දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි
සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි
ආදරේ ලබන්නයි
සියුමැලී මල් පිපි පාට පාටින් සැරසෙතී
ඇයි ලොවේ පිපුනේ කියා සුවද මල් නොඅසතී
බට ගහේ අතු අත වන්න්නේ පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ බට නෙලන්නේ බට නලා හදන්නයි
හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නළා වයන්නයි
බටනලාවේ ගී ඇසෙන්නේ ආදරේ කතාවයි
ආදරේ කතාවයි
බට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින්
නැගෙන ගී රාවයෙන් මියුරු වෙයි අප සවන්//
දෙවැට අයිනේ මල් පිපෙන්නේ...
බද්‍රජී මහින්ද / සමිතා

