දෙමවුපියනි අවධානයෙන්

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    දෙමවුපියනි අවධානයෙන්

    සිසුන් බිලි ගන්නා මත් ටොෆියක් : දෙමවුපියනි අවධානයෙන්



    සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
    eeeeee.jpg

    මත්වීම සඳහා භාවිත කරන ටොෆි වර්ගයක් මේ දිනවල පාසල් ළමුන් අතර කිසියම් පුද්ගල කණ්ඩායමක් විසින් බෙදාහරින බවට තොරතුරු හෙළිව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී. දරුවන් ඒවා භාවිත කළ පසු ඒවාට ඇබ්බැහි වීමක් දක්නට ලැබෙන බවත්, එයින් සිය අධ්‍යාපන කටයුතු පවා ඇනහිටිය හැකි බවත්, සෞඛ්‍ය අංශ පෙන්වා දේ.අප මේ සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මියගෙන් විමසූ කල ඇය සඳහන් කළේ පාසල් ළමුන්ට අලෙවි කළ මත්ද්‍රව්‍ය අඩංගු ටොෆි විශේෂයක් සොයා ගැනීමට හැකිවූ බවත් එම ටොෆි විශේෂය මත්ද්‍රව්‍ය කාර්යාංශයට වැඩිදුර පරීක්ෂණය සඳහා යවා ඇති බවයි.


    පරීක්ෂණවලින් අනතුරුව මෙහි අන්තර්ගත රසායනිකයන් කුමක්ද යන වග නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බවත් ඇය කීවාය.
    මෙම මත් ටොෆි භාවිත කරන දරුවන් නිදිමත් ගතියෙන් නිතරම පෙළෙන අතර අධ්‍යාපන කටයුතුවලට පවා වැඩි උනන්දුවක් නොදක්වන බැවින් දරුවන් කෙරෙහි වැඩි අවධානයෙන් සිටින ලෙස දෙමව්පියන්ගෙන් ඇය විශේෂ ඉල්ලීමක්ද කර සිටී.



    කෙසේ නමුත් මේ පිළිබඳව ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බවත් පාසල් අවට සැකකටයුතු පුද්ගලයන් ගැවසෙන්නේ නම් ඒ පිළිබඳව ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී.

    ශ්‍රියානි විජේසිංහ

    Link