දෙවන ටොක්ක අත ළඟ

monson

Well-known member
  • May 7, 2007
    25,544
    28,397
    113
    දෙවන ටොක්ක අත ළඟ

    මහ මැතිවරණයට පෙර තවත් වරක් ජාතිය ඇමතීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සූදානම් වන බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. එම වාර්තා පවසන්නේ මැතිවරණය ආසන්න වන විට ජාතිවාදය මුල් කරගත් ජන්ද සටනකට එළඹීමට රාජපක්ෂ ප‍්‍රමුඛ සන්ධානය සැලසුම් කර තිබීම හෙලිවූ බැවින් ජනපති මෙම තීරණය ගෙන ඇති බවයි.

    untitled.JPG


    ඒ අනුව රාජපක්ෂට අගමැති ධූරය නොදෙන බව පවසා මීට පෙර සිදුකල ආන්දෝළනාත්මක ප‍්‍රකාශය අභිබවා යන දැවැන්ත වාග් ප‍්‍රහාරයක් රාජපක්ෂට මේ හරහා එල්ල වීමට නියමිත බවද අදාළ වාර්තා වේ. මේ සමගම සන්ධානයේ ඡන්ද පදනම දැවැන්ත පසුබෑමකට ලක්වනු නියත බවයි එම වාර්තා වැඩිදුරටත් හෙලිකොට සිටී.
    තමන් මෛත‍්‍රී මහින්ද රජයක් බිහි කරන බවට මහින්ද රාජපක්ෂ පසුගියදා ජන හමුවලදී සදහන් කර තිබුනත් ජාතිවාදියකු සමග තමන් කිසිදු රජයක් නොපිහිටුවන බව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කිරීමට නියමිත බවයද එම වාර්තා අනාවරණ කරයි. ජනපති ලෙස ජාතික සමගිය පිළිබද පැවරී ඇති වගකීම කෙරෙහි අවධානය යොමුකර ඔහු මෙම ප‍්‍රකාශය සිදුකිරීමට නියමිත බවද වාර්තාවේ.


    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1477-2015-08-07-11-35-22
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,544
    28,397
    113
    ජාතිවාදය වපුරනු - මහින්දගෙන් උපදෙස්

    කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා තම දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරයේ මුහුණදී ඇති බරපතල අභියෝගය හමුවේ ජාතිවාදය වැපිරීම සඳහා උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

    මේ අනුව මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ වැනි දිස්ත්‍රික්කවල මුස්ලිම් ජනතාව කෙරෙහි සිංහල ජනතාව බිඳවන සියුම් ව්‍යාපාරයක් දියත් කර ඇත. කට කථා හා ඕපා දුප ඔස්සේ ගෙන යන මෙම ව්‍යාපාර අනුව මහින්ද රාජපක්ෂ යළිත් බලයට නොපැමිණිය හොත් මෙම ප්‍රදේශ මුස්ලිම් ආධිපත්‍යට යටත්වන බවට බියක් සිංහල ජනතාව තුළ ඇති කිරීම ඉල්ලක්කකොට තිබෙන බව වාර්තා වේ.

    මෙම ව්‍යාපාරය පිටුපස ගෝඨාභය, ගම්මම්පිල සහ වීරවංශ සිටින බවත් අභයාරාම පාර්ශවයේ ජාතිවාදය වපුරන භික්ෂුන් වහන්සේලා පිරිසක්ද සිටින බවත් වාර්තා වේ. මහනුවර පැවතී සන්ධාන රැලියට විකෘති කළ ජාතික කොඩිය යොදා ගනු ලැබුවේද මේ අරමුණිනි.

    සමීක්ෂණ වාර්තා අනුව බොහෝ දිස්ත්‍රික්කවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිටුපසින් සිටීමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභ්‍යන්තර අර්බුද නිසා පාක්ෂිකයන් කලකිරී සිටීමත් නිසා සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය අර්බුදයකට ලක්වී ඇති බව තහවුරු වීමත් සමඟම මෙම තීරණ ගෙන තිබේ.

    මේ වනවිට ආරුමුගම් තොන්ඩමන් මහතා හැර සියලු සුළු ජාතික පක්ෂ මහින්ද රාජපක්ෂ වෙතින් ඉවත් වී ඇත.


    - http://www.lankatruth.com/home/sinh...:2015-08-07-15-43-14&catid=41:local&Itemid=74
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    MY3 එල කොල්ලා... මහින්දට මේකෙන් නම් ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ වෙයි..
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    dan oya wikurthi kara kiyanne ape sinhala rajawaru issara pavichchi karapu sinha kodiya da ?
    ape huththala therenne naha wena de
    muslim,tamil un MR ekka tharaha unta ona de nodena nisa
    Ranil ta kemathi a sonnaya unta ona de dena nisa
    rep kapapan.mage pawule untath ona nam benapan.
    mata nam gaanakwath naha :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    එහෙම කරන්න බැරි වෙයි. මැකෝ කේස් දායි මෛත්‍රීට.