වසර 300කට නොවැඩි විණා කවියාගේ නින්දගමේ ඉතිහාසය
රාසනායගම්, සී. සුන්දරලිංගම් සහ චෙල්වනායගම් වැනි දෙමළ නායකයන් මෙරට ජීවත්වන දෙමළ ජනතාවගේ ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිවයන බව ප්‍රකාශ කළත්, ඔවුනගේ පැරණිතම ඉතිහාස පොත වන යාල්පානම් වයිපවමාලෙයි කෘතිය රචනා කර ඇත්තේ අදින් වසර 275 කට ප්‍රථම ව්‍යවහාර වර්ෂ 1736 දීය. ඒ යාපනය අර්ධද්වීපය ලන්දේසි ග්‍රහණයට නතු වී තිබූ යුගය විය. එම යුගයේ දී යාපනයේ ලන්දේසි ආණ්ඩුකාරයා වූ ජාන් මක්කාර්ගේ ආරාධනයෙන් "මයිල්වානගම් පුලවර්" නම් වූ පුද්ගලයකු විසින් එම කෘතිය රචනා කර ඇත.
එම කෘතිය මුහන්දිරම් මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා මහතා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති අතර එහි දී එම කෘතියේ සී. බී. බ්‍රිටෝ මහතා විසින් කරන ලද ඉංග්‍රීසි පරිවර්තනය මෙන්ම රාසනායගම් මුදලිඳුගේ "පැරණි යාපනය", මෙන්ම මුත්තුතම්බි පිල්ලේ මහතා මුද්‍රණය කරවා ඇති "තයිලය මාලය" වැනි කෘති මෙන්ම රාජකීය ආසියාතික සමිතියේ සඟරාවල සහ ටෙමිල් කල්චර් (Tamil Culture) සඟරාවන්හි පළ වී ඇති ලිපි ලේඛන ද ඒ සඳහා පරිශීලනය කළ බව සිංහල පරිවර්තනයේ පෙරවදනේ සඳහන් කර ඇත.
එච්. ෙ-. වී. චෙල්වනායගම් වැනි දෙමළ බෙදුම්වාදී නායකයන් ප්‍රකාශ කළ ආකාරයට මෙරට ජීවත් වන දෙමළ ජනතාවගේ ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිවයනවා නම් "යාල්පානම් වෛපවමාලය" කෘතියේ දෙමළ රජවරුන් සිය ගණනකගේ රාජාවලියක් අන්තර්ගත විය යුතුව තිබුණි. නමුත් මෙම කෘතියේ අන්තර් ගත වී තිබෙන්නේ පාලකයන් 20 දෙනකුගේ නම් සහ ඔවුනගේ රාජධානි පිළිබඳ පමණි.
මයිල්වානගම් පුලවර් මහතා සිය කෘතිය රචනා කර තිබෙන්නේ, අවුරුදු දෙදහස් හාරසියයකට පෙර සිංහබාහු නම් වංශ ක්ෂත්රියෙක් ලාඩ දේශයෙහි රජ වූයේය. ඔහු වැඩිමල් පුත් විජය කුමාර නමි.
නීති ගරුක නොවූ ඒ තරුණ තෙමේ රට වැස්සාගේ ඉමහත් වෛරයට භාජන වූයේ, ඒ නිසාම රටින් ද පලවනු ලැබීය. ජන්ම දේශයෙන් පිටුවහල් කරනු ලැබූ හේ තෙමේ රක්ෂාස්ථානයක් සොයා රටින් රට ඇවිද්දේය. එහෙත් කිසිදු නවාතැනක් ඔහුට ලබාගත නුහුණේය. මෙසේ රටින් රට ඇවිදින විජය කුමාර තෙමේ කාසි දේශයට පැමිණියේය. එහි දී හේ මෙබඳු සිහිනයක් දිටි.
එනම්, ලංකාදීපය තමාට උරුම දායාදයක් වශයෙන් පවරා ඇති බවත්, එහි ගොස් රට මැද පිහිටි "කදිර මලයෙහි" ස්වකීය රාජධානිය පිහිටුවා ගත යුතු බවත්ය. සිහිනයෙන් දැන් වූ පරිදි සහ පිරිවරින් ලක්දිව බලා ඔහු පිටත් විය.
ඒ ආකාරයෙන් මයිල්වානගම් පුලවර් විසින් යාල්පානම් වෛපවමාලේ කෘතිය ආරම්භ කර ඇති අතර, විජය රජු සිය රාජධානිය කදිරමලයෙන්, තම්මැන්නාවට ගෙන ගිය බවත්, දුවකු සහ පුතකු සිටි බිසව ඉවත් කර පඬි රට කුමාරිකාවක මෙහෙසිය කරගත් බවත් වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.
ඉහත සඳහන් තොරතුරු වලට අනුව මයිලවානගම් පුලවර් විසින් 3 වන සියවසේ දී මහානාම හිමියන් විසින් රචනා කරන ලද මහාවංශය ඇතුළු සිංහල ඉතිහාස පොත් ඇසුරින් යාල්පානම් වෛපවමාලේ කෘතිය ආරම්භ කර ඇති බව සඳහන් කළ හැක. එලෙස සිංහල ඉතිහාස පොත් අනුසාරයෙන් ලියා ඇති ප්‍රධානතම දෙමළ ඉතිහාස කෘතියේ සඳහන් රාජාවලිය මෙසේය. (පහත වගුවේ සදහන්වේ).
විජය රජුගෙන් පසුව හමුවන රජවරුන් 4 දෙනෙකුගේ තොරතුරු වලින් ද මයිලවානගම් පුලවර් සිය කෘතියේ ආරම්භය මහාවංශය ඇතුළු සිංහල ඉතිහාස පොත් ඇසුරින් ලියා ඇති බව තහවුරු වේ. මහාවංශයේ විජය රජු තමාගෙන් පසුව රාජ්‍යය උරුම කර දීම සඳහා තම සහෝදරයාගේ පුතා මෙරටට ගෙන ඒමට කටයුතු කළ පරිද්දෙන්ම, මයිලවානගම් පුලවර්ද විජය රජු ඔහුගෙන් පසු රාජ්‍යය සිය සහෝදරයාගේ පුත්‍රයාට උරුමකර දීමට කටයුතු කළ බව සඳහන් කර ඇත්තේ මෙසේය.
"තමාගෙන් පසු ලංකා කිරීටය දැරීම සඳහා තම සහෝදර පුත් පණ්ඩුවාස කුමාරයන් ගෙන්වා ගැනීමට දූතයින් ලාඩ දේශයට යවා තිබියදීම විජය රජුගේ අභාවය සිදුවිය. පණ්ඩුවාස කුමාරයා ලාඩ දේශයෙන් එන තුරා පුරා අවුරුද්දක් කල් විජය රජුගේ අගමැති විසින් ලංකාව පාලනය කරන ලදී. පරම්පරා බොහෝ ගණනක්ම ලංකා සිංහාසනය හෙබවූ කීර්තිමත් රාජාවලියක ආදි පුරුෂයා වූයේ මේ පණ්ඩුවාසයෝය".
එලෙස මහාවංශය අනුසාරයෙන් සිය ව්‍යාජ ඉතිහාස කෘතිය ආරම්භකරන මයිලවානගම්, පණ්ඩුවාස රජු කීර්තිමත් රාජාවලියක ආරම්භකයා ලෙස සඳහන් කළත්, ඔහුගෙන් අනතුරුව සඳහන් කර ඇත්තේ අනුරාධපුරය රාජධානිය කරගනිමින් රාජ්‍ය විචාළ පණ්ඩු සහ අග්බෝ යන රජවරුන් පිළිබඳව පමණි.
පණ්ඩුවාසගෙන් පසුව, මයිල්වානගම් සඳහන් කරන කීර්තිමත් රාජාවලියට, පණ්ඩු සහ අග්බෝ යන රජවරුන් පමණක් අයත් බව තහවුරු වන්නේ ඉන් අනතුරුව සඳහන් කරන උග්රසිංහ රජු පිළිබඳ කර ඇති විග්‍රහය මගිනි. මයිල්වානගම් පුලවර් උදාසිංහ රජු හඳුන්වාදී ඇත්තේ මෙසේය,
"උග්රසිංහ කුමාරයා වනාහි විජය රාජයන්ගේ සහෝදරතුමා ප්‍රභව කොට ඇති වූ රාජ වාංශිකයෙකි. විජය රාජ වංශයට බොහෝ කලක සිට අහිමිව තිබූ ලක් දිවයිනේ සගයන්ට මහත් සටනකින් පසු හේ තෙමේ සටන් කර ගත්තේය. කදිරමලය අග්‍ර රාජධානිය කොට හේ රාජ්‍ය විචාලේය. ඒ සමයේ දී දක්ෂිණ ප්‍රදේශය පාලනය කරන ලද්දේ අන් රජකු විසිනි".
උග්රසිංහ පිළිබඳ එම සටහනට අනුව උග්රසිංහ සහ අග්බෝ රජු අතර රාජාවලියේ විශාල හිඩසක් තිබෙන බව පැහැදිලි විය යුතුය.
මයිල්වානගම් පුලවර් සිය රාජාවලියේ 5 වන රජු වන අග්බෝ රජු දක්වා කරුණු සඳහන් කිරීමේදී, ඒ දක්වා සිටි රජවරුන් විසින් මුළු රටම පාලනය කළා යන අදහස එන ආකාරයට සිය කෘතිය රචනා කර ඇත.
එහෙත් උග්රසිංහ පිළිබඳව සඳහන් කිරීමේදී ඔහු මහත් සටනකින් පසුව රටේ බාගයක පාලකයා වූ බව සඳහන් කර ඇත. එහිදී මයිල්වානගම් පුලවර් උග්රසිංහගේ පළමු රාජධානිය කදිරමලය ලෙස සඳහන් කර ඇති අතර උග්රසිංහ ඉන් පසුව සෙංකඩගල සිය රාජධානිය කරගත් බව සඳහන් කර ඇත.
මයිල්වානගම් පුලවර් විසින් උග්රසිංහ, සෙංකඩගල රාජධානිය කර ගනිමින් රාජ්‍ය විචාළ බවට කර තිබෙන සඳහන මගින් ඔහුගේ කෘතිය පිළිබඳ විශ්වාසනීයත්වය තවදුරටත් බිඳ වැටෙන බව සඳහන් කළ හැක. පළමු වන විමලධර්මසූරිය ( ) සෙංකඩගල පාලකයා වීමෙන් අනතුරුව පිළිවෙළින් සෙනරත්, ii වන රාජසිංහ, ii වන විමල ධර්මසූරිය, ශ්‍රී වීරපරාක්රම නරෙන්ද්‍රසිංහ, විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් සෙංකඩගල රාජධානිය කරගෙන රාජ්‍ය විචාළ බව ඉතිහාසයේ සඳහන් වී තිබුණත් උග්රසිංහ නම් වූ රජකු පිළිබඳව එම ඉතිහාසයේ සඳහන් නොවේ. එමෙන්ම සෙංකඩගල යුගයේ ඉතිහාසය පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන මූලාශ්රවල ද සඳහන් වී තිබෙන බැවින් ඉහත සඳහන් කරන ලද සිංහල ඉතිහාසය අභියෝගයට ලක්කිරීමේ කිසිදු හැකියාවක් නොමැත.
කෙසේ වුවත්, මයිල්වානගම් පුලවර් අනුව උග්‍රසිංහගෙන් පසු ඔහුගේ පුත්‍රයා වූ ජයතුංග වර රාජසිංහ සෙංකඩගල පාලකයා බවට පත් වී ඇත. ඔහුගේ පාලන කාලයේ දී චෝල දේශයේ සිට වීරරාසවන් නම් වූ අන්ධ කවියකු රජු බැහැදැකීම සඳහා පැමිණ ඇත. වීණා වාදනයෙහි දක්ෂයකු වූ වීරරාසවන්ගේ වීණා වාදනයට පැහැදුණු ජයතුංග වර රාජසිංහ රජු ඔහුට වැලිගොඩ නමින් ඒ දක්වා හැඳින්වූ මුළු උතුරු ප්‍රදේශයම ඔහුට පිරිනමා ඇත. උතුරු ප්‍රදේශයට යාපනය යන නම ලැබීම සඳහා එම සිදුවීම හේතු වී ඇති බව මයිල්වානගම් පුලවර් සිය කෘතියේ සඳහන් කර ඇත. දෙමළ භාෂාවෙන් වීණාව හඳුන්වා ඇත්තේ "යාල්" වචනයෙනි. කවියා හඳුන්වා ඇත්තේ "පානම්" යන වචනයෙනි. යාල් (වීණාව) සහ පානම් (කවියා) යන වචන දෙක එක්වීමෙන් යාල්පානම් යන වචනය සෑදී ඇති බව මයිල්වානගම් පුලවර් සිය කෘතියේ වැඩිදුරටත් සඳහන් කර ඇත. මයිල්වානගම් පුලවර්ගේ ඉතිහාසයට අනුවත් සෙංකඩගල රාජධානිය පැවැති කාල සීමාව වන විටත් යාපනය ප්‍රදේශය හඳුන්වා ඇත්තේ වැලිගොඩ යන සිංහල නාමයෙනි. අද යාපනය යනුවෙන් හඳුන්වන මෙරට උතුරු ප්‍රදේශයේ එදා පැවැති තත්ත්වය මයිල්වානගම් පුලවර් පැහැදිලි කර ඇත්තේ පහත සඳහන් පරිද්දෙනි.
