දෙයියන්ගේ කැරැට්ටුව

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    දෙයියන්ගේ කැරැට්ටුව

    " හරියට කන්නවත් නෑ......මිනිස්සු ගෙයි දොර කඩන්න හදනව......තමන් යටතෙ ඉන්න මිනිස්සු වත් තමන්ට පාලනයක් නෑ.....ඒ මදිවට කළින් ඉන්දියාවෙදි කසාද බැඳපු මිනිහෙක්......මේ මොන පවක්ද මම මේ දෙවියත් එක්ක ඇවිත් මේ ගෙවන්නෙ?.......මයෙ අම්මිලැ ඇත්ති මේ කසාදේ කරගන්න කළින් කියපු දේ ඇහුව නම් මට මෙහෙම වෙන්නෙ නෑ දෙයියනේ........කොහෙද?......මගේ තිබ්බ ගොන් තකතීරු මී හරක් කමට මම ඉන්දියාවෙන් ආවා කිව්වම රැවටුණා.....පොත්ත සුදුවට හිටියනෙ........අනේ මහා ලක්ෂ්මි නැන්දෙ......මට වෙලාවකට හිතෙනවා මැණික් ගඟට පැනල මේ සේරම එක සැරේ ඉවරයක් කරල දාන්න.......නැත්තං ඔලුව හැරුණු අතේ ගිහින් ඇම්බැක්කෙට වෙලා ඉන්න.......කොයි වෙලාවෙ වත් මේ දෙවියා ගෙදරක නෑ....... අර කැබිලිත්ත කියලා ගුබ්බෑයමක රිංගගෙන යාලුවො එක්ක සෙට් වෙලා පිස්සු නටනවා......මාව අම්මිලැ ඇත්තිගෙ ගෙදර ගෙනිහින් බස්සන්න කිව්වට අහන්නෙත් නෑ.......මම මෙතන එක එකාගෙ ආඩම්බර බල බල මේ බිත්ති හතරට කොටු වෙලා ඉන්නවා.......ඒ මදිවට අර "තේවානි" සක්කර වට්ටමත් කසාද අයිතිවාසිකම් ඉල්ලගෙන මෙහේ බඩගානවා.........එක අතකට ඒ ගෑණිට දොසක් කියන්න බෑ........මූ දැන ගන්න එපැයි......"


    " ඉතින් දරුවෝ දැන් ඕවට බැණ අඬ ගහල හරි යනවයැ?.......කසාදයක් කරගන්නකොට ඕවා ඔක්කොම හොයල බලල කර ගන්න එපැයි.......අනික පිරිමි කොහෙත් ඔහොම තමා දුවේ...... දැන් මේ අපේ දෙවියා පේන් නෑ.......එයාට ඔය හොර ගෑණු එහෙම නෑ.......මාව විතරයි පතන්නෙ.......ඒ උනාට දස අවතාරෙකින් ඉපදිලා නටපු නෙයියාඩගම් දහයට මේ අහිංසක මාවත් සම්බල් උනානෙ........අර අයෝධ්‍යාවෙ රාම වෙලා ඉපදිලා නටපු තොවිලෙදි පිට රටක මිනිහෙක් ඇවිත් මාව උස්සන් ගිහින් වෙච්ච හරිය මතකනෙ......උන් දෙන්නා අතරෙ තිබ්බ කොන්තරේට නටපු ගිනි විජ්ජුම්බරේ දුර දිග ගිහින්, අන්තිමට ගිනි මැළේට පනින්න උනේ කොහෙවත් හිටපු මට......ඒ මදිවට අර ක්‍රිෂ්ණා වෙලා ඉපදිච්ච වෙලේ ගෑණු හෙලුවෙන් නානවා හොරෙන් බලන් ඉඳලා උන්ගෙ රෙදි හොර කම් කරල අහුවුනා.........රෙද්දක් ඇඳන් මටත් පාරෙ යන්න තියල නෙමෙයි අපේ මිනිහාත් වැඩ කරල තියෙන්නෙ........දැන් ඔය ඉස්සරහට කල්කී කියල ආත්මෙක උපදිනවලු....... මගෙ ඇඟේ ලේ නැතුව ඉන්නෙ මොන නෙයියාඩගමක් නටයිද කියල........"


    "අනේ ලක්ෂ්මී නැන්දේ.......මම මේ දෙවියට රැවටෙන්නෙ නෑ අර මෙයාගෙ අයියා කියන ලෝකෙ කාල වතුර බීපු අලි හොඬා කරපු අලුගුත්තේරු වැඩේ නොවෙන්ඩ........අලියෙක් විදියට ඇවිත් මාව බය කරාම, මේ යකා.....සොරි......දෙවියා මහ වීර පුරුසය වගේ ඇවිත් මාව බේර ගත්තා.......කවුද දෙයියනේ දැන ගෙන හිටියෙ ඒ කාලෙ මේක මේ අයිය මලෝ එකතුවෙලා නටපු නැටුමක්ය කියලා........ඊයෙ උදේ වරුවටම ගෙයි හරියෙ උයන්න මක්කවත් නෑ......ගමේ මිනිස්සු මේ වෙන්නෙ මක්කැයි කියල බලලා ඇහැක් හැටියට අර බස්නායක හොරාගෙ දොර කඩලා යතුර අරන් ආවෙ නැත්තන් අපි හාමතේ මැරිලා.......අර තේවානි ඉන්දියන් උඩැක්කියත් ඉන්නවා බලාගත්තු අතේ බලාගෙන.......වගේ වගක් නෑ........මම වෙලාවක ඕකිට වහ දාලා කොමඩු කෑල්ලක් දෙනවා තැම්බිලා යන්න.....මම මේ හැම දේටම නහින්න ඕන......පූජා වට්ටි අස් කරන එකේ ඉඳලා පරණ පහන් තිර අස් කරන එක දක්වා කරන්න ඕන මම........දැන් ඉස්සර වගේ මෙයාට මිනිස්සු සළකන්නෙ නෑ.......පිටිසර දේවාල වලිනුත් එන්න එන්නම පාඩුයි.......පළතුරුත් බාගෙට බාගයක් කුණු වෙච්ච ඒවා......එහෙම එකේ මේ මහ දේවාලෙත් මෙහෙම පිස්සු නටන්න දීලා බලාගෙන හිටියාම අපිට යන කළ දසාව මොකක්ද?....... කිසිම උනන්දුවක් නෑ මේ මිනිහට.......සොරි.....දෙවියට....."

    " කෝ දැන් දෙවියා?"

    " ඔය ගියේ උදේ පාන්දරම කුකුළත් කොඩියෙන් අරන්, මොණරව සර්විස් එකට දාන්න ඕන කියලා.....කවුද දන්නෙ මොන මඟුලෙ යනවද කියලා......?"


    -fb-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැණික් ගං දියෙන් හේදුනෙ අතින් මල් මිටක් අරගෙන
    වදින්නට ඇවිත් දුරු රට කන්ද ස්වාමිනේ
    කටින්නට අනුන්හට විණ ගසන්නට ගෙනා පොල් ගොඩ
    දකින්නටතරම් පවු කල බවකි වැටහුනේ

    වනන්තර වලින් එලිබට සපුන් සේ අරන් පනෙ ගොබ
    පිඹී විස කාලදූමය නසන්නට අයෙක්
    අනිච්චං මෙහෙව් ලෝකෙක පිපේවිද තවත් නිල් මල්
    පුදන්නට ඔබේ පුදසුන කඳිර සුරිඳුනේ

    කිවින්දන් වෙලා පැනසින් කියන්නට ලියූ වස්කවි
    පුරන්නට තරම් ඔලමොල වෙච්ච අයවලුන්
    සඳුන් දර කඳින් අරගෙන ඇවිත් වැදවැටෙයි පායුග
    අරින්නට එපා දොරඟුලු කදිර සුරිඳුණේ