට පෙනී යන විශේෂ කරුණක් වන්නේ එම දෙවියන් විසින් යක් බවට පත් කර ගන්නා ලදැයි කියෑවෙන පුද්ගලයන්ගේ ගම්වල එම දේවාල ඉදි කර තිබීමයි. ඒ අනුව දෙගල්දොරුවේ දේවාලය තනා ඇත්තේ අබේකෝන් මැතිඳු නම් ජන ප්‍රධානියකු යක් බවට පත් කර ගැනීමෙන් පසුවය. ඒ වග පිටියේ දෙවියන් සම්බන්ධ මෙම කවියෙන් ප්‍රකට වේ.
දෙවිඳුන් පිවිතුරු පල්ලේබැද්දේ
පිවිතුරු බණ්ඩාරද වෙල්ලස්සේ
යක් කර ගත් අබකොන් මැතිඳුන්
රාළ හාරගම සෙත්සිරි දෙවිඳු
(සිංහල දේව පුරාණය - කේ. එන්. ඕ. ධර්මදාස සහ තුන්දෙණිය - පිටුව 304)
අබේකෝන්වරු දෙගල්දොරුවේ පදිංචිව සිටි පැරණිතම පරපුරක් බව "ඒ. සී. ලෝරි" විසින් සිය A Gazetter of the Central Provinc Ceylon නම් කෘතියෙහි සඳහන් කර ඇත.
බිතුසිතුවමින් අලංකාරවත් වු දෙගල්දොරුව විහාරය