මාලිමාව අවුරුදු පහම පඩි නොගත්තත් වදුරා පැනපු පාඩුවත් මැකෙන්නෑ…

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව සඳහා එක්සත් ජනරජ පෙරමුණෙන් තරග වදින අපේක්ෂක කණ්ඩායම තම මැතිවරණ ව්‍යාපාරය පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් නගරාධිපති අපේක්ෂක ප්‍රසන්න රවීන්ද්‍ර ලාල් මහතාගේ නිවසේ දී ආරම්භ කළේ ය.


    ප්‍රශ්නය:
    දැන් පාර්ලිමේන්තුව දිහා බැලුවම ප්‍රබල විපක්ෂයක් නැති අඩුවක් පේනවා නේද? දැන් පොඩ්ඩක් කතා කරන මිනිස්සුන්ට ඇතුළට යන්න වෙනවා. දැන් මේ ළඟදී ඒ කියන්නේ මං දන්නෑ හරි හෝ වැරදි අපි දන්නෑ නෑ. විශේෂයෙන් චාමර සම්පත් දසනායක මහත්තයා අරෙහෙ මෙහෙ නීතිමය කටයුතු වලට මුහුණ පානවා. ප්‍රබල විපක්ෂයක් නොමැති වීම ලොකු බලපෑමක් නේද?


    පිළිතුර:
    මෙහෙමයි. ඔය සිද්ධි වලට චාමර සම්පත් දසනායක නෙමෙයි වෙන ඕනම කෙනෙක්ට දඬුවම් කිරීමට අපි විරුද්ධ නෑ. හැබැයි ඒවා දේශපාලන දඩයම් නොවිය යුතුයි. ප්‍රශ්නෙ තියෙන්නේ මේ රටේ ඊ වීසා වංචාවෙන් කෝටි 370 ක් රටේ ජනතාවගේ ධනය කොල්ල කාපු හොරුන්ට පියවර ගන්න බැරි අය, පාසල් දරුවන් පාසල් බෑග් ලබාදීම සම්බන්ධයෙන් මහා ක්‍රියාවලියක් ගෙන යන එක. හැමෝම නීතිය ඉදිරියේ සමානයි කිව්වට ජාවාරම්කාරයෝ බේරලා තමයි යන්නේ.


    ඒ වගේම මේ රජය යටතේත් කන්ටේනර් 323 ක් රතු ලේබල් අලවපුවා නිදහස් වුණා. අද වෙනකන් අපේ විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවට බැරි වුණා. ඒ කන්ටේනර් වල තිබුණේ මත් කුඩු ද? අවි ආයුධ ද? හොර බඩු ද කියලා අපට කියන්න බැරි වුණා. ඒක මේ රටේ සිදු වෙච්ච බලගතු ම වංචාවක්.


    ඒ විතරක් නෙවෙයි. ටෙන්ඩර් කමිටිය හා කමිටුව ප්‍රතික්ෂේප කරපු පිරිසකට තමන්ගේ හිතවත් ජාවාරම්කාරයෙක්ට අයිති සමාගමකට විදුලිබල ව්‍යාපෘතියක් ලබා දුන්නා.


    ඒ වගේ ම කියන්න ඕනේ මේ ආණ්ඩුව දැන් බොහෝ දුරට කියනවා මේ ගමෙත් දූෂණය නවත්වමු. අපි රටේ දූෂණය නැවැත්තුවා. ඉතුරු කළා කියලා. ඇත්තටම මම කියන්න ඕනේ මේ මන්ත්‍රීවරුන්ට අපි හිතුවොත් සියලු දීමනා සහිත ව ලක්ෂ තුනක් පඩි ලැබෙනවා කියලා. මේ මාලිමාවේ 159 දෙනාගේ පඩි ඉතුරු කළා. ඒගොල්ලන් ඒ ඔක්කොම පක්ෂයෙන් නඩත්තු ඒ මුලු සල්ලි ම රජයට ආපහු ලබා දුන්නා. මේ මුලු අවුරුදු පහට ම ඒවා ලබා දුන්නත් ඒ ලැබෙන මුදල, ඒ ඉතුරු වෙන මුදල වගේ තුන් ගුණයක් පසුගිය පෙබරවාරි නම වෙනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඒ එකෙන් රටට අහිමි වුනා. තුන් ගුණයක්. බිලියන අටකට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට විතරක් අහිමි වෙලා තියෙනවා.


    ඒ අනුව ඔය බොරු ඉතිරි කිරීම් වලින් වැඩක් නැහැ. මේ එකෙන් විතරක් ලංකා විදුලිබල මණ්ඩලයට, මේ රටේ ජනතාවට ඒක සම්පූර්ණයෙන්ම අහිමි කරලා තියෙනවා. ඒ නිසා විදුලිබල පද්ධතියක් වඳුරෙක් පැන්නහමත් පාලනය කරගන්න බැරි පිරිසකට බිලියන ගාණක් ඒ සඳහා නාස්ති කරලා තියෙනවා නම්, ඒක සාහසික අපරාධයක්.


    ඒ වගේ ම පසුගිය කාලය පුරා නිකන් ලැබෙන සුර්ය බලය නිකන් ලැබෙන ජල විදුලිය, නිකන් ලැබෙන සුළං බලය කප්පාදු කරලා විදුලිබල මණ්ඩලය තෙල්, හාල්, ගල් අඟුරු මාෆියාවට යටවීම නිසා පහුගිය පෙබරවාරි හා මාර්තු මාසේ ජනවාරි මාසෙට සාපේක්ෂව විශාල මුදලක් පේන හැටියට කෝටි දාහතර දාහක වගේ දැවැන්ත මුදලක් අහිමි කරලා තියෙනවා ලංකා විදුලිබල මණ්ඩලය.


    ඉතින් ඒක නිසා මෙවැනි ආකාරයෙන් නාස්තිය, අකාර්යක්ෂමතාව හරහා ප්‍රකෝටි ගණන් ධනය රටට අහිමි කරන ගමන්. ඒවා බදු හැටියට, ආහාර බදු හැටියට, ඖෂධ බදු හැටියට, එහෙමත් නැත්නම් තෙල් බදු හැටියට, විදුලි බදු හැටියට, ජනතාව පිට පටවමින් අපි සරලයි, අපි පඩි ගන්නෑ, අපි වාහන ගන්නෑ. කියලා කීම ඇත්ත වශයෙන් ම දැන් විහිළුවක් බව කියන්න ඕනේ. මුලින් අර දැවැන්ත කවුළු වහලා ඉන්න ඕනේ මේ මී ගුල් වැහුවට හරි යන්නේ නැහැ. දැවැන්ත කවුළු වලින් අද මහා පරිමාණ විදියට ධනය කාන්දු වෙනවා. මම මේක උදාහරණයක් දෙකක් විතරයි කිව්වේ.


    ඉදිරියේ දී අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් කරන්න. මම නැවතත් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා හිටිනවා ඔය දීලා තියෙන දැන් වර්තමානයේ දීලා තියෙන වාර්තාව ඔය රට පුරා විදුලිය විසන්ධි වීමේ තියෙන වාර්තා වෙනුවට කොමිසමක් පත් කරන්න. මෙහි තියෙන ඇත්ත නැත්ත අපි ප්‍රකාශ කරනවා. ඒ වගේ ම මේ රජයට අපි කියනවා පසුගිය නොවැම්බර් විසි හතර වෙනිදා මෙවැනි සිදුවීමක් සිදු වෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ පාලන මැදිරිය විසින් ඇමතිවරයා දැනුවත් කර තිබිය දී තමයි මේ සිදුවුණේ. ඒ නිසා මේක පාස්කු ප්‍රහාරය වගේ. කලින් දැනුම් දීල ත් රටේ විදුලිය පවත්වා ගෙන යන්න මේ ඇමති මේ ජනාධිපති අසමත් නම් මේ පාඩුවේ වගකීම ඔවුන් භාර ගත යුතුයි. මේ රාජ් ය දේපළවලට කරපු මේ කාරණය භාර ගත යුතුයි. චාමර සම්පත් රාජ්‍ය දේපළ සඳහා හිරේ යනවා නම්, ඒ වගේ දස දහස් ගුණයක් මේවටත් හිරේ යන්න ඕනා. ඒ සඳහා ඒ අදාළ ආයතන කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.