දෙමල_ඉතිහාසෙක_සිංහල_අපි

r runner

Member
May 12, 2015
2,396
781
0
දෙමල_ඉතිහාසෙක_සිංහල_අපි

කොහොමද මේක... ඉතිහායෙවත් අහපු නැති ඒවා දැන් දැන් අහන්න දකින්න වෙන්නෙ :sorry::sorry:


ඉතිහාසය දෙමළ සෙල්ලිපි අමතක කරලා

image_476fae718b.jpg
සාකච්ඡාව - කැලුම් බණ්ඩාර
(සිංහල පරිවර්තනය - කෝවිද ගුණසේකර)


ඉතිහාසය විෂය පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය එස්. පද්මනාදන් ඬේලි මිරර් හා විශේෂ සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් කියාසිටියේ සිංහල හා දෙමළ ජනතා දෙපාර්ශවයටම ඇත්තේ එකම අනන්‍යතාවක් බවයි.
සාකච්ඡාවේ දී ඔහු දෙමළ නිජබිම් සංකල්පය ඉතිහාසඥයකුගේ ඇසින් සාධාරණීකරණය කිරීමට උත්සාහ කළේය. මහාචාර්ය එස්. පද්මනාදන් වර්තමාන යාපනය විශ්වවිද්‍යාලීය කුලපතිවරයා ද වේ.


ප්‍රශ්නය - උතුරේ දෙමළ ජනාවාස වල ආරම්භය ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේ ද?

සමස්තයක් වශයෙන් සැලකූ විට 19 වැනි ශතවර්ශයේ පටන්ම ශ්‍රී ලංකාවේ ජනතාව සම්බන්ධයෙන් පදනම් විරහිත අදහස්, මත ආදිය පැවත තිබෙනු හඳුනාගන්නට පිළිවන්. සිංහල ජාතිකයන් කතා කරන භාෂාව පදනම් කරගෙන යුරෝපීයයන් ඔවුන්ව හඳුන්වාදුන්නේ ඉන්දියා - ආර්ය සම්භවයක් ඇති ජන කොට්ඨාසයක් හැටියට.



image_fe54854050.jpg
දෙමළ ජාතිකයන්ව ඔවුන් හැඳින්වූයේ ද්‍රවිඩ සම්භවයක් ඇති ජන කොට්ඨාසයක් හැටියට. මේ හැඳින්වීම් සියල්ලකටම එදා පදනම වුණු සිංහල, දෙමළ ජන කොට්ඨාස අතර තිබුණු විවිධ සංස්කෘතික ලක්ෂණ පමණක් බවත්, ජාතිීන් ලෙස බෙදීමක් එදා සිදුනොවුණු බවත් මා සඳහන් කළ යුතුම යි. වර්තමානයේ පවා විද්වතුන් ජාතියක් ගැන කතා කරන්නේ නැහැ. සංස්කෘත භාෂාවෙන්, දෙමළ යැයි උච්ඡාරණය කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා සංස්කෘත භාෂාවෙන් දෙමළ ජනතාව හඳුන්වාදුන්නේ ‘ද්‍රවිඩයන්’ ලෙස. තමිල්නාඩුවේ හෝ වෙනත් ප්‍රාන්ත වල හෝ ජීවත්වුණු දෙමළ ජනතාව තමන්ව ද්‍රවිඩයන් ලෙස හඳුන්වාදුන්නේ නැහැ. ද්‍රවිඩ කියන හැඳින්වීම ඔවුන්ට ලබාදුන්නේ තමිල්නාඩුවට පරිබාහිර ප්‍රාන්තවල වාසය කළ වෙනත් භාෂා කතා කළ පුද්ගලයින්. සංස්කෘත භාෂාවෙන් ලියැවී තිබෙන ලියකියැවිලි වලත් දෙමළ ජනතාව හඳුන්වා දී තිබෙන්නේ ද්‍රවිඩයන් ලෙස.

මහාවංශයට අනුව බුදු දහමේ ආගමනයට පෙර ශ්‍රී ලංකාවේ යක්ෂ සහ නාග යනුවෙන් ජන කොට්ඨාස දෙකක් ජීවත්ව තිබෙනවා. පුරාවිද්‍යාත්මකව බැලූවිට මෙම ජන කොට්ඨාස දෙක පිළිවෙලින්, මෙසොලිතික සංස්කෘතියට සහ මුල් යකඩ යුග සංස්කෘතියට අයත් ජන කොට්ඨාස ලෙස හඳුනාගන්නට පිළිවන්. මෙසොලිතික ජනතාව ක්‍රිස්තු උපතට පෙර වසර 28000 ක කාලයක් තිස්සේ මෙහි ජීවත්ව තිබෙනවා, යාපනය අර්ධද්වීපයේ සහ දූපත් වල හැර.
එයට හේතුව එම ප්‍රදේශවල ස්ථීර ජල සැපයුමක් නොතිබීම. ළිං කණින්නට හෝ වැව් තනන්නට හෝ මේ මෙසොලිතික ජනතාවට උපකරණ කිසිවක් තිබුණේ නැහැ. ඔවුන් ආහාර නිශ්පාදකයන් නොවේ. දකුණු ඉන්දියාවේ සිට මුල් යකඩ යුගයට අයත් ජනතාව මෙහි පැමිණ ඇත්තේ ක්‍රි. පූ. 800 පමණ කාලයේ. ඔවුන් පැමිණ දිවයිනේ වාසය කරමින් සිටි ජනතාව යටත් කරගත්තා. සිංහල හා ශ්‍රී ලංකා දෙමළ ජනතාව පැවත එන්නේ මේ කියන යක්ෂ හා නාග ජන කොට්ඨාස වලින්. මේ ජන කොට්ඨාස දෙක කළවම් වීමෙන් තමයි ඔවුන් නිර්මාණය වුණේ. එහෙත් යාපනය අර්ධද්වීපය සැලකීමේ දී, ආරම්භයේ සිටම එහි යක්ෂ ගෝත්‍රයට අයත් ජනතාව නොසිටි නිසා, දකුණු ඉන්දියාවෙන් පැමිණි මුල් යකඩ යුගයට අයත් ජනතාව තමයි එතැන මුල්ම පදිංචිකරුවන් වුණේ. කාලය ක්‍රමයෙන් ගත වෙනකොට නොයක් හේතු නිසා රට අභ්‍යන්තරයේ සිටි ජනතාව කුඩා කණ්ඩායම් විදිහට යාපනයට සංක්‍රමණය වෙන්න ගත්තා. බුදු දහම ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් කාලය වෙන කොටත් යක්ෂ හා නාග ගෝත්‍ර දෙක එකිනෙක හා මිශ්‍රව අවසන්. එහි ප්‍රතිඵලයක් ලෙස නව සංස්කෘතික අනන්‍යතාවක ගොඩනැගීම ඒ වන විටත් ආරම්භව තිබුණා. ජන කොට්ඨාස දෙකට අයත්වුණු ජනතාව අතර තවදුරටත් සංස්කෘතිකමය වෙනස්කම් තිබුණේ නැහැ. මා මේ පවසන්නට උත්සාහ කරන්නේ බුදුදහම හඳුන්වාදීමට පෙර සිටම, ඉන්දියාවේ උසස් සමාජවල පැවතුණු නිෂ්පාදන ක්‍රියාවලිය හා සමාන ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවේ සිටි ජන කොටස් අතරත් තිබුණා කියන එක.


බුදු දහමේ ආගමනයත් එක්ක ප්‍රාකෘත භාෂාවත් දිවයිනට පැමිණියේ මේ අවදියේ. බුදු දහම ජනතාව අතර ප්‍රචාරණය වනවාත් එක්කම ප්‍රාකෘත භාෂාවත් ජනතාව අතරට ගියා. බුදු දහම ගැන ලියවිලා තියෙන මුල් ලියකියැවිලි සියල්ල තිබෙන්නේ ප්‍රාකෘත භාෂාවෙන්. මේ අතරේ මුල් යකඩ යුගයේ ජනතාව ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතානයන් හඳුන්වාදෙන නාග ගෝත්‍රිකයෝ, තමන්ටම කියා නිශ්පාදන ක්‍රියාවලියකුත්, කුඩා දේශපාලන ඒකක වලින් සැදි පාලන ක්‍රමයකුත් නිර්මානය කරගෙන තිබුණා. ඔවුන් කෘෂිකර්මය හා ධීවර කටයුතුවල නියැලුණා. තමන් යටපත් කරගෙන සිටි යක්ෂ ගෝත්‍රිකයෝ සමග එකතුවෙලා කැළෑ එළිපෙහෙළි කරන්න ගත්තා. පළවෙනි සැරේට ඔවුන් තමන්ටම කියා වෙනම ජනාවාසයක් පිහිටුවා ගත්තා. නාග ගෝත්‍රිකයෝ යාපනය අර්ධද්වීපයේ නිශ්පාදන මධ්‍යස්ථාන පිහිටුවන ගමන්ම, විවිධ ආර්ථික කටයුතු වලත් නියැලුණා. ඔවුන් රටේ හිටපු අනෙක් සමාජ කොට්ඨාස සමගත් සම්බන්ධ වුණා. රෝම අධිරාජ්‍ය සමයේ උතුරේ හිටපු නාග ගෝත්‍රිකයන් කලාපය පුරාත්, එයින් පිටතටත් විහිදුණු පුළුල් ආර්ථික සම්බන්ධතා වලින් පොහොසත්ව සිටියා. විවිධ කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත් ඔවුන් ස්ථාපිත කරගෙන තිබුණා.
මහාවංශය දුට්ඨගාමිණි අභය ගැන කරන විස්තරයේ දෙමළ රජවරුන් 32ක් ගැන කරන සඳහන විශේෂයි. මේ අය ඉඳලා තියෙන්නේ දිවයිනේ නැගෙනහිර කලාපයේ. දෙමළ බ්‍රාහ්මීය අක්ෂරවලින් සටහන් තැබුණු සෙල්ලිපි දිවයිනේ තිබූ බව අවසන් ශතවර්ශය වෙනකන්ම කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. නමුත් පහුගිය අවුරුදු 10ක කාලයේ තත්ත්වය වෙනස් වුණා. දෙමළ බ්‍රාහ්මීය අක්ෂර සටහන් ඇති සෙල්ලිපි බොහොමයක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
එවැනි සෙල්ලිපි දෙකක් මඩකළපුව දිස්ත්‍රික්කයේ තිබී අපට පළමු වතාවට හමුවුණා. එකක තනි වචනයක් පමණයි සටහන්ව තිබෙන්ණේ. අනෙක නම් දිගු විස්තරයක්. එකක බුදු දහම ගැන සඳහන් වෙනවා. අනෙකේ ඇත්තේ ජෛන ආගම ගැන. මෙම සොයාගැනීමට පෙර, සිංහල ජාතික සෙල්ලිපි විශේෂඥයන් වන සද්ධාමංගල කරුණාරත්න සහ අභය ආරියසිංහ වැනි අය දිවයිනේ ඇතැම් ප්‍රාදේශවල තිබූ සෙල්ලිපිවල දෙමළ බ්‍රාහ්මීය අක්ෂර වලින් කළ සටහන් හඳුනාගෙන තිබුණා.

ප්‍රශ්නය- තවත් සාක්කි වල සහයෙන් ඔබ මේ තර්කය ගොඩනගන්නේ කෙසේ ද?


දිවයිනේ දෙමළ බ්‍රාහ්මිීය අක්ෂර වලින් සටහන් තැබුණු සෙල්ලිපි තිබෙන බවක් ඔවුන් දැන සිටියේ නැහැ. එහෙත් අසෝක යුගයේ සම්භවය නිරූපණය කළ, බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියැවී තිබුණු ප්‍රාකෘත සෙල්ලිපි වල අමුතු අක්ෂර කිහිපයක් තිබෙන බව ඔවුන් හඳුනාගෙන තිබුණා. මුල් යුගයේ බුදු දහම ගැන බ්‍රාහ්මීය අක්ෂර වලින් තිබූ සෙල්ලිපි සටහන් සියල්ල ලියැවී තිබුණේ ප්‍රාකෘත භාෂාවෙන්. සිංහල භාෂාව නිර්මාණය වුණේ ප්‍රාකෘත භාෂාවෙන්. සංඝයාට දුන් දානයක් ගැන සඳහන් වන මුල් යුගයේ ප්‍රාක්රිට් භාෂාවෙන් වූ සෙල්ලිපියක සිට සිංහල භාෂාවේ නිර්මානය ආරම්භ වුණා. ක්‍රිස්තු වර්ෂ 300 පමණ වන තෙක් සියලුම සෙල්ලිපි සටහන් තැබුණේ ප්‍රාකෘත භාෂාවෙන්.



ක්‍රිස්තු වර්ෂ 300 සිට 700 දක්වා වූ කාලය ප්‍රාකෘත භාෂාවේ සිට සිංහල භාෂාවට සංක්‍රාන්තිය වූ එක් කාලවකවානුවක් ලෙස සලකන්නට පුලුවන්. හත්වන සියවස වෙනකොට මේ සංක්‍රාන්තිය අවසන්ව, සිංහල භාෂාවේ අක්ෂර මනාව ගොඩනැගී අවසන්ව තිබුණා. 2007 දී මඩකළපුවෙන් දෙමළ බ්‍රාහ්මීය අක්ෂර හඳුනාගැනීමේ සිට එවැනි අක්ෂර විශාල ප්‍රමාණයක් හඳුනාගන්නට අපට හැකිවුණා. ආරම්භයේ අපි සංචාරය කළේ නැගෙනහිර පළාතේ, මඩකළපුව දිස්ත්‍රික්කයේ වයඹදිග ප්‍රදේශයේ.


එහිදී අපට නාග ගෝත්‍රිකයන් ගොඩනගා තිබූ ළිඳක් හමුවුණා. එම ළිඳ ගොඩනගා තිබුණේ පස් වළලු සාදා ඒවා පුලුස්සා සවිමත් කර එකමත එක තැබීමෙන්. එවැනි වළලු 24 ක් සොයාගන්න අපට පුලුවන් වුණා. වළලු වලට තට්ටුවට යටින් තිබුණේ ජලය. කෙසේවුවත් අපට ළිඳේ ගැඹුර සොයාගන්නට නොහැකිවුණා. පසුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවත් මෙවැනි ළිං අපට හමුවුණා. නාග ගෝත්‍රිකයන් තනා තිබූ ළිං බොහෝ ගැඹුරු වුවත්, විශ්කම්භයෙන් විශාල වුණේ නැහැ. බොහෝ විට මේ ළිංවල විශ්කම්භය අඩි 10ක සීමාවේ පැවතුණා. ඒ නිසාම එක් වරකට එක් අයෙකුට පමණයි ළිඳට බැසීමට හැකියාව තිබුණේ. මේ ළිඳේ බැම්මෙන් කැඩී ගිය කොටස් මඩකළපුවේ රජයේ කාර්යාලයක තබා තිබුණා. ඒවා පරීක්ෂා කළ අපට හඳුනාගන්නට හැකි වුණේ ළිඳේ බැම්ම වටා නාග බන්ධනයක් නිර්මාණය කර තිබී ඇති බව. එය නිර්මාණය කර තිබුණේ, රළ පහර දෙකක් හා සමානව, එකක් අනෙකට ඉහළින් යන පරිදි. ඉහළ රළ පහරේ අශ්වයකුගේ රූපයක් තිබුණා. මහාවංශයට අනුව අශ්වයාගෙන් නිරූපණය වන්නේ දෙමළ ජනතාව. ඒ මන්ද ඔවුන් අශ්වයන් වෙළදාමේ යෙදුණු නිසා. අපට එහි තිබූ සටහන කියවාගැනීමටත් පිළිවන් වුණා. එහි සඳහන්ව තිබුණේ පරම්පරා තුනකට අයත් වූ නාග ගෝත්‍රයේ නායකයින්ගේ නම් හා ඔවුන්ගේ තනතුරු. මේ වගේ සියගණනක සටහන් අපට නැගෙනහිර පළාතෙන්, වන්නි කලාපයෙන් සහ යාපනය අර්ධද්වීපයෙන් හමුවුණා.


ප්‍රශ්නය - සරලව කියනවානම් ඔබ උත්සාහ කරන්නේ සිංහල හා දෙමළ ජනතාව පැවත එන්නේ එකම ආදි මුතුන්මිත්තන්ගෙන් බව යැයි මතය ස්ථාපිත කරන්න ද?
පිළිතුර- ඔව්.



ප්‍රශ්නය- එසේ නම් දෙමළ ජාතිකයන් උතුරු හා නැගෙනහිර පළාත්වලටත්, සිංහල ජාතිකයන් දිවයිනේ අනෙක් පළාත්වලටත් සිීමාවුණේ කොහොම ද?


පිළිතුර- මේක ඇත්තටම සිත්ඇදගන්නාසුළු කාරණයක්. මම ඔබට පැවසූ අයුරින්, සිංහල භාෂාව ගොඩනැගුනේ ප්‍රාකෘත භාෂෘවෙන්. උතුරු පළාතෙන් දැනට හමුව තිබෙන්නේ ප්‍රාකෘත භාෂාවෙන් ලියැවුණු සෙල්ලිපි තුනක් පමණයි. නමුත් දිවයිනේ අනෙක් ප්‍රදේශ වල ප්‍රාකෘත භාෂාවෙන් ලියැවුණු සෙල්ලිපි රාශියක් තිබෙනවා. මෙම සෙල්ලිපි භාවිතා කර තිබෙන්නේ ප්‍රාකෘත භාෂාව කතා කළ පුද්ගලයන් නොව ප්‍රාකෘත භාෂාව අනෙක් අය හා සම්බන්ධවීමේ භාෂාවක් ලෙස භාවිතා කළ පුද්ගලයන්. බටහිර ඉන්දීය දූපත් වල, ඔවුන් කතා කළේ කැඩුණු ප්‍රංශ භාෂාවෙන්. ඒ මන්ද, බි්‍රතාන්‍යයන් යටත් කරගැනීමට පෙර ඔවුන් සිටියේ ප්‍රංශයේ ආධිපත්‍ය යටතේ නිසා.


එම පදනමේ ඉඳන් බටහිර ඉන්දීය දූපත් වැසියන්ගේ භාෂාව ප්‍රංශ භාෂාව යැයි ඔබට කියන්නට පුලුවන් ද? ඔවුන් අප්‍රිකා සම්භවයක් ඇති ජනතාවක්. ඉන්දියාවෙත් වුණේ ඒ සමාන දෙයක්.


ඉන්දියාවේ කර්ණාටක සහ ආන්ද්‍රා ප්‍රාන්ත වලින් හමුව තිබෙන ආදිතම සෙල්ලිපි වලත් සටහන් තබා තිබෙන්නේ ප්‍රාකෘත භාෂාවෙන්. ශ්‍රී ලංකාව සැලකුවහොත්, නාග ගෝත්‍රිකයෝ වැඩි වශයෙන් වාසය කළ ප්‍රදේශවල දෙමළ භාෂාවට මුල් තැන ලැබුණා. තවත් අමතර කාරණයක් වන්නේ දකුණු ඉන්දියා වෙරළ හා උතුර අතර නොබිදුණු සම්බන්ධතාවය. ඒ නිසාවෙන්ම තව තවත් ජනතාව දිවයිනට පැමිණියා. අනෙක් පළාත්වල, විශේෂයෙන් යක්ෂ ගෝත්‍රිකයන් වැඩි වශයෙන් වාසය කළ පළාත්වල, දෙමළ භාෂාවට තැනක් තිබුණේ නැහැ. කෙසේවුවත් ඔවුන් දෙමළ භාෂාවේ යම් ආභාෂයක් ලැබුවා. ඔවුන් භාවිතයට ගත්තේ ප්‍රාකෘත භාෂාව. සිංහල භාෂාව සැළකුවහොත් එහි වචන මාලාව ඉන්දු - ආර්ය සම්භවයකින් යුතුයි. ව්‍යුහමය වශයෙන් එයට ඇත්තේ ද්‍රවිඩමය සම්භවයක්. දිවයිනේ භාෂණයට හෝ භාවිතයට ගැනුණු භාෂා සම්බන්ධයෙන් සැළකිල්ලට ගත යුතු කරුණු තුනක් තිබෙනවා. ඉන්දු - ආර්ය සම්භවයකින් යුතු ප්‍රාකෘත භාෂාව බුදු දහමේ ආගමනයෙන් පසුව දිවයිනට පැමිණි භාෂාවක්. එය භාවිතයට ගැනුණේ සම්බන්ධවීමේ භාෂාවක් ලෙස. කාලයත් එක්ක ප්‍රාකෘත භාෂාව දිවයිනේ වැඩි ප්‍රදේශයක පැතිරුණේ එම ප්‍රදේශවල භාවිතයේ තිබුණු අනෙක් භාෂාවල තැන ගනිමින්. ඇතැම් ස්ථානවලට ලබා දී තිබෙන සිංහල හා දෙමළ නම්, මෙසේ වැළලී ගිය භාෂාවලින් උපන් බව හඳුනාගන්නට පිළිවන්.


ප්‍රශ්නය - දශක තුනක් පුරා දිවූ සිවිල් යුද්දයේ ඉස්මතුවුණු ප්‍රධාන කාරණයක් වුණේ මෙම ජන කොට්ඨාස දෙක අතර භාෂාමය වශයෙන් තිබෙන වෙනස. ඔබ දැන් එකම ආදි මුතුන්මිත්තෙක් ගැන අදහස් දක්වනවා. සිංහල සහ දෙමළ ජන කොටස් අතර ඇතිවුණු මේ අර්බුදයට හේතුව ඉතිහාසමය කෝණයකින් ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේ ද?


පිළිතුර - හොඳයි, ඔබ දන්නවා 1950 වනතෙක් සිංහල හා දෙමළ ජාතීන් අතර කිසිදු ගැටුමක් නොතිබුණු බව. ඔවුන් සාමකාමීව, සහයෝගයෙන් අවුරුදු 2000 කට වඩා වැඩි කාලයක් ජීවත්වුණා. සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වුණු ප්‍රදේශවල පදිංචි වුණු දෙමළ ජාතිකයන් සහ ඉන්දියා සම්භවයක් ඇති පුද්ගලයින් ක්‍රමයෙන් සිංහල සමාජයටම එකතුවුණා. උතුරු හා නැගෙනහිර පළාත්වල තත්ත්වය වුණෙත් මෙයමයි


 

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    lol ethakota Indiawe hitiyeth Naga gothrikayoda bn, meya kiyapu kathawakma okata udaharanayak

    oya African ratawala, official language French, English unata un Kalu unma thama

    mehe un Tamil katha karapu pamanin un kohomada bn Naga kiyala kiyanne......

    anika Tamil un million 60 kin wata wela sinhalu kohomada ithuru wenne, demala aya mullata gahila

    eka hinda boruwata me Nijabhumi labbak kiyala Tamilnadu unwa meheta wadda ganna epa


    arath okuntama thama dan oya kiyanawa wage Buddhagama Yapane thibbe na kiyala winasa karannath one, ara Kilinochchi wala galkanu kadapuwa, Nagadeepeta sarin sare dana part....


    me wage dials lama thama Kuweni th Pandya kumarikawak kiya kiya anda anda inne..... Poddak oya Quora eke Sri Lanka Tamil History kiyala search karoth oya wage bahu butha godak hoya ganna puluwan
     
    Last edited: