දෙපාරක් කසාද බැන්දෙ නැත්තම් හිරේ

casper88

Member
Aug 22, 2014
1,103
109
0
The Dark World
දෙපාරක් කසාද බැන්දෙ නැත්තම් හිරේ


දෙපාරක් කසාද බැන්දෙ නැත්තම් හිරේ -මඟුලට ආණ්ඩුවෙන් සල්ලි


අපේ රටේ නම් එක පුරුෂයෙකුට බිරින්දෑවරු දෙන්නෙක් හිටියොත් වැඩේ නතර වෙන්නේ උසාවි ගිහින්. හැබැයි අඩුම තරමින් බිරින්දෑවරු ‍දෙන්නෙක්වත් හිටියේ නැත්තම් හිරේ යන්න වෙන රටකුත් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි Eritrea.

මේ රට පිහිටලා තියෙන්නේ අප්‍රිකානු මහද්වීපයේ. කාලයක් පුරාවට පැවතුණු යුද්ධයක් නිසා මේ රටේ පිරිමි ලක්ෂ ගාණක් මැරිලා තියෙනවා. ඒත් එක්කම විවාහ වෙන්නට ඉන්න කාන්තාවන්ට අවශ්‍ය පිරිමින්ගේ හිඟයක් ඇවිත්.

ඒකට පිළියමක් විදියට ඒ රටේ ගොඩ දෙනෙක් විශ්වාස කරන ආගමික නායකයෙක් කියලා තියෙන්නේ හැම පිරිමි කෙනෙක්ම අඩුව කාන්තාවන් දෙදෙනෙකුවත් විවාහ කරගන්න ඕනි කියලා. :D:D:D එහෙම නැතිවුනොත් ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා කියලත් ඔහු කියලා තියෙනවා.

ඒ වගේම පළවෙනි කසාදය කරගත්ත බිරිඳ පුරුෂයාගේ දෙවන විවාහයට අකැමති වුනොත් ඒ සම්බන්ධයෙන් ඇයට නීතිමය පියවර ගන්නත් මේ රටේ ඉඩ දීලා තියෙනවා. ඒ වගේම මේ වෙන විවාහයන්ට රජයෙන් මුදල් ගෙවන්නත් සූදානම් කියලා තමයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ..

source - rategossip eken gatte