අත්ථං ගන්හාති (අර්ථය ගන්න) කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. "අර්ථය" තමයි නිවනට උපකාරී වන දේ. ඒ කියන්නේ අපි මේ දේශනා ඉගෙන ගෙන, ඒ දේශනාව අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කිරීම තමයි කළ යුත්තේ.
විශේෂයෙන්ම කියන්න තියෙන දේ තමයි යම් කාලයක් අරගෙන
සම්පූර්ණ දේශනාවම කියවන්න. අර්ථය ගන්න. අර්ථය කියන්නෙ නිවනට උපකාරී වන දෙයට.
බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කළා.
ලෝකාවබෝධ සූත්‍රය
මිනිසාගේ ආයුෂ කාලානුරූපව වෙනස් වේ.
චක්කවත්ති සීහනාද සූත්‍රය
සූර්යයන් (තාරකාවන්) අලුතින් හට ගැනීම සිදු වේ, යම් කලක ලෝකය විනාශ වේ.
සත්ත සුරියුග්ගමන සූත්‍රය
ජීවීන් මැවීමක් හෝ ඉබේ හට ගැනීමක් සිදු නොවීය, තණ්හාව හේතුවෙන් සියුම් ශරීර වල සිට ගොරෝසු ශරීර දක්වා පරිණාමය විය.
අග්ගඤ්ඤ සූත්‍රය
කාලයේ කෙළවරක් නැත.
අනමතග්ග සංයුක්තය
අවකාශයේ කෙළවරක් නැත.
පඨම රෝහිතස්ස සූත්‍රය
කරන දේ අනුව දිව්‍ය, මනුෂ්‍ය, ප්‍රේත, තිරිසන්, නිරය ආදී ලෝක වල උපදියි.
දේවදූත සූත්‍රය
වඩන ලද ධ්‍යාන අනුව උපදින බ්‍රහ්ම ලෝක වෙනස්ය.
පුග්ගල සූත්‍රය
දුතිය පුග්ගල සූත්‍රය
ලෝකාන්තරික නිරයට හිරු, සඳු රශ්මිය පවා නොවැටේ.
තථාගත අච්ඡරිය සූත්‍රය
(සක්වල 3ක් අතර එක් ලෝකාන්තරිකයක් ඇති බව මෙහි අටුවාවේ සඳහන් වේ.)
මනුෂ්‍ය ලෝකයේ දිවා-රාත්‍රියට සාපේක්ෂව දිව්‍ය ලෝක වල දිවා-රාත්‍රි කාල වෙනස් ය.
විසාඛූපෝසථ සූත්‍රය
සක්වල සහ ලෝකධාතුව යන වචන යෙදෙන තැන අනුව අර්ථය වෙනස් වේ.
මහා ගෝවින්ද සූත්‍රයේ අටුවාව
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු එක් එක් සක්වල වල දෙවියන් කේශ, ලෝම ධාතූන් වහන්සේලා රැගෙන යන ලදි.
මහාපරිනිබ්බාණ සූත්‍රය
ධාතු භාජනීය කතා
විශ්වය තුළ ජීවය පවතින තවත් තැන් ඇත. ලෝකය විනාශ වන කාලයේදී සත්වයෝ ආභස්සර බඹ ලොව උපදිති.
පඨම කෝසල සූත්‍රය
එකම ලෝකධාතුවෙහි එක වර බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ නොවේ.
ලෝකයෙහි හට ගැනීම, විනාශ වීම, නැවත හට ගැනීම ආදිය සිදු වේ.
සම්පසාදනීය සූත්‍රය
ඍද්ධිමත් ශ්‍රාවකයන් හට සහශ්‍රී ලෝකධාතුවටම ඇසෙන ලෙස කටහඬ පැතිරවීම සිදු කළ හැකිය.
අරුණවතී සූත්‍රය
විශ්වය තුළ සක්වලවල් (ලෝකධාතු), සහශ්‍රී ලෝකධාතු, මජ්ඣිමා ලෝකධාතු, මහාසහශ්‍රී ලෝකධාතු ඇත.
විශ්වයෙහි වෙනත් ලෝකයන් වෙත කටහඬ පැතිරවීමට බුදුරජාණන් වහන්සේලාගේ ඇති හැකියාව ප්‍රමාණ කළ නොහැක.
ආනන්ද වග්ගයේ 10 වන සූත්‍රය
සහශ්‍රී ලෝකධාතුව වසඟයට ගෙන ඇති ඍද්ධිමත් බ්‍රහ්මයින්වද බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළ සේක.
බ්‍රහ්මනිමන්තනික සූත්‍රය
දිව්‍ය ලෝක 6 සහ ඒවායේ උපදින ප්‍රතිපදාවක්...
පුඤ්ඤකිරියවත්ථු සූත්‍රය
දෙව්ලොවක, බඹලොවක උපත ලැබීම හෝ නිවන පවා ලැබිය හැකි ප්‍රතිපදාවක්...
සංඛාරුප්පත්ති සූත්‍රය
*
සම්පූර්ණ දේශනාවම කියවන්න. අර්ථය ගන්න. අර්ථය කියන්නෙ නිවනට උපකාරී වන දෙයට.
පින් ඇත්තෝ මෙම උතුම් සූත්‍ර ධර්මයන් කියවා, ඉගෙනගෙන, නිවන් මග වඩත්වා!
https://mahamevnawa.lk/sutta/
https://tipitaka.lk/