දෙසැම්බර් 31 පස්සේ GSP+ ඉවරයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    දෙසැම්බර් 31 පස්සේ GSP+ ඉවරයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!

    අපනයන භාණ්ඩ සඳහා ඇමරිකා බදු සහනය 31න් අවසන්

    ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ජීඑස්පී ප්ලස් සහන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට හිමිව ඇති බදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතය.

    ඇමරිකාවේ කොන්ග්‍රසය සඳහන් කරන පරිදි එය යළි බලාත්මක කර නැති බවත් ලබන වසරේ සිට අදාළ අපනයන සඳහා සාමාන්‍ය බදු පටිපාටිය ක්‍රියාත්මක වනු ඇති බවත් ඇමරිකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    copyright
    Lankadeepa newspaper

     
    Last edited:

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    අඩෝ ට්‍රම්ප් කාරයා පලස්තීන් සින් එකට ගේම අදින්නේ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    ඇමරිකානු GSP සහනයේ ඇත්ත මෙන්න. Impact of Removal of GSP concession to US will be negligible.

    ඇමරිකාව විසින් GSP සහනය ශ්‍රී ලංකාවට පමණක් ලබා නොදීමට තීරණය කර ඇති බව හැඟවෙන ආකාරයේ මතයක් ගෙන යෑමට ඇතමුන් ක්‍රියාකරමින් සිටින නිසා මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට මා අදහස් කරමි.

    ඇමරිකාව විසින් GSP සහනය ලබාදුන් සියළුම රටවල් වලට එම සහනය නැවතත් දීර්ඝ නොකිරීමට තීරණය කර ඇත. මේ අනුව, ඇමරිකාවේ මෙම ප්‍රතිපත්තිමය තීරණය එම සහනය හිමිවූ සියළුම රටවල් වලට බලපාන අතර එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන්නක් නොවේ.

    පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකාවට ඩොලර් බිලියන 2.8 ක් වටිනා අපනයන සිදුකර තිබෙන නමුත් ඇමරිකානු GSP සහනය හරහා එරටට අපනයනය කර තිබෙන්නේ ඩොලර් මිලියන 173 ක පමණ අපනයන ප්‍රමාණයකි. එනම්, ශ්‍රී ලංකාව මෙම GSP සහනය යටතේ ඇමරිකාවට යවා තිබෙන්නේ ඇමරිකාවට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 6.2% කට ආසන්න ප්‍රමාණයක් පමණි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඇමරිකාවට වැඩිපුරම අපනයනය කරන ඇඟලුම් වලට මෙම සහනය කැපී පෙනෙන ලෙස හිමි නොවේ. මේ යටතේ පසුගිය වසරේදී ඇමරිකාවට යවා තිබෙන්නේ ඩොලර් මිලියන 27 ක ඇඟලුම් පමණක් වන අතර එය එරටට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 1% ක් තරම් අඩු ප්‍රමාණයකි.

    අනිත් අතට, මෙම සහනය ඇමරිකාව විසින් සියළුම රටවලට දීර්ඝ නොකරන නිසා ලංකාවට පමණක් මෙයින් අවාසියක් සිදු නොවේ.

    ඇමරිකානු GSP සහනය සහ යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනය යනු දෙකකි.

    ලංකාවට වඩාත් වැදගත් වන්නේ යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනයයි. ඇමරිකානු GSP සහනය රටවල් 120 කට ලබාදුන්නද යුරෝපා GSP ප්ලස් සහනය ලබාදෙන්නේ රටවල් 09 කට පමණි. GSP ප්ලස් සහනය පසුගිය රජය සමයේදී අත්හිටුවන විට යුරෝපයට ලංකාව අපනයනය කළ භාණ්ඩ වලින් 77% කට පමණ GSP ප්ලස් සහනය හිමිවිය. යුරෝපා සංගමයට ලංකාව පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.1 කට ආසන්න අපනයන සිදුකළ අතර මේ තුළින් GSP ප්ලස් සහනය ලංකාවට කෙතරම් වැදගත්දැයි අවබෝධ කරගත හැකිය. අපට ආඩම්බරයෙන් කිව හැක්කේ පසුගිය රජය සමයේ අත්හිටවූ රටට වැදගත්ම GSP ප්ලස් සහනය යළි හිමිකර ගැනීමට වර්තමාන රජයට හැකිවූ බවයි.

    තවත් පැහැදිලි කරනවා නම් ඇමරිකාව විසින් සියළුම රටවලට අත්හිටුවා තිබෙන GSP සහනය යටතේ ඇමරිකාවට ඩොලර් මිලියන 27 ක් පමණ වටිනා ඇඟලුම් ලංකාව අපනයනය කරද්දී GSP ප්ලස් සහනය මගින් යුරෝපයට අපනයනය කළ ඇඟලුම්වල වටිනාකම් ඩොලර් මිලියන 2000 ක් පමණ වේ.


    - https://www.facebook.com/harshadesi...7zkuRAZWcGJttu7zaFajysArzDQhHHitHmGkAn9kr8mr8
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    Number of GSP beneficiary countries and territories: 120

    Oka lankawata witharak karapu deyak nemei. :lol:


    The US Congress had not renewed a Generalised System of Preferences (GSP) for any country before adjourning the year, the embassy said.

    - http://www.economynext.com/US_GSP_for_Sri_Lanka_to_expire_on_Dec_31__embassy-3-9445.html

    No US GSP for SL, other countries from 2018


    The US Generalized System of Preferences (GSP) program for Sri Lanka and other beneficiary countries would expire on December 31, 2017, as the US Congress did not re-authorize GSP before adjourning for the year, the US Embassy said today.

    - http://www.dailymirror.lk/article/No-US-GSP-for-SL-other-countries-from--143054.html[/QUOTE]

    https://ustr.gov/sites/default/files/gsp/Beneficiary countries March 2017.pdf

    https://ustr.gov/sites/default/files/files/gsp/GSP by the numbers July 2017.pdf
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    Number of GSP beneficiary countries and territories: 120

    Oka lankawata witharak karapu deyak nemei. :lol:


    The US Congress had not renewed a Generalised System of Preferences (GSP) for any country before adjourning the year, the embassy said.

    - http://www.economynext.com/US_GSP_for_Sri_Lanka_to_expire_on_Dec_31__embassy-3-9445.html

    No US GSP for SL, other countries from 2018


    The US Generalized System of Preferences (GSP) program for Sri Lanka and other beneficiary countries would expire on December 31, 2017, as the US Congress did not re-authorize GSP before adjourning for the year, the US Embassy said today.

    - http://www.dailymirror.lk/article/No-US-GSP-for-SL-other-countries-from--143054.html

    https://ustr.gov/sites/default/files/gsp/Beneficiary countries March 2017.pdf

    https://ustr.gov/sites/default/files/files/gsp/GSP by the numbers July 2017.pdf[/QUOTE]

    කවුද ලංකාවට විතරක් කපනවා කියල කිව්වේ?:rofl::rofl::rofl:. අපි හිතුවේ රනිල්ගේ ජාත්‍යන්තර ජයගැනීමේ හැකියාව පාවිච්චි කරලා මේක ගොඩ දැවී කියල. රනිල් ඇමෙරිකාවට පුක දීලත් අපිට කෙලින හැටි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල් ජාත්‍යන්තරය ජය අරගෙන මචන්

    7350bf1e6da174a08f6ec51a054c8ccdb5b50a33.gif