දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා ඒවා ලබා ගැනීමට ක&#35

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ

    සියපින් සිරින් සරු
    දෙතිස් ලකුණින් විසි තුරු
    කෙලෙසුන් කෙරෙන් දුරු
    වඳිම් මුනි උතුමන් තිලෝගුරු
    යනුවෙන් වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්යය ආරම්භයේ දී බුදුගුණ වැනූ පරිදි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්රී ශරීරයෙහි උපතින් පිහිටි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව විමර්ශනයක් කිරීම මේ ලිපියෙහි අරමුණයි.
    සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් පසු සුදොවුන් රජ මැදුරට සපැමිණි අසිත තවුසා සිදුහත් කුමරුගේ දේහ ලක්ෂණ බලා ඒකාන්තයෙන්ම බුදුවන බව දැන කුමරුට වැන්දේ ය.
    එමෙන් ම බෝසතුන් ඉපදී සත් දිනකින් නම් තබන දිනයේ දී රජ මැදුරට සපැමිණි සිව් වේදයෙහි පරතෙරට පත් බමුණන් එකිසිය අටදෙනෙකුගෙන් එකසිය හත් දෙනෙකු ම ඒ අංග ලක්ෂණ බලා “මෙකුමරු ගිහි ව සිටියහොත් සක්විති රජ කෙනෙකු වන බවත්, ගිහි සැප අත්හැර දමා පැවිදි වුවහොත් ලොව්තුරා බුදු කෙනෙකු වන බවත්” පැවසූහ.
    ඔවුනතුරෙන් වයසින් බාල ම කොණ්ඩඤ්ඤ නමැති තවුසා කුමරුගේ නළලෙහි දක්නට ලැබුණු ඌර්ණ රෝම ධාතුව දැක ‘මෙකුමරු ඒකාන්තයෙන් ම රජ මැඳුර අත්හැර දමා ගොස් පැවිදි ව බුදු වන්නේ ය” යි ස්ථිරව ම ප්රකාශ කෙළේ ය.
    එසේ කීමට හේතුව නම් වෛදික ග්රන්ථවලට අනුව මෙම මහා පුරුෂ ලක්ෂණ පිහිටන්නේ එක්කෝ බුදු වන බෝසතාණන් වහන්සේ කෙනෙකුගේ සිරුරෙහි ය. නැතිනම් සක්විති රජ කෙනෙකුගේ සිරුරෙහි ය.
    දීඝ නිකායෙහි ලක්ඛණ සූත්රයෙහි විස්තර කෙරෙන පරිදි බුදු සිරුරෙහි එම උතුම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහළ වූයේ උන්වහන්සේ පෙර සංසාරයෙහි කරන ලද අපරිමිත පින් බලයෙනි. එහි දැක්වෙන පරිදි ඒවා එකිනෙක මෙහි දී කෙටියෙන් පැහැදිලි කෙරේ.
    බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සමයෙහි දිනක් භික්ෂුන් වහන්සේලා අමතා “සක්විති රජ වන්නා වූ හෝ බුද්ධත්වයට පත් වන්නා වූ හෝ මහා පුරුෂයන්ගේ සිරුරෙහි පිහිටන මහා පුරුෂ ලක්ෂණ මේ මේ ය”යි කීමට සමර්ථ අංග ලක්ෂණ විද්යාව නම් වූ ශාස්ත්රය ඉගෙන ගෙන ඇතත් එම ලක්ෂණ සිරුරෙහි උපතින් ම පහළ වීමට හේතුව ඔවුන් නො දනිති’යි ප්රකාශ කොට ඒ ඒ මහා පුරුෂ ලක්ෂණ පහළ වීමට හේතු වූ කරුණුත්, ඒවාට අදාළ අතීත කර්මත්, ඒවා පහළ වූ උතුමන්ට ලැබෙන කුශල කර්ම විපාකත් පහත දැක්වෙන පරිදි වෙන් වෙන් වශයෙන් මැනවින් දේශනා කොට වදාළහ.
    1. සුප්පතිට්ඨිතපාදතා
    “සුපිහිටි පා ඇති බව“ තථාගතයන් වහන්සේගේ ශ්රී පාදවල පිහිටා ඇති මහා පුරුෂ ලක්ෂණයකි. මෙබඳු ලක්ෂණයක් ලැබීමට උන්වහන්සේ පෙර කළ කුශල කර්මය නම් කයින්, වචනයෙන් හා සිතින් සුචරිතයන්හි හා දාන ශීලාදී දශ කුශලයන්හි යෙදීම ද, දෙමව්පිය, සිල්වතුන්, ගුණවතුන්, කුලදෙටු ආදී වැඩිහිටියනට කළ යුතු සත්කාර උපස්ථාන ආදියෙහි යෙදීම හා සෙසු බුදු බව ලැබීමට සුදුසු කුශල ක්රියාවන්හි යෙදීම ද වේ.
    එසේ පෙර තමන් සුචරිත ක්රියාවන්හි යෙදීමෙන් ලැබූ පළපුරුදු හේතුවෙන් එකල සුචරිත ක්රියාවන්හි යෙදුණ අයුරින් ම මේ ආත්මයේ දී ද කය, වචන, සිත යන තිදොරින් ම එබඳු පින්කම්හි යෙදෙති.
    පෙර සසර පුරුද්දට අනුව මේ කාලයේ ද දාන ශීලාදී සුචරිතයන්හි යෙදීම, මහණ, බමුණු, කුලදෙටු, වැඩිහිටි ආදී ගරු කළ යුත්තන්ට ගරු කිරීම, බුදු බව ලැබීමට සුදුසු පින්කම්හි යෙදීම, බුදු බව ලැබීමෙන් පසුත් පුරුද්දට අනුව කරති. එය පෙර ජාතිවල කළ කුශල කර්මයට සමාන ව ඇති වූ පුරුද්දයි.
    පෙර එබඳු උසස් පින්කම් කළ බවට සාක්ෂ්ය වශයෙන් උන්වහන්සේගේ සිරි පතුල් පොළොවෙහි මනාකොට පිහිටන බව නම් වූ “සුප්පතිට්ඨිතපාදතා” නමැති ලක්ෂණ ඇති විය. එබඳු සුචරිත ධර්මයන්හි යෙදීමේ කුශල විපාකයක් වශයෙන් අනුන් විසින් මැඩලිය නො හැකි උතුමෙක් වූ සේක. එය එම සුචරිත කර්ම විපාකය යි.
    2. හෙට්ඨානි පාදතලෙසු චක්කානි ජාතානි
    බුදුරජාණන් වහන්සේගේ ශ්රී පාදයෙහි යටි පතුල්වල චක්ර ලක්ෂණ පිහිටා ඇත. “චක්කවරංකිතරත්තසුපාදො” යනුවෙන් යසෝධරා දේවිය සිය රහල් පුතණුවන් හට පැවසූ නරසීහ ගාථාවන්හි සඳහන් වන්නේ එම කරුණයි.
    මේ ලක්ෂණ ලැබීමට පෙර කරන ලද කුශල කර්ම නම් බොහෝ දෙනාට හිත සැප පිණිස ක්රියා කිරීම, අන්යයන්ගේ බිය තැති ගැනීම් දුරු කිරීම, දැහැමි ආරක්ෂා සංවිධාන ඇති කිරීම, පිරිවර සහිතව දන් දීම ද වේ.
    පෙර කරන ලද කුශල කර්මවල පුරුද්දට අනුව බුද්ධත්වයට පත්වීමෙන් පසුත් එබඳු සුචරිත ධර්මයන්හි යෙදුණ බවට ලකුණක් වශයෙන් චක්ර ලක්ෂණය පහළ විය. එබඳු සුචරිත ධර්මයන්හි යෙදීමේ කුශල විපාක වශයෙන් මහ පිරිස් ඇති වූහ.
    යමෙක් සසර දී තමනුත් දන් දී අනුන් ලවාත් දන් දේ නම්, හෙතෙම උපනුපන් ආත්මවල දී භවභෝග සම්පත් හා යස පිරිවර සම්පත් ද ලබයි. යමෙක් තමන් තනිවම දන් දෙයි නම්, අනුන් ලවා දන් නොදේ නම් හෙතෙම භවභෝග සම්පත් කොතෙකුත් ලබන්නේ නමුත් යස පිරිවර සම්පත් කිසිවක් නොලබයි.
    3. දීඝංගුලිතා
    4. ආයතපණ්හිතා
    5. බ්රහ්මුජ්ජුගත්තතා
    දිග ඇඟිලි ඇති බව ද, දිග විලුඹ ඇති බව ද කෙළින් පිහිටි ශරීර ඇති බව ද යන මේ ලක්ෂණත්රය පහළ වූයේ පෙර ජාතිවල ප්රාණවධයෙන් හා සත්ව හිංසාවෙන් ද තොරව සියලු සත්ත්වයන්ට හිතානුකම්පීව විසීම නිසාය.
    බුදු දහම පිළිපදින බෞද්ධයෙකුගේ ලක්ෂණය බොහෝ සූත්රවල සඳහන් වන්නේ “සබ්බපාණභූතහිතානුකම්පී විහරති” යනුවෙනි. බුද්ධත්වයට පත්වූ පසුත් සසර පුරුදු පරිදි ඒ සමාන කර්ම කිරීමට හා කරවීමට රුචි විය. එහි විපාක වශයෙන් දීර්ඝායුෂ ඇත්තේ ද, සතුරන් විසින් නොනැසිය හැක්කේ ද වේ. මෙහි ‘බ්රහ්ම’ ශබ්දය යෙදී ඇත්තේ ශ්රේෂ්ඨාර්ථයෙහි ය.
    6. සත්තුස්සදතා
    තථාගතයන් වහන්සේගේ පිටිපතුල් දෙකත්, පිටිඅතුල් දෙකත්, උරහිස් දෙකත්, කරත් යන මේ සත් තැන මාංශ බහුලව පිරී තිබිණ. එයට හේතුව වශයෙන් ලක්ඛණ සූත්රයෙහි දක්වා ඇත්තේ පෙර ජාතිවල මිහිරි දේ දන්දීම ය.
    එම කුශල කර්මයෙහි පුරුද්ද නිසා බුද්ධත්වයෙන් පසුත් මිහිරි දේ දන් දීමට කැමති වූහ. එහි කුශල විපාක වශයෙන් ප්රණිත වූ ද, මිහිරි වූ ද ආහාර පාන ලැබිණ.
    තුන් සිත පහදවා ගෙණ දන්දීම නිසා මනුෂ්ය සම්පත්තිය ද, දිව්ය සම්පත්තිය ද, නිවන් සම්පත්තිය ද යන ත්රිවර්ග සම්පත්තිය ම ලැබෙන බව බුදුහු වදාළහ. එමෙන් ම දන්දීම ආයුෂ වැඩෙන ආයු සංවත්තනික කුශල කර්මයක් ලෙස බුදු දහමෙහි ඉගැන්වේ.
    7. මුදු තලුණ හත්ථපාදතා
    8. ජාලහත්ථපාදතා
    පෙර ජාතීන්හි දානය, පි්රයවදනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන සතර සංග්රහ වස්තුවෙන් මහජනතාවට සංග්රහ කිරීම නිසා මෘදු වූ තරුණ රතු පැහැති අතුල් පතුල් ඇති බව හා දැල් කවුළුවකට සමාන අත් පා ඇති බව යන ලක්ෂණ පහළ විය.
    බුදු වුණු ආත්මයේත් එබඳු කුශල කර්ම කිරීමට සිත් විය. එම කුශල කර්ම විපාක වශයෙන් දෙවි මිනිසුන් සහිත ලෝවැසියාගෙන් මැනවින් සංග්රහ ලබන මහ පිරිස් ඇත්තෙක් වූහ.
    9. උස්සංඛපාදතා
    10. උද්ධග්ගලොමතා
    පෙර ආත්මභාවවල දී බොහෝ දෙනාට අර්ථ ධර්ම නිශි්රත වචනයෙන් කථා කරන නිසා පිරුණු ගොප් මසැති පා ඇති බව හා උඩුකුරු අග් ඇති රෝම ඇති බව යන ලක්ෂණ ඇති විය. එහි කුශල කර්ම විපාක වශයෙන් ගිහි වූයේ නම් කාමභෝගීන් අතර ශ්රේෂ්ඨ වේ. පැවිදි වූයේ නම් සියල්ලන්ට ම ශ්රේෂ්ඨ වේ.
    11. එණිජංඝතා
    පෙර ආත්ම භාවයන්හි දී මහජනතාවට ශිල්ප ශාස්ත්ර උගන්වා සුසිරිතෙහි යොදාලීම නිසා ඕලු මුවන්ගේ මෙන් කොණ්ඩා ඇති යන ලක්ෂණය පහළ විය. එහි විපාක වශයෙන් ගිහි වූයේ නම් ගිහියනට අවශ්ය උපභෝග පරිභෝග වස්තුන් ද, පැවිදි වූයේ නම් පැවිද්දනට අවශ්ය එබඳු වස්තූන් ද ලැබේ.
    තමන් විසින් සිදු කරනු ලබන ක්රියාවට අනුරූප වූ විපාක ලැබෙන බව බුදුහු පෙන්වා දුන්හ. “යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං” යනුවෙන් වපුරණ බීජයට අනුරූපවම තමාට අස්වැන්න නෙළා ගත හැකි බව බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ එබැවිනි.
    12. සුබුමච්ඡචිතා
    පෙර ජාතිවල දී මානය දුරු කොට මහණ බමුණන් වෙත පැමිණ හොඳ නරක විචාරීම නිසා කුණු නොගෑවෙන සියුම් සිවිය ඇති ලක්ෂණය පහළ විය. එහි කුශල විපාක වශයෙන් ගිහි වුවහොත් අන්ය කාමභෝගීන්ට වඩා මහ නුවණැත්තෙක් වේ.
    පැවිදි වුවහොත් මහා ප්රාඥයෙක් වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ අසම වූ නුවණැති වූ සේක. මානය යනු මැනීමයි. සෙය්යමාන, සදිසමාන, හීනමාන යනුවෙන් මානය තෙවැදෑරුම් වේ.
    අසවලාට වඩා මම උසස් යැයි මැනීම ස්යෙමානයයි. අසවලා හා මම සමාන යයි මැනීම සදිසමානය යි. අසවලා තරම් මම උසස් නැහැ යි මැනීම හීනමානයයි. මේ ත්රිවිධ මානය ප්රහීණ වන්නේ අර්හත් මාර්ග ඵල ලැබීමෙනි.
    13. සුවණ්ණවණ්ණතා
    බුදු සිරුරෙහි රන්වන් පැහැයක් ඇති බව යි. වක්කලී තෙරුන් බුදුරදුන්ගේ රන්වන් සිරුර දෙස බලා සතුටු වීමේ අදහසින් පැවිදි වී බණ භාවනාදියෙහි නොයෙදී උන්වහන්සේ දෙස ම බලා සිටිමින් කාලය ගත කරණ අයුරු දැක, “අපෙහි වක්කලි, කිං තෙ ඉමිනා දුග්ගන්ධෙන පූතිකායෙන” යනුවෙන් වක්කලී, මෙතැනින් ඉවත්ව යන්න.
    මේ දුර්ගන්ධ වූ කුණු සිරුරෙන් ඔබට ඇති ප්රයෝජනය කුමක් ද? යනුවෙන් බුදුරදුන් පවසා ඇත. එවිට උන්වහන්සේ එතැනින් ඉවත්ව ගොස් බුදුරදුන්ගේ උපදෙසින් සම්යක් ඥානය ලැබ බවුන් වඩා රහත් බව ලැබූහ.
    පෙර ජාතීන්හි නොකිපෙනසුලුව අන්යයන් පරුෂ වචනයෙන් බැණ වදින කල්හි ද අසතුටක් වත් පහළ නොකිරීම ද, සුවපහසුව ලබා දෙන බුමුතුරුණු ආදිය දන්දීම ද නිසා රන්වන් සිවි ඇති ලක්ෂණය පහළ විය. එහි විපාක වශයෙන් සුවපහසුව ගෙන දෙන ඇතිරිලි පොරෝනා වස්ත්රාදිය ලැබිණ.
    ආහාර පානාදිය දන් දීමෙන් කායික මානසික ශක්තිය ලැබේ. ආලෝකය ලබාදීමෙන් ප්රඥාව ලැබේ. යාන වාහනාදිය දීමෙන් සැප ලැබේ. වස්ත්රාදිය දන් දීමෙන් වර්ණය ලැබේ. යමෙක් ගෙවල් දොරවල් ආදිය පරිත්යාග කරයි නම් හෙතෙම සියල්ලම දුන් තැනැත්තෙක් වේ.
    14. කොසොහිතවත්ථගුය්හතා
    පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්රිය ඇති ලක්ෂණය පහළ විය.
    එහි කුශල විපාක වශයෙන් ප්රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්රයන් හෝ බුද්ධඝෝෂ, නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්යයන් ඇති වේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.
    මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.
    15. නිග්රෝධපරිමණ්ඩලතා
    16. ආජානුලම්බීහත්ථතා
    පෙර ජාතිවල දී මහජනතාවට සංග්රහ කිරීමෙහි යෙදෙමින් සුදුස්සා සුදුසු තැන තැබීම හා ඔහුට සුදුසු දේ පරිත්යාග කිරීම නිසා නුග ගස් සේ පරිමණ්ඩල වූ සිරුර ඇති ලක්ෂණය ඇති විය.
    එනම්, උසට සරිලන මහතත්, මහතට සරිලන උසත් යන ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය ඇති විය. එමෙන් ම සිට ගෙන නොනැමී දෙදණ පිරිමැදිය හැකි වූහ.
    එහි විපාක වශයෙන් ගිහි වූයේ නම් ආඪ්ය වූ මහත් ධනයෙන් යුක්ත වීම හා පැවිදි වූයේ නම් සද්ධා, සීල, හිරි ඕතප්ප, ශ්රැත, ත්යාග, ප්රඥා යන සත්තාර්ය ධනයෙන් යුක්ත කෙනෙක් වේ.
    17. සීහපුබ්බද්ධකායතා
    18. චිතංසරාසතා
    19. සමචත්තක්ඛන්ධතා
    පෙර ජාතිවල අන්යයන් ගුණයෙන් හා ධනයෙන් වැඩෙනු කැමති වීමත්, ඉවසීමත් නිසා සිංහයකුගේ පූර්වාර්ධ කය මෙන් සම්පූර්ණ වූ මුළු සිරුර ඇති බව, පිට දෑලවර මැද පිරුණු බව, සම වූ වට වූ මනා ගී්රවය ඇති බව යන ලක්ෂණය පහළ විය.
    එහි කුශල කර්ම විපාකය වශයෙන් ගිහියෙකු නම් නොපිරිහෙන සම්පත් ඇති මහ රජෙක් වේ. පැවිද්දෙකු නම් නොපිරිහෙන ගුණ සම්පත් ඇත්තෙක් වේ.
    20. රසග්ගසග්ගිතා
    තලැටක් පමණ සුළු ආහාරයක් වුණද දිවග තැබූ කෙණෙහි ම මුළු ශරීරය ම පුරා ඕජාව පැතිර යනු හැකි වන සේ උඩු අක් ඇතිව ගෙලෙහි පිහිටි හත් සියයක් රස නහර ඇති බව යන මේ ලක්ෂණය ඇති වූයේ පෙර ජාතිවල දී කැට කැබිලිති ආදියෙන් වත් සත්ව හිංසා නොකිරීම නිසාය.
    එහි කුශල විපාක වශයෙන් පෙර ජාතිවල පුරුදු පරිදි සත්ව හිංසා නොකිරීමත්, නොකරවීමත්, නිරෝගී බවත් ඇති විය. යමෙකු සත්වයින්ට තාඩන පීඩන හිංසාදිය කෙරේ නම් හෙතෙම උපනූපන් ජාතිවල දී විවිධ රෝගාබාධයන්ට ලක් වන බව චුල්ලකම්මවිභංග සූත්රයෙහි සඳහන් වේ.
    21. අභිනීලනෙත්තතා
    22. ගොපඛුමතා
    දියබෙරලිය මලක් මෙන් ඉතා නිල් වූ ද, රන්වන් රතු සුදු කළු පැහැ උවමනා කල්හි ඒ ඒ පැහැයන් ඇති පිරිසිදු පස් පෑ දිස්නා ඇස් ඇති බව, උපන් කෙණෙහි වස්සෙකුගේ බඳු ඉතා ප්රසන්න ඇස් ගුළි ඇති බව යන ලක්ෂණ පහළ වූයේ පෙර ජාතිවල ද්වේෂයෙන් අනුන් පෙළීම් රවා බැලීම් නොකොට, සෘජු සිතින් පි්රය ඇසින් බලති.
    එම කුශල කර්ම විපාකය වශයෙන් බොහෝ දෙනාට පි්රය මනාප වූහ. දකින්නවුන්ගේ නෙත් සිත් ඇද ගන්නා මනා රූ සපුවකින් යුක්ත වූහ. දහම් ඇසීමෙහි ලොල් වූ බොහෝ දෙනෙකු උන්වහන්සේ දෙස ඇසිපිල්ලන් නොගසා බොහෝ වේලාවක් බලා සිටියේ ඒ මනා රූ සපුව නිසායි. එම සම්පත් උන්වහන්සේ ලැබුවේ පෙර කරන ලද පින් බලයෙනි.
    23. උණ්හීසසීසතා
    නළල් පටින් වෙළන ලද්දක් වැනි වූ පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇති බව මේ ලක්ෂණය ඇති වූයේ අතීත ජාතිවල පුරෝගාමී ව සුචරිත ක්රියාවල යෙදීමත් තමාගේ මෙහෙයීමෙන් මහජනයා යහමඟ හැසිරවීමත් නිසා ය.
    පෙර පුරුද්දට අනුව මේ ආත්මයේ දී ද එසේ පුරෝගාමී සුචරිතයෙහි යෙදීමට හා යෙදවීමටත් කැමැත්ත ඇති වේ. එහි විපාක වශයෙන් බොහෝ අනුගාමිකයෝ ඇති වූහ. එසේ ඇති වූ සැරියුත් මුගලන් පරම්පරානුයාත සුපිළිපන් මහසඟරුවන ගණනින් මෙපමණ ය’යි පමණ කළ නොහැකිය.
    24. එකෙකලොමතා
    25. උණ්ණාභමුකන්තරෙජාතා
    එක එක රෝම කූපයෙහි එකක් එකක් ම රෝම ඇති බව, නළල මැද දෙබැම අතර දකුණට කැරකී පිහිටි රිදී බුබුලක් සේ දිලිසෙන රෝමයක් ඇති බව යන ලක්ෂණය ඇති වූයේ පෙර ජාතිවල අසත්යයෙන් වැළකී සත්ය වචනයම කීම නිසා ය.
    මේ ආත්මයෙහි ද සත්යය කීමට හා කියවීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් තමා අනුව යන මහ පිරිස් ඇත්තෙක් වූහ.
    26. සමචත්තාළීසදන්තතා
    27. අවිවරදන්තතා
    සමසතළිස් දත් ඇති බව විවර රහිතව එකකට එකක් සම්බන්ධ දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ කේලාම් කීමෙන් වැළකී භේද වූවන් සමඟ කරන වචන කීම නිසාය.
    දැනුදු එසේ ම කේලාම් නොකිමට හා බිඳුනවුන් සමගි කිරීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් කිසිවෙකු විසිනුත් බිඳිය නොහැකි මහ පිරිසක් ඇති වූහ.
    28. පහූතජීව්හතා
    29. බ්රහ්මස්සරතා
    පෙර ජාතිවල පරුෂ වචනයෙන් වැළකී පි්රය මනාප වචන කීම නිසා මෘදු වූ දිග පළලැති දිව ඇති බව ද, බ්රහ්මයාගේ මෙන් අෂ්ටාංග සමුපේත බ්රහ්මස්වර ඇති බව ද යන ලක්ෂණ ඇති විය.
    මේ ආත්ම භාවයෙහි ද පෙර පුරුද්දට අනුව එසේ පරුෂ වචනයෙන් වැළකී පි්රය වචන කීමට හා කියවීමටත් කැමැත්ත ඇති විය. එම කුශල කර්ම විපාකය වශයෙන් ඉවත නොදැමිය යුතු අර්ථවත් වචන ඇත්තෙක් වූහ. බුදුරදුන්ගේ වචන දෙකක් නැත. උන්වහන්සේ කියන ආකාරයෙන්ම කරණ, කරණ ආකාරයෙන්ම කියන යථාවාදී තථාකාරී වූහ.
    එමෙන් ම උන්වහන්සේගේ වචන ද නිෂ්ඵල නොවීය. බුද්ධ වචනය නිසා මහජනතාවගේ දෙලොවම සාර්ථක වීය. බුද්ධ වචනය සම්බන්ධයෙන් සඳහන් කරන තැන්වල “සාත්ථං සව්යචඤ්ජනං කෙවලපරිපුණ්ණං” යනුවෙන් සඳහන් වන්නේ එබැවිනි.
    බුදුරදුන්ගේ කටහඬ විස්තර කරන පාලි අටුවාව “විස්සට්ඨ මඤ්ජු විඤෙඤය්යා බින්දු ගම්භීර නින්නාදී ස්වණියා කරවීකභාණී” යනුවෙන් අෂ්ටාංග සමුපේත බ්රහ්ම ස්වරයෙන් යුක්ත බව සඳහන් කර තිබේ.
    ඉතා පැහැදිලි වූ ද, ඉතා මිහිරි වූ ද, දෝංකාරය දෙන්නා වූ ද, ඇසීමට සුදුසු වූ ද, කුරවි කෙවිල්ලන්ගේ කටහඬට බඳු ඉතා සුමිහිරි කටහඬක් බුදුරදුන්ට ඇති බව මෙයින් පැවසේ.
    එවැනි බුදු වදන් මහජනතාවගේ කන්වලට අමා මිහිරක් ම ගෙන දෙන්නේ ය. උන්වහන්සේගේ ධර්මය ශ්රවණය කරන්නවුන් එම කටහඬින් වශී කරවීම පුදුමයක් නොවන්නේ ය.
    30. සීහහනූතා
    පෙර ජාතිවල සම්ඵප්රලාප කථාවෙන් තොරව අර්ථ ධර්ම නිශි්රත වචන කීම නිසා සිංහයකුගේ යටි හනුව මෙන් පිරිපුන් උඩු යටි දෙහණු ඇති බව යන ලක්ෂණය පහළ විය. පෙර පුරුදු ද පරිදි මේ ආත්ම භාවයේ ද අර්ථ ධර්ම නිශි්රත වචන කීම හා අනුන් ලවා කියවීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල විපාක වශයෙන් සතුරන් විසින් විනාශ කළ නොහැකි කෙනෙක් වූහ.
    31. සමදන්තතා
    32. සුසුක්කදාඨතා
    සම දත් ඇති බව, දිලිසෙන ඉතා සුදු දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ පෙර ජාතිවල මිථ්යා ජීවිකාවෙන් තොරව ජීවත් වූ නිසාය. මේ ජාතියෙහි ද පෙර පුරුද්දට අනුව මිථ්යා ජීවිකාවෙන් තොරව විසීමට කැමැත්ත ඇති විය.
    එහි කුශල විපාක වශයෙන් සුචරිතවත් පිරිවර ඇති විය. ඉහත සඳහන් කරණ ලද මහා පුරුෂ ලක්ෂණවලින් සමන්විත වූ ශාන්තිනායක අංගීරස සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ආශි්රත ග්රන්ථ
    1. දීඝ නිකාය, ලක්ඛණ සුත්ත, ත්රිබුජ
    2. දිඝ නිකාය, මහාපදාන සුත්ත, ත්රිබුජ
    3. මජ්ඣිම නිකාය, චුල්ලකම්මවිභංග සුත්ත
    4. සුමංගලවිලාසිනී නමැති දීඝ නිකායට්ඨකථාව
    5. සිංහල දීඝ නිකාය, කොළඹ තරුණ බෞද්ධ
    සංගමය, 1986
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ජෛන මහාවීරගෙ පෙනුමත් බුදුහාමුදුරුවන්ගෙ පෙනුමත් සමානයි කියනව නේද

    දන්නෙ නැ. එහෙම හිතන්නත් බැ..නමුත් ඔය 32 කම තියන්නෙ බුදු කෙනෙක්ගෙයි. සක්විති රජ කෙනෙක් ගෙයි විතරයි. එකයි ආපු බමුනො කිව්වෙ “මෙකුමරු ගිහි ව සිටියහොත් සක්විති රජ කෙනෙකු වන බවත්, ගිහි සැප අත්හැර දමා පැවිදි වුවහොත් ලොව්තුරා බුදු කෙනෙකු වන බවත්..
     
    • Like
    Reactions: topkollek

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda

    mama mehema keewata tharaha ganna epa mamath baudhdhayek thamai e unata mata budu haamaduruwange rupe dekkahama hithenne nikan sthree rupayak wagei hugaak pansal wala thiyana ruupa dakiddi ehemai hithenne. shraddhawen nobala hariyata yathartha wadiwa hithala balapalla meka aththa nemeida kiyala.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    mama mehema keewata tharaha ganna epa mamath baudhdhayek thamai e unata mata budu haamaduruwange rupe dekkahama hithenne nikan sthree rupayak wagei hugaak pansal wala thiyana ruupa dakiddi ehemai hithenne. shraddhawen nobala hariyata yathartha wadiwa hithala balapalla meka aththa nemeida kiyala.

    ඔය පිලිම ආවෙ බුදුහාමුදුරුවොන්ගෙ කාලෙට ගොඩක් පස්සෙ නෙ. එක නිසා කවුරුවත් හරියටම දැකල නැ බුදුහාමුදුරුවො. පිලිමෙ හදන එකා වත් දකලන නෙ. නිකන් හිතල හදනව.
    එ වගෙම බුදුහාමුදුරුවො . පරිවාර සංඝයා සමග ඉන්න විට අදුරගන්නෙ අපි මිනිස්සුන්ව අදුරගන්නව වගෙ මුහුනු හරින් . එ වගෙම පුරුශ ලක්ශන 32. බුදුහාමුදුරුවො කියන්නෙ සමාන්‍ය විදියට තමයි හිටියෙ. හැම වෙලෙම රැස් විහිදි විහිදි හිටියෙ නැ. උසස් චින්තන හැකියාවකින් යුත්ත සත්‍ය අවබෝද කරගන්න
    ඥාන තිබුන් විශිටම ගණයෙ ගුරුවරයෙක්.
    අනිත් එක බුදුහාමුදුරුවො පාරෙ යනකොට මල්වැහි වහිනව. පාරෙ දූවිලි නැතිවෙනව කියන කතා බොරු. උන්වහන්සෙ සමහර අවස්තා වල ඉතාම දුක්කිත ජීවිතයක් ගෙනිච්ච. එ පෙර කරපු පව්වල විපාක ලු. බුදුහාමුදුරුවොන්ට වඩා සීවලි හාමුදුරුවො සැපවත් ජීවිතයක් ගතකරා.
    පිලිම කියන්නෙ සංකෙතයක් විතරයි.
     
    Last edited:

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    සියපින් සිරින් සරු
    දෙතිස් ලකුණින් විසි තුරු
    කෙලෙසුන් කෙරෙන් දුරු
    වඳිම් මුනි උතුමන් තිලෝගුරු
    යනුවෙන් වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්යය ආරම්භයේ දී බුදුගුණ වැනූ පරිදි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්රී ශරීරයෙහි උපතින් පිහිටි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව විමර්ශනයක් කිරීම මේ ලිපියෙහි අරමුණයි.

    සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් පසු සුදොවුන් රජ මැදුරට සපැමිණි අසිත තවුසා සිදුහත් කුමරුගේ දේහ ලක්ෂණ බලා ඒකාන්තයෙන්ම බුදුවන බව දැන කුමරුට වැන්දේ ය.
    එමෙන් ම බෝසතුන් ඉපදී සත් දිනකින් නම් තබන දිනයේ දී රජ මැදුරට සපැමිණි සිව් වේදයෙහි පරතෙරට පත් බමුණන් එකිසිය අටදෙනෙකුගෙන් එකසිය හත් දෙනෙකු ම ඒ අංග ලක්ෂණ බලා “මෙකුමරු ගිහි ව සිටියහොත් සක්විති රජ කෙනෙකු වන බවත්, ගිහි සැප අත්හැර දමා පැවිදි වුවහොත් ලොව්තුරා බුදු කෙනෙකු වන බවත්” පැවසූහ.

    ඔවුනතුරෙන් වයසින් බාල ම කොණ්ඩඤ්ඤ නමැති තවුසා කුමරුගේ නළලෙහි දක්නට ලැබුණු ඌර්ණ රෝම ධාතුව දැක ‘මෙකුමරු ඒකාන්තයෙන් ම රජ මැඳුර අත්හැර දමා ගොස් පැවිදි ව බුදු වන්නේ ය” යි ස්ථිරව ම ප්රකාශ කෙළේ ය.
    එසේ කීමට හේතුව නම් වෛදික ග්රන්ථවලට අනුව මෙම මහා පුරුෂ ලක්ෂණ පිහිටන්නේ එක්කෝ බුදු වන බෝසතාණන් වහන්සේ කෙනෙකුගේ සිරුරෙහි ය. නැතිනම් සක්විති රජ කෙනෙකුගේ සිරුරෙහි ය.

    දීඝ නිකායෙහි ලක්ඛණ සූත්රයෙහි විස්තර කෙරෙන පරිදි බුදු සිරුරෙහි එම උතුම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහළ වූයේ උන්වහන්සේ පෙර සංසාරයෙහි කරන ලද අපරිමිත පින් බලයෙනි. එහි දැක්වෙන පරිදි ඒවා එකිනෙක මෙහි දී කෙටියෙන් පැහැදිලි කෙරේ.
    බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සමයෙහි දිනක් භික්ෂුන් වහන්සේලා අමතා “සක්විති රජ වන්නා වූ හෝ බුද්ධත්වයට පත් වන්නා වූ හෝ මහා පුරුෂයන්ගේ සිරුරෙහි පිහිටන මහා පුරුෂ ලක්ෂණ මේ මේ ය”යි කීමට සමර්ථ අංග ලක්ෂණ විද්යාව නම් වූ ශාස්ත්රය ඉගෙන ගෙන ඇතත් එම ලක්ෂණ සිරුරෙහි උපතින් ම පහළ වීමට හේතුව ඔවුන් නො දනිති’යි ප්රකාශ කොට ඒ ඒ මහා පුරුෂ ලක්ෂණ පහළ වීමට හේතු වූ කරුණුත්, ඒවාට අදාළ අතීත කර්මත්, ඒවා පහළ වූ උතුමන්ට ලැබෙන කුශල කර්ම විපාකත් පහත දැක්වෙන පරිදි වෙන් වෙන් වශයෙන් මැනවින් දේශනා කොට වදාළහ.

    1. සුප්පතිට්ඨිතපාදතා
    “සුපිහිටි පා ඇති බව“ තථාගතයන් වහන්සේගේ ශ්රී පාදවල පිහිටා ඇති මහා පුරුෂ ලක්ෂණයකි. මෙබඳු ලක්ෂණයක් ලැබීමට උන්වහන්සේ පෙර කළ කුශල කර්මය නම් කයින්, වචනයෙන් හා සිතින් සුචරිතයන්හි හා දාන ශීලාදී දශ කුශලයන්හි යෙදීම ද, දෙමව්පිය, සිල්වතුන්, ගුණවතුන්, කුලදෙටු ආදී වැඩිහිටියනට කළ යුතු සත්කාර උපස්ථාන ආදියෙහි යෙදීම හා සෙසු බුදු බව ලැබීමට සුදුසු කුශල ක්රියාවන්හි යෙදීම ද වේ.
    එසේ පෙර තමන් සුචරිත ක්රියාවන්හි යෙදීමෙන් ලැබූ පළපුරුදු හේතුවෙන් එකල සුචරිත ක්රියාවන්හි යෙදුණ අයුරින් ම මේ ආත්මයේ දී ද කය, වචන, සිත යන තිදොරින් ම එබඳු පින්කම්හි යෙදෙති.
    පෙර සසර පුරුද්දට අනුව මේ කාලයේ ද දාන ශීලාදී සුචරිතයන්හි යෙදීම, මහණ, බමුණු, කුලදෙටු, වැඩිහිටි ආදී ගරු කළ යුත්තන්ට ගරු කිරීම, බුදු බව ලැබීමට සුදුසු පින්කම්හි යෙදීම, බුදු බව ලැබීමෙන් පසුත් පුරුද්දට අනුව කරති. එය පෙර ජාතිවල කළ කුශල කර්මයට සමාන ව ඇති වූ පුරුද්දයි.
    පෙර එබඳු උසස් පින්කම් කළ බවට සාක්ෂ්ය වශයෙන් උන්වහන්සේගේ සිරි පතුල් පොළොවෙහි මනාකොට පිහිටන බව නම් වූ “සුප්පතිට්ඨිතපාදතා” නමැති ලක්ෂණ ඇති විය. එබඳු සුචරිත ධර්මයන්හි යෙදීමේ කුශල විපාකයක් වශයෙන් අනුන් විසින් මැඩලිය නො හැකි උතුමෙක් වූ සේක. එය එම සුචරිත කර්ම විපාකය යි.

    2. හෙට්ඨානි පාදතලෙසු චක්කානි ජාතානි
    බුදුරජාණන් වහන්සේගේ ශ්රී පාදයෙහි යටි පතුල්වල චක්ර ලක්ෂණ පිහිටා ඇත. “චක්කවරංකිතරත්තසුපාදො” යනුවෙන් යසෝධරා දේවිය සිය රහල් පුතණුවන් හට පැවසූ නරසීහ ගාථාවන්හි සඳහන් වන්නේ එම කරුණයි.
    මේ ලක්ෂණ ලැබීමට පෙර කරන ලද කුශල කර්ම නම් බොහෝ දෙනාට හිත සැප පිණිස ක්රියා කිරීම, අන්යයන්ගේ බිය තැති ගැනීම් දුරු කිරීම, දැහැමි ආරක්ෂා සංවිධාන ඇති කිරීම, පිරිවර සහිතව දන් දීම ද වේ.
    පෙර කරන ලද කුශල කර්මවල පුරුද්දට අනුව බුද්ධත්වයට පත්වීමෙන් පසුත් එබඳු සුචරිත ධර්මයන්හි යෙදුණ බවට ලකුණක් වශයෙන් චක්ර ලක්ෂණය පහළ විය. එබඳු සුචරිත ධර්මයන්හි යෙදීමේ කුශල විපාක වශයෙන් මහ පිරිස් ඇති වූහ.
    යමෙක් සසර දී තමනුත් දන් දී අනුන් ලවාත් දන් දේ නම්, හෙතෙම උපනුපන් ආත්මවල දී භවභෝග සම්පත් හා යස පිරිවර සම්පත් ද ලබයි. යමෙක් තමන් තනිවම දන් දෙයි නම්, අනුන් ලවා දන් නොදේ නම් හෙතෙම භවභෝග සම්පත් කොතෙකුත් ලබන්නේ නමුත් යස පිරිවර සම්පත් කිසිවක් නොලබයි.

    3. දීඝංගුලිතා
    4. ආයතපණ්හිතා
    5. බ්රහ්මුජ්ජුගත්තතා

    දිග ඇඟිලි ඇති බව ද, දිග විලුඹ ඇති බව ද කෙළින් පිහිටි ශරීර ඇති බව ද යන මේ ලක්ෂණත්රය පහළ වූයේ පෙර ජාතිවල ප්රාණවධයෙන් හා සත්ව හිංසාවෙන් ද තොරව සියලු සත්ත්වයන්ට හිතානුකම්පීව විසීම නිසාය.

    බුදු දහම පිළිපදින බෞද්ධයෙකුගේ ලක්ෂණය බොහෝ සූත්රවල සඳහන් වන්නේ “සබ්බපාණභූතහිතානුකම්පී විහරති” යනුවෙනි. බුද්ධත්වයට පත්වූ පසුත් සසර පුරුදු පරිදි ඒ සමාන කර්ම කිරීමට හා කරවීමට රුචි විය. එහි විපාක වශයෙන් දීර්ඝායුෂ ඇත්තේ ද, සතුරන් විසින් නොනැසිය හැක්කේ ද වේ. මෙහි ‘බ්රහ්ම’ ශබ්දය යෙදී ඇත්තේ ශ්රේෂ්ඨාර්ථයෙහි ය.

    6. සත්තුස්සදතා
    තථාගතයන් වහන්සේගේ පිටිපතුල් දෙකත්, පිටිඅතුල් දෙකත්, උරහිස් දෙකත්, කරත් යන මේ සත් තැන මාංශ බහුලව පිරී තිබිණ. එයට හේතුව වශයෙන් ලක්ඛණ සූත්රයෙහි දක්වා ඇත්තේ පෙර ජාතිවල මිහිරි දේ දන්දීම ය.
    එම කුශල කර්මයෙහි පුරුද්ද නිසා බුද්ධත්වයෙන් පසුත් මිහිරි දේ දන් දීමට කැමති වූහ. එහි කුශල විපාක වශයෙන් ප්රණිත වූ ද, මිහිරි වූ ද ආහාර පාන ලැබිණ.
    තුන් සිත පහදවා ගෙණ දන්දීම නිසා මනුෂ්ය සම්පත්තිය ද, දිව්ය සම්පත්තිය ද, නිවන් සම්පත්තිය ද යන ත්රිවර්ග සම්පත්තිය ම ලැබෙන බව බුදුහු වදාළහ. එමෙන් ම දන්දීම ආයුෂ වැඩෙන ආයු සංවත්තනික කුශල කර්මයක් ලෙස බුදු දහමෙහි ඉගැන්වේ.

    7. මුදු තලුණ හත්ථපාදතා
    8. ජාලහත්ථපාදතා

    පෙර ජාතීන්හි දානය, පි්රයවදනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන සතර සංග්රහ වස්තුවෙන් මහජනතාවට සංග්රහ කිරීම නිසා මෘදු වූ තරුණ රතු පැහැති අතුල් පතුල් ඇති බව හා දැල් කවුළුවකට සමාන අත් පා ඇති බව යන ලක්ෂණ පහළ විය.
    බුදු වුණු ආත්මයේත් එබඳු කුශල කර්ම කිරීමට සිත් විය. එම කුශල කර්ම විපාක වශයෙන් දෙවි මිනිසුන් සහිත ලෝවැසියාගෙන් මැනවින් සංග්රහ ලබන මහ පිරිස් ඇත්තෙක් වූහ.

    9. උස්සංඛපාදතා
    10. උද්ධග්ගලොමතා

    පෙර ආත්මභාවවල දී බොහෝ දෙනාට අර්ථ ධර්ම නිශි්රත වචනයෙන් කථා කරන නිසා පිරුණු ගොප් මසැති පා ඇති බව හා උඩුකුරු අග් ඇති රෝම ඇති බව යන ලක්ෂණ ඇති විය. එහි කුශල කර්ම විපාක වශයෙන් ගිහි වූයේ නම් කාමභෝගීන් අතර ශ්රේෂ්ඨ වේ. පැවිදි වූයේ නම් සියල්ලන්ට ම ශ්රේෂ්ඨ වේ.

    11. එණිජංඝතා
    පෙර ආත්ම භාවයන්හි දී මහජනතාවට ශිල්ප ශාස්ත්ර උගන්වා සුසිරිතෙහි යොදාලීම නිසා ඕලු මුවන්ගේ මෙන් කොණ්ඩා ඇති යන ලක්ෂණය පහළ විය. එහි විපාක වශයෙන් ගිහි වූයේ නම් ගිහියනට අවශ්ය උපභෝග පරිභෝග වස්තුන් ද, පැවිදි වූයේ නම් පැවිද්දනට අවශ්ය එබඳු වස්තූන් ද ලැබේ.
    තමන් විසින් සිදු කරනු ලබන ක්රියාවට අනුරූප වූ විපාක ලැබෙන බව බුදුහු පෙන්වා දුන්හ. “යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං” යනුවෙන් වපුරණ බීජයට අනුරූපවම තමාට අස්වැන්න නෙළා ගත හැකි බව බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ එබැවිනි.

    12. සුබුමච්ඡචිතා
    පෙර ජාතිවල දී මානය දුරු කොට මහණ බමුණන් වෙත පැමිණ හොඳ නරක විචාරීම නිසා කුණු නොගෑවෙන සියුම් සිවිය ඇති ලක්ෂණය පහළ විය. එහි කුශල විපාක වශයෙන් ගිහි වුවහොත් අන්ය කාමභෝගීන්ට වඩා මහ නුවණැත්තෙක් වේ.
    පැවිදි වුවහොත් මහා ප්රාඥයෙක් වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ අසම වූ නුවණැති වූ සේක. මානය යනු මැනීමයි. සෙය්යමාන, සදිසමාන, හීනමාන යනුවෙන් මානය තෙවැදෑරුම් වේ.
    අසවලාට වඩා මම උසස් යැයි මැනීම ස්යෙමානයයි. අසවලා හා මම සමාන යයි මැනීම සදිසමානය යි. අසවලා තරම් මම උසස් නැහැ යි මැනීම හීනමානයයි. මේ ත්රිවිධ මානය ප්රහීණ වන්නේ අර්හත් මාර්ග ඵල ලැබීමෙනි.

    13. සුවණ්ණවණ්ණතා
    බුදු සිරුරෙහි රන්වන් පැහැයක් ඇති බව යි. වක්කලී තෙරුන් බුදුරදුන්ගේ රන්වන් සිරුර දෙස බලා සතුටු වීමේ අදහසින් පැවිදි වී බණ භාවනාදියෙහි නොයෙදී උන්වහන්සේ දෙස ම බලා සිටිමින් කාලය ගත කරණ අයුරු දැක, “අපෙහි වක්කලි, කිං තෙ ඉමිනා දුග්ගන්ධෙන පූතිකායෙන” යනුවෙන් වක්කලී, මෙතැනින් ඉවත්ව යන්න.
    මේ දුර්ගන්ධ වූ කුණු සිරුරෙන් ඔබට ඇති ප්රයෝජනය කුමක් ද? යනුවෙන් බුදුරදුන් පවසා ඇත. එවිට උන්වහන්සේ එතැනින් ඉවත්ව ගොස් බුදුරදුන්ගේ උපදෙසින් සම්යක් ඥානය ලැබ බවුන් වඩා රහත් බව ලැබූහ.
    පෙර ජාතීන්හි නොකිපෙනසුලුව අන්යයන් පරුෂ වචනයෙන් බැණ වදින කල්හි ද අසතුටක් වත් පහළ නොකිරීම ද, සුවපහසුව ලබා දෙන බුමුතුරුණු ආදිය දන්දීම ද නිසා රන්වන් සිවි ඇති ලක්ෂණය පහළ විය. එහි විපාක වශයෙන් සුවපහසුව ගෙන දෙන ඇතිරිලි පොරෝනා වස්ත්රාදිය ලැබිණ.
    ආහාර පානාදිය දන් දීමෙන් කායික මානසික ශක්තිය ලැබේ. ආලෝකය ලබාදීමෙන් ප්රඥාව ලැබේ. යාන වාහනාදිය දීමෙන් සැප ලැබේ. වස්ත්රාදිය දන් දීමෙන් වර්ණය ලැබේ. යමෙක් ගෙවල් දොරවල් ආදිය පරිත්යාග කරයි නම් හෙතෙම සියල්ලම දුන් තැනැත්තෙක් වේ.

    14. කොසොහිතවත්ථගුය්හතා
    පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්රිය ඇති ලක්ෂණය පහළ විය.
    එහි කුශල විපාක වශයෙන් ප්රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්රයන් හෝ බුද්ධඝෝෂ, නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්යයන් ඇති වේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.
    මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.

    15. නිග්රෝධපරිමණ්ඩලතා
    16. ආජානුලම්බීහත්ථතා

    පෙර ජාතිවල දී මහජනතාවට සංග්රහ කිරීමෙහි යෙදෙමින් සුදුස්සා සුදුසු තැන තැබීම හා ඔහුට සුදුසු දේ පරිත්යාග කිරීම නිසා නුග ගස් සේ පරිමණ්ඩල වූ සිරුර ඇති ලක්ෂණය ඇති විය.
    එනම්, උසට සරිලන මහතත්, මහතට සරිලන උසත් යන ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය ඇති විය. එමෙන් ම සිට ගෙන නොනැමී දෙදණ පිරිමැදිය හැකි වූහ.
    එහි විපාක වශයෙන් ගිහි වූයේ නම් ආඪ්ය වූ මහත් ධනයෙන් යුක්ත වීම හා පැවිදි වූයේ නම් සද්ධා, සීල, හිරි ඕතප්ප, ශ්රැත, ත්යාග, ප්රඥා යන සත්තාර්ය ධනයෙන් යුක්ත කෙනෙක් වේ.

    17. සීහපුබ්බද්ධකායතා
    18. චිතංසරාසතා
    19. සමචත්තක්ඛන්ධතා

    පෙර ජාතිවල අන්යයන් ගුණයෙන් හා ධනයෙන් වැඩෙනු කැමති වීමත්, ඉවසීමත් නිසා සිංහයකුගේ පූර්වාර්ධ කය මෙන් සම්පූර්ණ වූ මුළු සිරුර ඇති බව, පිට දෑලවර මැද පිරුණු බව, සම වූ වට වූ මනා ගී්රවය ඇති බව යන ලක්ෂණය පහළ විය.
    එහි කුශල කර්ම විපාකය වශයෙන් ගිහියෙකු නම් නොපිරිහෙන සම්පත් ඇති මහ රජෙක් වේ. පැවිද්දෙකු නම් නොපිරිහෙන ගුණ සම්පත් ඇත්තෙක් වේ.

    20. රසග්ගසග්ගිතා
    තලැටක් පමණ සුළු ආහාරයක් වුණද දිවග තැබූ කෙණෙහි ම මුළු ශරීරය ම පුරා ඕජාව පැතිර යනු හැකි වන සේ උඩු අක් ඇතිව ගෙලෙහි පිහිටි හත් සියයක් රස නහර ඇති බව යන මේ ලක්ෂණය ඇති වූයේ පෙර ජාතිවල දී කැට කැබිලිති ආදියෙන් වත් සත්ව හිංසා නොකිරීම නිසාය.
    එහි කුශල විපාක වශයෙන් පෙර ජාතිවල පුරුදු පරිදි සත්ව හිංසා නොකිරීමත්, නොකරවීමත්, නිරෝගී බවත් ඇති විය. යමෙකු සත්වයින්ට තාඩන පීඩන හිංසාදිය කෙරේ නම් හෙතෙම උපනූපන් ජාතිවල දී විවිධ රෝගාබාධයන්ට ලක් වන බව චුල්ලකම්මවිභංග සූත්රයෙහි සඳහන් වේ.

    21. අභිනීලනෙත්තතා
    22. ගොපඛුමතා

    දියබෙරලිය මලක් මෙන් ඉතා නිල් වූ ද, රන්වන් රතු සුදු කළු පැහැ උවමනා කල්හි ඒ ඒ පැහැයන් ඇති පිරිසිදු පස් පෑ දිස්නා ඇස් ඇති බව, උපන් කෙණෙහි වස්සෙකුගේ බඳු ඉතා ප්රසන්න ඇස් ගුළි ඇති බව යන ලක්ෂණ පහළ වූයේ පෙර ජාතිවල ද්වේෂයෙන් අනුන් පෙළීම් රවා බැලීම් නොකොට, සෘජු සිතින් පි්රය ඇසින් බලති.
    එම කුශල කර්ම විපාකය වශයෙන් බොහෝ දෙනාට පි්රය මනාප වූහ. දකින්නවුන්ගේ නෙත් සිත් ඇද ගන්නා මනා රූ සපුවකින් යුක්ත වූහ. දහම් ඇසීමෙහි ලොල් වූ බොහෝ දෙනෙකු උන්වහන්සේ දෙස ඇසිපිල්ලන් නොගසා බොහෝ වේලාවක් බලා සිටියේ ඒ මනා රූ සපුව නිසායි. එම සම්පත් උන්වහන්සේ ලැබුවේ පෙර කරන ලද පින් බලයෙනි.

    23. උණ්හීසසීසතා
    නළල් පටින් වෙළන ලද්දක් වැනි වූ පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇති බව මේ ලක්ෂණය ඇති වූයේ අතීත ජාතිවල පුරෝගාමී ව සුචරිත ක්රියාවල යෙදීමත් තමාගේ මෙහෙයීමෙන් මහජනයා යහමඟ හැසිරවීමත් නිසා ය.
    පෙර පුරුද්දට අනුව මේ ආත්මයේ දී ද එසේ පුරෝගාමී සුචරිතයෙහි යෙදීමට හා යෙදවීමටත් කැමැත්ත ඇති වේ. එහි විපාක වශයෙන් බොහෝ අනුගාමිකයෝ ඇති වූහ. එසේ ඇති වූ සැරියුත් මුගලන් පරම්පරානුයාත සුපිළිපන් මහසඟරුවන ගණනින් මෙපමණ ය’යි පමණ කළ නොහැකිය.

    24. එකෙකලොමතා
    25. උණ්ණාභමුකන්තරෙජාතා

    එක එක රෝම කූපයෙහි එකක් එකක් ම රෝම ඇති බව, නළල මැද දෙබැම අතර දකුණට කැරකී පිහිටි රිදී බුබුලක් සේ දිලිසෙන රෝමයක් ඇති බව යන ලක්ෂණය ඇති වූයේ පෙර ජාතිවල අසත්යයෙන් වැළකී සත්ය වචනයම කීම නිසා ය.
    මේ ආත්මයෙහි ද සත්යය කීමට හා කියවීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් තමා අනුව යන මහ පිරිස් ඇත්තෙක් වූහ.

    26. සමචත්තාළීසදන්තතා
    27. අවිවරදන්තතා

    සමසතළිස් දත් ඇති බව විවර රහිතව එකකට එකක් සම්බන්ධ දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ කේලාම් කීමෙන් වැළකී භේද වූවන් සමඟ කරන වචන කීම නිසාය.
    දැනුදු එසේ ම කේලාම් නොකිමට හා බිඳුනවුන් සමගි කිරීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් කිසිවෙකු විසිනුත් බිඳිය නොහැකි මහ පිරිසක් ඇති වූහ.

    28. පහූතජීව්හතා
    29. බ්රහ්මස්සරතා

    පෙර ජාතිවල පරුෂ වචනයෙන් වැළකී පි්රය මනාප වචන කීම නිසා මෘදු වූ දිග පළලැති දිව ඇති බව ද, බ්රහ්මයාගේ මෙන් අෂ්ටාංග සමුපේත බ්රහ්මස්වර ඇති බව ද යන ලක්ෂණ ඇති විය.
    මේ ආත්ම භාවයෙහි ද පෙර පුරුද්දට අනුව එසේ පරුෂ වචනයෙන් වැළකී පි්රය වචන කීමට හා කියවීමටත් කැමැත්ත ඇති විය. එම කුශල කර්ම විපාකය වශයෙන් ඉවත නොදැමිය යුතු අර්ථවත් වචන ඇත්තෙක් වූහ. බුදුරදුන්ගේ වචන දෙකක් නැත. උන්වහන්සේ කියන ආකාරයෙන්ම කරණ, කරණ ආකාරයෙන්ම කියන යථාවාදී තථාකාරී වූහ.
    එමෙන් ම උන්වහන්සේගේ වචන ද නිෂ්ඵල නොවීය. බුද්ධ වචනය නිසා මහජනතාවගේ දෙලොවම සාර්ථක වීය. බුද්ධ වචනය සම්බන්ධයෙන් සඳහන් කරන තැන්වල “සාත්ථං සව්යචඤ්ජනං කෙවලපරිපුණ්ණං” යනුවෙන් සඳහන් වන්නේ එබැවිනි.
    බුදුරදුන්ගේ කටහඬ විස්තර කරන පාලි අටුවාව “විස්සට්ඨ මඤ්ජු විඤෙඤය්යා බින්දු ගම්භීර නින්නාදී ස්වණියා කරවීකභාණී” යනුවෙන් අෂ්ටාංග සමුපේත බ්රහ්ම ස්වරයෙන් යුක්ත බව සඳහන් කර තිබේ.
    ඉතා පැහැදිලි වූ ද, ඉතා මිහිරි වූ ද, දෝංකාරය දෙන්නා වූ ද, ඇසීමට සුදුසු වූ ද, කුරවි කෙවිල්ලන්ගේ කටහඬට බඳු ඉතා සුමිහිරි කටහඬක් බුදුරදුන්ට ඇති බව මෙයින් පැවසේ.
    එවැනි බුදු වදන් මහජනතාවගේ කන්වලට අමා මිහිරක් ම ගෙන දෙන්නේ ය. උන්වහන්සේගේ ධර්මය ශ්රවණය කරන්නවුන් එම කටහඬින් වශී කරවීම පුදුමයක් නොවන්නේ ය.

    30. සීහහනූතා
    පෙර ජාතිවල සම්ඵප්රලාප කථාවෙන් තොරව අර්ථ ධර්ම නිශි්රත වචන කීම නිසා සිංහයකුගේ යටි හනුව මෙන් පිරිපුන් උඩු යටි දෙහණු ඇති බව යන ලක්ෂණය පහළ විය. පෙර පුරුදු ද පරිදි මේ ආත්ම භාවයේ ද අර්ථ ධර්ම නිශි්රත වචන කීම හා අනුන් ලවා කියවීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල විපාක වශයෙන් සතුරන් විසින් විනාශ කළ නොහැකි කෙනෙක් වූහ.

    31. සමදන්තතා
    32. සුසුක්කදාඨතා

    සම දත් ඇති බව, දිලිසෙන ඉතා සුදු දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ පෙර ජාතිවල මිථ්යා ජීවිකාවෙන් තොරව ජීවත් වූ නිසාය. මේ ජාතියෙහි ද පෙර පුරුද්දට අනුව මිථ්යා ජීවිකාවෙන් තොරව විසීමට කැමැත්ත ඇති විය.
    එහි කුශල විපාක වශයෙන් සුචරිතවත් පිරිවර ඇති විය. ඉහත සඳහන් කරණ ලද මහා පුරුෂ ලක්ෂණවලින් සමන්විත වූ ශාන්තිනායක අංගීරස සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

    ආශි්රත ග්රන්ථ
    1. දීඝ නිකාය, ලක්ඛණ සුත්ත, ත්රිබුජ
    2. දිඝ නිකාය, මහාපදාන සුත්ත, ත්රිබුජ
    3. මජ්ඣිම නිකාය, චුල්ලකම්මවිභංග සුත්ත
    4. සුමංගලවිලාසිනී නමැති දීඝ නිකායට්ඨකථාව
    5. සිංහල දීඝ නිකාය,
    කොළඹ තරුණ බෞද්ධ සංගමය, 1986
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඇත්තටම මෙහෙම කෙනෙක් ඉන්න පුලුවන්ද ?

    ටිකක් යථාර්ථ වාදී ලෙස මේ ප්‍රශ්නය දෙස බලන්න.....

    ආගමික ලේඛන වල තියන ගොඩක් දේවල් සත්‍යද?

    අපි දන්නවා එදා බුදුන් හිටියේ උතුරු ඉන්දියාවේ බව ....අද බුදුන් හිටිය දේශය තියෙන්නේ නේපාල යේ නේ.... අද ඕනෑම කෙනෙකුට පුළුවන් people in Nepal කියලා Google එකේ search කරහම නේපාලේ මිනිස්සු මොනවගේද කියලා බලන්න...අනික කාරණය තමා කෙනෙකුගේ පෙනුම වගේම වර්ධනය පෙන්නුම් කරන්නේ ජාන මත පදනම් වෙච්ච අවෙණිය මත බව ( සමහර ජාන ව්කෘර්ති තා අත්හැරිය විට) .....කෙනෙක් ගේ පෙනුම සැමවිටම ඒ ගෝත්‍රය යේ අනිත් ජනයා සමාන වෙන්න ඕනි කියන එක ගැන කියන්න කිසිම තර්කයක් ඕනේ නෑනේ... එතකොට පෙනේවි මේ මිනිස්සු අපේ සිංහල හෝ උතුරු ඉන්දියවේ ඉන්න ජනයාට වඩා සමාන වෙන්නේ Mongoloid කියන ජන වර්ගයට කියලා....අනික තමා අපිට ප්‍රථම වරට බුදු පිළිමයක් හම්බ වෙන්නේ මහායානිකයන් විසින් කුෂාන් අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව කල සතර වන ධර්ම සංගායනාවෙන් පසු බව.... කරුණු ගොඩක් කියන්න පුළුවන් කම තිබ්බත් මම තව දුරටත් මේ ගැන කරුණු කාරණා කියන්න යන්නේ නෑ.. එසේ වෙද්දී මේ ගැන ටිකක් හිතන්න ඕනේ නැද්ද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දේවදත්ත අාත්ම ගානක ඉදන් බුදුහාමුදුරුවන්ට කරේ හතුරුකන්මයි, එ්ත් එයා අන්තිමේට රජ පවුලක ලස්සන කුමාරයෙක් වෙලා ඉපදිලා, මහනවෙලා ටික කාලෙකින් ඉර්ධිබලෙත් ලබාගන්නවා,
    මේක පොඩ්ඩක් පැහැදිලි මදි
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ජෛන මහාවීරගෙ පෙනුමත් බුදුහාමුදුරුවන්ගෙ පෙනුමත් සමානයි කියනව නේද

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමහරක් ජෛන මහාවීරටත් තිබ්බ කියල මමත් අහල තියෙනවා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇත්තටම මෙහෙම කෙනෙක් ඉන්න පුලුවන්ද ?

    ටිකක් යථාර්ථ වාදී ලෙස මේ ප්‍රශ්නය දෙස බලන්න.....

    ආගමික ලේඛන වල තියන ගොඩක් දේවල් සත්‍යද?

    අපි දන්නවා එදා බුදුන් හිටියේ උතුරු ඉන්දියාවේ බව ....අද බුදුන් හිටිය දේශය තියෙන්නේ නේපාල යේ නේ.... අද ඕනෑම කෙනෙකුට පුළුවන් people in Nepal කියලා Google එකේ search කරහම නේපාලේ මිනිස්සු මොනවගේද කියලා බලන්න...අනික කාරණය තමා කෙනෙකුගේ පෙනුම වගේම වර්ධනය පෙන්නුම් කරන්නේ ජාන මත පදනම් වෙච්ච අවෙණිය මත බව ( සමහර ජාන ව්කෘර්ති තා අත්හැරිය විට) .....කෙනෙක් ගේ පෙනුම සැමවිටම ඒ ගෝත්‍රය යේ අනිත් ජනයා සමාන වෙන්න ඕනි කියන එක ගැන කියන්න කිසිම තර්කයක් ඕනේ නෑනේ... එතකොට පෙනේවි මේ මිනිස්සු අපේ සිංහල හෝ උතුරු ඉන්දියවේ ඉන්න ජනයාට වඩා සමාන වෙන්නේ Mongoloid කියන ජන වර්ගයට කියලා....අනික තමා අපිට ප්‍රථම වරට බුදු පිළිමයක් හම්බ වෙන්නේ මහායානිකයන් විසින් කුෂාන් අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව කල සතර වන ධර්ම සංගායනාවෙන් පසු බව.... කරුණු ගොඩක් කියන්න පුළුවන් කම තිබ්බත් මම තව දුරටත් මේ ගැන කරුණු කාරණා කියන්න යන්නේ නෑ.. එසේ වෙද්දී මේ ගැන ටිකක් හිතන්න ඕනේ නැද්ද?

    එකගයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වගේ දේවල් සාහිත්‍යමය සහ ආගමික කරණා මචන්. ඕවා කතාවේ ලස්සන වැඩිවෙන්න සහ ආගමික භක්තිය වැඩිවීමට යොදාගන්න කරණා. හැම ආගමක්ම මේ වගේ එතිහාසික සාධක නැති තැන් තියෙනවා. එතනදී තමයි ආගමක් දර්ශනයකින් වෙනස් වෙන්නේ. දර්ශනයට මේවා අදාළ නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    14. කොසොහිතවත්ථගුය්හතා
    පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්රිය ඇති ලක්ෂණය පහළ විය.
    එහි කුශල විපාක වශයෙන් ප්රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්රයන් හෝ බුද්ධඝෝෂ, නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්යයන් ඇති වේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.
    මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.

    මේ කියවෙන්නේ මොන වගේ දෙයක් ද?