දෙරණට රතු එලි

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා දෙරණ මාධ්‍ය ආයතනය වෙත ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් ලිඛිතව දැනුවත් කිරීමක් කරන ලදී.

    එම ලිපිය මගින් දෙරණ රූපවාහිනි නාලිකාවට එරෙහිව ඉදිරි පියවරක් ගැනීමට පෙර මෙම කරුණු දැක්වීම සිදුකරන ලෙසටද ජනාමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අනතුරු අඟවා තිබේ.

    ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දෙරණ මාධ්‍ය ජාලය වෙත මෙලෙස අනතුරු ඇඟවීමක් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාව අද දෙරණ වාර්තා කිරීමෙන් එහි අන්තර්ගතයට හානියක් සිදුවී නොමැති බවට පුළුල් පැහැදිලි කිරීමක් ඔහු වෙත ලිඛිතව යවා ඇති පසුබිමකදීය.

    සිදුවීම සම්පූර්ණයෙන් මෙසේය.

    පසුගිය ඔක්තෝබර් මස 12 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක දී ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේ හරය විකෘති වන ආකාරයට සංස්කරණය කොට එදින විකාශනය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු ප්‍රතිංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා දෙරණ මාධ්‍ය ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා වෙත පසුගිය ඔක්තෝබර් 25 වන දින ලිපියක් මගින් දන්වා ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

    කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ඔක්තෝබර් මස 26 වනදා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂවරයා විසින් ලිපියක් යවනු ලැබිණි.

    එහි අන්තර්ගතයේ මෙසේ දැක්විණි.

    "අප නාලිකාව ඔස්සේ විකාශය වන අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශය දැනට ශ්‍රී ලංකාව තුළ පවතින ඉතාම අපක්ෂපාති නිදහස් ප්‍රවෘත්ති මාධ්‍යක් බව පසුගිය වසර 11 ක කාලය තුළ ක්‍රියාකළ ආකාරය දෙස සාධාරණ දෘෂ්ටිකෝණයකින් නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට පැහැදිලි වන බව අපගේ විශ්වාසයයි.

    අපගේ ප්‍රවෘත්ති සංස්කරණ කටයුතු සඳහා අප ආයතනයේ කළමනාකාරීත්වය ආයතනික ප්‍රතිපත්තිමය හේතුන් මත මැදිහත් නොවන අතර එය ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාගේ අධික්ෂණය යටතේ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් විසින් සිදු කරනු ලැබේ.

    ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමේ දී සාමාන්‍යයෙන් විනාඩි 30ත් 45ත් පමණ වන කතාවකින් උපුටා ගනු ලබන්නේ විනාඩි එකහමාරක් හෝ විනාඩි දෙකක් අතර කෙටි කාලයක් පමණක් වන බැවින් සෑම ප්‍රවෘත්තියක් ම මේ හා සමාන සංස්කරණයකට යටත්ව ප්‍රචාරය කරනු ලබන අතර ඔබතුමාද දන්නා පරිදි මෙය ලොව පුරා පිළිගත් සම්ප්‍රදායද වේ .

    ඔක්තෝබර් මස 12 වනදින ජනාධිපතිවරයා විසින් පවත්වනු ලබන කතාව සංස්කරණය කිරීමේදී එතුමාගේ කතාවේ හරය විකෘති වන අකාරයෙන් චේතාන්විතව වෙනස් කිරීමක් සිදු නොකළ බව හා ඒ තුළින් ජනාධිපතිතුමා කිසියම් අපහසුතාවකට පත්කිරීමට අප මාධ්‍යවේදීන් තැත් නොකළ බව අපගේ නිරීක්ෂණයයි."


    ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකළ දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ පස්වන ඡේදය සඳහන් අන්තර්ගතය සමග අද දෙරණ ප්‍රවෘත්තියේ හරයාත්මක වෙනසක් නොමැති බව අවධාරණය කරමින් දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂවරයා යැවූ පිළිතුරු ලිපිය සමග ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය ද අමුණා යවන ලදී.

    ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ අදාල මාධ්‍ය නිවේදනයේ පස්වන ඡේදයේ මෙලෙස සඳහන්ය.

    " කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට හා රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවිම් සඳහා තමා කටයුතු නොකළ බවද පැවසූ ජනාධිපතිතුමා පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු උසාවි ගෙන යාමේ සිද්ධියට ද රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාටද එකඟවිය නොහැකි බව කියා සිටියේය."

    ජනාධිපතිවරයා ඔක්තෝබර් 12 වනදා කළ කතාව වාර්තා කළ අප ඉන් නොනැවතී ඒ සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 19 වනදා කැබිනට් මාධ්‍ය හමුවේදී සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීමද අද දෙරණ ප්‍රවෘත්ති මගින් එදින වාර්තා කරන ලදී.

    එසේම ජනාධිපතිවරයා විසින් සිදු කළ කතාව සම්බන්ධයෙන් නැවත වරක් ඔක්තෝබර් මස 27 වනදා ජනාධිපතිවරයා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී සිදුකළ පැහැදිලි කිරීමද අප වාර්තා කළේ අපගේ මාධ්‍ය භාවිතයේ විනිවිදභාවය යළි යළිත් තහවුරු කරමිනි.

    මෙවන් පසුබිමක ඊයේ සවස 04.00 ට පමණ පාර්ලිමේන්තු ප්‍රතිංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා පණිවුඩකරුවෙකු මාර්ගයෙන් දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂකවරයා වෙත ලිපියක් එවා තිබූ අතර එම ලිපිය මඟින් අදාළ සිදු වීම සම්බන්ධයෙන් පරීක්ණයක් පැවැත්වූ බව සඳහන් කර තිබේ.

    ජනාධිපතිවරයාගේ කතාව විකෘති කිරීමට අදාළව ඉදිරි පියවරක් ගැනීමට පෙර ඔබගේ පාර්ශවයෙන් ඉදිරිපත් කිරීමට හේතු ඇත්නම් මෙම ලිපියේ දින සිට දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.

    අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය 11වනදා මෙම ලිපියට අත්සන් තබා ඇති මුත් දින 06කට පසුව එනම් ඊයේ දින සවස අප ආයතනයට මෙම ලිපිය ලැබුනු පසු දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂකවරයා ෆැක්ස් පණිවුඩයක් මගින් සහ ලිඛිතව ද ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා සිටියේ ලිපිය ලැබුණු මොහොතේ සිට දින හතක් ඇතුළත කරුණු දැක්වීමට සූදානම් බවයි.

    මෙරට ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම වෙනුවෙන් ප්‍රතිඥා දුන් වත්මන් රජයේ දර්ශනයට පිටුපා යමින් පාර්ලිමේන්තු ප්‍රතිංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ වැනි අය සිදුකරන මෙවැනි බලපෑම් තුළින් ජනමාධ්‍ය නිදහසට දරුණු ප්‍රහාරයක් එල්ල වන බව අද දෙරණ හැඟීමයි.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මාධ්‍ය නිදහස කිය කිය ඒව වල් බූරු විධියට පාවිච්චි කරද්දි මෙහෙම වෙනවා..

    මේක තමා හොඳම විහිලුව....

    "අප නාලිකාව ඔස්සේ විකාශය වන අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශය දැනට ශ්‍රී ලංකාව තුළ පවතින ඉතාම අපක්ෂපාති නිදහස් ප්‍රවෘත්ති මාධ්‍යක් බව පසුගිය වසර 11 ක කාලය තුළ ක්‍රියාකළ ආකාරය දෙස සාධාරණ දෘෂ්ටිකෝණයකින් නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට පැහැදිලි වන බව අපගේ විශ්වාසයයි."
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ආසිරිට කියල මොනවා හරි කරගත්තනම් ඕව නිකන්ම විසදෙනවා.

    imtUrZT.png
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මාධ්‍ය නිදහස කිය කිය ඒව වල් බූරු විධියට පාවිච්චි කරද්දි මෙහෙම වෙනවා..

    මේක තමා හොඳම විහිලුව....

    "අප නාලිකාව ඔස්සේ විකාශය වන අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශය දැනට ශ්‍රී ලංකාව තුළ පවතින ඉතාම අපක්ෂපාති නිදහස් ප්‍රවෘත්ති මාධ්‍යක් බව පසුගිය වසර 11 ක කාලය තුළ ක්‍රියාකළ ආකාරය දෙස සාධාරණ දෘෂ්ටිකෝණයකින් නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට පැහැදිලි වන බව අපගේ විශ්වාසයයි."

    :yes:

    okunge news Nam mama balanne na, eka MR media wage. Eth eke teledrama tika sirasa hiruta wada decent.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    :yes:

    okunge news Nam mama balanne na, eka MR media wage. Eth eke teledrama tika sirasa hiruta wada decent.

    ITN බලපන්.ඒක තමා දැන් රනිල් මීඩියා..රූපවාහිනී සිරා මීඩියා..:P
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    හොඳ වැඩේ ඕකුන්ට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් කඩේ යෑම...
    ‍යුරේනි ගායිකාවක් කල සම්මාන දුන් දෙරණ රැක ගමු
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ITN බලපන්.ඒක තමා දැන් රනිල් මීඩියා..රූපවාහිනී සිරා මීඩියා..:P
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මාධ්‍ය නිදහස කිය කිය ඒව වල් බූරු විධියට පාවිච්චි කරද්දි මෙහෙම වෙනවා..

    මේක තමා හොඳම විහිලුව....

    "අප නාලිකාව ඔස්සේ විකාශය වන අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශය දැනට ශ්‍රී ලංකාව තුළ පවතින ඉතාම අපක්ෂපාති නිදහස් ප්‍රවෘත්ති මාධ්‍යක් බව පසුගිය වසර 11 ක කාලය තුළ ක්‍රියාකළ ආකාරය දෙස සාධාරණ දෘෂ්ටිකෝණයකින් නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට පැහැදිලි වන බව අපගේ විශ්වාසයයි."

    :rofl::rofl::rofl:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    රෙන්න තියෙන පුක දෙන්න එපා !
    රෙන්න තියෙන පුක දෙන්න එපා !
    රෙන්න තියෙන පුක දෙන්න එපා !
    රෙන්න තියෙන පුක දෙන්න එපා !
    රෙන්න තියෙන පුක දෙන්න එපා !
    රෙන්න තියෙන පුක දෙන්න එපා !
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මාධ්‍ය නිදහස කිය කිය ඒව වල් බූරු විධියට පාවිච්චි කරද්දි මෙහෙම වෙනවා..

    මේක තමා හොඳම විහිලුව....

    "අප නාලිකාව ඔස්සේ විකාශය වන අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශය දැනට ශ්‍රී ලංකාව තුළ පවතින ඉතාම අපක්ෂපාති නිදහස් ප්‍රවෘත්ති මාධ්‍යක් බව පසුගිය වසර 11 ක කාලය තුළ ක්‍රියාකළ ආකාරය දෙස සාධාරණ දෘෂ්ටිකෝණයකින් නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට පැහැදිලි වන බව අපගේ විශ්වාසයයි."
    මේක තමා හොඳම විහිලුව....
     
    Nov 18, 2016
    39
    3
    0
    ලංකාවෙ දැනට ගුණාත්මකව බිහිවෙච්ච එකම චැනල් එක තමා 2005-2004 ට කලින් තිබ්බ ජාතික රූපවාහිනිය. මන් අමුතුවෙන් මෙතන පරන එවුන්ට අටුවා ටීකා තිප්පනි කියනන් අවශ්‍ය නැහැ. දන්නවා ඒ චැනල් එකෙ ගුණාත්මක භාවය. එත් අද නම් ඔක්කොම චැනල්ස් බොග. මන් නම් කම්මැලි කම යන්න ඔය දෙශපාලනික වැඩසටහන් බලනවා එච්චරයි. ඉන් එහාට ගන්න දෙයක් නැහැ.
     

    Similar threads