දෙවිලොව සටන 01

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව




    ලෝක සාහිත්‍ය ඉතිහාසය ගත් කල ග්‍රීක සාහිත්‍යයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. පුරාණ ග්‍රීක වැසියන් තමන්ට තේරුම් ගැනීමට නොහැකිවූ වර්ෂාව, විදුලි කෙටීම්, මුහුද, ඇල දොල වැනි නොයෙකුත් ස්වභාවික සංසිද්ධීන්, විශ්වයේ (ජීවයේ) ආරම්භය වැනි දේ විස්තර කිරිමට ගත් උත්සාහය ග්‍රීක සාහිත්‍යයේ උපත ලෙස සැලකේ.

    එය Zeus , Athena,Apollo,Hedes ආදී දෙවිවරුන් , දෙවඟනන් ගෙන්ද, Heracles(Hercules), Hector, Achilles, Odysseus ආදී වීරයන්ගෙන් ද, Cyclopes, Centaur, Unicorn, Giants ආදී අද්භූත මනක්කල්පිත සතුන්ගෙන් ද, Andromeda ,Pandora, Helen, Europa ආදී කාන්තා චරිත කතා වලින් පිරුණු ඉතා සිත්ගන්නා සුලු සාහිත්‍යකි.

    Olympian God Zeus දැනට සඳහන් වන පැරණිම ග්‍රීක වීරකාව්‍යයන් දෙකක් වන Homer ගේ ඉලියඩ් (Iliad) සහ ඔඩෙසි (Odyssey) මගින් සුප්‍රසිද්ධ Trojan War සහ ඊටපසු ඇති වූ ප්‍රතිවිපාක ඇතුලත් කාල පරිච්චේදය විස්තර කෙරේ. එයට සමකාලීනයෙකු වූ Hesiod විසින් රචිත Theogony (Origin of the Gods) සහ Works and Days යන කාව්‍යය මගින් විශ්වයේ උපත, බලගතු දෙවියන්ගේ ඇතිවීම (Titans, Olympians) සහ ඔවුන්ගේ විකාශනය, මිනිසා ඇතුලු සත්වයන්ගේ උපත සහ මිනිසාගේ දුකෙහි උපත (Prometheus, Pandora) ආදී බොහෝ කරුණු විස්තර කෙරේ. මීට අමතරව එකල ලියවුනු බොහෝ පොත්ද ග්‍රීක සාහිත්‍යයේ ප්‍රගමනයට හේතු විය.
    Centaur ග්‍රීක සාහිත්‍යය ඇසුරෙන් නිපැයුණු " Clash of the Titans" , Wrath of the Titans , Percy Jackson , The Trojan Wars ආදී චිත්‍රපට මෙන්ම Hercules ආදී ටෙලි කතා මාලා ඔබ නරඹා ඇත්නම් මෙම ග්‍රීක සාහිත්‍යයේ අපූර්වත්වය ඔබට අමුතුවෙන් පැවසීම අවශ්‍ය නොවේ.

    ග්‍රීක සාහිත්‍යයේ චරිත මෙන්ම සිද්ධීන් බොහොමයක් රෝම සාහිත්‍යයේද දක්නට ලැබෙන අතර එවා වෙනත් නම් වලින් ඔවුන් හඳුන්වනවා. (උදා: ග්‍රීක : Zeus. රෝම : Jupiter / ග්‍රීක Hercles. රෝම : Hercules ) . ඉදිරි ලිපි මහින් ග්‍රීක සාහිත්‍යයේ එන රසබර තොරතුරු ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙන අතර එමගින් ග්‍රීක සාහිත්‍ය පිලිබඳ අවබෝධයක් ලබා දීමට හැකිවෙතැයි සිතනවා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෙටි විස්තරයක් නිසා හොඳයි කොල්ලා පත හෑලි කියවීමට අප්‍රියයි :yes:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    rqGv7GS.jpg


    1126.gif