දෙගල්දොරුව_විහාරය

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    දෙගල්දොරුව_විහාරය

    බිතුසිතුවමින් අලංකාරවත් වු දෙගල්දොරුව විහාරය


    7e07e8a1b1.jpg


    සකස්කළ ගල් ලෙනක් තුළ නිර්මිත බැවින් දෙගල්දොරුව නම්‍ වු මහනුවර අමුණුගම නම් ග්‍රාමයේ පිහිටි දෙගල්දොරුව විහාරය මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සැළකීම අතිශයෝක්තියක් නොවේ.

    කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) රජු ගල්මඬුව විහාරය කරවමින් සිටියදී එතුමන්ට අනුහස් සහිත වු මෙම ස්ථානස පිළිබඳව සැල වී ගල්මඬුව විහාර කර්මය අතර මඟ නතර කර මෙය ඇරඹු බව පැවසේ.අනතුරුව මෙහි වැඩ ඵතුමන්ගේ සොයුරු රාජාධි රාජසිංහ රජු ක්‍රි:ව 1786 දී නිමකර මොරතොට ධම්මබුද්ධ හිමි ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට පැවරූ බව විහාර සන්නසේ දැක්වේ.
    දිගින් දොළොස් රියනක් සහ අට රියනක් පළලින් යුත් ලෙනක් කැණ දහඅට රියනක් දිගින් සැතපෙන බුදු පිළිමයක් පිහිටි ගලින්ම මතුකර සායම් කරමින් නිර්මිත මෙම විහාරයේ සිතුවම් කටයුතු උපසම්පදා නොලත් පටබැන්දෙව්රගම්පළ සිල්වත්තැන ප්‍රමුඛ නීලගම දා,කොස්වත්තේ සිත්තර නයිදේ සහ තවත් අප්‍රකට සිත්තරකු ලවා කරවා ඇත්තේ කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ පෞද්ගලික අධීක්‍ෂණය යටතේ බවද පැවසේ.මෙහි ප්‍රධාන සිත්තරා වු දෙව්රගම්පළ සිල්වත්තැන සිතුවම් කරමින් සිටින විට තම ගෝලයා යැයි සිතා රජු අතට දුන් බුලත්හපයක් පවා රජු අතට ගෙන විසිකර ඇති බවද පැවසේ.මෙයින්ද පෙනෙන්නේ රජු සිතුවම් කෙරෙහි දෑක්වු උනන්දුවයි.ධම්ම බුද්ධ හිමිට රාජාධි රාජසිංහ රජු මෙය පූජා කර ඇත්තේ ගුරු පඬුරක් ලෙසිනැයිද පැවසේ.


    Degaldoruwa%20(14).jpg


    මෙහි දහඅට රියන් පිළිමය නෙළීමට වසර 20ක් පමණ ගතව ඇත.වෙහෙරෙහි ඇතුළු දො‍රෙහි මැණික් ඔබ්බවා ඒවායින් පරාවර්තිත ආලෝකයෙන් එකල වෙහෙර නැරඹූ බවත් පැවසෙන අතර දොරටුව ඉහළින් මැණික් ගල් එබ්බවු බවට සළකුණු ද ඇත.මෙහි ගර්භ ගෟහයට ඇතුළුවීමට නෙළා ඇති කේතු ආකාර සඳකඬ පහනේ ප්‍රධාන මෝස්තරය තිරිඟි තලයයි.මෙයද පිහිටි ගලින්ම නෙළා ඇති අතර නුවර යුගයේ දශ්‍ර්‍නීයතම සඳකඬ පහනකි.අන්තරාලයේ විශාල ගල් කුළුණු 12ක් මතින් පියස්ස දරා සිටින අතර මේවාද බිතුසිතුවමින් අලංකෘතය.විහාරය ඇතුළත දුර්ලභ ගණයේ දැවමය මකර තොරණකි.මේ සියල්ල අභිබවා දෙගල්දොරුව අමරණීයව ඇත්තේ එහි ගර්භ ගෟහයට ඇතුළු වන දොරටුව දෙපස ඇති වෙස්සන්තර හා සුතසෝම ජාතක කමාරපරාජය සිතුවමත් මහාසීලව,සත්තුභත්ත යන ජාතක කතාත් ප්‍රමුඛ මහනුවර යුගයේ සිතුවම් රැස නිසාය.

    මෙහි සිතුවම් අතරින් වෙස්සන්තර,සුතසෝම ජාතක කතා නිරූපණයේදී කලා කරුවාගේ ආවේශය සහ නිර්මාණශීලී ප්‍රකාශනය විශිෂ්ඨත්වයෙන් අගතැන්පත් වේ.මාරපරාජයේ තුවක්කුව අතින් ගත් මාරයින් කාළීන අධිරාජ්‍යවාදී බලපෑමට සියුම් විරෝධයක් දැක්වීමන් මෙන්ම එහි බලපෑමකි.


    2721778316_516d76a4e5_z.jpg



    කලාකරුවන් අමන්දානන්දයට පත් කළ,විවේචකයන්ගේ නොමඳ පැසසුමට ලක් වූ වෙස්සන්තර සහ සුතසෝම ජාතක තාවන්ගේ විශේෂී නිරූපණ කිහිපයක් විමසා බැලීම යෙහෙකැයි සිතේ.මෙහි වෙසතුරු ජාතකයේ අලි ඇතුන් දන්දීම,භාණ්ඩ දන්දීම,ළිඳ ළඟ කළහය,ජූජක බමුණා සැඟවී සිටීම සහ සුතසෝම ජාතකයේ රුක්දෙවියාට බිළි දීමට බැඳ දමා ඇති කුමරුවන්,සිව්රඟසෙන් පැරදවීම යනාදිය මේ අතරින් සුවිශේෂී වේ.අලි ඇතුන් දන්දීම යන අවස්ථාවේ රූප සම්පිණ්ඩණය සහ සමබරතාවය ඉතා උසස් බවක් ගනී.මාරපරාජයේ හිස් පහක් සහ ඔටුණු පහක් සහිත මාරයා ද සෙසු මාරයින්ද ජුගුප්සාජනක බව සහ භයානක බව හොඳින් නිරූපිත ‍‍‍ශ්‍රේෂ්ඨ සිතුවමකි. සෙසු සිතුවම් මෝස්තර ද මන පිනවයි.

    කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ජීවිතයට සම්බන්ධ අවස්ථා ජාතක කතා තුළින් නිරූපිත බවට අනුමාන කෙරේ.තද වර්‍ණ මිටි රූ සහිත මෙම සිතුවම් මහනුවර යුග සිතුවම් කලාවේ විශ්මයකි.


    more information


    ජාතක පොතෙහි සඳහන් ක්‌ෂාන්තිවාදී ජාතකයෙහි එන කලාබු රජුගේ මෙහෙසිය මදුරු දැලක්‌ද සහිත සිය යහන් ගබඩාවෙහි විවේක සුවයෙන් පසුවන අපූරුව දැක ගන්නට කෙනෙකුට අවශ්‍ය ද නොඑසේනම් නන්විධ ආයුධ සමගින් තුවක්‌කුවක්‌ද රැගෙන බුදුරදුන් පරාජය කිරීමට පැමිණි මාර සේනාව දැක ගැනීමට අවශ්‍ය ද ඒ සඳහා යා යුත්තේ දුම්බර අමුණුගම දෙගල්දොරුව රජ මහා විහාරයටය. විශිෂ්ට වූ බෞද්ධ චිත්‍රාවලිය නිසාම සුප්‍රසිද්ධ වූ මෙම ලෙන් විහාරය කරවන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747 - 1782) විසිනැයි ජන ප්‍රවාදයේ සඳහන්ය. මෙම ලෙන් විහාරය පිහිටා ඇති පර්වතය මත මුලදී තිබී ඇත්තේ ගම්පොළ යුගයේදී (1341 - 1408) කරවන ලද පිටියේ දෙවියන්ගේ දේවාලයක්‌ වන හෙයින් දෙගල්දොරුව පිළිබඳ අතීත තොරතුරු සෙවීමට සියවස්‌ ගණනාවක්‌ අතීතයට යා යුතු වේ.


    degaldoruwa-temple-6.jpg


    පිටියේ දෙවියන් යනු දුම්බර ප්‍රදේශයට අධිගෘහිත දෙවියන්ය. මෙම දෙවියන් සොළී දේශයේ සිට මෙරටට පැමිණ යක්‌ගහපිටියේදී නාථ දෙවියන් හා යුද කොට දුම්බර අත්පත් කර ගෙන ඇතැයි කියෑවෙන අතර නිසි කලට වැසිඵල ලබා දෙමින් ගොවි ජනතාවට සෙත සලසන හෙයින් ප්‍රදේශවාසී ජනතාවගේ බුහුමනට පාත්‍ර වී ඇත. මෙම දෙවියන් සතු තවත් දේවාල පිහිටි ස්‌ථාන වන්නේ පල්ලෙබැද්ද, හාරගම, දම්බරාව, හුරීකඩුව, ගුරුදෙණිය ආදියයි. දම්බරාවේ පිටියේ දේවාලය කරවන ලද්දේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707 - 1739) විසිනැයි සඳහන් වන අතර ඊට හේතුව වන්නේ එම රජුගේ ඇස්‌ රෝගයක්‌ පිටියේ දෙවියන් විසින් සුව කිරීමය. පිටියේ දේවාලය පිහිටා ඇති බොහෝ ස්‌ථාන පිළිබඳව සලකා බලන විට පෙනී යන විශේෂ කරුණක්‌ වන්නේ එම දෙවියන් විසින් යක්‌ බවට පත් කර ගන්නා ලදැයි කියෑවෙන පුද්ගලයන්ගේ ගම්වල එම දේවාල ඉදි කර තිබීමයි. ඒ අනුව දෙගල්දොරුවේ දේවාලය තනා ඇත්තේ අබේකෝන් මැතිඳු නම් ජන ප්‍රධානියකු යක්‌ බවට පත් කර ගැනීමෙන් පසුවය. ඒ වග පිටියේ දෙවියන් සම්බන්ධ මෙම කවියෙන් ප්‍රකට වේ.


    දෙවිඳුන් පිවිතුරු පල්ලේබැද්දේ

    පිවිතුරු බණ්‌ඩාරද වෙල්ලස්‌සේ

    යක්‌ කර ගත් අබකොන් මැතිඳුන්

    රාළ හාරගම සෙත්සිරි දෙවිඳු


    (සිංහල දේව පුරාණය - කේ. එන්. ඕ. ධර්මදාස සහ තුන්දෙණිය - පිටුව 304)

    අබේකෝන්වරු දෙගල්දොරුවේ පදිංචිව සිටි පැරණිතම පරපුරක්‌ බව "ඒ. සී. ලෝරි" විසින් සිය A Gazetter of the Central Provinc Ceylon නම් කෘතියෙහි සඳහන් කර ඇත.
     
    • Like
    Reactions: udagama

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මෙසේ පිටියේ දෙවියන්ගේ දේවාලය නිසා ගම්පොළ යුගයේදී කන්ද උඩරට ජනතාවගේ අවධානයට ලක්‌ව තිබූ දෙගල්දොරුව පිළිබඳ වැදගත් සිදුවීමක්‌ නැවත අසන්නට ලැබෙන්නේ දෙවන රාජසිංහ (1635 - 1687) යුගයේදීය. ඒ දෙගල්දොරුවේ "ආදාහනගල" නම් ස්‌ථානයෙහිදී සිදු කරන ලදැයි කියෑවෙන ආදාහනයක්‌ පිළිබඳව "ලෝරි" විසින් සිය කෘතියෙහි සඳහන් කර ඇති තොරතුරු අනුවයි. ඊට අනුව මෙම ස්‌ථානයෙහි ආදාහනය කර ඇත්තේ දෙවන රාජසිංහ රජුගේ සොහොයුරියකි. ඇයගේ මරණය සිදුවී ඇත්තේ සියදිවි හානි කර ගැනීම නිසාය. ඊට තුඩු දී ඇති හේතුව ඉතාමත්ම අසාමාන්‍ය වූවකි. උඩදුම්බර ජීවත් වූ ඇය සෙංකඩගල නුවරට ගෙනවුත් එවකට සිහසුන දැරූ සිය සොහොයුරුවූ දෙවන රාජසිංහයන් හා විවාහ වන ලෙස බලපෑම් කිරීම නිසා හටගත් සිත්තැවුලින් ඇය සිය දිවි නසා ගෙන ඇති බව එම විස්‌තයෙරහි සඳහන් වේ. "මහ අදසින්" හා "හන්තානේ අදසින්" යනුවෙන් හැඳින් වූ රාජසිංහයන්ගේ සොහොයුරියන් දෙදෙනකු පිළිබඳව "බැල්දියස්‌" විසින් සිය කෘතියෙහි (බැල්ඩියස්‌ගේ ලංකා පුරා වෘත්තය - පරිවර්තනය බී. එන්. ආර්. ජයසේන - පිටුව - 120) සඳහන් කර ඇතත් මෙම දුක්‌�ත ඉරණමට පාත්‍ර වූයේ එම දෙදෙනෙගෙන් කවරෙකු දැයි නිශ්චිතව කිව නොහැකීය. අද වන විට දෙගල්දොරුවේ ආදාහනගල නම් මෙම ස්‌ථානය අප්‍රකට වන අතර එය හඳුනාගත හැකි සලකුණු ලෙස "ලෝරි" සඳහන් කර ඇත්තේ එය කඳු ගැටයක්‌ වීමත් බෝධියක්‌ හා කුඩා පොකුණක්‌ එහි පිහිටා තිබීමත්ය.


    P1050059.jpg



    දෙගල්දොරුව විහාරය කරවීමේ සිද්ධිය සවිස්‌තරව සඳහන් කර ඇත්තේ 1786 දී රාජාධිරාජසිංහ රජු (1782 - 1798) විසින් විහාරයට ප්‍රදානය කරන ලද තඹ සන්නසකය. ඊට අනුව දුම්බර අමුණුගම ප්‍රදේශයේ ඇති පර්වතයක කුඩා ලෙනක්‌ ඇති වග ආරංචි වී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පියාට බව "මෙම නරේද්‍රන් ෙද්‍රdත්තමයාණන් වහන්සේගේ ජනක වූ ශුද්ධාදිනෛකගුණ ප්‍රතිමඬිත ක්‍ෂත්ත්‍රියෝත්තමයානො දුඹර බද අමුනුගම එක්‌ භූමි භාගයෙක්‌හි ක්‍රිෂ්ණ ඝණ ශෛලයෙක ක්‌ෂුද්‍ර වූ ගල් ගුහාවක්‌ තිබෙන බව අසා...." යනාදී වශයෙන් සන්නසෙහි සඳහන් වීමෙන් පැහැදිලි වේ. "ලෝරි කියන පරිදි එම පුවත සැළවී ඇත්තේ රජුගේ සොහොයුරාටය.

    විහාරයක්‌ කරවීමට උචිත වන අයුරින් ලෙන විශාල කරවීම සඳහා භාණ්‌ඩාගාරයෙන් අවශ්‍ය අලවංගු, යවුල්, කටු, මිටි ආදිය සපයන ලදුව, දිගින් රියන් දොළහක්‌ද, පළලින් රියන් අටක්‌ද, උසින් රියන් තුනක්‌ ද වන සේ ලෙන විශාල කළ හැකි විය. අනතුරුව සඳකඩපහණ හා ගල්පඩි සකස්‌ කර ගල්ටැම් දොළහක්‌ සිටුවන ලදී. සන්නසට අනුව නම් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද්දේ මෙපමණකි. අසු පිටින් ඇද වැටීම නිසා සිදු වූ රජුගේ අකල් මරණය එසේ වැඩ නැවතීමට හේතු වන්නට ඇත. අඩාල වී තිබූ විහාර කර්මාන්තය සම්පූර්ණ කරවන ලද්දේ රජුගේ මලණුවන් වූ ආස්‌ථාන නම් කුමරුන් විසිනි. ඒ අනුව ගලින් බිත්ති බැඳවීම, අගුල් යතුරු සහිත දොර ජනෙල් තනවා ඇල්ලීම, දොළොස්‌ රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාව හා එහි දෙපැත්තෙන් තැන්පත් කිරීම සඳහා හිඳි පිළිම හයක්‌ කරවීම, වියන් සිත්තම් අඳවා බිත්තිවල සුවිසි විවරණය ඇන්දවීම ආදිය කරවා ඇත්තේ එතුමාය.


    ඒ හැරුණු විට හරස්‌ බිත්තිවල අපාය හා දිව්‍යලෝකයන් අන්දවන ලද අතර, ලෙන ඉදිරිපස මණ්‌ඩපයෙහි වහළ උළු සෙවිලි කරවීම, නව රියන් දාගබක්‌ කරවා බෝධියක්‌ සිටුවීම, පොහොය ගෙය හා ආවාසයක්‌ කරවීම මෙන්ම විහාර භූමියෙහි කොස්‌, අඹ, පොල්, කෙසෙල් ආදිය සිටුවීමද කරවා ඇත. එසේම විහාරස්‌ථානයට අවශ්‍ය තිර, වියන, කුඩා කොඩි, බෙර, දවුල්, පඩික්‌කම්, බුලත් හෙප්පු, පහන් ආදිය හැරුණු විට පවරා දී ඇති ගොඩ මඩ ඉඩම් ප්‍රමාණයද පනස්‌ අමුණක්‌ පමණ වේ. එසේ පවරා දුන් ඉඩම් අතර අතිරහපිටිය, තුම්පනේවෙල, අළුපොතවෙල, ඌරාදෙනිය, ගනේකුඹුර, ගෙදරවෙල, අස්‌වැද්දුම ආදියද ඇත. විහාර කර්මාන්තයේ නිරත වූ ශිල්පීන්, ගල් වඩුවන්, සිත්තරුන් ආදින්ටද මිල මුදල් හා සමක්‌කට්‌ටු (ඇඳුම්) පරිත්‍යාග කර ඇති අතර ඒ සඳහා සම්බන්ධ වූවන් ලෙස විශ්වාස කරන්නෙ දෙවරගම්පල සිල්වත්තැන, නීලගම පටබැන්දා, කොස්‌වත්තේ හිත්තර නයිදේ ආදී වශයෙන් වූ එම යුගයේ සිටි විශිෂ්ටතමයන්ය. මෙසේ කරවූ විහාර කර්මාන්තය පූජා කරන ලද්දේ මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියන් ඇතුළු එහිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවටයි. ඊට හේතුව රාජාධිරාජසිංහ රජුද මොරතොට හිමියන්ගෙන් ශාස්‌ත්‍රය හැදෑරූ අයෙකු වීමයි.

    මෙම තොරතුරු අනුව පැහැදිලි වන්නේ රාජාධිරාජසිංහ නමින් රජවූයේ ඉහත සඳහන් ආස්‌ථාන කුමරු බවයි. දෙගල්දොරුවේ සිතුවම් පිළිබඳ ආනන්ද කුමාරස්‌වාමි මහතා ප්‍රකාශ කර ඇති පරිදි ඒවායේ අගය රඳා පවතින්නේ ශෝභනත්වය හා සිත්කළු බව නිසාම පමණක්‌ නොව රටේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ඒවා මගින් ප්‍රකාශ වන හෙයිනි.
    [/SIZE]
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    දෙගල්දොරුව විහාරස්‌ථානයට පවරා දී ඇති ඉඩම් ගැන සඳහන් කරන විට මාතලේ අතිරහපිටියේ කුඹරුයාය පැවරීමේ සිද්ධිය පසුපස ඇත්තේද රසවත් කතාවකි. ඉන් කියෑවෙන අන්දමට පින්නපායේ දිසාව (ඇරැව්වාවල නිලමේ) මහ වාසල සඳහා මාතලේ වැලිගල පිහිටි ඉඩමක්‌ අස්‌වැද්දුවේ සැතපුම් හයක්‌ පමණ ඈතින් පිහිටි ඇල්කඩුව ප්‍රදේශය හරහා ගලා යන මහඔය හරස්‌ කර ජලය ලබා ගනිමිනි. ඒ සඳහා බැZඳි වේල්ල සක්‌කරවත්ත වතු යායෙහි තිබෙන බව "ලෝරි " විසින් පවසා ඇත. නව වාරි කර්මාන්තයද සමගින් ඉඩම අස්‌වැද්දූ පින්නපායේ දිසාව රජුට ආරාධනා කර සිටියේ එය බැලීමට පැමිණෙන ලෙසයි. රජුට ආසන පැනවීම සඳහා කුඹුරුයාය මැද පත්තිරිප්පුවක්‌ද ඔහු විසින් කරවන ලද හෙයින් එය පිහිටි ස්‌ථානය ඉන්පසුව ප්‍රසිද්ධ වී ඇත්තේ පත්තිරිප්පුවේ ලියෑද්ද යනුවෙනි. රජු පැමිණීමට නියමිතව තිබූ දිනයේදී එතුමා උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට අවශ්‍ය විධිවිධාන සියල්ල දිසාවේ විසින් පිළියෙල කළද රජු පැමිණියේ නැත. ඊට හේතුව වූයේ සෙංකඩගල සිට මාතලේට ගොස්‌ බලාකියා ගන්නට තරම් වටිනා යමක්‌ පින්නපායේ විසින් කර නැතැයි ඔහුට විරුද්ධව සිටි ඇමැතිවරු රජුට පවසා සිටීමයි. \

    මහ වාසල සඳහා කුඹුරුයාය අස්‌වැද්දුවද රජුගේ නොපැමිණීම නිසා කළකිරීමට පත් දිසාව රජුට සංග්‍රහ පිණිස සූදානම් කර තිබූ අතිරස සියල්ල කුඹුරට වීසි කරන ලෙස අණ කළේය. එතැන් සිට එම ප්‍රදේශය අතිරහපිටිය නමින් හැඳින්විණි. අනතුරුව දිසාව විසින් එම කුඹුරු යාය එවකට වැඩ අවසන් වෙමින් පැවති දෙගල්දොරුව විහාරයට පූජා කළ අතර රජු දැක්‌මට පැමිණ සිටි ජනතාවද සාදු නාද දෙමින් එය අනුමත කළහ. සිද්ධිය සැළවූ විට රජුද එම පූජාව අනුමත කොට කුඹුරුයාය සන්නසකින්ම විහාරස්‌ථානයට පවරා දෙන ලෙසට අණ කරන ලදැයි "ලෝරි"ගේ කෘතියේ සඳහන්ය.

    දෙගල්දොරුව පිළිබඳ කතාබහ නැවත වරක්‌ රට පුරා පැතිරී යන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ (1798-1815) වකවානුවේදීය. ඒ "ලෝරි" කියන පරිදි මෙම විහාරස්‌ථානයේ නායක ධුරය ඉසිලූ පරණාතල අනුනායක හිමියන් 1814 දී රජු විසින් හිස ගසා මරණයට පත් කරන ලද නිසයි. එහිමියන් රජුගේ අප්‍රසාදයට ලක්‌වීම නිසා මෙසේ ඝාතනය කරන ලදැයි සඳහන් කරනු මිස ඉන් එහා යමක්‌ ලෝරි පවසා නැත. එම වකවානුව රජු විසින්a අහස පොළොව නොඋසුළන අපරාධ කළ අවධියයි. මුලින්ම රජු පරණාතල හිමියන්ට අණ කොට ඇත්තේ සිවුරු හරින ලෙසටය. එම අණට කීකරු නොවූ හෙයින් එහිමියන් උඩ වාහල සිර කොට තබා පසුව හිස ගසා දමන ලද අතර උන්වහන්සේ සතුව තිබූ වෙහෙර විහාර රාජ සන්තක කොට කොබ්බෑකඩුවේ හිමියන් හට පවරා දී ඇත. මෙම පරණාතල අනුනායක හිමියන් මොරතොට නායක හිමියන්ගේ වැඩිමහලු සොහොයුරාගේ පුත්‍රයෙකු බව ජෝන් ඩොයිලි සඳහන් කරයි. (ඩොයිලිගේ දිනනපොත - ධර්ම ශ්‍රී ගුණපාල - පිටුව 174)

    සිය ගුරු හිමියන් රජු විසින් මරණයට පත් කිරීම හේතුවෙන් එහිමියන්ගේ ගෝල පිරිස කොළඹට පලා ගියහ. එම ගෝලයන්ගෙන් එක්‌ අයෙකු වූයේ පරණාතල රතනපාල හිමියන්ය. මේ පිරිස නැවතත් උඩරට පැමිණියේ 1815 දී ඉංග්‍රීසි හමුදාවත් සමග යෑයි සඳහන් වේ. ඉංග්‍රීසී පාලනය යටතේ දෙගල්දොරුව නැවතත් මොරතොට හිමියන්ගේ පාර්ශ්වයට හිමි වූ අතර 1849 වන තුරුම එහි විහාරාධිපතිව සිටියේ පරණාතල රතනපාල හිමියන්ය. 1849 දී එහිමියන් උපැවිදි වූයේ දෙගල්දොරුව විහාරය සතු ඉඩකඩම් රාජකරුණා සෙනෙවිරත්න අබේකෝන් වාසල මුදියන්සේලාගේ ටිකිරි බණ්‌ඩාර නම් අයෙකුට අනූනව අවුරුදු බද්දට පවරමිනි. 1858 සිට 1875 දක්‌වා යටිනුවර රටේ මහත්මයා ධුරය දරා ඇත්තේ උපැවිදි වූ මෙම පරණාතල රතනපාල හිමියන්ය.

    ඉංග්‍රීසීන් විසින් උඩරට යටත් කර ගැනීමෙන් පසුවද කිරිවවුලේරාළගේ ඥාතියෙකු පිළිබඳව තොරතුරක්‌ දෙගල්දොරුවෙන් අසන්නට ලැබේ. ඔහු නමින් මියනදෙණියේ ලේකම් නැමැත්තෙකි. දිනක්‌ ඔහුගේ වලව්වට කඩා වැදුණු මැලේ ජාතික දාමරිකයෝ ඔහු සතු වස්‌තුව කොල්ල කෑහ. ඉන් නොනැවතුණු සොරු ඔහුගේ බඩද කපා දැමුවේ බොකු බඩවැල් එළියට එන අයුරිනි. එම අවස්‌ථාවේදී තමන් ඇඳ සිටි ඇඳුමෙන් බඩ තද කර ගත් මියනදෙණියේ ලේකම් තම දේපළ හා වත්කම් එකම දියණියට පවරා දෙන තුරු අවසන් හුස්‌ම නොහෙළා සිටින්නට තරම් දැඩි සිත් ඇත්තෙකු විය. මෙම සිදුවීම ජෝන් ඩොයිලි ට වාර්තා වූ අතර ඒ පිළිබඳ කළ පරීක්‍ෂණයේදී සාක්‌ෂි සපයමින් දාමරිකයන් අල්ලා ගැනීම සඳහා ආධාර වූයේ මියනදෙණිය ලේකම්ගේ දියණියයි. එවැනි බිහිසුණු අවස්‌ථාවකට මුහුණ දෙමින්, සිහි නුවණින් කටයුතු කළ ආකාරය පිළිබඳ ප්‍රශංසා කළ ඩොයිලි ඇයට පොද්දල්ගොඩින් අමුණු තුනක ඉඩකඩම්ද පරිත්‍යාග කර ඇත. දාමරිකයන් හට මරණ දණ්‌ඩනය නියම කරන ලදී.

    ඉඩකඩම් දේපළ පවරා දීමේදී උඩරට ක්‍රියාත්මක වූ එක්‌ චාරිත්‍රයක්‌ වූයේ ඒවා තමන් විසින් පවරා දෙන වග වචනයෙන් ප්‍රකාශ කිරීමයි. එහිදී දේපළ ලබන්නාද තමන්ට එම දේපළ ලැබුණු බව ප්‍රකාශ කළ යුතුය. පැවරීම නීත්‍යනුකූල වන්නේ එවිටයි. මියනදෙණිය ලේකම් විසින් කරන්නට ඇත්තේද මේ අයුරින් දේපළ පැවරීමකි. 1808 දී සිදු කරන ලද මෙවන් තවත් ඉඩමක්‌ පැවරීමක්‌ පිළිබඳ ලෝරි විසින් විස්‌තර කර ඇත. ඉඩම් පවරා දුන් පුද්ගලයා වූයේ දුම්බර අදිකාරම වූ දෙගල්දොරුවේ අමුණුගම මීගස්‌තැන්නේ අදිකාරමය. මරණ මංචකයේ හිඳිමින් බිරිඳ වූ පිළිමතලව්වේ කුමාරිහාමිට සිය දේපළ පැවරූ ඔහු ඇයගෙන් ඉල්ලා සිටියේ නැවත විවාහ නොවන ලෙසයි. ස්‌ත්‍රී ලෝලියෙකු වූ සිය ස්‌වාමියාගේ එම කොන්දේසිය ඇසූ ඇය දේපළ ලැබුණු බව සිරිත් ප්‍රකාරව ප්‍රකාශ නොකළ අතර පසුව ඇහැලේපොළ මහ නිලමේ සමග විවාහ වූවාය.

    මියනදෙණිය ලේකම්ගේ දියණිය මියනදෙණිය වලව්වේ ඩිංගිරිඅම්මා නමින් හැඳින්වෙන අතර ඇය විසින් දෙගල්දොරුවේ පිහිටි ලාස්‌ පහක ඉඩමකට දෙගල්දොරුවේ මඩුවේ ලේකම් සමග නඩු කියා ඇත. ඒ පිළිබඳ විභාගයේදී හෙළි වී ඇත්තේ ඇයගේ මව මෙන්ම මවගේ සහෝදරයා වූ දෙගල්දොරුවේ ලේකම්වද ඝාතනයට ලක්‌ වී ඇති බවයි. ඒ කවර අවස්‌ථාවකදී දැයි සඳහන් නැති අතර ඇතැම් විට එම මරණද සිදුවන්නට ඇත්තේ මැලේ ජාතික දාමරිකයන් අතින් විය හැකිය.

    මේ අයුරින් සියවස්‌ ගණනක ඉතිහාසය තුළ දෙගල්දොරුව වැසියන් විඳි දුක මෙන්ම සැපද දුටු එක්‌ අයෙක්‌ පමණක්‌ තවමත් දෙගල්දොරුවේ වැඩ වෙසෙති. ඒ අන් කවරෙකුවත් නොව දෙගල්දොරුව පව්ව මත තිබූ සිය වාස භවනය බුදුරදුනට පුදා නාපානගේ වත්තේ හුදෙකලා කුඩා දෙවොලෙහි වැඩ වාසය කරන්නා වූ පිටියේ දෙව් රාජාණෝය.මෙසේ පිටියේ දෙවියන්ගේ දේවාලය නිසා ගම්පොළ යුගයේදී කන්ද උඩරට ජනතාවගේ අවධානයට ලක්‌ව තිබූ දෙගල්දොරුව පිළිබඳ වැදගත් සිදුවීමක්‌ නැවත අසන්නට ලැබෙන්නේ දෙවන රාජසිංහ (1635 - 1687) යුගයේදීය.

    මේ අයුරින් සියවස්‌ ගණනක ඉතිහාසය තුළ දෙගල්දොරුව වැසියන් විඳි දුක මෙන්ම සැපද දුටු එක්‌ අයෙක්‌ පමණක්‌ තවමත් දෙගල්දොරුවේ වැඩ වෙසෙති. ඒ අන් කවරෙකුවත් නොව දෙගල්දොරුව පව්ව මත තිබූ සිය වාස භවනය බුදුරදුනට පුදා නාපානගේ වත්තේ හුදෙකලා කුඩා දෙවොලෙහි වැඩ වාසය කරන්නා වූ පිටියේ දෙව් රාජාණෝය.


    [URL="http://www.srilankaview.com/Degaldoruwa/Degaldoruwa_%20(1).htm"]
    තවත් ඡයා රෑප රැසක්
    [/URL]
     
    Last edited:

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    ගොඩක් හොඩ වැඩක්! දවස් කියක් ගියාද බං type කරන්න?
    46034.gif
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    නියමයි මචන් ගොඩක් මහන්සි වෙලා තියෙනවා
    ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට:D
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    කන්ද උඩරට ප්‍රෞඩ අභිමානවත් ඉතිහාසය... :) ස්තුතියි යාලුවා.. තොරතුරු බෙදා ගතාට
    11.gif

    ගොඩක් මහන්සි වෙල තියනවා වගේ.... :rolleyes:

    You must spread some Reputation around before giving it to **cut again. :(