දෙසැරයක් පොඩ්ඩක් හිතල බලපල්ලා..

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    දෙසැරයක් පොඩ්ඩක් හිතල බලපල්ලා..

    10888516_716655985116997_8145779208537872453_n.jpg

    ආදරණිය මිතුරු මිතුරියනි .. මා මිතුරු පොතේ දේශපාලනය කතා කරන්නෙක් නොවෙමි. නමුදු ඔබට පැවසීමට කාරණාවක් ඇත. මෙය මේ සම්බන්දයෙන් මගේ පළමු සහ අවසාන post එක වේවි.

    රටේ ඇති ඕනෑම දේශපාලන පක්ෂයකට චන්දය දීමේ අයිතිය ඔබ සතුයි. නමුත් මේ පින්තුරයේ සිටින පුත්ගලයින්ගේ ප්‍රකාශ සිංහල අපි ඉතා ඕනෑකමින් සලකා බැලිය යුතුයි. මොවුන් එදා සිටම ඉල්ලන්නේ අපේ රටින් කොටසකි. එය ඔබත් මමත් හොදින්ම දන්නා දෙයකි. මෙවරද මොවුන් තම ඉල්ලීම් 4 රටේ ප්‍රධාන පක්ෂ දෙකටම ඉදිරිපත් කර තබේ. ඒවා නම්,
    1. ඉඩම් හා පොලිස් බලතල ලබාගැනීම.
    2. හමුදාව උතුරින් ඉවත් කිරීම.
    3. ස්වයං පාලනය.
    4. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.

    උගත් පුත්ගලයෙකු ලෙස මේවායේ බරපතලකම ඔබට වැටහේ යැයි සිතමි. පැහැදිලිවම දැනට රටේ රාජ්‍ය නායකයා මේවා ප්‍රතික්ෂේප කර ඇත. නමුදු අනෙක් දේශපාලන සන්ධානය එයට එකග වී ඇති බව පෙනේ. මුස්ලිම් වරුන්ද මෙවර නැගෙනහිර ප්‍රදේශයට ස්වයං බලතල ඉල්ලා ඇත. ඔවුන්ටද යහපත් ප්‍රතිචාර ලැබී ඇත්තේ විපක්ෂයෙන් පමණි. රටේ රාජ්‍ය නායකයාට මොවුන්ගේ සහය ඕනෑනම් පැහැදිලිවම ඔහුට මේ කොන්දේසි වලට අවනත වීමට තිබිණි. නමුදු ඔහු අද ඒ අවදානම ගෙන සියලු දෙමල මුස්ලිම් අන්තවාදීන් සමග තනිව තරග කිරීමට තීරණය කර ඇති අතර සිංහලයා කෙරේ විශ්වාසය තබා ඇත. ඔහුගේ අනන්ත අප්‍රමාණ වැරදි තිබුනද මේ කාරණාවේදී ඔහුගේ තීරණය පිළිබද සිංහලයෙකු වන මගේ ප්‍රණාමය පුදකර සිටිමි.
    මට නැවත යුධයක් අවශ්‍ය නැත. මෙවන් නරුමයින් පාලනය කරන රටක නිවට සිංහලයෙක් වීමට අවශ්‍යද නැත. මගේ පියා ශ්‍රී ලංකා මහබැංකු බෝම්බය පුපුරන අවස්ථාවේ ඒ තුල සිටියේය. ඔහු දිවි ගලවගතේ අනු නවයෙනි. එවැනි වකවානුවක් නැවත අවශ්‍ය නොවන මට ලංකාවේ බුද්ධි අංශ පාවාදුන් රනිල් වික්‍රමසිංහ වැනි කාලකන්නි මිනිසුන් ගැන ඇත්තේ පිළිකුලකි.
    වත්මන් නායකයාගේ ඔබ නොදන්නා ඇතැම් වැරදි පවා මා දනී. එනමුදු චන්දය දීමට සුදුසු වෙනත් පුත්ගලයෙක් මේ මැතිවරණයේ ඉදිරිපත්වී නැත. එබැවින් මගේ චන්දය ඔහුට ප්‍රකාශ කරමි.
    ඔබ විපක්ෂයට චන්දය දෙන්නේ නම්, ඔවුන් ජයගහණය කළහොත් කරුණාකර ඔවුන් නිසි මාර්ගයේ යැවීමට උත්සුක වන්න. මන්ද ඔවුන් දින 100කින් පාර්ලිමේන්තු චන්දයක් තියනවනම් සම්බන්දන්ලට මේ වගේ කාරණා කියන්න අවශ්‍ය නෑ. මොකද ඒ කාරණා ඉදිරිපත් කරන්න ඕන දින 100කින් පසු පත්වෙන අගමැතිවරයාට..

    මේ ලිපියෙන් ඔබේ හිත රිදවීමක් සිදුවිණි නම් මගේ බලවත් කණගාටුව..

    -උස්සපු එකක් එත් කතාව ඇත්ත කියල හිතුනා
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මම නං කවදාවත් හිතන් නැහැ රට ආයිත් දෙකට තුනට කැඩෙයි කියල, මොකද ෆොන්සේකා ,පාටලී ,රතන හමුරුවෝ ඉන්නකන් එහෙම කරන්න බැහැ . මමත් 2 පාරක් මහින්දට දුන්න. නමුත් මේ පාර නං දෙන්නේ නැහැ. හේතුව මිනිහ එකම එක කර්මාන්ත ශාලාවක් වත් හැදුවේ නැ , රටට හරියට අදායමක් එන කිසිම දෙයක් කරේ නෑ. චීනෙන් ණය අරන් අදායමක් එන්නේ නැති බොරු වැඩ කර විතරයි. ඩොලර බිලියන ගානක් ණයයි දැන් ලංකාව. කොහොමද ගෙවන්නේ? කව්ද ගෙවන්නේ? කොහෙන්ද සල්ලි ගෙවන්න? මොකක්ද රටේ අදායම් මාර්ගය ගත්ත ණය ටික ගෙවන්න? තව අවරුදු 10ක් යනකොට රට චීනෙට සින්න වෙයි ,තවත් මහින්ද මහත්තය හිටියොත්.
     
    • Like
    Reactions: roma3547

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රටින් කොටසක් දෙනවා කියලා කොහේවත් නෑ, හකීම්ව ගත්තේ ජන්ද ගාණ වැඩි කරන්නයි. හකිම් ආවා කියන්නේ නැගෙනහිර ජන්ද ඔක්කොම ටික මෛත්‍රීටයි, TNA ආවා කියන්නේ උතුරේ ජන්දේ මෛත්‍රීටයි ,UNP එකත් එක්ක එකතු වුනා කියන්නේ කොළබ ජන්ද මෛත්‍රීටයි, දකුණේ ජන්ද ගැන තමයි ශුවර් නැත්තේ විශේෂයෙන්ම හම්බන්තොට. අපි මේ පාර මෛත්‍රීට පාළට ජන්දය දෙන්නේ මෛත්‍රී පාල හොද නිසා නෙවෙයි මහින්දව එළවන්නයි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    දෙනවා කියලා නෑ නෙ කොහෙවත්, මඩක් ගහනන් කලින් පොඩ්ඩ්ක හොයලා බැලුවොත් හොඳයි නේද?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොටි පෙන්නල මුවන් මරන අවස්තාව මෙවර අහුරමු.පවුල පන්නමු
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    මම නං කවදාවත් හිතන් නැහැ රට ආයිත් දෙකට තුනට කැඩෙයි කියල, මොකද ෆොන්සේකා ,පාටලී ,රතන හමුරුවෝ ඉන්නකන් එහෙම කරන්න බැහැ . මමත් 2 පාරක් මහින්දට දුන්න. නමුත් මේ පාර නං දෙන්නේ නැහැ. හේතුව මිනිහ එකම එක කර්මාන්ත ශාලාවක් වත් හැදුවේ නැ , රටට හරියට අදායමක් එන කිසිම දෙයක් කරේ නෑ. චීනෙන් ණය අරන් අදායමක් එන්නේ නැති බොරු වැඩ කර විතරයි. ඩොලර බිලියන ගානක් ණයයි දැන් ලංකාව. කොහොමද ගෙවන්නේ? කව්ද ගෙවන්නේ? කොහෙන්ද සල්ලි ගෙවන්න? මොකක්ද රටේ අදායම් මාර්ගය ගත්ත ණය ටික ගෙවන්න? තව අවරුදු 10ක් යනකොට රට චීනෙට සින්න වෙයි ,තවත් මහින්ද මහත්තය හිටියොත්.
    මචන් එයේ රනිල ස්වාරන්වහිනියේ කරපු රතු ඉර බලපන් ...උ පට්ට මීටරේ බන්
     
    • Like
    Reactions: mldarshana and PMUB

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mokakda me paththare

    රාජපස්ස පෙරලමු කියන එකයි සම්බන්දන්ගෙ මූනයි පත්තරෙන් අරන් මුගේ කතාව යටින් දාල ලන්කා චීනිව්ස් ට්‍රික් එකක්.
    මේව හොදයි ගන්කඹරයටයි උගේ පවුලටයි කඩේ යන ගමේ බයියො අන්දන්න
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    රාජපස්ස පෙරලමු කියන එකයි සම්බන්දන්ගෙ මූනයි පත්තරෙන් අරන් මුගේ කතාව යටින් දාල ලන්කා චීනිව්ස් ට්‍රික් එකක්.
    මේව හොදයි ගන්කඹරයටයි උගේ පවුලටයි කඩේ යන ගමේ බයියො අන්දන්න
    :yes:ඔය හුට්ටවල් වලට අහු වෙන්නැ මේ පාර .මරා ගෙදර යවමු :cool:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    අනේ මන්ද මචන්ලා, චන්ද්‍රිකා යපනයේදි Mr. Prabhakaran කියල කියනවා අද දෑක්කා බන්. එයාගෙනම් තියෙනේ හොද අරමුනක් නේවේ වගේ..එකේ හිටපු දෙමල්ලුන්ට මාර සතුටින් කෑගහනවා..මොනවා හරි case එකක් අවොත් චන්ද්‍රිකා රට යයි. එත් අපි....? සින්හල අපිට තියේන්නෙ මේ රට විතරයි මචන්ලා...
     
    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    අනේ මන්ද මචන්ලා, චන්ද්‍රිකා යපනයේදි Mr. Prabhakaran කියල කියනවා අද දෑක්කා බන්. එයාගෙනම් තියෙනේ හොද අරමුනක් නේවේ වගේ..එකේ හිටපු දෙමල්ලුන්ට මාර සතුටින් කෑගහනවා..මොනවා හරි case එකක් අවොත් චන්ද්‍රිකා රට යයි. එත් අපි....? සින්හල අපිට තියේන්නෙ මේ රට විතරයි මචන්ලා...
    :yes::yes::yes::yes::yes::yes::yes:
    විශ්වාස කරන්න අමාරු උන් ගොඩාක් ඔතන ඉන්නව බන් ...අපිට තියෙන්නේ ලංකාව විතරනේ බන්..මේකේ බල්ලෝ වගේ ඉන්න බෑනේ බන් අපිට..
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ මන්ද මචන්ලා, චන්ද්‍රිකා යපනයේදි Mr. Prabhakaran කියල කියනවා අද දෑක්කා බන්. එයාගෙනම් තියෙනේ හොද අරමුනක් නේවේ වගේ..එකේ හිටපු දෙමල්ලුන්ට මාර සතුටින් කෑගහනවා..මොනවා හරි case එකක් අවොත් චන්ද්‍රිකා රට යයි. එත් අපි....? සින්හල අපිට තියේන්නෙ මේ රට විතරයි මචන්ලා...

    එතකොට බන් කරුණා, KP ලා රෙද්ද අස්සේ තියාගෙන හමුදාවේ එවුන්ව දාලා උන්ට guard එක දෙන්නයි, සැලුට් ගස්ස්වන එකයි හොදද? චන්ද්‍රීකා Mr කියපු එක නිකම් වචනයක් විතරයි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දෙකට නැමුනු සුමන්තිරන්..
    කම්බි පොටවල් දෙකක් ඈත් කර..
    කෙසෙල් කැන වැට පැන්නූ හැටි බලා සිටියෙමි..
    "....ඕං අපේ ගිවිසුං එහෙම නෑ...
    බලය බෙදීම ගැන කථා කරේම නෑ...
    හමුදා කඳවුරු.....පිස්සුද... ඒ ගැන කට හෙලෙව්වෙ නෑ....
    ඉඩම් පොලිස් බලතල... ඒ මක්කයි බං... එහෙම එකක් මතකත් නෑ...
    අනේ අපිටත් ඕනෙ...
    යහපාලනේ...යහපාලනේ....යහපාලනේ...විතරමයි....''
    ඒ අතින්... සිරා 'ලක්කාරයා'...
    එයා ගාවට එන එවුන්...
    ඇමතිකම් හිටං ඇතෑරලා එන්නෙ...
    නිකම්ම නිකං...
    නිකම්ම නිකං...
    මුං ඔක්කොම මහින්දට තමයි කියන්නෙ..
    අපිට අරක ඕනැ..
    අපිට මේක ඕනැ..
    අපිට අනික ඕනැ...
    බොරු නං බලන්නකො...
    සම්බන්ධන් සිරා ලගට ගියේ තමන්ගෙ වරිගෙට කියලා කිසිම ඉල්ලීමක් ටාගට් එකක් නැතුව..
    මනෝ ගනේසන් සිරා ලගට ගියේ තමන්ගෙ වරිගෙට කියලා කිසිම ඉල්ලීමක් ටාගට් එකක් නැතුව..
    හකීම් සිරා ලගට ගියේ තමන්ගෙ වරිගෙට කියලා කිසිම ඉල්ලීමක් ටාගට් එකක් නැතුව..
    අසාද් සාලි සිරා ලගට ගියේ තමන්ගෙ වරිගෙට කියලා කිසිම ඉල්ලීමක් ටාගට් එකක් නැතුව..
    බදුර්දීන් සිරා ලගට ගියේ තමන්ගෙ වරිගෙට කියලා කිසිම ඉල්ලීමක් ටාගට් එකක් නැතුව..
    පයිසර් මුස්තාපා සිරා ලගට ගියේ තමන්ගෙ වරිගෙට කියලා කිසිම ඉල්ලීමක් ටාගට් එකක් නැතුව..
    මේ ගොල්ලො හැමෝටම ඕනෙ..
    සිරිමෝදිගෙ 'යහ පාලන' අරිශ්ඨෙ විතරමයි...
    හිට ගෙන උනත් නින්ද යවන සිරාගේ 'පට්ට මෛත්‍රීය' විතරයි...
    මේ සෙට් එකයි..
    සිරිමෝදියි..
    හූඇම්පියේ පැරකුම් බොසයි පොරගෙ සෙට් එකයි..
    සැටලයිට් නෝනයි..
    හැංගිලා ඉදං සිරිමෝදිගෙ පිට අතුල්ලන රතු කැප් පිම්පි ගැන් එකයි...
    තමන්ට 'බලයක්' තිබුනු හැම වෙලාවෙම..
    යහපාලනේ... මෛත්‍රීය...
    පනිට්ටු වල පුරවලා... අපිව නාවපු අතීතෙ...
    කොහොම අමතක කොරන්නෙයි අපි...
    අපිත් එල්ලෙමු සිරිමෝදිගෙ නැට්ටෙ...
    යහපාලන සුවර්ගෙට මංගච්චන්න..
    ගොහින් සම්බන්ධන්ලා සාලිලා එක්ක...
    සමාදානෙ සැතපිලාම චුත වෙන්න
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    10888516_716655985116997_8145779208537872453_n.jpg

    ආදරණිය මිතුරු මිතුරියනි .. මා මිතුරු පොතේ දේශපාලනය කතා කරන්නෙක් නොවෙමි. නමුදු ඔබට පැවසීමට කාරණාවක් ඇත. මෙය මේ සම්බන්දයෙන් මගේ පළමු සහ අවසාන post එක වේවි.

    රටේ ඇති ඕනෑම දේශපාලන පක්ෂයකට චන්දය දීමේ අයිතිය ඔබ සතුයි. නමුත් මේ පින්තුරයේ සිටින පුත්ගලයින්ගේ ප්‍රකාශ සිංහල අපි ඉතා ඕනෑකමින් සලකා බැලිය යුතුයි. මොවුන් එදා සිටම ඉල්ලන්නේ අපේ රටින් කොටසකි. එය ඔබත් මමත් හොදින්ම දන්නා දෙයකි. මෙවරද මොවුන් තම ඉල්ලීම් 4 රටේ ප්‍රධාන පක්ෂ දෙකටම ඉදිරිපත් කර තබේ. ඒවා නම්,
    1. ඉඩම් හා පොලිස් බලතල ලබාගැනීම.
    2. හමුදාව උතුරින් ඉවත් කිරීම.
    3. ස්වයං පාලනය.
    4. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.

    උගත් පුත්ගලයෙකු ලෙස මේවායේ බරපතලකම ඔබට වැටහේ යැයි සිතමි. පැහැදිලිවම දැනට රටේ රාජ්‍ය නායකයා මේවා ප්‍රතික්ෂේප කර ඇත. නමුදු අනෙක් දේශපාලන සන්ධානය එයට එකග වී ඇති බව පෙනේ. මුස්ලිම් වරුන්ද මෙවර නැගෙනහිර ප්‍රදේශයට ස්වයං බලතල ඉල්ලා ඇත. ඔවුන්ටද යහපත් ප්‍රතිචාර ලැබී ඇත්තේ විපක්ෂයෙන් පමණි. රටේ රාජ්‍ය නායකයාට මොවුන්ගේ සහය ඕනෑනම් පැහැදිලිවම ඔහුට මේ කොන්දේසි වලට අවනත වීමට තිබිණි. නමුදු ඔහු අද ඒ අවදානම ගෙන සියලු දෙමල මුස්ලිම් අන්තවාදීන් සමග තනිව තරග කිරීමට තීරණය කර ඇති අතර සිංහලයා කෙරේ විශ්වාසය තබා ඇත. ඔහුගේ අනන්ත අප්‍රමාණ වැරදි තිබුනද මේ කාරණාවේදී ඔහුගේ තීරණය පිළිබද සිංහලයෙකු වන මගේ ප්‍රණාමය පුදකර සිටිමි.
    මට නැවත යුධයක් අවශ්‍ය නැත. මෙවන් නරුමයින් පාලනය කරන රටක නිවට සිංහලයෙක් වීමට අවශ්‍යද නැත. මගේ පියා ශ්‍රී ලංකා මහබැංකු බෝම්බය පුපුරන අවස්ථාවේ ඒ තුල සිටියේය. ඔහු දිවි ගලවගතේ අනු නවයෙනි. එවැනි වකවානුවක් නැවත අවශ්‍ය නොවන මට ලංකාවේ බුද්ධි අංශ පාවාදුන් රනිල් වික්‍රමසිංහ වැනි කාලකන්නි මිනිසුන් ගැන ඇත්තේ පිළිකුලකි.
    වත්මන් නායකයාගේ ඔබ නොදන්නා ඇතැම් වැරදි පවා මා දනී. එනමුදු චන්දය දීමට සුදුසු වෙනත් පුත්ගලයෙක් මේ මැතිවරණයේ ඉදිරිපත්වී නැත. එබැවින් මගේ චන්දය ඔහුට ප්‍රකාශ කරමි.
    ඔබ විපක්ෂයට චන්දය දෙන්නේ නම්, ඔවුන් ජයගහණය කළහොත් කරුණාකර ඔවුන් නිසි මාර්ගයේ යැවීමට උත්සුක වන්න. මන්ද ඔවුන් දින 100කින් පාර්ලිමේන්තු චන්දයක් තියනවනම් සම්බන්දන්ලට මේ වගේ කාරණා කියන්න අවශ්‍ය නෑ. මොකද ඒ කාරණා ඉදිරිපත් කරන්න ඕන දින 100කින් පසු පත්වෙන අගමැතිවරයාට..

    මේ ලිපියෙන් ඔබේ හිත රිදවීමක් සිදුවිණි නම් මගේ බලවත් කණගාටුව..

    -උස්සපු එකක් එත් කතාව ඇත්ත කියල හිතුනා
    මරාට සහය දෙන්න ආපු මෙයාගෙ ගෝලයෝ 6 දෙනා ශුද්ධවන්තයෝ වෙන්නැති නේද ? :lol: