දෙහිවල-ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය
මේ ගැන පෝස්ට් එකක් දාන්න හිටියේ හුග දවසකට කලින් උනත් වෙලාවක් නොතිබිච්ච නිසා වැඩේ කල්ගියා.
මේ තැනට මමත් යැවුනේ අහම්බෙන් වගේ.ඇත්තටම මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න මෙතනට පුලුවන් උනා.
ජීවිතේ සියලුම බලාපොරොත්තු නැතිවෙලා තිබුණු වෙලාවක ඉබේටම මෙතනට යැවුනේ පෙර කරපු පිනකට වෙන්න ඇති.
මෙම තරුණ බෞද්ධ සමිතිය තියෙන්නේ දෙහිවල මංසන්ධිය අසලමයි.හරියටම කියනවා නම් දෙහිවල හන්දියේ ඉදලා මීටර් 50 විතර වැල්ලවත්ත පැත්තට යනකොට((KANDY එක පැත්තට යනකොට) පාර අයිනේ.
මෙම සමිතිය මගින් හැම පෝය දවසකටම ශීල ව්‍යාපාර සංවිධානය කරනවා.ඊට අමතරව අසරණ වූ මිනිසුන් වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව උපකාර කරනවා.ඒ වගේම අපේක්ශා රෝහලට,කලුබෝවිල රෝහලට නොයෙකුත් උපකාර කරනවා.
නමුත් අද වෙනකොට මෙම සමිතියේ තත්වය ඉතා සෝචනීයයි.තරුණයෝ කියලා ඉන්නේ ඉතාමත් අතලොස්සක් වූ පිරිසක් පමණයි.බොහෝ ඉහල තනතුරු දරණ පිරිස් අවුරුදු 50 ක් ඉක්මවූ වැඩිහිටි සාමාජිකයින් පිරිසක්.(බොහෝවිට තරුණ කාලයේ මේවට සම්බන්ධ වෙලා අද වයෝවෘද්ධ වූ වැඩිහිටියන් පිරිසක්).
අද මම ඉන්නේ ගොඩක් සතුටින්.

මෙච්චර කාලයක් මම සතුට කියලා දැක්කේ ෆෝන් එකේ,ලැප්ටොප් එකේ,ෆේස්බුක් එකේ තියෙන දේවල්.සමාජයට බහින්නත් මිනිස්සු ආශ්‍රය කරන එකත් මට ලොකු කරදරයක් වෙලා තිබුනේ.කොටින්ම කාමරෙන් එලියට බහින්නත් කම්මැලියි.නරක වීඩියෝ බලන්නත් ඇබ්බැහි වෙලා තිබුනා.
අද ඒ ගොඩක් නරක පුරුදු අතහැරලා මම අද ඉන්න තත්වෙට පත්වෙන්න උදව් උනේ
මෙන්න මේ දෙහිවල-ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය.එහෙම නැත්නම් YMBA එක.
ඉතින් තව එක්කෙනෙකුට හරි මේ දැනුවත් කිරීම වැදගත් උනා නම් මට ඒකත් ලොකු පිනක්.
එන්න අපි රටට,සමාජෙට,අපි වෙනුවෙන් වැඩක් කරගමු.මේ ආරාධනය රත්මලාන,දෙහිවල ,ගල්කිස්ස හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල ඉන්න බුද්ධිමත් තරුණ තරුනියන්ට...
"තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
ඉටු නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ"