දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගෙදර නොයිද උඹ යන්නේ කොහෙද කියා
    හොයලා බලන්නට ඕනා පොලිසියට කියා

    :D

    ඒවා සොයන්නට පො‍ලිසිය අවැසි නැත
    උඹ වගෙ යකුන් දෙන්නෙක් හොදටෝම ඇත

    :lol::P
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0

    ඇත්තයි නංගි මම ටියුෂන් ගියා තමයි
    ගුරා වෙලා මම ටියුෂන් දුන්න තමයි
    ගෝලයා වුනේ ඔය යක්පැටියාම තමයි
    දැන් ඔය දෙන්නෙ ඒකට ගුරු පඩුර තමයි

    :yes::D:D
    දෙන්නම එකම පන්තියේ බව වැටහෙනවා
    ගුරයි ගෝලයි නියමෙට පැහෙනවා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඇත්තයි නංගි මම ටියුෂන් ගියා තමයි
    ගුරා වෙලා මම ටියුෂන් දුන්න තමයි
    ගෝලයා වුනේ ඔය යක්පැටියාම තමයි
    දැන් ඔය දෙන්නෙ ඒකට ගුරු පඩුර තමයි

    :yes::D:D

    :D:D

    ගුරා උනත් මුගෙ බැල්ම කෙල්ලෝ වෙතමයි
    අපි කවි ඉගෙන ගත්තේ අපෙ උත්සාහෙන්මයි

    අපිට වේවැල් පාර කෙල්ලොන්ට සැළකිලි
    පන්තිය ඉවර වී කෙල්ලන් හා මූ සැණකෙලි
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0

    ඒවා සොයන්නට පො‍ලිසිය අවැසි නැත
    උඹ වගෙ යකුන් දෙන්නෙක් හොදටෝම ඇත

    :lol::P
    ටාකුර් ඔයා පොට වැරැද්ද ගන්න එපා
    රැ යාමේ යක්කු ගෙදරට ගන්න එපා
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    :D:D

    ගුරා උනත් මුගෙ බැල්ම කෙල්ලෝ වෙතමයි
    අපි කවි ඉගෙන ගත්තේ අපෙ උත්සාහෙන්මයි

    අපිට වේවැල් පාර කෙල්ලොන්ට සැළකිලි
    පන්තිය ඉවර වී කෙල්ලන් හා මූ සැණකෙලි
    හොද හොද සෙල්ලම් දැන්නේ එලි වෙන්නේ
    ගුරාගේ හැටි ගෝලයා කියලා දෙන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙන්නම එකම පන්තියේ බව වැටහෙනවා
    ගුරයි ගෝලයි නියමෙට පැහෙනවා

    ථාකුරයා ගුරෙකි කවි ලොව පරිණත වූ
    මම පොඩි එකෙකි කවි ලොව වෙත ගොඩ වූ

    :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඒවා සොයන්නට පො‍ලිසිය අවැසි නැත
    උඹ වගෙ යකුන් දෙන්නෙක් හොදටෝම ඇත

    :lol::P

    හන්තානේ මහවැළි ගඟ ඉස්මත්තේ
    කෙල්ලෙක් සමඟ දුටුවා උඹ ඒ පැත්තේ

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දෙන්නම එකම පන්තියේ බව වැටහෙනවා
    ගුරයි ගෝලයි නියමෙට පැහෙනවා
    ඇත්තයි නිශා යක්කුත් මට වෙයි මෙල්ල
    යක්කුත් මගේ කවියට කරනව ලොල්ල

    :yes::D:P


    :D:D

    ගුරා උනත් මුගෙ බැල්ම කෙල්ලෝ වෙතමයි
    අපි කවි ඉගෙන ගත්තේ අපෙ උත්සාහෙන්මයි
    ____________________________

    අපිට වේවැල් පාර කෙල්ලොන්ට සැළකිලි
    පන්තිය ඉවර වී කෙල්ලන් හා මූ සැණකෙලි

    ගුරා උනත් මම කොල්ලෙකි මල් වයසේ
    කෙල්ලන් දිහා බැලුවේ මම ගුරෙකු ලෙසේ
    _______________________________

    කෙල්ලන් ඇවිත් ඇහුවම කවි වල දෝස
    මම වගෙ ගුරන් මග හැර ඉන්නේ කෙලෙස


    :yes::D:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටාකුර් ඔයා පොට වැරැද්ද ගන්න එපා
    රැ යාමේ යක්කු ගෙදරට ගන්න එපා

    මවැනි යකුන් සැමහට වාසනාවන්
    රැයත් දවාලෙත් මුවගේ හිනාවන්

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ථාකුරයා ගුරෙකි කවි ලොව පරිණත වූ
    මම පොඩි එකෙකි කවි ලොව වෙත ගොඩ වූ
    :yes:

    බටර් ගාන හැටියට අපෙ යක් පැටියා
    ළගදිම දෙයිවගේ මේ මට ගිනි ගෙඩියා

    :yes::D:P

    හන්තානේ මහවැළි ගඟ ඉස්මත්තේ
    කෙල්ලෙක් සමඟ දුටුවා උඹ ඒ පැත්තේ

    :D

    ඔව් බොල අපේ අක්කා මල් වත්තෙ ගියා
    මටත් එන්න කියලා‍ කිව්වානෙ එයා

    :yes::D:D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ථාකුරයා ගුරෙකි කවි ලොව පරිණත වූ
    මම පොඩි එකෙකි කවි ලොව වෙත ගොඩ වූ

    :yes:
    පොඩි එකා උනත් නුබේ කවි අනර්ගය
    නුබ කවි කියන්නට ඉපදුන යකෙක්මය
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇත්තයි නිශා යක්කුත් මට වෙයි මෙල්ල
    යක්කුත් මගේ කවියට කරනව ලොල්ල

    :yes::D:P




    ගුරා උනත් මම කොල්ලෙකි මල් වයසේ
    කෙල්ලන් දිහා බැලුවේ මම ගුරෙකු ලෙසේ
    _______________________________

    කෙල්ලන් ඇවිත් ඇහුවම කවි වල දෝස
    මම වගෙ ගුරන් මග හැර ඉන්නේ කෙලෙස


    :yes::D:P

    මල් වයසැයි කිව්වට උඹ නාකියෙකි
    ලං කරගෙන හොයන ගුණ දොස් මොකක

    කෙල්ලන් ලං කරන් බලනා කවි අරුමයකි
    මූ ගුරා වෙච්ච එක නම් අපගේ කරුමයකි

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ටාකුර් ඔයා පොට වැරැද්ද ගන්න එපා
    රැ යාමේ යක්කු ගෙදරට ගන්න එපා

    යක්කුන් ඉතිං ආවොත් නම් අපේ දිහා
    වලලනවා ඕකුන් මල්ලකට බහා

    :yes::D:P:P

    මවැනි යකුන් සැමහට වාසනාවන්
    රැයත් දවාලෙත් මුවගේ හිනාවන්

    :D

    කට්ට කලුයි මේකා දත් පමණි සුදූ
    රෑට දැක්කොතිං සිහිවේ අපගෙ බුදූ

    :yes::D:D:P:P
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ඔව් බොල අපේ අක්කා මල් වත්තෙ ගියා
    මටත් එන්න කියලා‍ කිව්වානෙ එයා

    :yes::D:D[/QUOTE]

    එයාට අක්කා කියලා දැන් කියනවද
    ගැලවෙන්නට බොරු කවි පද හදනවද
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    කවි කියන්න දැන් නම් මට බැරි පාටයි
    ඇස් දෙක ලග නිදිමත කැරකෙන ගානයි
    ඔබලා දෙපලටම මේ රැය සුබ වේවායි
    පතලා නිදියන්න මං මේ දැන් යනවයි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පොඩි එකා උනත් නුබේ කවි අනර්ගය
    නුබ කවි කියන්නට ඉපදුන යකෙක්මය

    කවි නම් බැරිය පද ගැට ලන්නෙ හරි අමාරුවෙන්
    ඔබේ වදන් පිලිගන්නේ හද පිරි සන්තෝසයෙන

    :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යක්කුන් ඉතිං ආවොත් නම් අපේ දිහා
    වලලනවා ඕකුන් මල්ලකට බහා

    :yes::D:P:P



    කට්ට කලුයි මේකා දත් පමණි සුදූ
    රෑට දැක්කොතිං සිහිවේ අපගෙ බුදූ

    :yes::D:D:P:P

    දත් විතරක් නෙවේ කොන්ඩෙත් සුදුය
    මහ රෑ ඇවිත් උඹ බය කරනට හිතය

    කට්ටඩියෙක් සොයා හොඳ නූලක් මතුර ගනින්
    මල්ලක් නෙවේ හොඳ බිල්ලක් ලෑස්ති කර ගනින්

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවි කියන්න දැන් නම් මට බැරි පාටයි
    ඇස් දෙක ලග නිදිමත කැරකෙන ගානයි
    ඔබලා දෙපලටම මේ රැය සුබ වේවායි
    පතලා නිදියන්න මං මේ දැන් යනවයි

    ඇස් දෙක නොරිදවා නින්දට යන එක හොඳයි
    ආර්පිකෝ මෙට්ටේ පව් ඔබෙ බරට එයට රිදෙයි

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පොඩි එකා උනත් නුබේ කවි අනර්ගය
    නුබ කවි කියන්නට ඉපදුන යකෙක්මය

    නිශා කියනදේ ඇත්තයි නිවැරැදිය
    යකා කියන කවි ෆට්ටයි මල්වැනිය

    :yes::D:D

    මල් වයසැයි කිව්වට උඹ නාකියෙකි
    ලං කරගෙන හොයන ගුණ දොස් මොකක

    කෙල්ලන් ලං කරන් බලනා කවි අරුමයකි
    මූ ගුරා වෙච්ච එක නම් අපගේ කරුමයකි

    :D
    අවුරුදු විසිඑකේ මිනිසුන් නාකි නැත
    කෙල්ලන් නිසා යක්කුත් ඉරිසියා ඇත


    __________________________________________

    කරුමය තොපෙ නොවේ බොල මගෙ පෙර පවකී
    තෝ වගෙ යකුන් පංතියෙ ගුරුනට බරකී

    :yes::D:P:P




    එයාට අක්කා කියලා දැන් කියනවද
    ගැලවෙන්නට බොරු කවි පද හදනවද

    එයාට එයා කියනව කිසි බයක් නැත
    අක්කට එයා කිව්වම යම් බයක් ඇත
    ගැලවෙන්නට සිතා මම බොරු කියා නැත
    අක්කා නිසා අක්කා යයි කියා ඇත

    :yes::D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ථාකුරයා නිශා ඇතුලු එල කිරි හැමටම
    සුභ රාත්‍රියක් මම යනවා ඇඳ වෙතටම