දෙයියෝ_සාක්කි

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    දුම්රියේ අමුතු ලෝකයක සිටි තරුණියගේ සෙරප්පුව අතුරුදන් වෙලා

    ගම්පහ දුම්රිය පොළෙන් කොළඹ දුම්රියට ගොඩ වූ සුරූපි තරුණියෝ දෙදෙනෙකි. දෙදෙනාම ජංගම දුරකතනයේ ‘ඉයර් පෝන්’ කනේ ගසාගෙන සිටියහ. මුහුණේ ඉරියව්වලින් පෙනුණේ ඔවුන් අමුතුම ලොවක සිටින බවය. දුම්රියද මිනිත්තු 45ක් පමාවී තිබිණි සෙනඟ ඇගිල්ලක් ගසන්නවත් ඉඩක් නොතිබිණ.
    කැලණිය දුම්රිය ස්ථානය පසුකරනවාත් සමග තරුණියක් කලබල වූවාය. අනේ මගේ සෙරෙප්පුවක් නෑ ඇය මහා හයියෙන් කීවාය. දුම්රියේ ගමන් ගත් මගියෝ ද කලබල වූහ. කකුළෙන් ගලවා ගත්තේ කෙසේ දැයි ඇතැමෙක් ඇසීය. හැමෝම සෙරෙප්පුව සොයන්නට වූහ. ඒ අතර එක් වයෝවෘද්ධ කාන්තාවක් ඇය වාඩිවී සිටි ආසනයට යට තිබී සපත්තුවක් දැක මෙයදැයි විමැසුවාය.
    ඔය මගේ සපත්තුව කියා ඇය වහා එය අතට ගෙන පයේ ලා ගත්තාය.
    කකුළේ දමාගෙන සිටි සෙරෙප්පුව එතැනට ගියේ කෙසේදැයි ඒ අසල සිටි කාන්තාවක එම තරුණියගෙන් විමසුවාය. ‘‘නෑ මට ඔය සෙරෙප්පු දෙක යාළුවෙක් තමයි තෑගි කෙළේ, මගේ උපන්දිනේට. අද තමයි ඉස්සෙල්ලාම දාගත්තේ කෝච්චියේ සෙනඟ වැඩි නිසා ඔවුනට පෑගී හීරී යනු ඇතැයි සිතා ගලවා අයිනෙන් තිබ්බා ”යැයි ඇය කියන විට දුම්රිය මැදිරියේ ගමන් ගත් අයට සිනහව නවත්වා ගැනීමට බොහෝ වේලාවක් ගතවිය.



    මේසන් ගෝලයා ජීවිතයට නොබීපු රටබීමක් බීලා

    පෙදරේරුවෙක් සහ ඔහුට අත්උදව්වට පැමිණි ගෝලයෙක් දෙල්ගොඩ ප‍්‍රදේශයේ නිවසක් අලූත්වැඩියා කරමින් සිටියහ. නිවසේ ඉදිරිපස පිහිටි කාමරයක් අලූත්වැඩියා කිරීමට ගිය පෙදරේරුවාට සහ ගෝලයාට පළමුව කරන්නට වූයේ කාමරයේ බඩු බාහිරාදිය එකම ස්ථානයක තබා සුදුසු පරිදි කාමරය සකසා ගැනීමයි.
    මත්පැන් බීම ගෝලයාගේ එදිනෙදා පුරුද්දක් විය. ඔහුට එම කාර්යයට රැුයක් දවාලක් නොමැත.
    ‘‘දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා’’ යැයි පවසමින් කාමරය අස් කරමින් සිටි ගෝලයා මහත් ප‍්‍රීතියෙන් යුතුව බෝතලයක් අතට ගත්තේය.
    ‘‘කාලක් වගේ තියෙනවා. ගෙදර මාමාගේ වෙන්න ඕනෑ මොකද? කියන්නේ ගමුද යැයි’’ මහා දහවලේම ගෝලයා මේසන් බාස්ගෙන් ඇසීය.
    ‘‘මේ මහා දවල් ඕවා බොන්න පුළුවන් ද? මට නම් එපා’’ යැයි බාස් පැවසීය.
    ගෙහිමියා එතැනට එන්නට පෙර ටිකක් බොන්න ඕනෑ යැයි පවසමින් ගෝලයා බෝතලය කටේ තබා ගෙනම එක හුස්මට බීවේය. සුළු මොහොතක් ගත විය. ගෝලයාට තරු පෙනිණි. එළියට දිව ගොස් කෙළ ගසමින් පපුව ද අල්ලාගෙන සිටියේය. මේසන් බාස් ගෝලයාට සිදු වූ දේ සැක හැර දැනගැනීම සඳහා දමා ගිය බෝතලය ඉඹ බැලූවේය. මත්පැන් නොව තිබී ඇත්තේ වයින් ස්ප‍්‍රීතු යැයි ඔහුට වැටහිණ.
    ගෝලයා අපහසුවෙන් පැමිණ ‘මම ගෙදරට ගිහින් එන්නම්’ යැයි කියා පිටත්ව ගියේය. පසුදින ගෝලයාගේ පුත‍්‍රයා පැමිණ ‘තාත්තා කීවා මට අද වැඩ කරන්න කියා’ යැයි මේසන් බාස්ට කීය. ‘තාත්තට ඇයි මක් වෙලාදැ’ යි ඇසූ මේසන් බාස්ට පුතා දුන් පිළිතුර වූයේ ‘තාත්තා ඊයේ දහවල් රට බෝතලයක් බීලා ඇවිත් වෙනදට වැඩිය වැඩි වෙලා. බඩ දැවිල්ලයි කිය කියා අද උදෙත් අමාරුවෙන් සිටියේ.’
    ‘තාත්තා ජීවිතේට ආයේ නොබොන නියම රට බීමක් බීලා’ යැයි බාසුන්නැහේ සිනාසෙමින් පැවසීය.


    යාළුවන්ගෙන් බේරී අඩියක් ගහන්න මහ රෑ අමු සොහොනකට ගිහින්


    සියනෑවේ කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක විසූ දෙදරු මවකගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ගම කෙළවර අහීමානවත් පෙදෙසක පිහිටි සොහොන් බිමේදීය.
    පසුදින රාත‍්‍රියේ මේ සොහොන් බිම දෙසින් කිසිවකුගේ විලාපයක් වරින් වර ඇසුණු අතර, එය ඇතැම් විටෙක කෙඳිරිල්ලක් සේ ද ඇසෙන්නට විය. මේ ශබ්දයෙන් මහ මග ආ ගිය අය ද බියට පත්වූ අතර, කිසිවෙකුත් ඒ පැත්තට යාමට බියෙන් පසුවෙද්දී සිත දැඩි කර ගත් තරුණයෙකු සොහොන පැත්තට ගියේ මේ ගැන සොයා බැලීමටය.
    විදුලි පන්දමක් හා පොල්ලකුත් ඔහු අත විය. විදුලි පන්දම හඬ ආ පෙදෙසට එල්ල කර බැලූ ඔහු දැක ගත්තේ පෙරේදා වළ දැමූ සොහොන අසල මිනිසකු වැතිරී සිටින අයුරුය.
    ටික වේලාවකින් හඬා වැඞීම නතර කළ ඔහු පසෙක තිබූ බෝතලෙන් යමක් වීදුරුවකට දමා බීමෙන් අනතුරුව සිගරැට්ටුවක් ද දල්වා ගත්තේය.
    මොහොතක් එහි රසය විඳි මේ පුද්ගලයා යළි හඬා වැටෙන්නට විය. ඔහු වරින් වර මාරුවෙන් මාරුවට මෙම කටයුත්තේ යෙදෙණු දුටු තරුණයා ඔහු ඇමතීය.
    ”ඒයි කවුද ඔය”
    ”ආ මල්ලි මේ මම”
    ළඟට කිට්ටු වූ තරුණයා මේ පුද්ගලයා හඳුනා ගත්තේය. ඔහු මියගිය කාන්තාවගේ ලොකු පුතාය.
    අයියේ, මේ මොකද කරන්නේ තනියම තරුණයා විමසීය.
    මල්ලි අරක්කු ටිකක්වත් නිදහසේ බොන්න බැහැනේ. යාළුවෝ කියාගෙන එන මාළුවෙන්ගෙන් බේරිලා. ඒ හින්දා මං මෙතැනට ආවේ නිදහසේ අඩියක් ගහලා යන්න යැයි ඔහු පැවසීය. තරුණයා ආපසු හැරී ගියේය.
    පසුදින ගමේ කඩපිල්වල ප‍්‍රධාන සිරස්තලය මේ කතා වස්තුව විය.

    Source
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    wine spritthu biiwwama bada dawilla newe as anda wenawa mulinma. ita passe marenawa. ape paththe minissu 3k maruna issara oya widiyatama waradila