දෙමව්පියන්ට දුක් දි කන්දෙන් පනින මෝඩයා

දෙමව්පියන්ට දුක් දි කන්දෙන් පනින මෝඩයා

බුදු පුතේ....

මං දැක්ක උබේ මිනිය
තේ වත්තක ගස් දෙබලක
නිල මැස්සන් වට කරගෙන
උබ පැන්නලු කදු මුදුනින්
ජිවිතයම කල කිරිලා

ආදරයෙන් මම හදාපු
කවලා පොවලා ලොකු කරාපු
අත පය හතරට කැඩිලා
උදේ හවා මම දකින්න
පෙරුම් පුරපූ උබේ මුණ
අදුරන්නත් බෑනේ පුතේ

උහුලන්නද මම මේ දුක
දස මසක්ම කුසේ දරා
නොවින්දපු දුක් මම වින්දා
උබ හදන්න ලොකු කරන්න
ශිල්ප සතර උගන්වන්න

කියවන්නට දන් නෑ මම.....

පොලීසියේ මහත්මයෙක්
උබේ සාක්කුවේ තිබුනු
ලියුම් කොලේ කියෙව්ව මට
කෙලි පැංචෙක් හින්දලු උබ
ජිවිතේ නැති කරගත්තේ

බුදු පුතේ ජිවිතේම දුකයි තමයි
උබව වදපු මටත් වැඩිය
කෙලි පැංචිව ලොකු උනාද?
ගමේ එවුන් මට කියනවා
කාලකන්නියෙක් වැදුවලු
මෝඩ වෙලා ගෑණු නිසා
කන්දෙන් පහලට පැන්නලු
උබ දන්නෑ මගේ පුතේ
උබ හදන්න විදපු දුකට
මමත් ඔහොම හිතුවානම්

මට පනින්න කදු වැටි නෑ
මේ සිරිලක හතර කොනේ.....

mother-love.jpg

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හිතට වදින්න ලියලා තියෙනවා...
    දුක දෑනෙන කවියක්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං ඕක එළකිරි එකේ ඉස්සර කවි ලියපු archirasika අයිය ලියපු කවියක්.මේ එළකිරි එකේම පොස්ට් කරල තිබ්බ.කමක් නෑ ආයේ දැම්මට ඒත් ඒක ලියපු කෙනාගේ නම වත් සඳහන් කරන්න
     
    Elazzzzzzzzz
    :yes:
    Pattai machan
    :D
    loveth na machn
    :yes:
    මචං ඕක එළකිරි එකේ ඉස්සර කවි ලියපු archirasika අයිය ලියපු කවියක්.මේ එළකිරි එකේම පොස්ට් කරල තිබ්බ.කමක් නෑ ආයේ දැම්මට ඒත් ඒක ලියපු කෙනාගේ නම වත් සඳහන් කරන්න

    දැනුවත් කලාට බොහෝම ස්තූති යාලුවා, මම එලකිරියට අලුත් නිසා මම එ ගැන දැනගෙන හිටියේ නෑ, මේල් එකකින් ආවේ, අකුරු පොඩි නිසා තමා මමම කොටලා දැම්මේ:yes:
     
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගල්පාත මහත්තයා;10890766 said:
    :yes:

    :D

    :yes:

    දැනුවත් කලාට බොහෝම ස්තූති යාලුවා, මම එලකිරියට අලුත් නිසා මම එ ගැන දැනගෙන හිටියේ නෑ, මේල් එකකින් ආවේ, අකුරු පොඩි නිසා තමා මමම කොටලා දැම්මේ:yes:

    :D නිහතමානීව පිළිගන්න එකම වටිනව මචං. මම කලකට ඉහත ලියපු ඒවත් මුහුණු පොතේ නම මකල හොඳට කැරකෙනවා. තමන් ලියපුවා වගේ කට්ටිය රඟපානවා..ඇහුවම වලියට එනව :baffled:

    මේ තියෙන්නෙ ඕක ලියපු කෙනාගේ බ්ලොග් එක
    Code:
    archirasika.blogspot
    . බලන්න..තව හොඳ නිර්මාණ ගොඩාක් තියෙනව
     
    නියමයි මචන් ස්තුති