දෙවන ටොක්ක අත ළඟ
මහ මැතිවරණයට පෙර තවත් වරක් ජාතිය ඇමතීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සූදානම් වන බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. එම වාර්තා පවසන්නේ මැතිවරණය ආසන්න වන විට ජාතිවාදය මුල් කරගත් ජන්ද සටනකට එළඹීමට රාජපක්ෂ ප‍්‍රමුඛ සන්ධානය සැලසුම් කර තිබීම හෙලිවූ බැවින් ජනපති මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව රාජපක්ෂට අගමැති ධූරය නොදෙන බව පවසා මීට පෙර සිදුකල ආන්දෝළනාත්මක ප‍්‍රකාශය අභිබවා යන දැවැන්ත වාග් ප‍්‍රහාරයක් රාජපක්ෂට මේ හරහා එල්ල වීමට නියමිත බවද අදාළ වාර්තා වේ. මේ සමගම සන්ධානයේ ඡන්ද පදනම දැවැන්ත පසුබෑමකට ලක්වනු නියත බවයි එම වාර්තා වැඩිදුරටත් හෙලිකොට සිටී.
තමන් මෛත‍්‍රී මහින්ද රජයක් බිහි කරන බවට මහින්ද රාජපක්ෂ පසුගියදා ජන හමුවලදී සදහන් කර තිබුනත් ජාතිවාදියකු සමග තමන් කිසිදු රජයක් නොපිහිටුවන බව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කිරීමට නියමිත බවයද එම වාර්තා අනාවරණ කරයි. ජනපති ලෙස ජාතික සමගිය පිළිබද පැවරී ඇති වගකීම කෙරෙහි අවධානය යොමුකර ඔහු මෙම ප‍්‍රකාශය සිදුකිරීමට නියමිත බවද වාර්තාවේ.
- http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1477-2015-08-07-11-35-22

Last edited: