දෙවියෝ නොමැරෙත්

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    දෙවියෝ නොමැරෙත්

    560330_146452795487525_100003684178145_182357_491769232_a.jpg

    157958_39140777503_1188883_n.jpg

    Lt.Col ලළිත් ජයසින්හ PWV.WWV 3 විශේෂ බලකා දිගු දුර විහිම් ඒකකය .(SF-LRRP : Special Forces Long Range Reconnaissance Patrol)
     
    Last edited:

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ WWV. 1997 ජනවාරි 22 දෙවන ලුතිනන් වරයෙක් ලෙස යුද හමුදා 6 වන ගැමුණු හේවා බලඇණියට එක් වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ පසුව ස්වකැමැත්තෙන් යුද හමුදා විශේෂ බලකායට එක්විය පුහුනුව සාර්ථකව නිමා කල ඔහු 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවට (3rd Special Forces Regiment) අනුයුක්ත විය.මූලික පුහුනුවට අමතරව තවත් දෙස් විදෙස් පුහුනු පාඨමාලා රැසකට සහභාගී වූ ඔහු ඉන්දියාව,චීනය,ඇමරිකාව සහ බංග්ලාදේශය යන රටවල විදේශ පාඨමාලා සදහා සහභාගී වී ඇත.යුධ බිමේ ඔහු දැක්වූ සුවිශේෂ වූ හැකියාව නිසාම වසර දහයක් වැනි කෙටි කාලයකින් කපිතාන් සහ මේජර් තනතුරු වලට පත් වීමට ඔහුට හැකි විය.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    යුධ හමුදාවේ අති විශිෂ්ඨතම සෙබලුන් ගෙන් සමන්විත වන විශේෂ බලකා දිගු දුර විහිම් බලකායේ(SF-LRRP : Special Forces Long Range Reconnaissance Patrol) කැපී පෙනෙන සාමාජිකයෙකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගු දුර මෙහෙයුම් වල විශේෂඥයෙකු විය .

    සතුරා බියෙන් සලිත කල මෙම දිගු දුර විහිදුම් බලකායේ සෙබලුන් කිලෝමීටර් 25-30ක් පමන කොටි පාලන ප්රතදේශ තුලට වැදී කොටි මර්මස්ථාන වලට එල්ල කල ප්‍රහාර නිසා ත්රෙස්තවාදීන් විශ්මයට පත් විය.
    තම සේවා කාලය තුල මෙවන් විශ්මිත මෙහෙයුම් ගණනාවකට නායකත්වය ලබා දුන් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ LTTE සන්නද්ධ අංශයේ ඉහල පෙලේ නායකයෙකු වූ කර්නල් ශංකර්,LTTE බුද්ධි අංශ ඉහල පෙලේ නායකයෙකු වූ චාර්ල්ස්(2008 ජනවාරි) සහ මුහුදු කොටි නියෝජ්යය නායක කනගයි අමරන් මරා දමා ඇත.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස 26 වන දින මිය ගිය අතර ඒ වන විටත් ඔහු ඔඩ්ඩුසුඩාන් ප්රාදේශයේ දිගු දුර මෙහෙයුමකට නායකත්වය දෙමින් සිටියේය. ඒ වන විට විශේෂ බලකා සෙබලුන් අට දෙනෙකුගෙන් සමන්විත වූ ඔවුන්ගේ කණ්ඩායම හමුදා පාලන ප්ර දේශයේ සිට කිලෝමීටර් 30ක පමන දුරක් ත්ර ස්තවාදීන් යටතේ පාලනය වූ ප්ර දේශය තුලට වැදී සිටියහ.කොටින්ගේ මහා වීර දිනවලට සහභාගී වීමට යන කොටි නායකයන් ලලිත් ඇතුලු කණ්ඩායමේ ඉලක්කය විය. තමන්ට ලබා දුන් පලමු ඉලක්කය සාර්ථකව සපුරා ගත් ඔවුන් කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉලක්කය කරා ඇදෙන විට ත්රයස්තවාදී කණ්ඩායමක ප්රුහාරයකට ලක් විය. මින් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ තුවාල ලැබූ අතර තුවාල ලැබූ තම නායකයා රැගෙන කණ්ඩායම උපක්ර මිකව ආරක්ෂිවත ස්ථානයකට පසු බැසීය. මෙසේ පසු බැසීමේදී දින නමයක් තිස්සෙම වගුරු සහිත ප්රැදේශ වල හමුදා සපත්තු පැලද සිටීම නිසා ලලිත්ගේ හා ඔහුගේ සගයන්ගේ කකුල් කුණු විය.මේ නිසා ඉක්මනින් යලි හමුදා පාලන ප්රදදේශයට ඒමට අපහසු විය.මේ අතර ඔවුන් කණ්ඩායම දෙවන වරටත් ත්රනස්තවාදී කණ්ඩායමක ප්ර්හාරයකට ලක් වූ අතර එහිදී ඇති වූ සටනේදී ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අභීත විරුවා ජීවිතක්ෂයයට පත් විය.කණ්ඩායමේ දිවි ගැලවුනු සාමාජිකයන් 7 දෙනා සහ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ දේහය ශ්රීව ලංකා ගුවන් හමුදාවේ එම්.අයි 24 යානා යොදා පසුව බේරා ගත්තේය.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    තම මවුබිම වෙනුවෙන් මෙවන් කැප කිරීමක් කල මෙවැනි අභීත පුත්‍රයකු දැයට අහිමි වීම රටට දැරිය නොහැකි පාඩුවකි !

    ඔබට නිවන් සුව ඇත වේවා !
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අපි වනයේ පුහුණු වි වනයේම කොටසක් බවට පත්වුවෝ වෙමු. සුපරික්ෂාකාරිව නොබැලුවහොත් විශේෂ බලකා සෙබලෙකුත් වනාන්තරයේ ගසකුත් අතර වෙනසක් නොමැත. බිම වැටුණු අතුඉපල් කොළරොඩුත් එහි වැතිරුණු අප සෙබලෙකුත් වෙන් වෙන්වශයෙන් හඳුනා ගත හැක්කේ කාහටද..? විටෙක ඔහු ගලක් විය හැකිය. විටෙක පඳුරක් විය හැකිය, තවත් විටෙක ඔහු මඩ තැවරුණු දර කොටයක් විය හැකිය. වනය ඔහුටද ඔහු වනයටද එතරම් සබැඳිය. වනය ඔහු සතුරාගෙන් වසන් කරන්නේ ඔහු වනයේම කොටසක් වන බැවිනි.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    වීර වික්‍රම විභූෂණ සම්මානයෙන් දෙවරක්ම ඇගයීමට පාත්‍රවූ විශේෂ බලකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ රණවිරුවා.

    අපි හැමදෙනාම ශ්‍රී ලංකා මාතාවගේ ඒ ශ්‍රේෂ්ඨ පුත්‍රයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

    මට මතකයි කොහේ හරි තිබුන කියමනක් “හමුදා සෙබලෙකුට ජාතික කොඩියත් එක්ක තියෙන්නෙ පුදුම බැඳීමක්. තමුන් යන තැන කොඩිය ඔසවන්න ඕනෙ; නැත්නම් කොඩියෙ එතිල ගෙදර යන්න ඕනෙ කියල.”

    ලලිත් ජයසිංහ කියන්නෙ ගිය ගිය තැන් සිංහ කොඩිය ලෙලදෙන්න සලස්සපු නියම සෙබලෙක්.

    ලලිත් ජයසිංහ නම් වූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකීය පුත්‍රයාට උත්තමාචාරය මෙසේ පිරිනමන වගයි……..
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    දෙවිවරු වන් මිනිසුන් කලාතුරකින් අප අතරට පැමිනෙන බව අප අසා ඇත්තෙමු. ලලිත් ජයසිංහ මියැදුනේ වනාන්තරයක සතුරකුගේ වෙඩි පහර ලය දිගේ ගොස් ඔහුගේ රුධිරයෙන් පොලොව තෙත්වු කල්හිය. නොමල මිනිසුන් නොමැත්තේ වුවද ජාතියේ මුර දේවතාවෝ නොමියෙත්. ඔවුහු සදාකාලිකය.

    582004_10150923008627504_460597077_n.jpg
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මට මතකයි කොහේ හරි තිබුන කියමනක් “හමුදා සෙබලෙකුට ජාතික කොඩියත් එක්ක තියෙන්නෙ පුදුම බැඳීමක්. තමුන් යන තැන කොඩිය ඔසවන්න ඕනෙ; නැත්නම් කොඩියෙ එතිල ගෙදර යන්න ඕනෙ කියල.”

    ලලිත් ජයසිංහ කියන්නෙ ගිය ගිය තැන් සිංහ කොඩිය ලෙලදෙන්න සලස්සපු නියම සෙබලෙක්.

    ලලිත් ජයසිංහ නම් වූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකීය පුත්‍රයාට දියකැට පහණේ උත්තමාචාරය මෙසේ පිරිනමන වගයි……..
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සර්, අපි දැන් කිලෝමීටර් 28ක් විතර ඇතුලට ඇවිත් තියෙන්නෙ. හැම තැනම ටෙරාල high secure 1ක් දීල තියෙනෙ..., ඔව් අපි මෙතන් නැවතිලා targets ගමු.
    ගත වූයේ පැය ගනනක් උනත් එය සෙබලුන්ට නිමේශයක් බඳු වේලාවක් විය, ඈතින් සුපෝපබෝගී L.T.T.E රත පෙලක් වේගයෙන් පැමිණෙමින් තිබුනි. විශේශ බලකා සෙබලු 8ක් සමග කොටි කටට ගොස්, මහා විරු දිනයට පැමිණෙන කොටි නායකයන්ට ප්රහාර එල්ල කිරීමට නොබියව බාරගත්තේ, ලාංකීය යුධ ඉතිහාසයේ වීරයන් අතර සිටි තවත් වීරයෙක්, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහයන්ය.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    රථ පෙල ලංවනවාත් සමගම අටේ කණ්ඩායම සමග ලලිත් ජයසිංහ ක්රියාත්මක විය, කොටි කිසිසේත් නොසිතූ විරූ ප්රහාරයක් එල්ල විය, මන්දයත්, එය කොටි පාලන ප්රදේශයක් පමනක්ම නොව ඔවුන්ගේ දැඩි ආරක්ෂාව තබා තිබූ ප්රදේශයකි. එහෙයින් ඔවුන් කිසි විටෙක නොසිතන්නට ඇත, අප වීරෝදාරයන් එහි සිටීය යන වග. නැවත පැමිණීම ගැන කිසිම බලාපොරොත්තුවක් සිතේ තිබෙන්නට නැතිව, ජීවිතය දේශ වෙනුවෙන් කැප කිරීමට සෙබලුන් ලලිත් ජයසිංහයන් සමග එක්වී ධරුණු ප්රහාර එල්ල කලහ. එහිදී කොටි නායකයන් කිහිප දෙන්ක්ද මියගියහ, තවද ඔවුනට දැඩි අලාබහානි සිදුවිනි.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    එහිදී කොටි මෙල්ල කලද, ඔවුන් නැවත එන ගමනේදී අතිරේක කොටි කණ්ඩායම් රැසක් සමගම ධරණු සටන් වදින්නට ජයසිංහයන් ඇතුලු පිරිසට සිදුවිය. අවාසනාවන්ත ලෙස පාදයට වැදුනු වෙඩි පහරින් ජයසිංහයන් බිම ඇද වැටුනි. ලාංකීය ලෙය පොලව දිගේ ගලා යද්දී නැවත නැගී සිටි ඔහු පහර පිට පහර එල්ල කරමින් සහෝදර සෙබලුන් සමග නවත සටනට එක්විය. කොටි ප්රහාර ධරුනු වීමත්, උණ්ඩ හිගකමත් මැද සටනේ යෙදී සිටි ජයසිංහයන් අවසන් වෙඩිමුරය තැබුවේ පපුව පසාරු කරගෙන ගිය උණ්ඩයක් පපුව තුල තබා ගනිමින්මය.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඔහු දේශයක් එලිය කරන්නට, අපේ හෙට දවස වෙනුවෙන් තම ජීවිතය මව්බිම වෙනුවෙන් කැපකරන විට තම ලෙයින් සැදුනු මේ ලොව එලිය දැක නැති තම බිරිදගේ කුසයේ වැඩෙන බිලිදියකගේ පියෙකි.