දෙමුහුන් බවට පත්ව සිටින දේශපාලකයා හා අපරා
ලංකාවේ දේශපාලකයා හා අපරාධකාරයා එකිනෙකා වෙන් කොට හඳුනා ගැනීමට බැරි තරමට දෙදෙනා එකෙකු බවට පත්වී තිබේ. මේ දෙදෙනා දෙමුහුන් වීම ආරම්භ වන්නේ ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදීය. ඒ කාලයේ කැරලිකරුවන්ගෙන් දේශපාලකයන්ට මරණ තර්ජන එල්ලවීම නිසා දේශපාලකයන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ට පුද්ගලික හමුදා ඇතිකර ගැනීමට ඉඩ දෙන ලදි. මෙසේ දේශපාලකයන් හදන පුද්ගලික හමුදාවලට එකතු වූයේ හොඳ මිනිසුන් නොව, ප්‍රදේශවල අපරාධකාරයන්ය. එසේ හදන ලද හමුදාවන්ට යුද්ධ හමුදාව ලවා අවි පුහුණුවක් දී අවශ්‍ය ගිනි අවිද ලබාදෙන ලදි. ඒ සමඟ ලංකාවේ දේශපාලකයන් අපරාධකාරයන් මතත්, අපරාධකාරයන් දේශපාලකයන් මතත් යැපෙන තත්ත්වයක් ඇතිවිය.
ඒ සමඟ එම පුද්ගලික හමුදාවලට අපරාධකාරයන් තම දේශපාලන ස්වාමියා වෙනුවෙන් අපරාධ කරන අතර, ඔවුන්ගේ වුවමනාවන් සඳහාද අපරාධ කළේය. ඔවුන්ට ලැබී තිබුණු දේශපාලන රැකවරණය නිසා මේ අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් සිදු නොවීය.
ප්‍රාදේශීය දේශපාලන නායකයන් වෙත එන පොලිස් නිලධාරීන් ප්‍රාදේශීය දේශපාලන නායකයාට ආචාර කරන විට දේශපාලන නායකයාගේ සමීප සගයන් වී සිටි අපරාධකාරයන්ටද ආචාර කරන තත්ත්වයක් ඇතිවිය. ජේවීපී කැරැල්ල අවසන්වීමෙන් පසුත් දේශපාලන නායකයන්ට දෙන ලද ගිනි අවි ආපසු ගැනීමක් සිදු නොවීය. මේ දෙදෙනා අතර ගොඩනැගී තිබුණු සහජීවනය නොකඩවා පවතින දෙයක් බවට පත්විය. දේශපාලකයාගේ විශ්වාසවන්තම සගයන් බවට පත්වූයේ අපරාධකාරයාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ දෙදෙනා දෙමුහුන් බවට පත්වෙමින් අපරාධකාරයා හා දේශපාලකයා වෙන් කොට හඳුනාගත නොහැකි එකකු බවට පත්විය.