පාලිත තෙවරප්පෙරුම

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    පාලිත තෙවරප්පෙරුම

    මල්ලි මර්වින් සිල්වගෙ ගෙදර යන්න. මම ඊයේ පෙරේදා එයාගෙ ගෙදර ගියා. උඩට යන්න ලිෆ්ට් තියෙනවා. නමුත් අපේ ගෙදර ආපුවාම මල්ලි වාඩි වෙන්න පුටුවක් නැහැ -පාලිත තෙවරප්පෙරුම


    කාලෙන් කාලෙට ජනතාව අතර නිතර කතාබහට ලක්වෙන දේශපාලන චරිතයක් තමයි පාලිත තෙවරප්පෙරුම කියන්නේ අනෙකුත් දේශපාලකයන්ට වඩා වෙනස්ම වූ ක්‍රියාවන් වල යෙදදෙන ඇමති තෙවරප්පෙරුම පසුගිය දවසක බුලත්සිංහල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වුනා ඔහු ඉල්ලා අස්වුණ වීමට හේතුව ඔහු ගෙවන මේ අමුතු දේශපාලන ජීවිතය ගැන පළමු වරට හෙළි කරේ මේ විදිහටයි...............

    දෙවැනිවරටත් පක්ෂය ඔබ ආසනයෙන් එළවලා දැම්මා නේද?
    එක්සත් ජාතික පක්ෂය මාව ආසනයෙන් ජීවිතේට අයින් කරන්නේ නැහැ. මමයි අයින් වුණේ. බුලත්සිංහල ආසනයේ ඡන්ද පදනම හැදුවේ මමයි. ඉතින් යූ.එන්.පි.යට පිස්සුවක් තියෙනවද මාව අයින් කරන්න.

    ඔබ ආසනයේ කරන ඇතැම් වැඩ නිසා පක්ෂයට ඔබ එපා වෙලා අයින් කරලා දාන්න ඇති කියලා සමහරු කියනවා.
    ඔබ ආයිමත් එකම දේ අහනවා. පක්ෂයත් ඡන්ද වැඩි කළ මිනිහම අයින් කරනවද? ඔබ එහෙම අහන්නේ ආසනයේ මම වැඩ කරන විදිහ ඔබට අවුලක්ද? තෙවරප්පෙරුමත් එක්ක මිනිස්සු ඉන්නවා. තෙවරප්පෙරුම මිනිස්සු එක්ක ඉන්නවා.

    පක්ෂය මීට පෙරත් මේ වගේම මතුගම ආසනයෙනුත් ඔබ එළවලා දැම්මා නේද?
    නිදහස් පක්ෂයෙන් මතුගමට ආපු කෝටිපති ව්‍යාපාරිකයෙකුට එක්සත් ජාතික පක්ෂයේ මතුගම දෙන්නයි මාව අයින් කළේ.

    එයින් කියවෙන්නේ පක්ෂය ඔබට දෙන්නේ දෙවැනි තැනද?
    මතුගමින් මාව අයින් කරලා මට බුලත්සිංහල දුන්නා.
    බුලත්සිංහල කියන්නේ මතුගම වගේ ලොකු ආසනයක් නෙවේනෙ.
    ඒක ඇත්ත. දුප්පත් අසරණ මිනිස්සු තමයි බුලත්සිංහල ඉන්නේ. භූමිය කුඩයි. ඉතා දුෂ්කර පළාතක්. නමුත් මම බුලත්සිංහල මිනිස්සුන්ට වැඩ කරලා බුලත්සිංහල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලකොටුව බින්දා.

    පක්ෂයෙන් ඔබට එදා බුලත්සිංහල දෙන්නෙ දඬුවමකටද?
    මොකට දුන්නත් මම වැඩ කළා. නිදහස් පක්ෂයට විශාල ඡන්ද සංඛ්‍යාවක් බුලත්සිංහල තිබුණා. යූ.එන්.පි.යට තිබුණේ ඡන්ද 8000යි. මම එය 30,000ක් දක්වා වැඩි කළා.

