දෙරණ වාද පිටියේදී දයාසිරි - හරීන් ගුටි ඇන ග

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    දෙරණ වාද පිටියේදී දයාසිරි - හරීන් ගුටි ඇන ග

    ඊයේ දින (08) දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කරන ලද "වාද පිටිය" වැඩසටහනේ විරාමයක් අතරතුර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර ගුටි ඇනගෙන ඇතිබව වාර්තා වේ.

    මෙම විවාදය සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර සහ අරුන්දික ප්‍රනාන්දු සහභ්ගිවු අතර විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වූයේ හරීන් ප්‍රනාන්දු සහ සුනිල් හඳුන්නෙත්ති වේ.

    එක්සත් ජාතික පක්ෂයේ සිටි කාලයේ අඹ යහළුවන් දෙදෙනෙකු වූ දයාසිරි ජයසේකර හා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විරසක වීමෙන් අනතුරුව දෙපැත්තක සිට සජීවීව සිදුකල පළමු විවාදය ඊයේ දින විකාශය කල වාදපිටිය වැඩසටහන වේ.

    අවසාන වටයට පැමිණීමට ප්‍රථම හරීන් ප්‍රනාන්දු සහ දයාසිරි ජයසේකර අතර වටයක් පැවැත්වූ අතර එම වටයේ ඔවුන් දෙදෙනාගේ දෙබස් ඉතා උණුසුම් විය. දයාසිරි ජයසේකර වෙනදා සිනහවෙන් එවන් ප්‍රශ්න වලය පිළිතුරු දුන්නද ඊයේ දිනයේ ඔහුද ප්‍රශ්න හමුවේ ආවේගයෙන් පිළිතුරු දුන් අන්දම පෙන්නේන්ට තිබුණි.

    විවාදයේ අවසන් වටයට පැමිණීම සඳහා එම වැඩසටහනේ නිවේදක චතුර විසින් විරාමයක් ලබාදුන් පසුව විරාමය අතරතුරේදී හරීන් සහ දයාසිරිගේ ගැටුම උත්සන්න වී ඇත.

    එහිදී හරීන් විසින් දයාසිරි ජයසේකර මහ ඇමතිවරයාට "අයිසේ..තමුසේ..." වැනි වදන් වලින් ඇමතීම හේතුවෙන් දයාසිරි කෝප වී ඇති අතර දෙදෙනා නැගිට ගුටි ඇන ගෙන ඇත. දෙදෙනා අතින් පයින් පහර දෙද්දී එම ගැටුම නවත්වා ඇත්තේ රූපවාහිනිය කැමරා ශිල්පීන් සහ වැඩසටහන් නිෂ්පාදකවරුන්ගේ මැදිහත් වීමෙනි.
    තව කියවන්න

    Gossip book





     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාත් බැලුවා බන් මුන් ටිකක් සද්දේ දාගෙන ආව විතරයි ෆොන් එකේ සිග්නල් නැති වුනානේ' අන්තිම ටික බලන්න බැරිවුනා
     

    Cancer Man

    Member
    Jul 9, 2014
    7
    1
    0
    වැඩක් නෑ බං. මුන් ටීවී එකට ඇවිත් කා ගහලා යයි. ටීවී චැනල් එකේ උනුත් ඇඩ් ටික දලා ගාන හොයා ගනියි. මිනිස්සු ආශ්චර්ය හෙට උදේට පහලවෙයි කියලා බුදිය ගනියි.