දෙනෙත්_හරින්නට_කාලයයි_මේ . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දෙනෙත්_හරින්නට_කාලයයි_මේ . . .

    ලෝකෙන් උතුම් රට ලංකාවයි . . . ලංකාවයි සිරි ලංකාවයි . . .

    දෙනෙත් හරින්නට කාලයයි මේ . . .



    1. පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල . . .

    2.
    මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙත්, නැගෙනහිර පළාතෙත්, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ සෙනරත් රජතුමා, ඒ පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපේ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා . . .

    3. සුනාමි ආපු වෙලාවේ, නැගෙනහිර, මුහුදු මහා විහාරයේ මුස්ලිම් අයට රැකවරණය දුන්නා. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරලා. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදලා. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආවා . . .

    4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ට ඉන්නත් බෑ . . .

    5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනවා . . .

    6. පසුගිය දිනෙක (2012 අගෝස්තු 26) මුස්ලිම් ආගමික නිකායන් දෙකක් අතර පවතින ආගමික ගැටළුවක් නිසා එම ප‍්‍රදේශයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවන්න සිද්ධ උනා. නමුත් මේ දෙගොල්ලම සුරැකිව ඉන්නවා, සිංහල බෞද්ධ බහුතරය අතරෙදි. මොකද, ඔය කවුරුත් හෙළ බොදු මෙත් කරුණා සෙවණ යට සුරක්ෂිතයි . . .

    7. කුරගල කියන්නේ මහරහතුන් වැඩහිටි, බෞද්ධයන්ගෙ ඉතිහාසගත උරුමයක්. අද ඒක මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන. ඒ කටයුත්තට විරුද්ධව උසාවි නියෝගයක් පවා දීල තිබෙනවා, වහාම ඔවුන්ට ඉවත් වෙන්න කියලා නමුත් එසේ ඉවත් වෙන පාටක් නම් තාම පේන්න නැහැ . . .

    8. අද හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ, "කෝනෙශ්වරන් කෝවිල", පැරණි "ගෝකන්ණ රජ මහා විහාරය". බොදු උරුමය මත විනාශ කරලා තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක් . . .

    නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් කඩා බිඳ දමලා ගොඩනැඟුව බොදු පුද බිමක් ගැන ?
     
    • Like
    Reactions: Sajee85