    නිදහස් පක්ෂයෙන් ආපු නායකයෙක් ලොකු වෙලා පක්ෂය ඔබ මතුගමින් අයින් කළා කියලා පිළිගන්නෙ නැද්ද?
    අයියෝ මට කොහෙත් එකයිනේ. මතුගම දුන්නේ මගේ නෑදෑයෙකුටනේ. ඒ නිසා අවුලක් වුණේ නැහැ. හැබැයි ඔහුනම් කියනවා අගමැතිතුමා මාව මතුගමින් එලෙව්වා කියලා.

    මොකක්ද නෑදෑකම.
    මිනිස්සු අපි කවුරුත් නෑදෑයොනේ අනේ.

    ඇත්ත කියන්න බුලත්සිංහලෙන් අයින් වුණේ මොකද?
    ඇත්ත නැතුව බොරු කියනවද අනේ. පසුගිය පළාත්පාලන ඡන්දයේදී අපි බුලත්සිංහල පරාදයි. මිනිස්සුන්ට අපිව එපානම් අපිට ආසනයේ ඉඳලා වැඩක් තියෙනවද? අනික තමයි බුලත්සිංහල ‍පොලීසිය. මම පැමිණිල්ලක් අරන් ගියාම එය ලියාගන්න කොස්තාපල් කෙනෙක් බුලත්සිංහල නැහැ. හැබැයි ගෙයක් බින්ද කියලා අහිංසක කොල්ලෝ දෙන්නෙක් කූඩුවේ දාගෙන ‍පොලීසිය හොඳට ගහනවා. මේවා නිසා තමයි මම අයින් වුණේ.
    බුලත්සිංහල ජනතාව තමුන්නාන්සේගේ නායකත්වය පිළිනොගන්න නිසා නෙමේද පසුගිය පළාත්පාලන මැතිවරණයේදී බුලත්සිංහලෙන් යූ.එන්.පි.ය අන්ත පරාජයට පත් වුණේ.
    පිළිගන්නවා. මගේ නමෛයි අපගේ පක්ෂ නායකත්වයේ වැඩපිළිවෙළ ජනතාව පිළිගත්තේ නැහැ. මිනිස්සුන්ට මම කරපුවා අමතක වුණා.

    ඔය තරම් මිනිස්සුන්ට ඔබ වැඩ කළා නම් ජනතාව ඔබට ඡන්දය දෙනවනේ?
    ඔබ මාධ්‍යකරුවෙක් නේද? මම ආසනයේ කරපු වැඩ දැක්කේ නැද්ද? මම බුලත්සිංහල එනකොට බුලත්සිංහල හිටියේ නිදහස් පක්ෂය මැරයෝ කාර්යාලයක් දාන්න දුන්නේ නැහැ. මගේ කාර්යාලය ගිනි තිබ්බා. ඒ මැරයන්ගෙ අතින් අහිංසක කෙලි ‍පොඩ්ඩකගේ අතක් කැඩුණා. එය පැමිණිලි කරන්න කෙල්ල ‍පොලීසියට ගියාම ‍පොලීසිය කිව්වා නිදහස් පක්ෂයේ මැරයෝ නිසා තුවාල වුණා කියලා ලියන් නැතුව වෙන විදිහකට පැමිණිල්ල දාන්න කියලා. ඔන්න ඔහොමයි මම බුලත්සිංහල එනකොට තත්ත්වය.

    මැරයෝ එක්ක හැප්පුණා මිසක් මිනිස්සුන්ට වැඩක් කරලා නැහැ නේද?
    මම කරපු වැඩ කිව්වොත් මල්ලිට ‍පොතක් ලියන්න වෙයි. පසුගිය ගංවතුර වෙලාවේ බුලත්සිංහල මිනිස්සු යට වුණාම උදේ පාන්දර සරම් කෑල්ල ඇඳගෙන මිනි 17ක් ගොඩ අරන් අවසන් කටයුතු කළේ මම. අක්කර පනහක් විතර බලෙන් පවරගෙන මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නා. ගංවතුරට අහුවෙලා හිටපු ගැහැනු දරුවන්ට අවශ්‍ය පැම්පස් ටෙන්වීල් එකක් එහෙම කිව්වට මුකුත් හිතන්න එපා මගෙ අතින්ම ඒ ගැහැනු දරුවන්ට බෙදලා දුන්නා. මම ඒවා කොල්ලන්ට බෙදන්න දුන්නේ නැහැ. මගේ අතින් වියදම් කරලා ජනතාවට පාසල් දරුවන්ට කරපු වැඩ කියලා වැඩක් නැහැ අනේ.

    එහෙම කරලත් ජනතාවට ඔබ එපා වුණේ කොහොමද?
    ජනතාවට අපිව එපානම් තවදුරටත් මේ ආසනයේ නායකයෙකු ලෙස ඉන්නට මට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසා අයින් වුණා.

    අයින් වෙන්න බලපාපු වෙනත් හේතු නැද්ද?
    ඇයි මම කිව්වේ බුලත්සිංහල ‍පොලීසිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මම පැමිණිල්ලක් ලියන්න ‍පොලීසියට ගියාම සාජන් ෆෝන් එක කනේ ගහගෙන ‍පොලීසිය වටේ දුවනවා. මම උගේ පස්සේ යනවා. ටොයිලට් එකට යනවා. කෝල් ගන්නවා. හතරවටේ යනවා කෝල් ගන්නවා. පොලීසියේ හැමෝම නපුංසකයෝ වාගෙයි. ‍පොලීසියේ ඕ.අයි.සී. හතර වටෙන් ජරාව කකා කනමදය වගේ බිගෙන රාජකාරී කරනවා. මට ලැජ්ජයි එහෙම ‍පොලීසියක් තියෙන ආසනයක වැඩ කරන්න.

    මොකද ඔබ පසුගිය දවසක මහ පාරේ බුදිය ගත්තේ?
    මල්ලී මම බුදිය ගත්තෙත් ඔය ‍පොලීසියට විරුද්ධව තමයි. හැබැයි මම මහ පාරේ දවස් පහක් බුදියගෙන ඉන්නකොට ආණ්ඩුවේ එක පරයෙක්වත් මාව බලන්න ආවේ නැහැ. අපේ පක්ෂයේ ඉන්න ටයිකෝට් කාරයෝ ආවේ නැහැ. හැබැයි පළාතේ හාමුදුරුවොයි ‍පොදු විපක්ෂයේ අයයි මගේ වටේ හිටියා. ජනතා විමුක්ති පෙරමුණේ අය තව අන්ධ මිනිස්සුත් සුදු සැරයටි අරන් මා ගාව හිට ගත්තා. දරුවෝ මරාගෙන අපි දේශපාලනය කළා. පක්ෂය අපි ගැන බලන්නේ නැහැ.

    ඔබට පක්ෂයත් එපා වෙලාද?
    මළාට මම යූ.එන්.පිය අතහරින් නැහැ. හැබැයි ටයිකෝට්කාර “පරයෝ” ටිකක් පක්ෂය විනාශ කරනවා.

    ඔබ බුලත්සිංහල වැඩ කරද්දී ආණ්ඩුවේ නිලධාරීන් එක්ක ගැටුම් ඇතිකරගන්නෙ ඇයි?
    ඔය නිලධාරීන්ට මිනිස්සුන්ගේ දුක තේරෙනවද? සංවර්ධන ව්‍යාපෘති සමෘද්ධි කාරයෝ අතට අරගෙන. ඒත් උන්ට ඒවා කරගන්න බැහැ. බුරිය පේන්න සාරි ඇඳගෙන සමහර නිලධාරිනියන් තොදොල් වෙනවා. හරියට රූපසුන්දරියෝ කියලා හිතාගෙන. ගොවි නියාමකවරු පුටු උඩ බුදියනකොට, කුඹුරු ටික පුරන් වෙනවා. මේ වගේ නිලධාරීන් එක්ක ගැටුම් හදාගන්නේ නැතිව අපි කොහොමද වැඩ කරන්නේ.