"අභිනවයෙන් ලද උසස් තත්ත්වයට අනුරූප වන විලාශයෙන් සහ වගකීමෙන් යාල්පානම් රාජධානිය හැඩ ගැසීමට ප්‍රමාද වූයේ නොවේ. අන්ධ කවියා විසින් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ පවුල් බොහෝ ගණනක් ගෙන්වා යාපා පටුනෙහි ඒ ඒ තැන පදිංචි කරනු ලැබීය. පිටතින් පැමිණ අලුතින් ජනපද පිහිටුවූ ද්‍රවිඩයන්ට මෙන්ම සිංහල ස්වදේශිකයන්ට ද එක සේ සංග්‍රහ කළ ඒ අධිපති තෙමේ සමෘද්ධිමත් දීර්ඝ පාලන කාලයක් අවසන් කොට ස්වර්ගාරෝහණ යූයේය".
මයිල්වානගම් පුලවර් එම තොරතුරු වලට අනුව සෙංකඩගල රාජධානිය පැවැති කාල සීමාව දක්වාම යාපනය ප්‍රදේශයේ ස්වදේශීයන් ලෙස සිංහල ජාතිකයන් ජීවත් වී ඇති අතර, පසුව දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ පවුල් ගෙනවිත් පදිංචි කිරීම නිසා උතුරේ ජනසංයුතිය වෙනස් වී ඇත. ජාන් මක්කාර් නම් වූ එවකට යාපනයේ ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළ පුද්ගලයාගේ අනුග්‍රහය යටතේ මයිල්වානගම් පුලවර් විසින් ව්‍යාජ දෙමළ ඉතිහාසයක් ගොඩනැගීම සඳහා මයිල්වානගම් පුලවර් විසින් යාල්පානම් වෛපවමාලේ කෘතිය රචනා කළත්, ඔහුට පසු එදා යාපනේ පැවැති සත්‍ය තත්ත්වය සැඟවීමට නොහැකි වී ඇති බව ඉහත සඳහන් තොරතුරු වලින් පැහැදිලි වේ.
යාපනයේ සැබෑ ඉතිහාසය එබඳු වුවත් එස්. ෙ-. වී. චෙල්වනායගම් වැනි දෙමළ බෙදුම්වාදී නායකයන් දෙමළ ජනතාවට ප්‍රකාශ කර ඇත්තේ, ඈත අතීතයේ දී මුළු දිවයිනම දෙමළ රජවරුන් විසින් පාලනය කළ බවය. ඉන් පසුව දෙමළ සහ සිංහල රජවරුන් විසින් මෙම දිවයින වරින් වර පාලනය කර ඇති බවත්, ඉන් අනතුරුව 13 වන සියවසින් පමණ පසුව සම්පූර්ණයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත් තුළ පැතිරුණු දෙමළ ඊළාම් රාජ්‍යයක් පැවැති බවත්, එලෙස 13 වන සියවසේ සිට පළවැනි දෙමළ ඊළාම් රාජ්‍යය ක්‍රි.ව. 1619 දී පෘතුගීසීන්ට යටත් වූ බවත් ඉන් පසුව පිළිවෙළින් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් අතට පත් තම ඓතිහාසික නිජභූමිය 1948 දී සිංහල අධිරාජ්‍යයකට යටත් වූ බවත්ය. අදත් දෙමළ ජාතික සංධානය පවා කටයුතු කරන්නේ එම අදහස් අනුව යමින් සිය ඊනියා දෙමළ ඊළමට නිදහස ලබා ගැනීම සඳහාය.
චෙල්වනායගම් වැනි දෙමළ බෙදුම්වාදී නායකයන් ප්‍රකාශ කළ එම ව්‍යාජ ඉතිහාසය මිත්‍යාවක් බව මයිල්වානගම් පුලවර්ගේ යාල්පානම් වෛපවමාලේ කෘතියෙන් පවා පැහැදිලි වේ, මයිල්වානගම් පුලවර්ගේ 20 දෙනෙකුගෙන් යුතු රාජාවලියේ 6 වෙනි වන්නේ අප ඉහතින් සාකච්ඡා කළ උග්රසිංහ පිළිබඳවය. ඉන් අනතුරුව තවත් පාලකයන් 14 දෙනකු පිළිබඳව සඳහන් කරන මයිල්වානගම් පුලවර් ඉන් 13 න් දෙනකුගේම රාජධානිය ලෙස සඳහන් කර ඇත්තේ නල්ලූර් ප්රදේශයයි. පෘතුගීසීන් යාපනය ප්‍රදේශය ආක්‍රමණය කරන විට එහි ප්‍රාදේශීය පාලනයක් පැවැති ඇතත් එම පාලනය පවා දෙමළ නොවන බවට "යාල්පානම් වෛපවමාලේ" කෘතියම සාක්ෂි දරයි. ඒ උග්රසිංහගේ පුත්‍රයා ජයතුංග වර රාජසිංහගෙන් පසුව පාලකයන් බවට පත්වූ සියලු දෙනාම "ආරියන්" වංශයකට හිමිකම් කියන බැවිනි. දෙමළ ඉතිහාසඥයන් සඳහන් කරන ආකාරයට දෙමළ ජාතිය අනාර්ය ජාතියක් වේ. එසේ නම් සිංහ ආරියන්ගේ සිට සංගිලි දක්වා සිටි බව සඳහන් ආර්ය පාලකයන් දෙමළ වන්නේ කෙසේද යන ප්රශ්නය මතුවේ. එමෙන්ම ඉන්දියාවේ ඔරිස්සාවේ හදිගුමිපා සෙල්ලිපියේ පවා ආර්යචක්‍රවර්තීන් දෙමළ නොවන බව සඳහන් කර ඇත. එමෙන්ම පෘතුගීසි යුගය පිළිබඳ ප්‍රාමාණික උගතකු වන පර්හාව්ක්වේරොස් ද ආර්ය චක්රවර්තීන්ගේ ප්‍රථමයා ගුජරාටයෙන් පැමිණි බ්‍රාහ්මණයකු බව සඳහන් කර ඇත. ඒ අනුව ඉතා පැහැදිලි ලෙසම පෘතුගීසීන් යාපනය ආක්‍රමණය කරන විට පැවැති ප්‍රාදේශීය පාලනය දෙමළ නොවන බවත්, එම පාලනයේ දෙමළ නොවන ආර්ය චක්‍රවර්ති පරපුරේ පාලනයක් බවත් සඳහන් කළ හැක.
ඒ අනුව අද යාපනයේ ජීවත් වන ජනතාවගේ ඉතිහාසය වසර 300 කට වඩා නොවන බව ද සඳහන් කළ යුතුය. පෘතුගීසීන්ගෙන් අනතුරුව, ලන්දේසි යුගය වන විට යාපනය ප්‍රදේශයේ ස්ථිර දෙමළ පදිංචි කරුවන් සිට නොමැති අතර, දුම්කොල වගාව ඇතුළු ලන්දේසීන් වෙළෙඳ බෝග වගාව සඳහා දකුණු ඉන්දියාවේ සිට පැමිණි තාවකාලික පදිංචිකරුවන් පමණක් සිට ඇත. මෙම පිරිස යාපනය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් කර ගැනීමට අවශ්‍ය වූ ලන්දේසින් එම තාවකාලික පදිංචි කරුවන්ට එම භූමියේ ඉඩම්වල අයිතිය හිමි වන ලෙස එවකට යාපනයේ ලන්දේසි ආණ්ඩුකාරයා වූ කොර්නෙලිස් ජෛආන් සීටන්ඩ් විසින් තේසවලාමේ නීතිය හඳුන්වා දී ඇත. යාපනයේ ජීවත් වන ජනතාවගේ ඉතිහාසය ඉන් අනතුරුව ඇති වූ බව පැහැදිලිය.
එරික් ගාමිණී ජිනප්‍රිය