දෙන්නම එකයි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දෙන්නම එකයි

    ගුණතිලක තම බිරිඳ ගෙදර නොමැති දිනෙක වෙනත් ස්ත්‍රියක කැටුව ගෙදර ආවේය. පැය කීපයක් එහි ගතකොට ඇය නැවත ගිය පසු ඔහු ගෙදර මෙහෙකරුවා කැඳවා රුපියල් පනහක් ඔහු අත තබා මෙසේ කීය.
    ’මාටින්, මේ රුපියල් පනහ උඹ තියාගනිං. වෙන නෝන කෙනෙක් මෙහෙ ආ වගක් උඹ අපේ නෝනට හෙම කියනවා නෙමෙයි. තේරුණාද?’
    ’අනේ මහත්තයා මට ඒකට තව රුපියල් පනහක් ඕනෙ’ මාටින් වහා කීය.
    ’මොනවා! ඒ මොකද?’ ගුණතිලක ඇසුවේ පුදුමයෙනි.
    ’නෝනා නං මට මේ වගෙ වෙලාවට රුපියල් සීයක් දෙනවා! මාටින් කීවේය.



    හිනා කතා
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සෙමින් පදවනු

    සංජීව රාජකාරියක් සඳහා කාර්යාලයීය කැබ් රථය පදවමින් උතුරු මැද පළාත බලා යමින් සිටියේය. එක දිගට පෙනෙන තෙක් මානයේ විහිද ගිය සෘජු මහා මාර්ගය දිගේ වේගයෙන් රථය පදවමින් යද්දී හමුවූ එක් කුඩා නගරයක සෑම තැනකම ‘සෙමින් පදවනු’ යනුවෙන් දැන්වීම් පුවරු සවිකොට තිබෙනු හේ දුටුවේය.

    ඔහු පුදුමයට පත්ව එක් මංසන්ධියක රථවාහන හැසිරවීමේ යෙදී සිටි පොලිස් භටයකු ගෙන් මෙසේ ඇසීය.
    ”මේ ටවුන් එකේ හැම තැනකම ‘සෙමින් පදවනු’ කියලා බෝඩ් ගහල තියෙන්නෙ මොකද රාලහාමි?”
    ”මේ ටවුන් එකේ ඉස්පිරිතාලයක් නෑ. ඒකයි” පොලිස් භටයා කීවේය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සමානතාව

    ’අපේ අරුණ තබ්ලා ගහන්නෙ හරියටම අල්ලා රක්ඛා වගේ ප්‍රේමා’ ආජා ඇන්ටි තම පුතාගේ සංගීත හැකියාව පිළිබඳ දක්වමින් තම නෑනාට කීවාය.

    ’අනේ එහෙම නං කොයි තරං දෙයක් ද?” කලාව පිළිබඳ දැනුම් තේරුම් ඇත්තියක වූ ප්‍රේමා ඇන්ටි කීවාය.
    ’ඔව්, අරුණත් අල්ලා රක්ඛා වගේම අත් දෙකෙන්මයි තබ්ලා ගහන්නෙ” ආජා ඇන්ටි කීවාය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නිවැරදි වාර්තාව

    ළමා වයසේදී පාසල් නොගොස් කට්ටි පැන මිතුරන් සමඟ විනෝද වූ අජිත් විවිධ මගඩි ජාවාරම් වලට හවුල් වෙමින් සල්ලාල ජීවිතයක් ගත කරද්දී අනපේක්ෂිතව ලද ධනයකින් පොහොසතෙක් විය. තමාගේ අපකීර්තිමත් අතීතය වළලා දැමූ හෙතෙම විවිධ සමිති සමාගම්වලට බැඳී වෙනස් ජිවිතයකට අරඅඳිමින් සිටියදී පියකරු යුවතියක මුණගැසිණ.

    ඇය කෙබඳු ස්ත්‍රියක දැයි සැක සිතූ හේ පෞද්ගලික රහස් පරීක්ෂකයකු හමුවී ඇය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස දැන්වීය. හරියටම සතියකින් අපේක්ෂිත වාර්තාව ඔහු වෙත ලැබුණි. එහි මෙසේ සඳහන්ව තිබුණි.
    ”ඇය උසස් පවුලකට අයත්, වැදගත් නිලතල දරන සොයුරු සොයුරියන් සහිත, උගත්, ධනවත් සංවර තැනැත්තියකි. ඇයගේ අතීතය ද යහපත්ය. ඇය පිළිබඳ කිවයුතු කිසිදු වරදක් නොමැත. එහෙත් ඇය මේ දිනවල විවිධ හොර ජාවාරම් මඟින් පොහොසත් වූ, නූගත්, නරක අතීතයක් ඇති සල්ලාලයකු හට හසුවී සිටී.”
     
    • Like
    Reactions: kitZrocks

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අන්තිමට අත්හරින්නෙ මොකක්ද?

    මනෝ නිවාඩුවක් ගත කිරීම සඳහා තම බිරිඳ සමඟ නැඟෙනහිර මුහුදුබඩ පෙදෙසෙකට ගියේය. දිනක් හදිසියේම අහස තදින් කළුකර වැසි වැටෙන්නට වූ අතර කුණාටුවක් ද හමා යන්නට විය. ඒ සමඟම බෝට්ටුවේ ඇන්ජිම ද ක්‍රියාවිරහිත විය.

    තදින් බියපත් වූ මනෝ බෝට්ටුවේ බිම දණ ගසා අහස දෙස බලා දෑත් දිගු කොට, මෙසේ දෙවියන් යදින්නට විය.
    ’අනේ දෙවියනේ මේ විපතෙන් අපේ ජීවිත බේරලා දෙන්ඩ. මම මීට පස්සෙ මත්පැන් බීම අතහරිනවා. දුම්බීම අතහරිනවා. අනුන්ගෙ රීරි මාංස කාලා ජීවත්වීම අතහරිනවා. අනුන්ට උගුල් අටවන එක අතහරිනවා.. මම...?
    මනෝ ගේ යාදින්න මැදට ඔහුගේ බිරිඳ වසන්තා කෝපයෙන් කඩා පැන මෙසේ කීවාය.
    ”ඊළඟට තමුසෙ කියන්ඩ හදන්නෙ මාවත් අත හරිනවා කියලද? මෝඩයෙක් නොවී ඔන්න ඔය හබල අරගෙන බෝට්ටුව පදිනවා.”
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නිවැරදි වාර්තාව

    ළමා වයසේදී පාසල් නොගොස් කට්ටි පැන මිතුරන් සමඟ විනෝද වූ අජිත් විවිධ මගඩි ජාවාරම් වලට හවුල් වෙමින් සල්ලාල ජීවිතයක් ගත කරද්දී අනපේක්ෂිතව ලද ධනයකින් පොහොසතෙක් විය. තමාගේ අපකීර්තිමත් අතීතය වළලා දැමූ හෙතෙම විවිධ සමිති සමාගම්වලට බැඳී වෙනස් ජිවිතයකට අරඅඳිමින් සිටියදී පියකරු යුවතියක මුණගැසිණ.

    ඇය කෙබඳු ස්ත්‍රියක දැයි සැක සිතූ හේ පෞද්ගලික රහස් පරීක්ෂකයකු හමුවී ඇය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස දැන්වීය. හරියටම සතියකින් අපේක්ෂිත වාර්තාව ඔහු වෙත ලැබුණි. එහි මෙසේ සඳහන්ව තිබුණි.
    ”ඇය උසස් පවුලකට අයත්, වැදගත් නිලතල දරන සොයුරු සොයුරියන් සහිත, උගත්, ධනවත් සංවර තැනැත්තියකි. ඇයගේ අතීතය ද යහපත්ය. ඇය පිළිබඳ කිවයුතු කිසිදු වරදක් නොමැත. එහෙත් ඇය මේ දිනවල විවිධ හොර ජාවාරම් මඟින් පොහොසත් වූ, නූගත්, නරක අතීතයක් ඇති suranga නම් සල්ලාලයකු හට හසුවී සිටී.”

    :rolleyes::rolleyes::angry::angry::no::no::dull::dull::oo::oo::growl::growl::frown::frown:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    pattaa banz:lol:
    +++jayawewa
    11.gif
     
    • Like
    Reactions: suranga84