    සමහරු කියනවා පාලිත තෙවරප්පෙරුම පිස්සෙක් කියලා.
    මල්ලි මට පිස්සු කියන එවුන් තමයි අද ටයිකෝට් දාගෙන රටට කෙලවලා තියෙන්නේ. මට හොඳයි කියන අය තමයි පාරේ හිටපු මාව වැඩිම ඡන්දෙකින් පාර්ලිමේන්තුවට යැව්වේ.

    එහෙම පාර්ලිමේන්තුවට යවපු ඔබගේ නායකත්වය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ප්‍රතික්‍ෂේප කළා නේද?
    මල්ලි ඔයා වැරදියි. මාව ප්‍රතික්‍ෂේප කළේ නැහැ. මම හෙට ලංකාවේ කොහෙන් ඉල්ලුවත් දිනලා පෙන්වන්නම්. මුස්ලිම් ඒරියා එකකට දාන්න. ඒත් මම දිනලා පෙන්වන්නම්. ඒ ඕනේ නැහැ. කොළඹට දාන්න එහෙම දැම්මොත් ඔය ඉන්න ඕන එකෙකුට වඩා මම ඡන්ද අරන් පෙන්වනවා. මල්ලිට පුළුවන්නම් මාව එංගලන්ත පුරවැසියෙක් කරලා එංගලන්තයට දාන්න ඒත් මම දිනලා පෙන්වනවා.

    සමහරු කියනවා ඔබ වගේ නායකයෙක් පසුගිය රජයෙත් හිටියා කියලා?
    මං වගේ එකෙක් කවුද හිටියේ.

    ඇයි මර්වින් සිල්වා?
    අයියෝ. ඔයා ඔය ප්‍රශ්නය මගෙන් අහන්න කලින් රෙද්ද ගලවාගන්න. රෙද්ද ගලවලා ඔය ප්‍රශ්නය අහන්න.

    මොකද ඔබ දෙදෙනගෙ වෙනස.
    මල්ලි බලන්න. මර්වින් සිල්වා ජීවත්වෙන විදිහ. මර්වින් සිල්වගෙ ගෙදර යන්න. මම ඊයේ පෙරේදා එයාගෙ ගෙදර ගියා. උඩට යන්න ලිෆ්ට් තියෙනවා. නමුත් අපේ ගෙදර ආපුවාම මල්ලි වාඩි වෙන්න පුටුවක් නැහැ. මිනිහෙක්ට බුදියගන්න ඇඳක් නැහැ. දෙන්නගෙ වත්කම ගැන බලලා අපි දෙන්නම සමාන කරන්න. ඔය වගේ ප්‍රශ්න අහන්න එපා.

    මම අහන්නෙ ජනතාව කියන දේවල් මිසක් මගේ දේවල් නොවෙයි.
    ජනතාව කවදාවත් මර්වින් සිල්වාවයි මාවයි සමාන කරන්නේ නැහැ. මර්වින් සිල්වා පුද්ගලයෙකු හැටියට හොඳයි. හැබැයි කරන වැඩ ගැන අපි එච්චර පැහැදීමක නැහැ.

    මොකද හදිසියේ මර්වින් සිල්වගේ ගෙදර ගියා කිව්වේ.
    හදිසියේ නොවෙයි. ටී.වී. නාලිකාවක අපිට සින්දු කියන්න එන්න කියලා තිබුණා. ඒ වැඩසටහන ඉවර වෙලා මර්වින් සිල්වා මහත්තයා මට කිව්වා “වරෙන් තෙවරා අපේ ගෙදර කියලා.” එතුමා නෝනාට කතා කරලා කිව්වේ තියෙන දෙයක් මූට හදලා දෙන්න කියලා. බතුත් කෑවා. මම ජීවිතේට දැකලා නැති බ්‍රැන්ඩි බෝතලයක් ගෙනාවා. පෞරාණික වස්තුවක් වගේ. හරිම ලස්සනයි. ඒ බ්‍රැන්ඩියෙන් ෂොට් දෙකක් මම ගැහුවා. අද
    මර්වින් සිල්වා ඉන්න විදිහ දැක්කාම මම සතුටු වෙනවා.

    ඔබ තුමා නිතරම කියනවා ගං වතුර වෙලාවකදී සරම් කෑල්ල ඇඳගෙන ජනතාවට බඩු මලු බෙදපු විදිහ. ඇමැතිවරු එහෙම බඩුමුල කරතියාගෙන යන්න ඕනේද?
    රජයේ නිලධාරීන් මිනිස්සු ගාවට යන්නේ නැත්තම් “යකෝ” රෙද්දක් ඇඳගෙන අපිට බලන් ඉන්නද කියන්නේ. බඩු මලු උස්සගෙන ගියා විතරක් නොවෙයි හරිද ඇමැතිවරු ජනතාවට උයලා කන්න දෙන්නත් ඕනේ. මට ඒකට වෙලාව නැති වුණා.

    තවත් සමහරු කියනවා තමුන්නාන්සේ මේවා කරන්නේ මාධ්‍යයෙන් ලකුණු දාගන්න කියලා?
    මාධ්‍යයෙන් ලකුණු දාගන්න ඕනේ නම් “නොනගතය වෙලාවේ කථානායකතුමාගේ ගෙවල් පැත්තේ මහ පාරේ තිබූ මිනිස් ජීවිත බිලිගත්ත ලයිට් කණුවක් මම ගලවනවද? මුලතිව් ගිහිල්ලා කැලෑ කපන එක නවත්තනවද? රත්නපුරේ, අනුරාධපුරේ චීන්නු හදන පාරවල් කඩලා දාලා හොඳට හදපල්ලා කියලා ආවේ ඡන්ද බලාගෙනද? තව කලවානේ හොර ජල ව්‍යාපෘතියක් නැවැත්තුවේ ඡන්ද බලාගෙනද? හොරණ ප්‍රදේශයේ හොර බලපත්‍ර අරගෙන ගස් කපන එක නැවැත්තුවේ මාධ්‍යයෙන් ලකුණු දාගන්න නොවෙයිනේ. ජීවිත පරිත්‍යාග කරලා උපවාස කළේ ඡන්ද බලාගෙන නොවෙයි.

    ඔබතුමා රජයේ ආයතනවල සිවිලින් ෆෑන්වල ගෙල වැළලාගන්න හැදුවා නොකා නොබි උපවාස කරනවා. ඔබගේ මෙම හැසිරීම මහජන නියෝජිතයෙකුට සුදසුද?
    හැබැයි මල්ලී මම ෆෑන් එකක බෙල්‍ලේ වැළදාගන්න ගිහිල්ලා ලංකාවේ තියෙන හොඳම ඉස්කෝලෙකට
    ළමයි 14 දෙනකු දැම්මා. ඔය කෑ ගහන එක පරයෙක් එහෙම කළාද කියන්න. “කෙහෙල් ගෙඩි බෙද බෙදා යන පරයෝ ජනතාවගේ ජීවිතයේ බේරා ගත්තද කියන්න. අලුත්ගම කෝලාහලයේදීත් මුස්ලිම් ජනතාව වෙනුවෙන් පාරට බැස්සෙ මම මල්ලී. ඒ කා‍ලේ ඔය පරයෝ කොහෙද හිටියේ.

    අලුත්ගම සිද්ධියේදී ඔබ මොකද මුස්ලිම් ජනතාව පැත්තේ හිටගත්තේ.? මුස්ලිම් මිනිස්සුන්ට සිංහල මිනිස්සු ගහනකොට ජීවිතය පරදුවට තියලා. මම මුස්ලිම් මිනිස්සු බේරගත්තා. එහෙම කළේ සිංහල මිනිස්සු ජාතිවාදීන් යනුවෙන් ජාත්‍යන්තරයේ ඇලවෙන්න ගිය අපකීර්තිය අවම කරන්නයි. ඇමෙරිකානු තානාපති තුමයි මට ඒ ගැන කිව්වේ. මහා ජාතිය සුළු ජාතිය වටකරගෙන ගහනකොට ලෝක ජනතාව හිතන්නේ සිංහල මිනිස්සු ම්ලෙච්ඡයෝ කියලයි. ඇමෙරිකානු තානාපතිතුමයි ම ට ඒ බව පැවැසුවේ. ඇය මට ප්‍රශංසා කළා. ඒ ගැටුමට මැදිවෙලා මගේ ඇහ ‍පොට්ට කරගත්තා. තරුණ කෙල්ලෝ 16කගෙ ජීවිතය මම බේරා ගත්තා. ලක්ෂ 44ක මගේ වාහනේ කුඩු කරගත්තා.
    වාහනේ ඔබේද?
    නැහැ. මගේ යාළුවෙකුගෙ. තාම ‍පොලීසිය මේ පිළිබඳව කටඋත්තරයක්වත් අරගත්තේ නැහැ. නමුත් පුතේ මම මගේ වැඩකරන්නෙ.

    ඔබ මේ අමුතු දේශපාලන සම්ප්‍රදාය ඉගෙන ගත්තේ කාගෙන්ද?
    මල්ලි මම කළේ වාමාංශික දේශපාලනයයි. අනිල් මුණසිංහ මහත්තයා එක්කයි දේශපාලනය කළේ. එතුමා හොඳ අවංක නායකයෙක්. හැබැයි බොරුකාරයෝ. මම එතුමන්ලා පස්සේ ගියානෙ. එයාලා මිනිස්සුන්ට කියන තරමක් කිව්වේ බොරු. ඒ කියන බොරු එක විනාඩි පහෙන් විසඳන්න පුළුවන්. මම මේ දේශපාලනය ඉගෙන ගත්තේ උන්ගේ බොරු දැකලා. හැබැයි මම හිතාගත්තා බොරු නොකර බෙල්ල දීලා හරි මිනිස්සුන්ට හරි දේ කරනවා කියලා.

    තෙවරප්පෙරුම දේශපාලනයට එන්නෙ කොයි කාලෙද? මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙලයි පටන් ගත්තෙ. 2002 අවුරුද්දෙ අවුරුදු 43කට පස්සෙයි යූ.එන්.පිය.ට මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිකම අරන් දුන්නෙ.
    දේශපාලනයට එන්න කලින් මොනවද කළේ .
    එක එකා පස්සේ ගිහිල්ලා දේශපාලනය තමා කළේ.

    එතකොට ජීවත් වුණේ ආදායම් මාර්ග මොනවාද? විවිධ කොන්ත්‍රාත් ගත්තා. රබර් වතු ටෙන්ඩර්වලත් අරගෙන ඒවා කපලා විකුණුවා. ගොඩාක් කළේ ගොවිතැන.
    මතුගම ප්‍රාදේශීය සභාවෙන් පසු ඉදිරි ගමන කොහොමද සකස් වුණේ? ඉන්පසු 2004 වසරේදී පළාත් සභාවේ මන්ත්‍රී වුණා. මහින්ද සභාවේ මන්ත්‍රී වුණා. 2004දී මහින්ද සමරසිංහල. රාජිත සේනාරත්නලා බඩගෝස්තරය වෙනුවෙන් පක්ෂය පාවා දුන්නා. ඔවුන් පැන්නා මහින්දගේ ඔඩොක්කුවට. ඒ වෙලාවේ මතුගමට නායකත්වය දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඒ වෙලාවේ මා නැවතත් පළාත් සභාව දිනවා හිරබත් කන්න වුණේ මොකද?
    මහින්දගේ ආණ්ඩුව තමයි මාව හිරේට දැම්මෙ. මහින්දගේ ‍ලේකම් කෙනෙක් බෝම්බ ගෙනල්ලා මගේ කාර්යාලය ගිනි තිබ්බා. හැබැයි බෝම්බවලට වඩා මගේ කඩුපාර ලොකු නිසා උන් ටික දිව්වා. මමයි පැමිණිලිකාරයා වුණේ. නමුත් මාව දවස් 400ක් හිරගත කළා. ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයට හිරගේ ඇතුළේ ඉඳලා ඉල්ලා කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ පළමුවැනියා වුණා. 2010 අවුරුද්දේ තමයි මම පාර්ලිමේන්තුවට ආවේ. 2015 වසරේ මම පාර්ලිමේන්තුවට ඉල්ලන් නැතුව ඉන්නයි හැදුවේ. නමුත් කොල්ලෝ ටික ඇවිල්ලා මට සල්ලි දුන්නා. ලක්ෂ 84ක් මාගාව තිබුණා. මම දිනුවා. එම ලක්ෂ 84න් මේ වතුවල මී හරක් වගේ දුක් විඳින මිනිස්සුන්ට තහඩු ටිකක් අරන් දෙන්නයි හිටියේ. ඒත් මගේ සහන් පුතා නැති වුණා. මම ඒ දරුවා වෙනුවෙන් දානමාන දෙන්න දුප්පතුන්ට අහිංසක දරුවන්ට උදව් කරන්න ඒ මුදල් වැය කළා.

    පක්ෂයේ තනතුරක් නැද්ද? තාම අපිව කෘත්‍යාධිකාරී මණ්ඩලයට වත් දාලා නැහැ. ඒවායේ ඉන්නේ ඉතින් එයාලා කැමැති කොල්ලෝ. පක්ෂයට අලුතෙන් ආපු කිසිම ප්‍රාදේශීය සභාවකවත් හිටපු නැති අජිත් පෙරේරව දිස්ත්‍රික්කයේ නායකයා කළා. අපි ඒවට කෑගහන්න ගියේ නැහැ.
    අගමැතිට එරෙහිව එන විශ්වාසභංගයට අත උස්සනවද?
    අගමැති කියන්නේ අපේ පක්ෂයේ නායකයායි. මගේ ආගම එක්සත් ජාතික පක්ෂය කියලයි මම කියන්නෙ. අපේ මිනිස්සු අපිව පාර්ලිමේන්තුවට යැව්වේ රෙද්දක් ඇඳගෙන ගිහිල්ලා ජනතාව නියෝජනය කරන්නයි. අපේ අගමැතිට විරුද්ධව අපි අත උස්සන්නෙ නැහැ.

    නමුත් යූ.එන්.පී. එකේ පිරිසක් විශ්වාසභංගයට සහය දෙන බව පවසනවා නේද?
    අගමැතිට විරුද්ධව යූ.එන්.පී. එකෙක් අත උස්සනවා නම් ඔහුගේ රෙද්ද ගලවන්න ඕනේ. රෙද්ද ගලවලා හෙලුවැල්ලෙන් අත උස්සලා හෙලුවැල්ලෙන්ම දිස්ත්‍රික්කයට එන්න ඕනේ. මට එහෙම එන්න බැරි නිසා මම කෙළින්ම අපේ නායකයාට පක්ෂව අත උස්සනවා.

    තෙවරප්පෙරුම කියන්නේ චණ්ඩියෙක්ද?
    අසාධාරණයක් වෙන තැන ගේමට බහින්නේ චණ්ඩියෙක් නිසා මිස නොන්ඩියෙක් නිසා නොවෙයිනේ.

    ඔබ වෘත්තියෙන්ම දේශපාලනඥයෙක්ද? අද වනවිට ව්‍යාපාර එහෙම ජයට කරනවාද?
    අනේ බුදු මල්ලියේ ජීවත් වෙන්න විදිහක් නැහැ. උදේට කෑවාම රෑට කන්න විදිහක් නැහැ. බුදුහාමුදුරුවන් පල්ලා. සමහර දවස්වලට දවල්ට බත් ටිකක් කන්න වටේ ඉන්න අපේ නංගිලාගේ ගෙවල්වලට යනවා. නිදාගන්න ඇඳක් නැහැ. මම බුදියන්නේ තාම පුටුව උඩ.

    ඔබ ඔය කියන දේවල් ජනතාව පිළිගනියිද?
    දැන් මට ඉන්නෙ එක දරුවයි. දරුවා පල්ලා මම කියන්නෙ ඇත්ත. හැමදාම කන්නේ බෝංචියි. මයිසූර් පරිප්පුයි, බතුයි. මට දැන් ඒවා කාලා ඇතිවෙලා.

