දෙයියෝ මොනව කරන්නද යක්කු අරක්ගත්තම...
ගංවතුර සහනාධාර බෙදාදීමට මා එතරම් ක්‍රියාශීලිව දායක් නොවුවත්, අවස්ථාවන් කිහිපයකදීම ආසන්න නගර වලට බෙදා දීමට යෑමට හැකිවුනි.
ඒ ගිය තැනක පන්සලක සිටි ගංවතුරෙන් අවතැන් වූවන්ට කෑම පැකට් බෙදාදීමකි.
සියලු දේ අහිමව පීඩාවිදිමින් සිටි බොහෝ දෙනෙක් පාර්සල් බෙදා දෙන ස්ථානය වඩා රොක් වෙමින් සිටියහ.
එහෙත් අප ගැන කිසිම තැකීමක් නොකොට අහස දෙස බලාගෙන මොනවදෝ මුමුනමින් සිටි මැදිවියේ අයෙකි. පැය භාගයක් පමන වන තුරුත් හිස් අහසට ඇස් දල්වා සිටි ඔහු මදක් වර්සාව තුරල් වන විට යම් සිනහවක් මවා ගති.
මොනවා හරි කතා කරනවා යැයි සිතා බත් පාර්සලයකුත් අතට ගෙන ඔහු දෙසට යෑමට පටන් ගතිමි.
* මල්ලි...
( දරුවෙකු අතින් ගත් තරුණ කාන්තාවකි )
- ඔවු අක්කේ
* අරය ලගටද යන්නේ ( පෙර කී පුද්ගලයා පෙන්වා ඇසීය)
- ඔවු
* මල්ලිට පුලුවන්ද බත් එකත් දීල ටිකක් කතා කරල එන්න.
- ඇයි අක්කේ
* නැ මල්ලි ඒ මගේ හස්බන්ඩ්. එයා වැඩිය කතාවක් නැ. අහස දිහාම බලාගෙන ඉන්නවා. වතුර වැඩි වෙනකොටම මාවයි පුතයි අරගෙන කෙලින්ම මෙහෙට ආවේ. අද උදේ ආරංචියක් ආව අපේ ෂොප් එක වහලෙට එනකම්ම යට වෙලා කියල. මට බයයි මල්ලි. මම කතා කලාට මුකුත් කියන්නේ නැ. මල්ලිට පුලුවනිද ,,,,
- හා හරි.....
( සෙමින් ඔහු වෙත ලං වුනෙමි )
- අයියෙ ! කොහොමද ?
+ හොදයි මල්ලි.. මල්ලිලා ආධාර අරන් ආවද..
- ඔවු අයියේ.
+ පිං මල්ලි. මේ වෙලාවෙ කන්න ටිකක් දෙන එකනං.
- මිනිස්සුනේ අයියේ අපි උදවු කරන්න එපැයි.
+ ෂික්.. මාත් මේ එක්යි බලන් ඉන්නේ උදවු කරන්න විදියක් නැතිව... ෂික්
- ඉතින් අයියේ අයියගෙත් යට වුනාද
+ යට වුන එක කම්ක් නැ මල්ලි. මාව හිර වුනානේ මෙතැන. ඒකනේ අවුල අප්පා. එලියට පැනගන්න බැරිව ඉන්නේ.
- ඒ මොකෝ.. අයිය මොනවද කරන්නේ ජොබ් එක.
+ මල්ලි , මම කලේ බිස්නස්, බිස්නස් කිවුවට ඇත්තටම ප්රින්ටින්ග්. ඒ ලෙවල් කරපු කාලේ ඉදන්ම මම ඒකට පුරුදු වුනා. තැන් තැන් වල ගිහින් අත් උදවු දුන්න. ස්ක්‍රීන් ප්‍රීන්ටින් ඉගෙන ගත්තා, ඔෆ්සේට් මයින්ඩර් වගේ හිටිය , ඩිජිටල් මැෂිමක වැඩ කලා.. අන්තිමට මගේම කියල පොඩියට වැඩ පටන් ගත්තා.
විස්වාස කරන්න එතකොට මට කොම්පියුටර් මුකුත්ම බෑ. හැබැයි කවද හරි ගොඩ යනව කියල හිතෙ තිබුන මල්ලි. මෙ වෙනකොට මං ලක්ෂ 100ක විතර මැෂින් තියෙන ඔෆිස් එකක් රන් කරනව.
- එත් අයියෙ ඒක වතුරට යට වුනා කියලයි අර මිනිස්සු කිවුවෙ.
+ හහ් හහ් හහ් හ්හ ආ ඔවු නේද .... මේ මිනිස්සු දුක් වෙන හැටි දැකල අහල මට ඒකත් අමතක වුනා බං. යට වුනා යට වුනා..
- දැං ඉතින් ප්‍රින්ටින් මැෂින් වලින් වැඩක් ගන්නබැනේ අයියේ. ඉන්සුරන්ස් කරලද ?
+ නැ මල්ලි මං ඉන්සුරන්ස් දැම්මේ නැ . දැම්මත් ගින්නකින් කවර් එකක් මිසක් වතුරකින් නම් කවර් එකක් ඉල්ලන එකක් නැ ඒ නිසා නොදැම්මා කියල දුකක් නැ. කවුද හිත්නනේ වතුරක් එයි කියල.
- අපරාදේ මැෂින් ටික.
+ කමක් නැ මල්ලියෙ ඔහෙ ගිය දෙන්.. වතුරට මැෂින් වල ලක්ෂ සීය අරන් ගියාට ඒ මැෂින් ටික ගන්න සල්ලි හොයපු මාව අරන් යන්න බැරි වුනා. මම තාම කල්පනා කරන්නේ වැඩපලේ වැඩ කරන ලමයින්ගේ ගෙවල් යට වෙලාද කියල. ෂහ් මට උන්ගේ විසතරයක්වත් ගන්න කන්ටැක්ට් කරන්න බැනේ. ආධර ලැබනවද දන්නැ. වැඩපලනං මොනවද! ආයෙ පටන් ගමු වැස්ස පායනම් ඉදල. වැඩපල ටිකක් උස් කරල හදල ආයෙ යට නොවෙන්නම.
- එතකොට සල්ලි.. ?
+ මල්ලි... මිනිහෙක් හම්බ කලාට වැඩක් නැ ඉතුරු කලේ නැත්තං මං බිස්නස් පටන් ගත්තු කාලෙ ඉදන්ම හම්බෙන එකින් පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කලා, මහ ගොඩක් නැති වුනත් බිස්නස් එක පටන් ගන්න ඒ ඇති වෙයි.
- හ්ම්. එහෙමත් එකක්ද ? එහෙම නං අයිය ඇයි මේ බලාගත්තු අත බලාගෙන කල්පනා කරන්නේ දුක් වෙන්නේ.
+ නැ මල්ලි... පවු බං මේ මිනිස්සු.. මම දන්නව මේ මිනිස්සු ගැන පොඩි කාලේ ඉදන් හැදුනේ මේ අය එක්ක සතෙකුටවත් වරදක් නැති අය.. කාගෙන් වත් ඉල්ලල ජීවත් වුන මිනිස්සුත් නෙවයි. මට දුක දැං යන එන මං නැතිව හම්බෙන දෙයක් කාල බලං ඉන්න වෙලා තියෙන එකට.
- හ්ම් මොනව කරන්නද අයියේ සොබාදර්මෙ හැටිනේ. හැමෝටම එක විදිහයි. මෙහෙට විතරක් නෙවයි අපි දැං වටේම ගියා ආදාර බෙදන්න.
+ හ්ම්. චැහ්... මේ වැස්ස ටිකක් අඩු කලා නං බං මං බෝට්ටුවෙන් හරි යනව එලියට.
- ගිහින් ?
+ යනව යට නොවිච්ච පැත්තක බැංකුවකට. කීයක් හරි අරං මෙ මිනිස්සුන්ට මොනව හරි අරං එනව බං.
- ෂහ්.
+ තව කොච්චර කල් ආධාර ලැබෙයිද දන්නේ නැනේ. මේ පන්සලේ ඉන්න ටික හරි මං බලා ගන්න එපැයි.
- අයිය වගෙ කෙනෙක්ව මට හමුවුනේ නැ අයියේ කොහදිවත්. ගොඩක් අය කියන්නේ අපිට ආධාර ලැබුනේ නැ හැමෝම ඇවිල්ල මගට දීල යනව අපි බඩගින්නේ, අපිට අරව ඕන මේව ඕන, සමහරු අපිට බනිනව අපි සල්ලි ගහනවලු මේවගෙන්
+ චැහ්.. අමතක කරපන් මල්ලියේ, උඹල හිතේ සද්ධාවෙන් නෙ කරන්නේ අනික ඒ මිනිස්සුත් මේ වෙලාවේ අසරණයි ඔලුවේ දාහක් ගිනි. ඒවා ගනන් ගන්නේපා. ඔය කැමරාවක් අල්ලනකොට " අර හංදියට දුන්නා අපිට තමා නැත්තේ, අපිට ඉස්සලාම හම්බුනේ මෙ ්චැනල් එකින් " කිවුවට ඔය කැමරා ටික අකුලන් ගියාම හැමෝම කතා වෙන්නේ අපිට හම්බුනේ නැති වුනාට අරහෙට හම්බුවෙලානේ ඒකවත් මදැයි කියල. හැමෝම මිනිස්සු මල්ලි..
- ඒකත් ඇත්ත. අයිය එහෙනම් මේ පාර්සලේ ගන්න මුකුත් කාල නැ කියල කිවුව.
+ එපා මල්ලි මම උදේට බත් එකක් කෑව. ඕක දියං වෙන කෙනෙක්ට..
- දැං 3යි දවල්ට කෑවද ?
+ මල්ලි මං මේ ටිකේ වේල් දෙකක් විතරක් කන්න හිතා ගත්තා නොලැබෙනවනං ලැබෙන දේ කන්න එපැයි. එත් ලැබෙනවයි කියල ඒ තරමටම ගන්නෝන නැ. මම එකක් නොකා හිටියට මැරෙන්නෙ නැ උඹ ඒක ඉතිරි කරන් ගිහින් වෙන කෙනෙක්ට දියං.
- පුදුමයි අයියට පිං
+ අනික් එක මේ දුන්න වගේ නෙවෙයි ඔය මිනිස්සු එකතු කරල එවෙන්නේ අමාරුවෙන් හම්බු කරල ඒ අය ඊලග මාසේ කන දෙව්ල් මල්ලි. එයාලටත් අමාරු වෙයි. ඒ නිසා අඩුම විදියට යැපෙන්න අපි දැනගන්න ඕන.
- අපි යනව අයියේ බුදු සරණයි. ඉක්මනට වතුර බැහැල යයි. දෙවි පිහිටයි කියන්න බැ මොකද දෙවි පිහිට තිබ්බනං මෙහෙම වෙන්නේ නැනේ.
+ හහ් හ්හ හ්හ දෙයියෝ දාල ගිහින් හුගක් කල් මල්ලි, දෙයියෝ මොනව කරන්නද යක්කු අරක්ගත්තම...
================
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දොවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
වල්මත් වූවන් දැක මහ වන මැද
යායුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා
කදුළු සලන්නන් කදුළින් ගොඩගෙන
මුවගේ හසරල් රදවා
තුටු කදුළීන් නෙතු සරසන දෙවියන්
පුදදෙමු දෙවොලට කැදවා
වන සිවුපාවුන් වැනී මිනිසුන් මැද //
============ චන්ද්‍රලේඛා පෙරේරා මිය
-- කුරුළු --