දෙමළ ජනතාව සිංහල උගත යුතුයි
BBC
දෙමළ ජනතාව සිංහල උගත යුතුයි - ඉන්දියාව
යාපනයේ වැසියන් සිංහල භාෂාව ඉගෙන ගැනීමට වහාම පෙළඹිය යුතු යැයි යාපනයේ සිටින වැඩ බලන නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් එස්ඩී මූර්ති ප්‍රකාශ කරයි.
යාපනයේ වැසියන් සහභාගි වූ උළෙලකදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයා, යුද්ධයෙන් අනතුරුව උතුරේ ජාතීන් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරවීම පිණිස රටේ මවු භාෂාව ඉගෙන ගැනීම ප්‍රයෝජනවත් වන බව සඳහන් කළේය.
ඉන්දියාවේ වැසියන්ගෙන් සියයට පණහකටම ඉන්දීය මවු භාෂාව වන හින්දි භාෂාව පිළිබඳව දැනීමක් ඇති බව පෙන්වා දෙන ඔහු, එලෙසින්ම ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම උතුරු පළාතේ වැසියන්ටද රටේ මවු භාෂාව ගැන අවබෝධයක් ඇති වන්නේ නම් සියලු කටයුතු පහසු වන බවද පැවසීය.
සිංහල භාෂාව ඉගෙන ගැනීමට යාපනයේ වැසියන් උනන්දුවක් දක්වන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසීමට ඉන්දීය රජයට හැකියාව තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.