    ඔබගේ හැලහැප්පිලි දේශපාලනය දරුවා සහ බිරිඳ දරා ගන්නෙ කොහොමද?
    අපේ ගෑනි පව් මල්ලි. හැමදාම ‍පොලීසි නැත්නම් උසාවිවල නඩු. ඒ ගෑනිටත් දැන් මේවා ඇතිවෙලා ඇති. ගෙදරට එන එවුන්ට තේ හදන්න ඕනේ. පහසුකම් නැති ජීවිතයක් තමයි අපිට උරුම.

    මේ කලකෝලාහලවලින් තොරව බිරිඳ සහ දරුවා සමග ආදරණීය ජීවිතයක් ගොඩනගන්න ආස නැද්ද?
    එහෙම ජීවිතයක් මට තිබුණා. මම දේශපාලනයට එන්නට පෙර අපි දෙන්නා ආදරයෙන් හිටියා. නමුත් දේශපාලනය නිසා ඒ දේවල් නැති වුණා. මම දේශපාලනය කරද්දී මිනිස්සු වෙනුවෙන් එල්ලෙන්න වුණත් ලෑස්තියි. නමුත් අපි නිසා ගෙවල්වල මිනිස්සු දුක් විඳිනවා.
     
    • Like
    Reactions: Rummy678

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,690
    113
    LSxNE4U.jpg


    ty3CmSx.jpg


    DaJsHqq.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    “කෙහෙල් ගෙඩි බෙද බෙදා යන පරයෝ ජනතාවගේ ජීවිතයේ බේරා ගත්තද කියන්න."

    :lol:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    චන්ඩි බංඩිලාට රට කරවන්න බෑ ඕයි ,
    උගත් වැදගත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා ,
    ඔකුන් හොඳයි ග්‍රාමසේවක වැඩට
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    අයියලා දන්නවද කෙසෙල් ගෙඩි දෙකේ කතාව ? මම වචන හතරක් දෙන්නම්. ඒකෙන් වාක්‍යක් හදන්න.
    අලියා, හොඬවැල, කෙසෙල් ගෙඩි දෙක, වනනවා
    හදන්න බලන්න.
    :rolleyes:
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    අයියලා දන්නවද කෙසෙල් ගෙඩි දෙකේ කතාව ? මම වචන හතරක් දෙන්නම්. ඒකෙන් වාක්‍යක් හදන්න.
    අලියා, හොඬවැල, කෙසෙල් ගෙඩි දෙක, වනනවා
    හදන්න බලන්න.
    :rolleyes:

    මල්ලි කෙසෙල් ගෙඩි ගහගනින් පුk.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තොත්ත බබා;23008927 said:
    චන්ඩි බංඩිලාට රට කරවන්න බෑ ඕයි ,
    උගත් වැදගත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා ,
    ඔකුන් හොඳයි ග්‍රාමසේවක වැඩට

    ඔය පේන්නේ දැන් ටයි කෝට් කාරයෝ රට කරවන හැටි :lol:
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    පොත විකුනලා වෙන්න ඇති ගන්න ඇත්තේ

    Unta poth vikunanna onae nae yako.. nuwara hena wanshakkarayo un.. unge maha gedarata kiyanne "Misty Haven residence" kiyala... mulinma lankaawata aston martin ekak genaweth uge ayyada mallida... :yes::yes::rolleyes::rolleyes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාලිතත් නිකන් ලෝඩ් පකීර් වගේ පොරක්, තම්බින්ට පු*&% දෙනව.... හොද වැඩ කරන එක අගය කරනව, ඒත් ඌ කතා කරන්න දන්නෙ නැ..
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පාලිතත් නිකන් ලෝඩ් පකීර් වගේ පොරක්, තම්බින්ට පු*&% දෙනව.... හොද වැඩ කරන එක අගය කරනව, ඒත් ඌ කතා කරන්න දන්නෙ නැ..
    U GALU MUSLIM HOTALEKA LOKU KOKKAK ADAGATHTHA NEDA?:confused: