ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
එහි සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ලබන 26 වන දින සිට ගුවන්තොටුපල විවෘත කිරීමට බලාපොරොත්තු වන බවය.
ඒ අනුව වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් පළමුව ආරම්භ කිරීම සඳහා අවසර ලබා දී තිබේ.
කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන්තොටුපල වෙත මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට අවසර හිමිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.
එහිදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පසුව නිකුත් කිරීමට නියමිතය.
එමෙන්ම ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා ශ්‍රී ලංකාව යළි විවෘත කිරීම පිළිබඳ ස්ථිර දින වකවානූ ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
දෙරණ
වහල තිබිලත් වෙෙරස් ගත්ත ඵකේ දැන් Open කරලම දාන ඵක හොඳයි..දැන් ඉතිං කොහොමත් රටටම වෙෙරස් ඵක ගිහින් ඉවරයිනේ..