දෙබිඩි දරැවෝ

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
දෙබිඩි දරැවෝ


attachment.php


ද්විබද්ධ එසේත් නැත්නමි දෙබිඩි දරැ ප්‍රසූතියේ ඉතිහාසය වසර 1000 ක් තරමි පැරණිය. නමුත් ඒවා සනාථකල හැකි සාක්ෂි ඉතිහාසය සතුව නැත. බොහෝ සිද්ධින් වාචිකව කතාන්දර ලෙස එකී සමාඡක්‍රමයතුල තිබුණා විනා ඒවා සනාථකිරීමට තරමි ප්‍රබල ක්‍රමයක් එවිට තිබුණේ නැත. සාක්ෂි සහිත ප්‍රථම ද්විබද්ධ දරැවන් උපදින්නේ 1811 තායිලන්තයේ බැංකොක් නුවරය මෙි ඔවුන් ගැන නොවෙි. ඊට පසුව 1851-ඡුලි 11 දින ඇමෙරිකා එක්සත් ඡනපදයේ උතුරැ කැරොලිනාවෙි වහල් හිමියෙක් යටතේ වහලියක් ලෙස සේවය කල මොනිමියා නැමති කාන්තාව ප්‍රසුත කල දියණියන් දෙදෙනා ගැනය.


මොනිමියා සේවය කලේ blacksmith Jabez McKay නැමති වහල් හිමියාටය. ඔහු තම බිරිදගේ අත් උදවි සදහා ඇය තෝරාගෙන තිබිනි. පසුව ඔහු ඇයව ඡෙකෝබි නැමති වහලා ගේ බිරිද බවට පත්වී මොනිමියා නිවුන් දරැවන් බිහිකල අතර ඔවුන් දෙබි‍ඩි ගැහැනු දරැවන් විය. ඔවුන් කොදුඇට පෙලින් එකට බද්ධව සිටියහ. 1800 තරමි දුර ඈත කාලයේ මෙය පුදුමය උපදවන දරැ ප්‍රසූතියක් වු අතර ඔවුන් ඒ දෙදෙනාට මිලී සහ ක්‍රිස්ටීන් යනුවෙන් නමි තැබුහ. ඔවුනට වයස 3 ක් පමණ වනවිට මෙි වහල් වෙලෙන්දා ඔවුන් දෙදෙනාවම එවකට සුප්‍රසිද්ධ සර්කස් ආයතනයක හිමිකරැවෙකු වු Joseph Pearson Smith ට ඩොලර් 1000 කට විකුණා දැමීය. ඡෝසප් සිය සර්කස් සංදර්ශනවලට ඔවුන් යොදාගනිමින් එහි ඡනප්‍රියත්වය උදෙසා මෙසේ පෝස්ටර් ගැසීය


'' එන්න බලන්න ඔලු දෙකේ කෙල්ලව ''
'' ලෝකයේ 8 වැනි පුදුමය ''


1854 දීම ඔහු මෙි වයස 3 ක් පමණවන කෙල්ලන්ව නිවියෝක් වල පිහිටි ඇමෙරිකා කෞතුගාරයේ ප්‍රදර්ශනයට තැබීය.වෛද්‍යවරැ , මානව විශේෂඥයන් එහිදී මුදල් ගෙවා ඔවුන්ව ඔවුනගේ පරීක්ෂණවලට භාඡනය කළහ. එම වසරේම මෙි දරැවන් දෙදෙනාව කිසියමි කෙනෙක් පැහැරගන්නා ලදී. පසුව ඔවුන් එංගලන්තයේ සර්කස් කණ්ඩයායමක සිටින බව දැනගත් තෝමස් දරැවන්ගේ මව වු මොනිමියා සමග එංගලන්තයට ගියේය. ඔහු පැහැරගත් සර්කස් හිමියාට එරෙහිව නඩු මාර්ගයකට ගොස් නැවත දෙබිඩි දරැවන්ව තමා බාරයට ගෙන 1863 දී ඔවුන්ව වහල් බවින් නිදහස් කලේය.


තව දුරටත් ඔවුන් කිසිවෙකුගේ දේපලක් නොවුනත් සිය කැමත්තෙන්ම ඔවුන් තෝමස්ගේ සර්කස් ව්‍යාපාරයේ ගී ගැයීමට ඉදිරිපත් විය. ඔවුන් දෙදෙනාට තිබිනේ ආශ්චර්යමත් කටහඩවල්ය. ඉතිං ඔවුහු ඉක්මණින් ඡනප්‍රිය වී නයිටින්ගෙල් කිරිල්ලියෝ යනුවෙන් මිනිසුන් හැදින්වීමට පටන් ගත්හ.


ඔවුන් මෙසේ ගැයීය.
අපව වෙන් නොකරන්න
මෙි අහන්න
අපට ඇත්තේ එක හදවතකි.
එක් ආශාවකි එක් අරමුණකි
දවස දිගුවන තරමට අප කැමතිය


ඔවුන් මෙි වනවිට සතියකට උපයන මුදල ඩොලර් 600 ක් බව කියවෙි එය 1860 දී අති විශාල මුදලකි.ඔවුන් ඒ මුදල් උතුරැ කැරොලිනාවෙි කොළොමිබස් ගමිමානයේ සියලු දුප්පත් කලු දරැවන් වෙනුවෙන් පාසැල් තැනීමට වෙන්කළහ.1871 දී මහා බ්‍රිතාන්‍යයේ විකටෝරියා රැඡින ඔවුන්ට පුද්ගලිකවම ඇය හමුවට ආරාධනා කලාය. 1912 ඔක්තොමිබර් 08 වැනි දින ක්ෂය රෝගයෙන් මිලී මිය ගිය අතර ශෝකයෙන් හඩමින් ඊට පැය 10 කට පසු ක්‍රිස්ටීනා මිය ගියාය එවිට ඔවුන්ට වයස අවුරැදු 61 කි.



source http://thewoman.lk/girl-twins/
 

Attachments

  • Girl 22.jpg
    Girl 22.jpg
    70.9 KB · Views: 106