දෙඤ්ඤං කිව්වට වැඩේ මඤ්ඤං
ආණ්ඩුවට ආර්ථික අර්බුදය ජයගන්නට පුළුවන් වේවිද?
ශ්‍යාම් නුවන් ගනේවත්ත
යුද ජයග්රහණයෙන් පසු එදා අප කතා කළේ ආර්ථික යුද්ධය ජය ගැනීම ගැනය. එහෙත් දැන් අපට ප්‍රශ්න කිරීමට සිදුව ඇත්තේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීමට මේ යහපාලන රජයට පුළුවන් වේද යන්නයි. රට පාලනය කිරීම දේශපාලන වේදිකාවේ කතා කරනවාට වඩා අමාරු වැඩකි. අද අප රට මුහුණ දී සිටින ආර්ථික ප්‍රශ්න සියල්ලට හේතුව වී ඇත්තේ ලෝක ආර්ථික පසුබෑම හෝ රාජපක්ෂ පාලනයේ වැරදි නිසා බව කියන්නට ආණ්ඩුවක් අවශ්‍ය නැත. ආණ්ඩුව කළ යුතු වන්නේ නිසි ආර්ථික කළමනාකරණයක් තුළින් එම තත්ත්වයන් නිවැරදි කර ගැනීමයි. ලෝක ආර්ථිකයේත් පසුබෑමක් තිබේ. අපේ ආර්ථිකයේත් විශාල පසුබෑමක් තිබේ. ආර්ථික වර්ධන වේගයේ ඇතිව තිබෙන පසුබෑමට අමතරව ආර්ථිකයේ තවත් අංශ ගණනාවක ප්‍රශ්න මේ වන විට උත්සන්න වී ඇත. ඒවාට තවමත් නිසි විසඳුම් ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසා සිදුව ඇත්තේ දිනෙන් දිනම එම ආර්ථික අර්බුදය තවත් උත්සන්න වී, පීඩාවට පත් වීමට මහජනතාවට සිදු වීමයි. ඒ මදිවාට වත්තල ඇවිදින මංතීරුව විනාශ කිරීම වැනි ජෝන් බාස් වැඩද සිදු වෙමින් තිබේ. මේ පසුබිම තුළ වත්මන් යහපාලන ආණ්ඩුවට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ජයගත හැකිද යන්න ගැන අපි සාකච්ජා කරමු.
නව රජයක් යටතේ පැවති රජයේ වැඩපිළිවෙල වෙනුවට නව දැක්මක් අනුව අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සාමාන්‍යයෙන් සිදු වන දෙයකි. එහෙත් සංවර්ධන වැඩ කටයුතු සම්බන්ධයෙන් මේ රජය ක්‍රියාත්මක කරන අලුත් වැඩපිළිවෙළ කුමක්ද යන ප්රශ්නය මතුව තිබේ. මේ රජයට එවැනි සංවර්ධන දැක්මක්, වැඩපිළිවෙලක් තිබේද? මේ යහපාලන රජය බලයට පත් වී ගෙවී ගිය කාලයේදී කළ කී දේ අනුව මේ ප්රශ්නය අපට මතු වන්නකි. අලුතින් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා වෙනුවට සිදු වෙමින් පැවති සංවර්ධනයද නතර වීම සහ දැන් දැන් ගිය ආණ්ඩුව කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති විනාශ කරන ජෝන් බාස් වැඩ සිදු වන බවක් ද දක්නට තිබේ. පසුගිය කාලයේදී ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යාපෘති නතර වීම හෝ ප්‍රමාද වීම සිදු විය. වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ද මින් ප්‍රධාන එකකි. නොයෙකුත් පරිසර ප්‍රශ්න මතු කරමින් නතර කළ එය, නැවත ක්‍රියාත්මක කරන්නට ද මේ රජය තීරණය කර ඇත. එහෙත් එය නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණත්, එම ප්‍රමාදය නිසා සිදු වූ ඇති විශාල පාඩුවක් ද තිබේ. මෙලෙස වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු පසුගිය රජයේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති නොයෙකුත් චෝදනා ඉදිරිපත් කරමින් තාවකාලිකව හෝ නතර කළ නිසා සිදු වූයේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය අඩපණ වීමයි. ආර්ථික වර්ධනය මන්දගාමී වීමයි. මේ රජය බලයට පත් වීමෙන් පසු ප්‍රකාශයට පත් කළ ආර්ථික වර්ධන ඉලක්ක පවා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමයි. ඒ නොහැකියාව වසා ගන්නට, මේ රජය දැන් කරන්නේ එම සියලු අසාර්ථකත්වයන් ලෝක ආර්ථික පසුබෑමට සහ රාජපක්ෂ පාලනයට බැර කිරීමයි. මෙලෙස අඩපණ වූ රටේ යටිතල පහසුකම් සංවර්ධනය තමන්ගේ වැඩපිළිවෙළක් හෝ දැක්මක් අනුව යළි පණ ගන්වනවා වෙනුවට, එම ඇතැම් ව්‍යාපෘති විනාශ කිරීමටද මේ අය යොමුව සිටීම බෙහෙවින් කනගාටුදායකය. වත්තල කළුඇල ප්‍රදේශයේ පසුගිය රජය විසින් ඉදිකර, එම ප්‍රදේශයේ මහජනතාව විසින් ප්‍රයෝජනයට ගනිමින් තිබූ ඇවිදින මං තීරුව කඩා විනාශ කිරීම ප්‍රදේශවාසීන්ම කියන පරිදි සාහසික අපරාධයකි. එය පක්ෂ භේදයෙන් තොරව මහජන සංවේගයට හා කෝපයට හේතු වී තිබෙන කරුණකි. මෙලෙස තමන් කරන හරි හමන් අලුත් දෙයක්ද නොමැතිව, බොහෝ දේ අනාගෙන සිටින මේ රජයේ ජෝන් බාස්ගේ සංවර්ධනයෙන් රට ඉදිරියට ගෙන යා හැකිද සහ වත්මන් ආර්ථික අර්බුදය ජය ගත හැකිද යන ප්රශ්නය මතුව තිබේ.
නොයෙකුත් ආර්ථික ප්‍රශ්න වලට නොයෙකුත් හේතු තිබෙනවා විය හැකිය. එහෙත් මෙහිදී ආණ්ඩුව කළ යුත්තේ නිසි ආර්ථික කළමනාකරණයක් තුළින් ඊට මුහුණ දී, එම ආර්ථික ප්‍රශ්න සමනය කර ගැනීමට කටයුතු කිරීමයි. කතාවෙන් නොව වැඩවලින් මේ හැකියාව පෙන්විය යුතුව තිබේ. මේ ආණ්ඩුව රටේ ආර්ථික ප්‍රශ්න විස¹ ගැනීම සඳහා නොයෙකුත් පියවර ගනිමින් සිටියත්, ඒවා තවමත් සාර්ථක වී නැත. ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය පසුගිය සතියේ රු. 150 ද පසු කළේය. මහ බැංකුව විදේශ සංචිතයේ ඩොලර් යොදාගෙන රුපියලේ අගය රැක ගැනීමට උත්සහ ගත්තත් එය ඉතා අපහසුය. ඒ නිසා වත්මන් විදේශ විනිමය අර්බුදයට ද ස්ථිරසාර විසඳුමක් දියත් කර ඇති බවක් පෙනෙන්නට නැත. නිසි මිලක් නොලැබීමෙන් තේ, රබර් සහ වී ගොවීහු අන්ත අසරණ තත්ත්වයට පත්ව අද වන විට රටේ කෘෂිකර්ම ක්ෂේත්රයේ විශාල ප්‍රශ්නයක් තිබේ. මෙලෙස ආර්ථික වර්ධනය මන්දගාමී වීමට අමතරව රාජ්‍ය මුලය අර්බුදය, විදේශ විනිමය අර්බුදය, විදුලි අර්බුදය සහ කෘෂිකර්ම ක්ෂේත්රයේ අර්බුදය ඇතුළු ආර්ථිකයේ අංශ රැසක ප්‍රශ්න හමුවේ රටේ ආර්ථික අර්බුදය දිනෙන් දිනම උත්සන්න වෙමින්, මහජන අසහනය වර්ධනය වෙමින් තිබේ. මේ ප්‍රශ්න මදිවාට, පසුගිය දිනවල පැවති නියඟයෙන්ද ගොවීන්ට පීඩා සිදු විය. මේ ප්‍රශ්න විසඳා ගැනීමට ඇති නොහැකියාව හමුවේ මේ ආණ්ඩුවේ අය 'රාජපක්ෂ මන්තරය 'නිරන්තරයෙන්ම ජප කරමින් සිටිනුද පෙනෙයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මෙන්ම, මෑතදී ආණ්ඩුවේ ඇමැති ධුරයකින් පිදුම් ලැබූ µSල්ඩ් මාෂල් සරත් ෙµdන්සේකා පමණක් නොව ජවිපෙ නායක අනුර කුමාර දිසානායකලාද මේ මන්ත්‍රය ජප කර දෙමින් ආණ්ඩුවේ දේශපාලන පැවැත්මට සහාය දෙමින් සිටියි. එහෙත් රට හමුවේ තිබෙන ආර්ථික අර්බුදයට, දේශපාලන අවලාද නැගීමෙන් ජනතාවට වන සෙතක් නැති බව ආණ්ඩුවේ සියලු දෙනාම තේරුම් ගත යුතුය.
