දෙවන ලෝක යුධ ඉතිහාසයේ ගුවන් යානා වැඩිම ප්&#820

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    දෙවන ලෝක යුධ ඉතිහාසයේ ගුවන් යානා වැඩිම ප්&#820

    දෙවන ලෝක යුධ සමය, මිත්‍ර මෙන්ම අක්ෂ යන දෙපාර්ශවයම තම ගුවන් බලය ප්‍රදර්ශනය කල සමයක් බව අපි දන්නවා.
    දෙපාර්ශවයම ගුවන් ප්‍රහාරක යානා මෙන්ම බෝම්බ හෙළන යානාවන්ගෙන් සමන්විත වුණා. මෙම යානා උපයෝගී කරගනිමින් ඔවුන් සාමාන්‍ය​ ජනතාව වෙසෙන ප්‍රධාන නගර ඉලක්ක කරමින් දැවැන්ත ප්‍රහාර එල්ල කරනවා.
    දෙපාර්ශ්වයන්ගේම මෙම ප්‍රහාරයන්හි මූලික අරමුණ වූයේ සතුරු පාර්ශවය සතු යුධ උපකරණ, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය ඇතුළු සියළුම නිෂ්පාදන කර්මාන්තශාලා විනාශ කර දැමීමයි.



    Armstrong Whitworth Whitley, Avro Lancaster, Bristol Beaufort, Handley Page Halifax හා Vickers Wellington යන බෝම්බ හෙලන ගුවන් යානා අයිති වූයේ බ්‍රිතාන්‍යයටයි. ඔවුන් මෙම යානා උපයෝගි කරගනිමින් ජර්මනියට හා ජපානයට ප්‍රහාර එල්ල කරනු ලබනවා. Amerikabomber, Dornier Do 19, Heinkel He 177 හා Messerschmitt Me 264 යන බෝම්බ හෙලන ගුවන් යානා ජර්මනියට අයත් වූ අතර ඔවුන් එම යානා උපයෝගි කරගනිමින් මිත්‍ර පාර්ශවීය රටවලට ප්‍රහාර එල්ල කරනු ලබනවා.​

    ජර්මනියේ කලොන්ග් නගරය අළුකර දැමීම සඳහා ක්‍රියාත්මක වූ “ඔපරේෂන් මිලේනියම්”

    012-680x531.jpg
    එයාර් මාර්ෂල් ඕතර් හැරිස් (Getty Images)​

    1942 වසරේ මැයි මාසයේ 30 වනදා 31 වනදා බෝම්බ හෙළන ගුවන් යානා 1047ක් යොදා ගනිමින් දෙවන ලෝක යුධ ඉතිහාසයේ සිදු කරන විශාලම ගුවන් මෙහෙයුම සිදු කිරීමට බ්‍රිතාන්‍ය විසින් තීරණය කරනවා.

    මේ වන විට බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව විසින් සිදුකළ බොහෝමයක් ගුවනින් බෝම්බ හෙළීමේ ක්‍රියාන්විත අසාර්ථක වී තිබූ අතර ඒවායේදී බෝම්බ පතිත වී තිබුනේ ඉලක්කයට සැතපුම් ගණනක් ඈතින් ඇති ස්ථාන වලටයි. එයට පිළිතුරක් ලෙස තැනින් තැන හුදෙකලා ඉලක්ක වෙනුවට එක් ඉලක්කයක් තෝරා ගත යුතු බව බ්‍රිතාන්‍ය ගුවන් හමුදා අණදෙන නිලධාරීන් විසින් තේරුම්ගනු ලබනවා.

    මිලේනියම් මෙහෙයුම (Operation Millennium) සැලසුම් කිරීමේදී සතුරු ප්‍රදේශ රැසකට එකවර ගුවන් යානා යොදා ගනිමින් පහරදීම වෙනුවට එක් සතුරු මර්මස්ථානයක් ඉලක්ක කරගනිමින් උපරිම ගුවන් බලය යොදා ඉතා දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් වෙනවා.
    මෙම මෙහයුම සම්බන්ධ අණදෙන නිලධාරියා වූ එයාර් මාර්ෂල් ආතර් හැරිස් (Air Marshal Arthur Harris) විසිනුයි මෙම තීරණය ගනු ලබන්නේ.
    එවිට ජර්මානු ගුවන් ආරක්ෂක බළකායට එක ඉලක්කයක් සඳහා එකවිට ඇතුල්වන විශාල ගුවන් යානා ප්‍රමාණයට සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නොහැකිවනු ඇතැයි ඔහු විසින් උපකල්පනය කරනවා.

    ප්‍රහාරය එල්ල කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් තෝරා ගනු ලබන්නේ ජර්මනියේ තුන්වන විශාලතම නගරය වූ කලොන්ග් නගරයයි.
    පළමුවෙන්ම මේ සඳහා හැම්බර්ග් වරාය නිර්දේශ වූවත් පසුව සැලසුම වෙනස් කර කාර්මික නගරයක් වූ කලොන්ග් (Cologne) නගරයට පහර දීමට තීරණය කරනවා.
    බෝම්බ ප්‍රහාර එල්ල කර රසායනික හා යුධ උපකරණ නිෂ්පාදනය කරන කම්හල් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම රාජකීය ගුවන් හමුදාවේ මූලික අරමුණ විය.



    මිලේනියම් මෙහෙයුම ක්‍රියාත්මක වීම


    02-680x502.jpeg


    බෝම්බ ප්‍රහාරයට පෙර කලොන්ග් නගරය (waralbum.ru)


    මේ අනුව මෙම මෙහෙයුම සඳහා ආතර් හැරිස් විසින් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ 1, 3, 4 හා 5 යන ගුවන් හමුදා බලඝණ වලට අයත් 156 Wellington, 134 Wellington, 88 Stirling, 7 Whitley හා 46 Manchester ඇතුළු විශාල හා මධ්‍යම ප්‍රමාණයේ බෝම්බ හෙලන ගුවන් යානා 678ක් යොදා ගත් අතර මේ සඳහා ගුවන් යානා තවත් අවශ්‍ය බැවින් නියමුවන් පුහුණු කරවන ගුවන් හමුදා බලඝණ වන 91 හා 92 යන කණ්ඩායම්හි 236 Wellington, 45 Hampden හා 21 Whitley ඇතුළු ගුවන් යානා 369ක් යොදා ගනු ලබනවා. පුහුණුවෙමින් සිටින ගුවන් යානා නියමුවන් හා කාර්මික දෝෂ සහිත ගුවන් යානා පවා මෙම ප්‍රහාරය හා සම්බන්ධ කරනු ලබන්නේ ප්‍රහාරක බල ඇණියේ ශක්තිය සතුරාට පෙන්වීමටයි,

    ආතර් හැරිස්ගේ සැළසුමට අනුව මෙම යානා යොදා ගනිමින් මිනිත්තු 90කදි කලොන්ග් නගරය වෙත බර ටොන් 1500කට අධික බෝම්බ ප්‍රමාණයක් පතිත කළ යුතු වෙනවා.​


    032-680x703.jpg


    රාත්‍රී අහස දිස් වූ අයුරු (WWII Today)



    ප්‍රහාරය පියවර දෙකකින් යුක්ත වූ අතර පළමු පියවර ලෙස ගුවන් යානා 416ක් යොදා ගැනීමට තීරණය කරනවා. මෙම යානා 416 තුළ පළපුරුදු දක්ෂ ගුවන් යානා නියමුවන් හා කාර්ය මණ්ඩල30 වනදා රාත්‍රියේ කලෝන්ග් නගරය වෙත ගුවන් යානා පිටත් වුණා. 31 වනදා හිමිදිරිවන විට නගරය පුරාවටම බෝම්බ හෙළා තිබුණු අතර මේ හේතුවෙන් නගරයේ අක්කර 600ක අධික භූමි ප්‍රමාණයකට දැඩි හානි සිදු වී තිබුනා. ජර්මානුවන් 469ක් මරණයට පත් වූ අතර තවත් වැසියන් 45000කට තම ගෙවල් දොරවල් අහිමිවී තිබුණා. නමුත් ඔවුන්ගේ මූලික අරමුණ වූ නිෂ්පාදන කර්මාන්තශාලා විනාශ කිරීම සම්පුර්ණයෙන්ම සාර්ථක වී නොතිබූ අතර ජර්මානු ගුවන් ආරක්ෂක බලකායේ ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් යානා 40ක් සම්පුර්ණයෙන් විනාශ වී තිබුණි. නමුත් එය සහභාගී වූ ගුවන් යානවන්ගෙන් 4%ක තරම් ඉතා කුඩා අගයක්.

    ජර්මන් ප්‍රහාරයන්ට ලක්වූ බොහෝ ගුවන් යානා සැලසුමේ පරිදි නිර්දේශ වූ උන්නතංශයෙන් ගමන් කිරීමට නොහැකි කාර්මික දෝෂ සහිත පැරණි ගුවන් යානා වුණා.
    ඒවා ඉතා ඉක්මනින් ජර්මානුවන්ගේ ගගන පිරික්සුම් එළිවලට හසුවෙන අතර පසුව ගුවන් යානා නාශක මිසයිල වල ගොදුරු බවට පත්වෙනවා.
    එවැනි ප්‍රහාරයකට අසු වී තම කාර්ය මණ්ඩලය බේරා ගුවන් යානය සමඟම මෙලොවින් සමුගත් එක් නිර්භීත සෙබලෙක් ලෙස ෆ්ලයින් ඔෆිසර් ලෙස්ලි තෝමස් නම් 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ගුවන් නියමුවා හදුන්වා දිය හැකියි.යෙන් සමන්විත වූ අතර දෙවන පියවර ලෙස නගරයේ ගුවන් තලය ආක්‍රමණය කරනු ලබන්නේ පුහුණුවන ගුවන් නියමුවන්ද ඇතුළත් දෙවන ගුවන් යානා කණ්ඩායමයි.
    එයට ගුවන් යානා 631ක් යොදා ගෙන තිබුණා. ඒ අනුව කලෝන්ග් නගරයේ ඉහළ අහස ආක්‍රමණය කළ මුළු ගුවන්යානා ගණන 1047ක් වුණා.

    අසාර්ථක වූ මූලික අරමුණ​


    043-680x448.jpg


    බෝම්බ ප්‍රහාරයෙන් පසු නගරය දිස් වූ අයුරු (HISTORY Canada)




    051-680x544.jpg


    ප්‍රහාරයට සම්බන්ධ වූ ගුවන් නියමුවන්ගෙන් කොටසක් (WWII Today)


    ප්‍රහාරය අවසන් වීමෙන් අනතුරුව එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ වින්ස්ටන් චර්චිල් විසින් එවකට ඇමරිකානු ජනාධිපතිවරයාට ටෙලිග්‍රාෆ් පණිවුඩයක් යවමින් දෙවන ලෝක යුධ ඉතිහාසයේ වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් යොදා ගනිමින් සිදුකළ මෙම මෙහෙයුම පිළිබඳව මෙසේ කියා සිටිනවා.

    “මම හිතනවා අපේ විශාලතම ගුවන් ප්‍රහාරය පිළිබඳව ඔබ සතුටු වෙනවා ඇති කියලා. මේ හේතුවෙන් විශාල ප්‍රතිප්‍රහාර ප්‍රමාණයක් අපිට අනිවාර්යෙන්ම එල්ල වේවි”




    කතෘ අයිතිය කතෘ අයිතිය ලසන්ත කුලරත්න සතුයි.. ගත්තේ මෙතනින්




    ***** මට ජීවිතේම එපා වෙලා හිටියේ ..මැරෙන්න තරම්..මේ ලෝකේ සාගතයෙන් මිනිස්සු කෝටි ගානක් මැරෙද්දි,මට තියෙන්නේ ප්‍රශ්න නෙමේ කියලා මටම හිතුනා...එළකිරියේ සමහර කමෙන්ට් කියෙව්වම ගට් එකක් එනවා..එක ලොකු දෙයක්.. *****

     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ප්‍රහාරය අවසන් වීමෙන් අනතුරුව එවකට රුසියානු අගමැතිවරයා වූ වින්ස්ටන් චර්චිල් විසින් එවකට ඇමරිකානු ජනාධිපතිවරයාට ටෙලිග්‍රාෆ් පණිවුඩයක් යවමින් දෙවන ලෝක යුධ ඉතිහාසයේ වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් යොදා ගනිමින් සිදුකළ මෙම මෙහෙයුම පිළිබඳව මෙසේ කියා සිටිනවා:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ප්‍රහාරය අවසන් වීමෙන් අනතුරුව එවකට රුසියානු අගමැතිවරයා වූ වින්ස්ටන් චර්චිල් විසින් එවකට ඇමරිකානු ජනාධිපතිවරයාට ටෙලිග්‍රාෆ් පණිවුඩයක් යවමින් දෙවන ලෝක යුධ ඉතිහාසයේ වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් යොදා ගනිමින් සිදුකළ මෙම මෙහෙයුම පිළිබඳව මෙසේ කියා සිටිනවා:rolleyes::rolleyes::rolleyes:


    thank U ethana waradiy thama :yes:

    917Co5qhf8L._SY445_.jpg
     
    Last edited:
    • Like
    Reactions: Starry Night