රටට ප්‍රමාණවත් ලෙස විදේශ විනිමය ගලාගෙන නොඒම නිසා මතුව ඇති විදේශ විනිමය අර්බුදය හමුවේ රුපියල දිගින් දිගටම පිරිහෙමින් සියලු ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ යමින් තිබේ. විනිමය අර්බුදයට සහනයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක සහන ණයක් ගැනීමටද රජය සූදානම් වෙයි. එහෙත් එහිදී රජයට මුහුණ දීමට සිදු වන ප්‍රශ්නයක් වන්නේ, එම අරමුදලේ කොන්දේසි අනුව කටයුතු කිරීමට සිදු වීමයි. එසේ ආණ්ඩුව වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, රටේ ඇතැම් ආර්ථික සැලසුම් පිළිබඳ තීන්දු කරන විට, එය රට මුහුණ දී සිටින ආර්ථික, සමාජ, දේශපාලන අර්බුද තවත් උග්‍ර කිරීමට පසුබිම සකසයි. මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාවට සහන දෙන්නට පොරොන්දු රැසක් ලබා දීමෙනි. අද ඒවා ඉටු කිරීමට නොහැකි තත්ත්වයට මේ ආණ්ඩුව පත්ව ඇත. දින සියයේ ආණ්ඩු කාලයේදී නම් මැතිවරණය ඉලක්ක කරගෙන හෝ නොයෙකුත් සහන ලබා දීමට රජය කටයුතු කළේය. එහෙත් නිසි දුර දැක්මක් නැතිව ගත් ඇතැම් තීන්දු නිසා ආර්ථික ප්‍රශ්න සමනය වෙනවා වෙනුවට ඒවා තවත් උත්සන්න වීම සිදුව තිබේ. රාජ්‍ය සේවකයන්ට රු.10,000 කින් වැටුප් වැඩි කිරීමේ ගත් තීරණයත් එවැන්නකි. මේ ඇතැම් තීරණ නිසා අද ආණ්ඩුව විශාල හිර වීමකට ලක්ව ඇත. දැන් ඒ සහන ඉවත් කරන්නටද නොහැකිය. ඒ නිසා සිදු වන්නේ අලුතින් ජනතාව මත බදු බර පටවන්නට රජයට සිදු වීමයි. ඒ තුළ බදු ගෙවන අති මහත් බහුතර ජනයා පීඩාවට පත් වෙයි.
ආණ්ඩුව මුහුණ දී සිටින උග්‍ර මූල්‍ය දුෂ්කරතාව නිසා, වසර අගදී ඉහළ යන අය වැය හිඟය පියවා ගැනීමේ ප්‍රශ්නයට අමතරව, එදිනෙදා වියදම් පියවා ගැනීමේ දුෂ්කර තත්ත්වයකටද මුහුණ දී සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යැම හැර වෙනත් විකල්පයක් නැති තත්ත්වයටද රජය පත්ව ඇත. එහි ප්‍රතිපලය වන්නේ එහි කොන්දේසි අකමැත්තෙන් හෝ ඉටුකරන්නට ආණ්ඩුවට සිදු වීමයි. නව බදු සංශෝධන එහි එක් පියවරක් විය හැකිය. තවමත් මුල්‍ය අරමුදලෙන් රජය ණය ලබාගෙන නැති නමුත්, ඒ සඳහා රජය එම අරමුදල සමග සාකච්ජා කර තිබේ. ඒ අනුව එම ණය ලබා ගැනීම සඳහා පසුබිමද සකසා ගත යුතුය. රජයන් විසින් ජනතාවට සහනාධාර දෙනවාට මුල්‍ය අරමුදල කවදත් බාධා ඇති කරන බව අපි දනිමු. එනිසා ඉදිරියේදී ජනතා සහන කැපීමේ පියවරයන්ට, රාජ්‍ය අංශය කප්පාදු කිරීමේ පියවරයන්ට රජය බොහෝ විට යොමු විය හැකිය. අලුත් බදු පැනවීම් සහ පවතින බදු වැඩි කිරීම් මෙන්ම මෙතෙක් ක්‍රියාත්මක සහනාධාර වැඩසටහන් බොහොමයක සහන ප්රතිලාභ අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග, මේ තුළ බොහෝ දුරට ඇති වීමට ඉඩ තිබේ. අගමැති මෙන්ම මුදල් ඇමැතිවරයාද ආණ්ඩුව මූල්‍ය අර්බුදයක සිටින බව ප්‍රසිද්ධියේ නොකියන නමුත් ආර්ථිකයේ තත්ත්වය අනුවත් නොයෙක් ඇමැතිවරු කියන කතා වලිනුත් එය පැහැදිලය.
පසුගියදා බදු ඉහළ නංවමින් අගමැතිවරයා කීවේ, වැට් බද්ද ඉහළ දැමීමෙන් අඩු ආදායම් ලාභීන්ට පීඩාවක් ඇතිවීමට ඉඩ නොදෙන බවත්, ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලි බලය සඳහා වැට් බදු නොපනවන බවත් තෝරාගත් තොග සහ සිල්ලර භාණ්ඩ මත පමණක් වැට් බදු පනවන බවත්ය. අගමැතිවරයා එසේ කීවත් දැනටමත් රුපියල පිරිහීම නිසා සියලුම ආනයනික භාණ්ඩ වල මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඊට අමතරව දේශීය බදු මගින් දේශීය භාණ්ඩ හා සේවාවල මිල වැඩි වී ජීවන වියදම ඉහළ යාම සිදු වේ. එවිට උද්ධමනය ඉහළ ගොස් පොලී අනුපාත වැඩි වීමට බලපෑමක් ඇති වේ. එවිට සිදු වන්නේ ආයෝජන ක්‍රියාවලිය මන්දගාමී වී දේශීය නිෂ්පාදන කටයුතු පසුබෑමට ලක් වීමයි. මේ අනුව මේ වසරේ (2016) මුලින් අපේක්ෂා කළ සියයට 6.5 ක ආර්ථික වර්ධනයද සපුරා ගැනීමට දුෂ්කර වනු ඇත. ඒ අනුව බොහෝවිට ඉලක්ක කළ ආර්ථික වර්ධනය සියයට 1 කින් පමණ පහත වැටී, මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 5.5 කට පමණ සීමා වනු ඇතැයි දැන් අපේක්ෂා කෙරේ. මේ තත්ත්වය රැකියා අවස්ථා ජනිත වීම අඩුවීමට ද බලපායි. එහෙත් අගමැතිවරයා රැකියා දසලක්ෂයක් ලබා දෙන බව කියයි. මේ රැකියා ලබා දෙන වැඩපිළිවෙල සහ ඒ සදහා අනුගමනය කරන සැලසුම කුමක්ද සහ එම රැකියා ලබා දෙන්නේ කුමන අංශවලද යන්න ගැන රජය රටට පැහැදිලි කළ යුතුව තිබේ. උද්ධමනයද වැඩි වෙමින් තිබේ. එවිට පොළී අනුපාතද ඉහළ යයි. එවිට වඩා බරපතළ ප්රශ්නය වන්නේ විදේශ ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීමට පසුබට වීමය. දැනටමත් ඇතැම් විදෙස් ආයෝජකයින් තම මුදල් අප රටෙන් ඉවත් කරගෙන තිබේ.
බලයට එන්නට පෙර දුන් දේශපාලන පොරොන්දු ඉටු කරන්නට නොහැකිව, මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ නොහැකියාව ප්‍රදර්ශනය කරමින සිටින අතරම, රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000/} කින් වැඩි කිරීම ඇතුළු නොයෙකුත් සහන යෝජනා නිසා රජයට විශාල වියදමක් දැරීමට සිදුව ඇත. එසේම අයවැයේ ආදායම් යෝජනා ද එතරම් සාර්ථකම නැත. ආර්ථිකය හැම පැත්තකින්ම අහිතකර තත්ත්වයට පත්ව ජනතාව පීඩාවට පත්වෙමින් තිබේ. යහපාලන ආණ්ඩුව මුළු ලෝකයම තම මිතුරන්යෑයි කීවත් අද සිදුව ඇත්තේ අපට ණය ආධාර දෙන්නට කෙනෙකු නැති තත්ත්වයට පත් වීමයි. ඉන්දියාව රුපියලේ අගය රැකගන්නට පොඩි මුදලක් දී ඇත. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල කියන තරම් සැබෑ සහයෝගයක් නැත. ඉදිරියේදී මහින්ද රජයටත් වඩා ඇතැම් විට මේ මෛත්‍රී - රනිල් ආණ්ඩුව, චීනය සරණ ගියත් එය පුදුමයට කරුණක් නොවේ.
නිසි ආර්ථික කළමනාකරණයක් නැත්නම් රට විශාල ආර්ථික අර්බුදයකට ගමන් කරන බවට මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා ද කීවේය.
රජයේ මුදල් නොමැතිකමේ ගැටලුව දිගටම වර්ධනය වෙමින්ද තිබේ. ඒ සඳහා ප්‍රමාණවත් ලෙස රජයේ බදු ආදායම් වර්ධනය කර ගැනීමට නොහැකි නම් වන්නේ රාජ්‍ය ආයතන සහ ඇතැම් ආයතන සතුව ඇති රජයේ අයිතිය විකුණා දමා මුදල් සොයා ගැනීමටය. මෙවැනි ක්‍රියාමාර්ගවලට යොමු වන බවට වන ඉඟිද මේ රජයෙන් පළව තිබේ. මේ ආර්ථික ප්‍රශ්න හැම එකක්ම ඇති වී තිබෙන්නේ පසුගිය රාජපක්ෂ පාලනයේ වරදින් බව කිය කියා සිටීම ද දිගටම කළ නොහැක්කක් බැවින් ආර්ථිකය හොඳ තත්ත්වයට පත් කර ගත යුතු වන්නේ, වත්මන් රජයමය. දැන් මේ අය රජය භාර ගෙන සැළකිය යුතු කාලයක් ගත වී තිබුණත්, ආර්ථිකය පැවැති තත්ත්වයෙන් වඩා ඉදිරියට ගැනීමට මෛත්‍රී - රනිල් ආණ්ඩුව සමත් වී ඇති බවක් නොපෙනේ. අද මේ ආණ්ඩුවේ වැරදි ගැන ශ්‍රීලනිප ඇමැතිවරු කියන්නේ කුමක්ද? ඔවුන්ට එම වැරදි වලට එරෙහිව කළ හැකි යමක් තිබේද? මේ සියලු දේට මුක්කුවක් වී සිටින ඔවුන් අද ආණ්ඩුවේ පැවැත්ම රැක දුන්නත්, අනාගතයේ ඔවුන්ගේ දේශපාලන පැවැත්ම තීරණය කරන්නේ ජනතාව විසින්ම බව යහපාලන ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැති නඩය තේරුම් ගත යුතුය. ආර්ථික අර්බුදය හමුවේ ඉතා අමාරුවෙන් ඇදගෙන යන මේ රජයට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හට කෙතරම් කාලයක් ඔක්සිජන් සැපයීමට හැකි වනු ඇතිද? අපි බලා සිටිමු.
copyright Divaina newpaper

Last edited: